දෙවියන්ගේ නාමයෙන් තමාටම හිංසා කර ගැනීම ඉස්ලාම් අනුමත නොකරයි.

දෙවියන්ගේ නාමයෙන් තමාටම හිංසා කර ගැනීම ඉස්ලාම් අනුමත නොකරයි.

දෙවියන්ගේ නාමයෙන් තමාටම හිංසා කර ගැනීම ඉස්ලාම් අනුමත නොකරයි.

ධර්මයේ නාමයෙන් හා දෙවියන්ගේ නාමයෙන් ද මිනිසුන් විවිධ මාර්ගවලින් තමන් විසින්ම තමන්ම හිංසාවට ලක්කර ගනිති.

භක්තියේ නාමයෙන් තමන් විසින් ම තමන්ට හිංසා කර ගැනීමට අන්තවාදී ආගමවාදීහූ ජනතාව දිරිගන්වති.

මිනිසාට දුක් දෙන ක්‍රියාදාමයන් අර්ථයක් ඇති ඒවා වන්නේ කෙසේදැයි චින්තකයෝ අදහස් කරති.

  • ගිනි මොලවා ගැහැණුල පිරිමි හා කුඩා ළමුන් ඒ මත ගමන් කිරීම
  • දිවේ හා කම්මුල්වල කුඩා ඊතල ඇන ගැනීම
  • කසවලින් තමා විසින්ම තමාට පහර දී තුවාල කර ගැනීම
  • අව්ව හා සීතල නොතකා පාවහන් රහිතව දේවස්ථාන කරා පයින් ම ගමන් කිරීම
  • කිටි කිටියේ වෙව්ලන සීතලේ සිසිල් ජලයේ ස්නානය කර තෙත්වූ ඇඳුමෙන් ම කෝවිල පැදකුනු කිරීම
  • රළු ගොරෝසු පොලොවේ ගැහැණුන් හා පිරිමින් පෙරළීම
  • තම හිසේ පොල් බිඳ තුවාල කර ගැනීම
  • නිදා සිටින කාන්තාවන් මත පූසාරී ලා ගමන් කිරීම
  • ළදරුවන් පණපිටින් පසේ වළලා ගොඩ ගැනීම
  • ස්වභාවික හැඟීම් මර්ධනය කරමින් පැවිදි දිවියක් ගත කිරීම
  • ඇඳුම් ගලවා දමා නිර්වස්ත්‍රව ඇවිදීම

තවත් මෙවැනි විවිධ ක්‍රියාවන් නිසා ම ධර්මයන් අර්ථයකින් තොර ඒවා යැයි චින්තකයෝ විවේචනය කරති.

කරුණාවේ උල්පතක්වූ දෙවියන් මිනිසාට වද හිංසා දී සතුටක්

විඳින කෙනෙක්ද? අනෙක් අයගෙන් තමන්ට දුකක් ඇති නොවීමට ප්‍රවේසම්ව කටයුතු කරන මිනිසා තමා විසින් ම තමාට දුක් වේදනාවක් ස්ව කැමැත්තැන්ම කැඳවා ගන්නේය. මෙතරම් දුරට මිනිසාගේ චින්තනය ධර්මයන් විසින් යටපත් කර දමා ඇතැයි චින්තකයින් තුළ ඇති වන කෝපයේ ප්‍රතිඵලයකි ධර්මයන් අර්ථයෙන් තොර බවට ඔවුන් විසින් කරනු ලබන විවේචනය.

ඉස්ලාම් ධර්මය මෙවැනි කිසිම ක්‍රියාවක් අනුමත කෙළේ නැත අනුමත නොකළ පමණක් නොව මේවා පිළබඳව බලවත් විරෝධයද දක්වන්නේය නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ ජනතාව තමන්ට දුකක් ඇතිවූ විට තම ඇඳුම ඉරා ගනිති. තම කම්මුලට පහර දී ගනිතිග මේ ක්‍රියාවන් දුටු නබි නායක (සල්) තුමාණෝ පහත සඳහන් පරිදි අවවාද කළහ.

කම්මුලට පහර දෙන්නා ද ඇඳුම් ඉරා ගන්නා ද මුග්ධ වචන කථා කරන්නා ද අප සතූ අය නොවෙති.

මූලාශ්‍රය : බුකාරි -1297, 1298, 3519

තමා විසින්ම තමාට දුක් දෙන්නේ නම් ඔහුටත් ඉස්ලාමයටත් කිසිඳු සම්බන්ධයක් නැති බව නබි නායක (සල්) තුමාණන් පැහැදිලිව ම ප්‍රකාශ කළහ.

