හිජාබ් යනු කුමක් ද? - පළමු කොටස

හිජාබ් යනු කුමක් ද? - පළමු කොටස

හිජාබ් යනු කුමක් ද?

ආර්. අබ්දුර් රාසික් B.Com (Special)

පළමු කොටස

හිජාබ් අවශ්‍ය වන්නේ ඇයි?

කාන්තාවන් තමන්ගේ මුහුණ හා මැණික් කටුව දක්වා ඉදිරිකොටස හැර අන් කොටස් අන්‍ය වූ පිරිමින්ගෙන් ආවරණය කර ගත යුතු බව ඉස්ලාම් අණ කරයි. ඉස්ලාමිය සම්ප්‍රදායේ මෙයට හිජාබ් යනුවෙන් ද අප රටේ ෆර්දා, බුර්කා, මොට්ටැක්කිළිය යනුවෙන් ද කියනු ලැබේ.

හිජාබ් යන සිරුර සම්පූර්ණයෙන් ම ආවරණය කරනු ලබන වස්ත්‍රය නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියකි. ඒ පිළිබඳව පසුව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ. නමුත් ප්‍රායෝගික ජීවිතයේ මුස්ලිම් කාන්තාවන් මුහුණ, අත් හා පාද පමණක් බාහිර ලොවට පෙනෙන පරිදි අඳිනු ලබන වස්ත්‍රයට හිජාබ් යන පදය භාවිත වන බැවින් අපි මෙහි දී ප්‍රා යෝගික ලොවේ පවතින මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය හැඟවීමටත් හිජාබ් යන වචනය ම භාවිත කර ඇත.

ඉස්ලාම් සම්බන්ධයෙන් මුස්ලිම් නොවන අයගේ විවේචන වලට බඳුන් වන ප්‍රධානතම ගැටළු වලින් මෙය ද එකක් වන බව සත්‍යයකි.

~~හිජාබ් යනු කාන්තාවන්ට අමතර බරක් යැයි ද ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් යැයි ද ඔවුන්ගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගැසීමක් යැයි ද සමහරු පවසති.

~හිජාබ්~ යනු සැබවින් ම කාන්තාවන් ගෞරව කිරීමටත් ඔවුන්ගේ ආරක්ෂාවටත් ඇති කරනු ලැබූවක් මිස ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට පනවන ලද නීතියක් නොවේ.

ඉස්ලාම් කාන්තාවන්ට වස්ත්‍ර සම්බන්ධයෙන් විනය නීතියක් පනවා තිඛෙනවා සේ අප රටේ සිටින ආගම් අදහන, නොඅදහන සියල්ලෝ ම ද කාන්තාවන්ට වස්ත්‍ර සම්බන්ධයෙන් විනය නීතියක් පනවා ඇත. කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරන කාන්තාවන් පවා වස්ත්‍ර සම්බන්ධයන් විනයක් අවශ්‍ය වන බව මත පළ කරමින් සිටිති. මෙයින් පෙනී යන්නේ කාන්තාවන් පුරුෂයින්ට වඩා සිරුර ආවරණය කර ගැනීම සාරධර්ම මත ගොඩ නැගූ සමාජයක වඩාත් සදාචාරාත්මක මග පෙන්වීමක් වන බවයි.

මානව හිතවාදීන් හා කාන්තාවන්ට ගෞරව කරන අයගේ ප්‍රතිපත්තිය ද වන්නේ කාන්තාවන් පුරුෂයින්ට වඩා අධික වශයෙන් තම සිරුර ආවරණය කරගත යුතුය යන්නයි. නමුත් ඉස්ලාම් විරෝධී ආකල්ප දරන අය ඉස්ලාමීය කාන්තා ඇඳුම් සමඟ ප්‍රතිවිරුද්ධ වන්නේ ඒ ආවරණය කළ යුතු ප්‍රමාණය කුමක් ද යන කාරණාවේ දී ය. මේ ගැන ප්‍රථමයෙන් දැනගත යුතුය.