තම පුතුන් දෙදෙනෙකු විසින් පයින් ගමන් කරවනු ලැබූ මහල්ලෙකුව නබි නායක (සල්) තුමාණන් දැක මොහු පයින් ගමන් කරන්නේ මක්නිසාදැයි විමසූහ. පයින් යන බවට මොහු භාරයක් වී ඇතැයි ඔවුහු පිළිතුරු දුන්හ. මෙය ඇසු නබි නායක (සල්) තුමාණනෝ මොහු තමා විසින් ම තමාම වේදනා කර ගැනීම අල්ලාහ්ට අනවශ්‍ය යැයි ප්‍රකාශ කර වාහනයට නැග යන ලෙස ඔහුට අණ කළහ.

මූලාශ්‍රය : බුකාරි 1865, 6701

නබි නායක (සල්) තුමාණන් දවසක් (මස්ජිදයේ) දේශනයක් කරමින් සිටියහ. ඒ අවස්ථාවේ මිනිසෙකු එළියේ සිට ගෙන සිටිනු දුටූ හ ඔහු ගැන විමසූ විට ඔහුගේ නම අබූ ඉස්රායීල් (දවස පුරා) වාඩි නොවී එළියේ සිට ගෙන සිටින බවට ද කිසිවකු සමඟ කථා නොකරන බවට ද උපවාසයේ යෙදෙන බවට ද මොහු භාරයක් වී ඇතැයි ජනතාව කීවෝ ය. මෙය ඇසූ නබි නායක (සල්) තුමාණන් ඔහුට කථා කරන්නැයි කියන්න සෙවනේ වාඩි වෙන්නැයි කියන්න උපවාසය පමණක් ඔහු සම්පූර්ණයෙන් ඉටු කරත්වා යැයි නියෝග කළහ

මූලාශ්‍රය : බුකාරි - 6704

දෙවියන්ගේ ආදරය ලබා ගැනීමේ අදහසින් මෙවැනි සුළු ප්‍රමාණයේ දුකක් පවා තමන් විඳි ගැනීම අවශ්‍ය නැති බව නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

සාමාන්‍යයෙන් සියලූ ජනතාව පැවිදි ජීවිතයක් ගතකරන්නේ නැත. එහෙත් එය උතුම් ක්‍රියාවක් යැයි ජනතාව අදහස් කරති. ආගමික නායකයින් වැනි තත්ත්වයකට පත්වූ අය පැවිදි ජීවිතයක් ගත කිරීම යහපතක් යැයි විශ්වාස කරති. ගිහි ජීවිතයේ සිටින අයට වඩා පැවිදි ජීවිතයක් ගත කරන අය උසස් පුද්ලගලයින් ලෙස ද ජනතාව විශ්වාස කරති.

එහෙත් ඉස්ලාම් මෙය ද හෙලා දකී. දෙවියන් වෙනුවෙන් තමා සම්පූර්ණයෙන් කැප කළ බව සිතා ගෙන කෙනෙකු පැවිදි ජීවිතයක් ගත කිරීම ගැන නබි නායක (සල්) තුමාණන් තදින් හෙලා දුටූහ.

නබි නායක (සල්) තුමාණන්ගේ කාලයේ උස්මාන් නමින් මිත්‍රයෙක් සිටියේය. ඔහු පැවිදි දිවියක් ගත කිරීමට නබි නායක (සල්) තුමාණන්ගෙන් අවසර පැතුවේය. නබි නායක (සල්) තුමාණන් අනුමත කිරීමට ප්‍රතික්ෂේප කළහ ඔහු ට අනුමැතිය ලබා දුන්නේ නම් අපිද කර අඹා (පුරුෂ ශක්තිය නැති කරගෙන) ඇත්තෙමු යැයි නබි නායක (සල්) තුමාණන්ගේ තවත් මිතුරෙකු වන සඃදු බින් අබි වක්කාස් ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය : බුකාරි -5074

පුරුෂ ශක්තිය නැති කර ගැනීමට ඇතැමුන් අවසර ඉල්ලූ විට එකම දෙවියන් විශ්වාස කළ අයවලූනි අල්ලාහ් නුඹලාට අනුමත කළ දේ නුඹලා තහනම් කර නොගන්න යන පරිශුද්ධ අල් කුර්ආන් වැකිය නබි නායක (සල්) තුමාණන් පාරායනය කර පෙන්වූහ.

මූලාශ්‍රය : බුකාරි - 4615

නබි නායක (සල්) තුමාණන්ගේ නමැදුම් වත් පිළිවෙත් කෙබඳු දැයි විමසා දැන ගැනීම පිණිස තිදෙනෙක් නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන් වෙත පැමිණිය හ. නබි නායක (සල්) තුමාණන්ගේ නැමඳුම් වත් පිළිවෙත් ගැන ඔවුන්ට දන්වනු ලැබූ විට ඔවුහු (සිතුවාට වඩා) අඩුවෙන් නබි නායක (සල්) තුමාණන්ගේ වත් පිළිවෙත් පැවතී බව අදහස් කළහ. නබි නායක (සල්) තුමාණන් කොහේ ද? අපි කොහේද? එතුමාණන්ගේ පව් අල්ලාහ් විසින් ක්ෂමා කළේ ය. (එහෙයින් එතුමාණන් අඩුවෙන් වත් පිළිවෙත් කිරීම ප්‍රමාණවත් යැයි තමන්ට ම කියා ගත්හ.

ඒ තිදෙනාගෙන් එක් කෙනෙක් මම සැම දාම රාත්‍රියෙහි සලාතය ඉටු කරමින් සිටිමි යැයි කීය. අනෙකා මම දවසක් නොහැර (අඛණ්ඩව) උපවාසයේ යෙදෙන්නෙමි යැයි කීය. තෙවැන්නා මම ගැහැණුන්ගෙන් සදා වෙන්වී සිටින්නෙමි කිසිදාක විවාහ කර නොගනිමි යැයි කීය. නබි නායක (සල්) තුමාණන් එම තීදෙනා වෙතට ගොස් මෙසේ කථා බහ කරමින් සිටියේ නුඹලා ද? දැනගන්න. මා නුඹලාට වඩා දෙවියන්ට බිය වන්නෙක් මි. එසේ වූවත් මම (සමහර දිනවල) උපවාසයේ යෙදෙමි. (සමහර දිනවල) උපවාසයේ නොයෙදී සිටිමි (මඳ වේලාවක්) සලාතය ඉටු කරමි (මඳ වේලාවක්) නිදා ගනිමි. ගැහැණුන් විවාහ කරගෙන ජීවත් වෙමි. එහෙයින් මාගේ මගට පිටු පාන්නා මා සතු කෙනෙක් නොවේග යැයි ප්‍රකාශ කළහ.

මූලාශ්‍රය : බුකාරි - 5063

විවාහය තුළින් කෙනෙකු දෙවියන්ගේ තිළිණ ලබන තරමට එය ඉමහත් පිනක් බව ඉස්ලාම් ප්‍රකාශ කරයි.

නුඹලාගෙන් කෙනෙක් තම භාර්යාව සමග පවුල් ජීවිතය ගත කිරීමත් යහපත් ක්‍රියාවන්ගෙන් එකක්යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ එවිට නබි නායක (සල්) තුමාණන්ගේ මිත්‍රයින් අල්ලාහ්ගේ දූතයාණෙනි` අපගේ කායික ආශාවක් ඉටු කර ගැනීම සඳහා අපි ගිහි ජීවිතය ගත කරන්නෙමු. මෙයට පවා (දෙවියන්ගෙන්) තෑගි ලැබේදැයි ඇසූහග එයට නබි නායක (සල්) තුමාණෝ දෙවියන් තහනම් කළ මාර්ගවලින් එය අත් කර ගන්නෙහු නම් එයට දඩුවම් ලැඛෙනවා නොවේ ද? එලෙස යග දෙවියන් අනුමත කළ මාර්ගයේ එය ඉටු කරන්නේ නම් ඒ සඳහා තෑගි ලැඛෙන්නේයැයි විග්‍රහ කළහ.

මූලාශ්‍රය : මුස්ලිම් -1674

ඉස්ලාමයේ දැක්ම අනුව පැවිදි දිවියක් ගත කරන අය අනෙක් අයට වඩා සෑම අතින්ම පහත් තත්ත්වයක සිටිති. පැවිදි අයට පිරිමිකම නැත්නම් කිසිඳු ගැටළුවක් නොමැත. පැවිදි අයට පිරිමිකම ඇත්නම් ඔවුහු නියත වශයෙන්ම වැරදි මාර්ගයකින් හෝ එය ඉටුකර ගැනීමට උත්සාහ කරන්නේ ය.

මිනිසාගේ ස්වභාවය මෙය බැවින් පැවිදි ජීවිතය වැරදි ක්‍රියාවක් බව ඉස්ලාම් කියා සිටියි.

සමහරෙක් පවුල් ජීවිතය පමණක් නොව නෑදෑ හිතවත්කම් පවා පසෙකට වීසි කර දමා වනගත වන්නෝය.