කම්කරු පන්තියට අයත් පුරුෂයෙක් කමිසයක් හෝ බැනියමක් හෝ වැනි උඩු ඇඳුමක් නොමැතිව හුදෙක් ම කොට කළිසමක් පමණක් ඇඳගෙන තම වැඩ කටයුතු සිදු කරයි. ජනතාව ඉදිරිපිට මෙලෙසින් ම දිස් වෙයි. ඒ කම්කරු පන්තියට ම අයත් කාන්තාවක් උඩු ඇඳුම් කිසිවක් නොමැතිව යටට අඳින කොට කළිසමක් සමඟ වැඩ කිරීමට හෝ ජනතාව ඉදිරිපිට දිස්වීමට හෝ අනුමත කරනු නොලැබේ. තම භාර්යාව, මව, සහෝදරිය වැනි අය අන් අය ඉදිරිපිට මෙතරම් වූ අඩු ප්‍රමාණයක වස්ත්‍ර සමඟ දිස්වීම ප්‍රගතිගාමීන් ඇතුළු කිසිවෙක් අනුමත නොකරයි.

එලෙස ම මධ්‍යම පාන්තිකයෙක් නැතහොත් ඉහළ පැලැන්තියේ පුරුෂයෙක් යටට අඳින කොට කලිසම සමඟ නිවසින් පිටත දී දිස් නොවූවත් නිවස තුළ දී පවුලේ අය ඉදිරිපිට මෙලෙසින් සිටියි. සෑම මොහොතක දී ම මෙසේ නොසිටියත් දුෂ්කර වැඩ වලදීත් ග්‍රිස්මයේදීත් මෙලෙසින් සිටීම දැකිය හැකිය. නමුත් ඒ පැලැතියේ ම කාන්තාවක් මෙසේ සිටීමට නියත ව්‍යයෙන් ම අනුමත කරනු ලබන්නේ නැත.

අන්‍ය පුරුෂයින් ඉදිරිපිට පමණක් නොව, සිය පවුලට අයත් පුරුෂයින් අතර පවා මෙවිලසින් කාන්තාවන් දිස් වන්නේ නැත. කාන්තාවන් ඉදිරිපිට පවා මෙසේ දිස් වීමට අවසර දෙනු ලබන්නේ නැත.

පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් ආවරණය කරගත යුතු පෙදෙස් අධිකව තිබෙන බව ඒ කාන්තාවන් ද වටහාගෙන තිබෙන බවත් පුරුෂයින් ද වටහාගෙන තිබෙන බවත් මෙම හැසිරීම් රටාව සාධකයක් සේ පිහිටා ඇත.

පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් අමතර පෙදෙස් ආවරණය කරගත යුතු බව තම හැසිරීම් රටාව තුළින් ඔවුන් පිළිගෙන ඇත. ඉස්ලාම් හා ඔවුන් අතර මත භේද ඇත්තේ ආවරණය කරගත යුතු ප්‍රමාණය කුමක් ද යන කාරණාවේ දී ය. මන්දයත් ඔවුන් පවා පුරුෂයින්ට තිඛෙන ඒ හා සමාන නිදහස මේ විෂයයෙහි දී කාන්තාවන්ට පිරිනමන්නේ නැත.

හිජාබ් කාන්තාවන්ට ආරක්ෂාවකි!!

හිජාබ් කාන්තාවන්ට ආරක්ෂාවක් ලෙසත් ඔවුන් ගෞරවයට පත් කරවන්නක් ලෙසත් පිහිටන්නේ කෙසේ ද යන්න ගැන දැන් බලමු.

පුරුෂයින් කාන්තාවන් බලා රස විඳින්නන් ලෙසත් කාන්තාවන් පුරුෂයින් බලා රස විඳින්නන් ලෙසත් නිර්මාණය කරනු ලැබ තිඛෙන බව අපි දනිමු. නමුත් දෙපාර්ශවයේ ම රසාස්වාදයන් විවිධාකාර වන බව ප්‍රථමයෙන් වටහා ගත යුතුය.