ඉස්ලාමයේ දැක්ම අනුව මොවුහු තවත් පහත් තත්ත්වයේ අය වෙති. එක් මිනිසෙක් තමා ප්‍රසූත කර හදා වඩාගත් දෙමව්පියන්ට සේවය කිරීම ඔහුගේ වගකීමකි. ස්වර්ගයට යන මාර්ගයන්ගෙන් එය ප්‍රධාන තැනක් ගන්නේ ය.

වනගත වන්නන් තම දෙමව්පියන්ට ඉටු කළ යුතු යුතුකම් ඉටු නොකරන වරදකරුවන් ය. එහෙයින් ලැබිය යුතු විශාල දායාදයන් අහිමි කර ගත්තවුන් වන්නෝය.

  • දෙමවුපියන්ට පමණක් නොව ලේ ඥාතීන්ට ද උවටැන් කිරීම.
  • ඔවුන් අසනීප වූ විට සුව දුක් විමසීම.
  • මළ ගෙදරකට ගොස් ඔවුන් සනසාලීම.
  • අයහපත් ක්‍රියාවන් දුටු විට ඒවාට එරෙහිව ප්‍රචාරය කිරීම.
  • යහපත් ක්‍රියාවන් ගැන ජනතාව දැනුවත් කිරීම.
  • සුභ සාධක සේවාවන්වල යෙදීම.

ආදී නොයෙකුත් යහ කටයුතු ඉටු කිරීමට තපස් රකින අයට නොහැකි වේ. කාට කුමක් වූවත් මට මොකදැයි තම පවුලත් ගමත් ලොවත් අත්හැර යාම උතුම් ක්‍රියාවක් වන්නේ කෙසේ දැයි ඉස්ලාම් ප්‍රශ්න කරයි.

දෙවියන් වෙනුවෙන් සියලූ ලෞකික සැප අත් හරින්නෙමු. යැයි කියමින් නිර්වස්ත්‍ර වීම ඉස්ලාම් සහමුලින් ම හෙලා දකී.

අල්ලාහ්ගේ දූතයාණෙනි අපි පමණක් තනිව ම සිටියදී නිර්වස්ත්‍රව සිටිය හැකිදැයි නබි නායක (සල්) තුමාණන්ගෙන් නබි මිතුයෝ විමසූහග එයට නබි නායක (සල්) තුමාණන් අපි ලැජ්ජා වීමට අල්ලාහ් වඩාත් සුදුස්සෙකි යැයි පිළිතුරු දුන්හ.

මූලාශ්‍රය : තිර්මිදි - 2693, 2718

කිසිවෙකු නොදුටුවත් දෙවියන් අප දෙස බලන්නේයැයි සිතා නිර්වස්ත්‍ර ව සිටීමෙන් වැලකිය යුතුයි.

වැසිකිලි කැසිකිලි යාම හා සංසර්ගයේ යෙදීම හැර සෙසු අවස්ථාවල වැසිය යුතු අවයව වසා ගත යුතු බව ඉස්ලාම් තදින් කියා සිටී.

ලෞකික වශයෙන් අපට කිසිවක් වුවමනා නැතැයි කියමින් තම ඇඳුම් ගලවමින් සැරිසරන සෘෂිවරුන් තමන්ගේ සිද්ධාන්තයේ සත්‍යවාදීන් නම් එක බත් හුලක් (ආහාර බිඳක්) හෝ නොකා ජලය බිංඳුවක් හෝ නොබී ඉඳ පෙන්විය යුතුය. ඕනෑම නිර්වස්ත්‍ර සාමිවරයෙකු මේ දෙක අත්හරින්නේ නැත. අත්හැරීමට ද නොහැකිය.

මේ ලෝකයෙන් සම්පූර්ණයෙන් වෙන්වී ජීවත් විය නොහැකි බව ඔවුන් අනුභව කරන සෑම ආහාර කටකින්ම ඔවුහු ම ඔප්පු කර පෙන්වන්නෝ ය.

එහෙයින් දෙවියන් වෙනුවෙන් සියලූ ලෞකික සැප අත් හරින්නෙමු යැයි. වාද කරන කිසිවෙකු සත්‍යවාදීන් විය නොහැක.

සම්පූර්ණයෙන් මෙලොව ඉවත ලෑම කෙසේ වෙතත් අතරින් පතර හෝ ඉවත්වීම ගැන ඉස්ලාම් විරෝධය පල කරයි.