කාන්තාවන්ගේ වර්ණය නැතහොත් ඔවුන්ගේ රූසපුව නැතහොත් ඔවුන්ගේ තාරුණ්‍යය නැතහොත් අවයවයන්හි ලූව බව යනාදිය පුරුෂයින් විසින් බලා රස විඳිනු ලැබේ. අඩුවෙන් වස්ත්‍ර ඇඳ ගෙන හෝ සිත් ගන්නා සුළු තද වස්ත්‍ර ඇඳගෙන හෝ කාන්තාවන් දිස්වන විට පුරුෂයින් එය බලා රස විඳීමට ප්‍රිය කරන්නේ මේ නිසාවෙනි. මෙයින් ව්‍යාතිරේක වූ කිහිප දෙනෙක් සිටියත් පොදුවේ පුරුෂයින්ගේ ස්වාභාවය මෙයයි.

නමුත් කාන්තාවන්ගේ රසාස්වාදය මෙබන්දක් නොවේ. පුරුෂයින්ගේ අංග අවයවයන්හි ආකර්ෂණයට ඔවුන්ගේ රසාස්වාදයට යොමු වන්නේ නැත. පුරුෂයින් කෙතරම් අඩුවෙන් වස්ත්‍ර ඇඳ සිටියත් කාන්තාවන් එදෙස බලා රස විඳින්නේ නැත. ආපසු හැරී බැලිය යුතුයැයි ඔවුන් ප්‍රිය කරන්නේ ද නැත.

අසභ්‍ය චිත්‍රපටි, පොත්පත් යනාදිය කාන්තාවන්ගේ නිරුවත්භාවය වෙළඳාමක් කර තිබීමෙන් ද පුරුෂයින්ගේ නිරුවත්භාවය වෙළඳාමක් කිරීමට නොහැකි වීමෙන් ද මෙය දැනගත හැකිය.

පුරුෂයින් හා කාන්තාවන් එකට මිශ්‍රව ජීවත්වන ලොවේ කාන්තාවන්ගේ කැමැත්ත පමණක් පදනම් කර ගෙන ඔවුන්ගේ ඇඳුම් තීන්දු කිරීම වරදකි. මොවුන් බලා රස විඳිමින් කම් සැප ලබන පුරුෂයින්ගේ මානසිකත්වයත් සලකා බලා ඔවුන්ගේ ඇඳුම් තීන්දු කළ යුතුය. දෙපාර්ශවය ම පතිවත්භාවයෙන් ද විනයානුකූලව ද කටයුතු කිරීමට මෙසේ සලකා බැලීම අතිශයින් ම වැදගත් වේ.

රූමත් කාන්තාවකගේ කවර පෙදෙස් බලා පුරුෂයෙක් රස විඳින්නට ප්‍රිය කරන්නේ ද ඒවා අනිවාර්යයෙන් ම ආවරණය විය යුතුය. මන්දයත් ඒවා මුඵමනින් ම රස විඳිමේ අයිතිය ඇගේ ස්වාමි පුරුෂයාට පමණක් හිමිය.

බැලීමෙන් ඇති වරද කුමක් ද යන ප්‍රශ්නය වැරදි ය. මෙයින් හට ගන්නා ප්‍රතිවිපාක මොනවාදැයි අපට දෛනික ජීවිතයේ මුහුණ දීමට සිදු වේ. තම භාර්යාවට වඩා අධික වශයෙන් බලා රස විඳිය හැකි තවත් කාන්තාවක් දකිනා අයගෙන් බොහෝ අය රස විඳිමෙන් නතර වූවත් සමහරු නොමනා ලෙස ඇය අත්පත් කර ගැනීමටත් භුක්ති විඳීමටත් උත්සහ කරති. ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර හා මිනිස් ඝාතන දක්වා මොවුන් සීමාව ඉක්මවීමත් අපි දෛනිකව දකින්නෙමු.