සෑම මිනිසෙක් ම

  • තමාට ඉටු කළ යුතු යුතුකම්
  • තම දෙමාපියන්ට ඉටු කළ යුතු යුතුකම්
  • තම භාර්යාවන්ට/ස්වාමි පුරුෂයින්ට ඉටු කළ යුතු යුතුකම්
  • අනෙක් ඥාතීන්ට ඉටු කළ යුතු යුතුකම්
  • ලෝකයා වෙනුවෙන් ඉටු කළ යුතුකම්

ආදි සෑම දෙයක්ම අනිවාර්යයෙන් ම ඉටු කළ යුතුය අධ්‍යාත්මය හා දෙවියන් හේතු දක්වමින් මෙම යුතුකම් කිසිසේත් අත පසු නොකළ යුතුයැයි ඉස්ලාම් දැනුවත් කරයි.

විවාහක බිරිඳ ගැන නොසලකා දිවා කාලයේ සම්පූර්ණයෙන්ම උපවාසයේ යෙදී රාත්‍රියේ නැමදුම් වත් පිළිවෙත් වල යෙදුනු අබ්දුල්ලාහ් බින් අම්ර් නමැති මිත්‍රයා ගැන ආරංචියක් ලැබී නබි නායක (සල්) තුමාණන් ඔහු වෙතට ගියහ. මෙසේ නොකරන්න උපවාසයේ යෙදෙන්න. නොයෙදීත් සිටින්න සලාතය ඉටු කරන්න, නිදා ගන්න, මන්ද ඔබේ ශරීරයට ඔබ ඉටු කළ යුතු යුතුකම් ඇත. ඔබේ දෑසට ඔබ ඉටු කළ යුතු යුතුකම් ද ඇත. ඔබේ අමුත්තන්ට ඔබ ඉටු කළ යුතු යුතුකම්ද ඇතැයි. නබි නායක (සල්) තුමාණෝ අනුශාසනා කළහ.

මූලාශ්‍රය : බුකාරි - 1975ල 6134

දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන් නිදිවර්ජනිතව අවදියෙන් සිටීමත් ශරීරයට වද දීමත් නොකළ යුතු බව නබි නායක (සල්) තුමාණෝ පැහැදිලි කර දුන්හ.

ධර්මයන් පිළිබඳව විරෝදය පාන අය පවා ඉහත සඳහන් ක්‍රියා දාමයන්ට ඉස්ලාම් දක්වන තරම් විරුද්ධත්වයක් නොදක්වන්නෝ ය.

එසේ නම් උපවාසය යන නමින් අවුරුද්දකට මාසයක් නිරාහාරවය සිටින ලෙස ඉස්ලාම් පවසන්නේ ඇයි? මෙය ශරිරයට වද දීමක් නොවන්නේ ද?

දිනපතා පස්වේලක් සලාතය ඉටු කළ යුතු යැයි පවසන්නේ මක් නිසා ද? මෙවැනි වෙනත් නැමදුම් අනිවාර්ය කළේ මක්නිසා දැයි විවිධ ප්‍රශ්න මතුවිය හැක.

දවල් කාලය පුරා නොකා නොබී අඹුසැමි ඇසුරේ නොයෙදී සිටීම උපවාසයය නම් වෙයි. මෙය ශරීරයට වද දීමක් සේ පෙනී යා හැක.

සත්‍ය වශයෙන් ම ශරීරයට වද දීමක් හෝ ශරීරයට හානියක් ඇති කිරීමක් හෝ මෙහි නැත. උපවසයේ නොයෙදී සිටින විට එකෙකු රාත්‍රි දහයට නින්දට යයි. උදේට අවදි වී දහයට උදේ ආහාරය ගනී. රාත්‍රි දහසේ සිට උදේ දහය දක්වා පැය13ක පමණ කාලයක් මිනිසා නොකා නොබී ගත කරයි.

උපවාසයේ යෙදෙන කෙනෙක් අරුණෝදයේ දළ වශයෙන් (පාන්දර 5:00) සිට හිරු බැස යන තෙක් දළ වශයෙන් (සවස 6:00) පැය දහ තුනක් පමණ ආහාර නොගනී.

හිරු අවරට ගොස් උපවාසයෙන් මිදුන වහාමත්ල නින්දට යාමට පෙරත්ල උදේ පාන්දර 4:30 ට පමණත් පොදුවේ වේල් තුනක් උපවාස කරු ආහාර ගනී.

උපවාස කාලයේදී වෙනස් වෙන්නේ ආහාර ගන්නා වේලාව පමණකි. ආහාර ප්‍රමාණයේ වෙනසක් නැත.

දිනපතා කෙනෙක් තම ශරීරයට කොතරම් ප්‍රමාණයක් ආහාර ලබා ගත්තේ ද උපවාස කාලයේදී ද ඒ ප්‍රමාණයම ශරීරයට ලබාදීමෙන් ශරීරයටය හානියක් නොවන අතර ශරීරයට වද දීමක්ද සිදුනොවේ.