මෙතරම් ක්‍රෑරව කටයුතු නොකරන අය පවා මානසිකව ඇගේ සිතුවිල්ලෙන් ම උන්මාද වෙති. තම භාර්යාව සමඟ සසඳා බලා භාර්යාව කෙරෙහි තිඛෙන ඇල්ම හා සම්බන්ධය අඩු කර ගනිති.

විනයානුකූල ජීවිතයේ ඉතා භයානක ලෙස ලෝකය පසුබට වී තිබීමට පළමු හේතුව කාන්තාවන්ගේ අංග සම්පූර්ණ නොවන වස්ත්‍ර හා පුරුෂයින් වශී කරවන අලංකාරයන් ය. මෙය කාටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

පුරුෂයින් කාන්තාවන් බලා රස විඳින්නා සේ කාන්තාවනුත් පුරුෂයින් බලා රස විඳිතියි සමහරු පවසති. මෙම තර්කය සත්‍යය යැයි පිළිගත්ත ද හිජාබ් ඇඳුම් ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට මෙම තර්කය ශක්තිමත් නොවේ.

මන්දයත් කාන්තාවන් බලා රස විඳින පුරුෂයින් කාන්තාවන්ගේ කැමැත්තෙන් තොරව බලාත්කාරයෙන් ම ඔවුන් භුක්ති විඳිය හැකිය. නමුත් කාන්තාවන් පුරුෂයින් බලා රස විඳින බව තර්කයකට පිළිගනු ලැබුවත් පුරුෂයින් කැමති වන තෙක් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සී ප්‍රබෝදමත් වන තෙක් කාන්තාවන් විසින් පුරුෂයින් බලාත්කාරයෙන් භුක්ති විඳිය නොහැකිය.

මෙවන් තත්ත්වයක දී පුරුෂයෙක් කෙතරම් අඩුවෙන් ඇඳ සිටියත් ඔහුට බලපෑමක් නැත. නමුත් අංග සම්පුර්ණ නොවූ කැළඹීමට පත් කරවන ඇඳුමක් ඇඳ සිටින කාන්තාවකට නියත වශයෙන් ම ඇගේ අඩ නිරුවත් ඇඳුමෙන් වශී වී පුරුෂයින් විසින් බලපෑම් ඇති කළ හැකි බවට කිසිඳු සැකයක් නැත.

ඇගේ කැමැත්තෙන් තොරව ම බලාත්කාරයෙන් ම ඇය භුක්ති විඳිනු ලබන විට ඇගේ අයිතිවාසිකමත් ස්ත්‍රීත්වයත් ආත්ම ගරුත්වයත් බලපෑමට ලක් වන බව හිජාබය විවේනය කරන අය කල්පනා නොකරති.

රටේ දිනපතා සිසු වන ස්ත්‍රී දූෂණත් කාන්තාවන්ට එරෙහි වධ හිංසාවනුත් හෙළා දැක මෙවන් ක්‍රියා වල නියැලෙන අයට දරුණු ලෙස දඩුවම් කළ යුතුය. අරාබි රට වල පවතින නීතිය අප රටටත් අවශ්‍ය යැයි හිජාබ් විවේචනය කරන අය පවා ඇතැම් අවස්ථාවල දී ප්‍රකාශ කරති.

නමුත් මෙකී තත්ත්වයට පුරුෂයින්ගෙන් සමහරුන් වශී කරන කාන්තාවන්ගේ ඇඳුම් හා විලාසිතාවන් ප්‍රධාන හේතුවක් වන බව අමතක කරති. හේතුව අමතක කර ඵලය හෙළා දැකීමේ අර්ථය හා සාධාරණය කුමක් ද?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන අසභ්‍ය ච්ත්‍රපටි වලට හා පෝස්ටර් වලට එරෙහිව අරගල කිරීමත් පෝස්ටර් ඉරීම, සායම් ගසා ආවරණය කිරීම වැනි ක්‍රියාවල නියැලීමත් අපි දකින්නෙමු. මෙයින් පිළිඹිබු වන්නේ කුමක් ද? කාන්තාවන් පුරුෂයින්ට වඩා අධිකව සිරුර ආවරණය කරගත යුතු බව මොවුන්ගේ යටි සිත පිළිගැනීම පිළිඹිබු වූයේ නැද්ද?