එකම වෙනසකට ඇත්තේ රාත්‍රී ආහාර ගත් විගස නිදාගැනීම නිසා තම කුසගින්න ගැන නොදනී. දිවා කාලයේ අවදියෙන් සිටින නිසා එය දනී.

මෙසේ දැනුවත් වී දෙවියන් වෙනුවෙන් ඔහුගේ හැඟීම් පාලනය කර ගැනිමෙන් ඔහුගේ සිත පවිත්‍ර කර ගනී. දමනය කර ගනීග එයින් ශරීරයට කිසිදු හානියක් නොවේ.

විශ්වාස කළ අයවලූනිල නුඹලා (දෙවියන්ට) බිය වීම සඳහා නුඹලාට පෙර සිටි අය කෙරෙහි අනිවාර්ය කළාක් මෙන් නුඹලාට ද නියමිත දිනයන් හි උපවාසය අනිවාර්ය කරන ලදී.

අල් කුර්ආන් 2:183

මිනිසාට වද දීම උපවාසයේ අරමුණ නොවේ. තමා මැවු දෙවියන් වෙනුවෙන් මෙසේ සුළු පරිත්‍යාගයක් කර පුහුණුවක් ලද කෙනෙක් එම දෙවියන් අවධාරනය කරන අනෙක් යහපත් ක්‍රියාවන් තම ජීවිතයේ පිළිපදින්නේය යන්න උපවාසයේ අරමුණ යි.

තමාට අයිති ආහාරයෙන් වැලකී සිටින ලෙස දෙවියන් ප්‍රකාශ කළ බැවින් මඳ වේලාවක් කෑම නොගෙන පරිත්‍යාගශීලි වන කෙනෙක් තමාට අයිති නැති දෙයක් අනුන්ගෙන් සොරාගෙනල මං කොල්ල කාල අල්ලස් ගෙන වංචාවෙන් පැහැර ගැනීමට ඉදිරිපත් නොවෙයි.

මෙම පුහුණුව නොලබා කෙනෙක් ජීවිත කාලය පුරාම කුසගින්නේ සිටියත් දෙවියන්ගෙන් එයට කිසිදු පිළිගැනීමක් නැති බව ඉස්ලාමයේ විනිශ්චය වේ.

යම් කෙනෙක් බොරුකීමෙන් ද අයහපත් ක්‍රියාවන්ගෙන් ද වැලකී නොසිටින්නේ ද ඔහු ජලය හා ආහාර නොගෙන සිටීමෙන් දෙවියන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නබි වදනකි.

මූලාශ්‍රය : බුකාරි -1903, 6057

උපවාසය ඉතා ශ්‍රේෂ්ට වූ ඉලක්කයක් කරා යාමට සුදුසු පුහුණුවක් බව මෙම නබි වදනින් දැන ගත හැක.

සලාතය නමැති නමැදුම ද මෙවැනි පුහුණුවක් මිනිසා තුළ ඇති කිරීම සඳහා ම ඉස්ලාමයේ අවධාරණය කරනු ලැබ ඇත.

දෙවියන් අති ශ්‍රේෂ්ටය. මම ඔහුගේ අණට කීකරු විය යුතු සුළු කෙනෙක්මි. යන පුහුණුව මිනිසා මේ තුළින් ලබා ගනී.

මෙලොව තුළ මිනිසා ඇදගන්නා සුළු බොහෝ කරුණු ඇතග ඒවා කරා ඇදී යන මිනිසා වැරදි මාර්ගවලින් හෝ ඒවායින් වින්දනයක් ලැබීමට උත්සාහ කරයි.

අපට ඉහලින් කෙනෙක් අධීක්ෂණය කරමින් සිටී යන බිය එයින් ඔහුව වලක්වයි.

පළමුවෙන් අරුණෝදයේ සලාතය කෙනෙක් ඉටු කරයි. මේ නිසා දෙවියන් පිළිබඳ හැඟීම ඔහු තුළ වර්ධනය වෙයි.

ලෞකික කටයුතු දෙවියන් පිළිබඳ හැඟීම් ටිකෙන් ටික අඩු කිරීමට පටන් ගනී. ඒ නිසා මධ්‍යාහ්නයේ සලාතය ඉටු කරයිග සලාතය ඉටු කළ විගස දෙවියන් පිළිබඳ හැඟීම නැවතත් ඔහු තුළ වර්ධනය වෙයි.

ලෞකික කටයුතු නිසා නැවතත් දෙවියන් පිළිබඳ හැඟීම නැවතත් ඇති වෙයි.

නැවතත් දෙවියන් පිළිබඳ හැඟීම අඩුවන්නට පටන් ගනීග හිරු අවරට යන අවස්ථාවේ නැවතත් සලාතය ඉටු කරයිග නැවතත් මෙලොව කටයුතු නිසා දෙවියන් පිළිබඳ හැඟීම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙයි.

ඒ නිසා රාත්‍රි සලාතය ඉටු කරයි. සලාතය ඉටු කළ විගස දෙවියන් පිළිබඳ හැඟීම නැවතත් ඔහු තුළ වර්ධනය වෙයි.

ඒ හැඟීමත් සමඟම නින්දට යයි. මෙසේ දවස පුරාම දෙව පිළිබඳව බියෙන් පසු වෙන්නා සියලූ කාර්යන්හි යහපත් පුද්ගලයෙකු ලෙස කැපී පෙනෙන්නේය. තමාට හානියක් විය හැකි ක්‍රියාවල මොහු නොයෙදෙයි. අනුන්ට හිරිහැරයක් විය හැකි කාර්යයන් ද නොකරයි.

සලාතය ඉටු කරමින් සෑම පාපකාරි කි්‍රයාවකම කෙනෙක් යෙදෙයි නම් ඔහුගේ සලාතයට දෙවියන් වෙත කිසිදු පිළිගැනීමක් නැත.

සලාතය ඉටු කරන්න් සලාතය අශිෂ්ට සම්පන්න ක්‍රියාවන්ගෙන් හා අයහපතෙන් වළක්වයි. අල්ලාහ්ව සිහි කිරීම අති ශ්‍රේෂ්ටයග නුඹලා කරන දෑ අල්ලාහ් දනියි.

අල් කුර්ආන් :-29:45

අයහපත් ක්‍රියාවන්ගෙන් ද අශිෂ්ට සම්පන්න (පිළිකුලක් සහගත) ක්‍රියාවන්ගෙන් ද වලක්වාලීමට සලාතයෙන් පුහුණුවක් ලැඛෙන බව මෙම වැකියෙන් දැන ගත හැක.

මෙම පුහුණුව කෙනෙකු නොලැබුවේ නම් ඔහුගේ සලාතය දෙවියන්ගේ දැක්මෙන් සලාතයක් නොවන්නේ යැයි ද මෙම වැකියෙන් පැහැදිලිව ප්‍රකාශ වෙයි.

හජ් උත්සව දිනයේ දී ඔටුවන්ල ගවයින් හා එළුවන් කපා බිලි දිය යුතු බව ඉස්ලාමය කියයි.

මෙසේ බිලි දෙන සතුන්ගේ මාංශය හෝ රුධිරය හෝ අනෙකුත් ද්‍රව්‍ය හෝ දෙවියන්ට අවශ්‍ය නිසා බිලි දිය යුතු බව ඉස්ලම් නොකියන්නේ ය.

උත්සව දිනයේ දුප්පතුන් සතුටින් හා කුසගින්නෙන් තොරව සිටිය යුතු බවත් දේව බිය වැඩිකර ගැනීමත් මෙහි අරමුණ වන්නේය.

උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත ළඟා නොවේග නමුත් නුඹලා තුළ තිඛෙන (දේව) බිය පමණක් ඔහු වෙත ළඟා වේ.

අල් කුර්ආන්:- 22:37

මෙම බිලිදීම තුළින් පවා දේව බිය නමැති පුහුණුවම අරමුණ වන බව මෙම පරිශුද්ධ වූ වැකියෙන් පැහැදිලි වෙයි.

ඉස්ලාමයේ සෑම නැමදුම් වත් පිළිවෙතක් ම ප්‍රධාන අරමුණ වන්නේ මෙම පුහුණුවයි. මෙම පුහුණුව ද මිනිසා මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහාය.

සොරකම් කිරීම වැරදි ක්‍රියාවක් බව සොරා හොඳින් දනී. මත්ද්‍රව්‍ය විකිණීමල ගණිකා වෘත්තියේ යෙදීමල අල්ලස් ගැනීම ආදි විවිධ දූෂණයන්හි නිරතවීම වරදක් බව ඒවායෙහි නිරතවන සෑම කෙනෙක් ම මැනවින් දනී.

වරදක් බව දැනගෙන ම මිනිසුන් ඒවා කරන්නෝය. මෙවැනි අයට මෙම ක්‍රියාවන් නොකරන්නැයි කීවොත් ඔවුහු ප්‍රශ්න දෙකක් මතු කරති.

මෙවැනි රැකියාවන් කිරීම නිසා මට මොන හානියක් වෙයිද?