කාන්තා අයිතිවාසිකම් උපයෝගී කරගෙන ම කාන්තාවක් නිදහසේ නිරුවත් ව දිස්වන්නී ය. උදාහරණයක් ලෙස වැඩිහිටි චිත්‍රපටි රඟන නිළියක් දැක්විය හැකිය. එය ඇගේ නිදහසයි. ඒ දසුන හෙළි කරනු ලබන්නේ ඇගේ කැමැත්ත මත ය. ඇයත් එA දෙස බලන්නී ය. තත්ත්වය මෙසේ තිබිය දී මෙවන් දසුන් හෙළා දැකීමත් ඒවාහි දැන්වීම් ඉරා දැරීමත් මොවුන්ගේ තර්කයට අනුව ඒ කාන්තාවගේ පෞද්ගලික නිදහසේත් අයිතිවාසිකම්වලත් ඇඟිලි ගැසීමක් නොවන්නේ ද?

කාන්තාවගේ සිරුර ආවරණය විය යුතුයැයි ඉස්ලාම් පැවසීම මොවුන්ගේ යටි මනසත් පිළිගන්නා බව මොවුන්ගේ ක්‍රියා වලින් ම පෙනේ.

හිජාබ් කාන්තාවන්ගේ දියුණුවට බාධාවක් ද?

මුහුණ හා අත් පමණක් බාහිර ලොවට පෙනෙන පරිදි වස්ත්‍ර ඇඳීම කාන්තාවන්ගේ දියුණුවට බාධාවක් යැයි පැවසීම පිළිගත හැකි තර්කයක් නොවේ.

මෙරටේ ද ලොවේ වෙනත් රට වල ද ජනපතිවරු, අග්‍රාමාත්‍යවරු, ප්‍රධාන අමාත්‍යවරු යනාදී නොයෙකුත් තනතුරු දරන පුරුෂයින් මුහුණ හා දෑත් හැර අනෙකුත් පෙදෙස් සම්ර්‍පූර්ණයෙන් ආවරණය කර ඇත. නමුත් අති මහත් තනතුරු දැරීමට මෙය බාධාවක් වූයේ නැත.

අති මහත් තනතුරු දරන කිසිඳු පුරුෂයෙක් නාභිය පෙනෙන අයුරින් වස්ත්‍ර අඳින්නේ නැත. දණ හිස දක්වා ගවුමක් අඳිමින් හෙළිදරව් කරන්නේ නැත. නමුත් පුරුෂයින්ට වඩා අඩුවෙන් කාන්තාවන් ආවරණය කර ගැනීම කාන්තා නිදහසක් යැයි පැවසිය හැක්කේ කෙසේ ද?

අන්‍ය පුරුෂයින් බලා රස විඳිය යුතුයැයි ප්‍රිය කරන වංචනික චේතනා වලට නිදහස යැයි හෝ සම අයිතිවාසිකම් යැයි හෝ නම් තැබීම පිළිගත නොහැකිය.

පුරුෂයින් අවම වශයෙන් ආවරණය කළත් ඉන් විපරිතයක් සිදු නොවේ. එසේ නමුත් පුරුෂයින් පූර්ණ වශයෙන් වස්ත්‍ර අඳිමින් දියුණු වෙති. අඩ නිරුවත් වස්ත්‍ර වලින් අනුන්ට බලපෑම් සිදු කරන අයුරින් සිරුරක් සහික කාන්තාවන් උඩු යටිකුරුව කටයුතු කිරීම විමතියට පත් විය යුතු කරුණක් බවට සැකයක් නැත.