මේවායින් වැලකී සිටියොත් මට අත්වෙන යහපත කුමක්ද?

ඒ ප්‍රශ්න දෙකයි ඉහත සඳහන් වන්නේය නුඹට රජයෙන් දඩුවම් කරාවි බන්ධනාගාරයේ ලගින්න වේවි. ඒ නිසා සොරකමින් වළකින්නැයි පිලිතුරු දිය හැකිය. ඔහු මෙයට විරෝදය පල කරයි.

මා කරන සොරකම කොහෙත් ම දැනගත නොහැක

සිය වතාවක් මා සොරකම් කළත් එකවරක් හෝ අසුවීම සැක සහිතය

සොරුන් සියයකින් අසුවන්නේ එකෙක්ය

බොහෝ අවස්ථාවල සොරකම් කර මා රැස් කර ගත් වස්තුව වෙනුවෙන් සුළු දඩුවමක් විඳින්නට මා සූදානම්ය

එසේ අසුවූවොත් දක්ෂ නීතිඥයෙකු ලවා මම නිවැරදි කරුවෙකු බව ඔප්පු කරමිග

එසේ නැත්නම් -විනිශ්චයකරු ම මිලදී ගනිමි

මේ සෑම එකක්ම සාර්ථක නොවී බණ්ධනාගාර ගත වූවත් මා මිය යන්නේ නැතග මා පිටත සිටියදී භුක්ති වින්ද හැම දෙයක්ම ඇතුළත දී ද භුක්ති විඳින හැටි මම දනිමියි කියයි

සොරකම ඇතුළු වැරදි වැඩ කිරීමෙන් මට කිසිඳු හානියක් සිදු නොවෙයි. එසේ වුවත් එය දරාගැනීමේ හැකියාව මට ඇතැයි. කෙනෙක් විශ්වාස කිරීමත් අඛණ්ඩව ඔහු වැරදි ක්‍රියාවල යෙදීමට ප්‍රධාන හෙතුවක් වන්නේය.

මොන හානියක් වෙයි ද? යන ප්‍රශ්නයට කුමක් හෝ පිළිතුරක් දිය හැකග මේවායින් මා වැලකී සිටියොත් මට ලැඛෙන යහපත කුමක්ද? යන ප්‍රශ්නයට කිසිම පිළිතුරක් දිය නොහැක.

ඉස්ලාම් පමණක් මේ ප්‍රශ්න දෙකට ම ගැලපෙන පිළිතුරු සපයන්නේය. සර්ව බලධාරි දෙවියෙක් සිටී. ඔහු සියල්ල බලා සිටීග ඔහුව කිසිවෙකුට රැවටිය නොහැක මිල කළ නොහැක. ලෝකය විනාශ වූ පසු ඒ සර්ව බලධාරියා විසින් සියලූ දෙනා පණගන්වා ඔහු ඉදිරියේ ගෙනැවිත් නවත්වනු ලබතිග අයහපත් අයට දැඩි දඩුවම් ද යහපත් අයට අගනා තිළිණ ද පිරිනමයි යනුවෙන් ඉස්ලාම් කියයි.

මේ පිළිබඳව තදින් විශ්වාස කරන්නෙක් කිසිවිටෙක අයහපතක් ක්‍රියාවල නොයෙදෙයි. තමා නොදැනුවත්ව යම් අයහපත් ක්‍රියාවක් කළත් වහාම තමාව නිවැරදි කර ගනී. සෑම මිනිසෙකුම තම දෙමව්පියන්ටත්, දරුවන්ටත්, අනෙක් නැදෑයින්ටත් ලෝකයාටත් ඉටු කළ යුතු යුතකුම්වලින් අඩුවක් නොකිරීමටත් මිනිසාට කිසිඳු හානියක් සිදු නොවන අයුරිනුත් ඉස්ලාම් හඳුන්වා දෙන නැමදුම් වත්පිළිවෙත් සියල්ල සකස් වී ඇත.

  • තමා විසිත් තමාටම දුක්වේදනා ඇති කිරීම
  • ගිනි පෑගීම
  • බිම පෙරළීම
  • පැවදිවීම
  • නිර්වස්ත්‍රව ඇවිදීම

ආදි කිසිඳු ක්‍රියාදාමයක් ඉස්ලම් අනුමත කළේ නැත. අනුමත නොකළා පමණක් නොව මේවාට දැඩි විරෝදය පල කරයි.

එහෙයින් ධර්මයන් මිනිසුන්ට වධ හිංසාවට ලක් කරන්නේය. යන විවේචනය ඉස්ලාමය ට නොගැලපේ.