වැසිකිළි යෑමේදී කිබ්ලාවට ඉදිරිපසින් හෝ පසුපසින් හෝ පිහිටන සේ නොසිටිය යුතුයයි පැවසීම නිවැරදි ද?

වැසිකිළි යෑමේදී කිබ්ලාවට ඉදිරිපසින් හෝ පසුපසින් හෝ පිහිටන සේ නොසිටිය යුතුයයි පැවසීම නිවැරදි ද?
මර්යම්, බේරුවෙල
වැසිකිළි යෑමේදී හැකි තාක් දුරට කිබ්ලා දෙසට මුහුණලෑමෙන් හෝ පසුපසින් හෝ පිහිටන සේ සිටීමෙන් වැළකී සිටිය යුතුය.
නුඹලාගෙන් කෙනෙක් වැසිකිළි ගියේ නම් කිබ්ලාවට මුහුණලා නොසිටින්න. පසුපසට පිහිටන සේ ද නොසිටින්න. නැගෙනහිරට හෝ බටහිරට පිහිටන සේ සිටින්න යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූහ.
දැනුම් දෙන්නා: අබූ අය්යූබ් (රලි) තුමා
මූලාශය: බුහාරි (144,394)
මෙසේ තහනමක් පැවතියත් එය එළිමහන් පෙදෙසකට ම අදාළ ය. ගොඩනැගිල්ලකට අදාළ නොවේ. මන්දයත් නබි නායක (සල්) තුමාණන් ගොඩනැගිල්ලක් තුළ කිබ්ලාවට මුහුණලා වැසිකිළි ගොස් ඇත.
වැසිකිළි යෑමේ දී කිබ්ලාවට හෝ බයිතුල් මුකද්දිසයට හෝ මුහුණලන සේ නොසිටිය යුතුයැයි සමහරු පවසති. දිනක් මාගේ නිවසේ වහල මත නැංගෙමි. නබි නායක (සල්) තුමාණන් ගඩොල් දෙකක් මත ඉඳිමින් බයිතුල් මුකද්දිස් වෙතට මුහුණලමින් සිටිනු දුටුවෙමි.
මූලාශය:බුහාරි (145,149)
මම (මාගේ සොහොයුරිය හා නබි නායක -සල්- තුමාණන්ගේ භාර්යාව වන) හෆ්සා (රලි) තුමියගේ නිවසේ වහල මත නැංගෙමි. නබි නායක (සල්) තුමාණන් කිබ්ලාව පිටුපසට පිහිටන සේ සිරියාව දෙසට මුහුණලමින් තම ස්වභාවික අවශ්‍යතාව ඉටු කරමින් සිටීම දුටුවෙමි යනුවෙන් ඉබිනු උමර් (රලි) තුමා දැනුම් දෙන්නේය.
මූලාශය: බුහාරි 148,3102
නබි නායක (සල්) තුමාණන් කිබ්ලාව දෙසට මුහුණලමින් වැසිකිළි යෑම තහනම් කළහ. එතුමාණන් අභාවප්‍රාප්ත වීමට වසරකට පෙර එදෙසට මුහුණලමින් සිටිනු මම දුටුවෙමි යනුවෙන් ජාබිර් බින් අබ්දුල්ලාහ් (රලි) තුමා පැවසීය.
මූලාශය: මුස්නද් අහ්මද්14343
එබැවින් කිබ්ලාවට මුහුණලමන් වැසිකිළි යෑම නබි නායක (සල්) තුමාණන් තහනම් කර තිබුණ ද එය විවෘත එළිමහන් පෙදෙසකට ම අදාළ තහනමක් බවත් ආවරණයක් සහිත ගොඩනැගිල්ලක් හෝ එවැනි යම් තැනක දී කිබ්ලාවට මුහුණලා වැසිකිළි යෑමට තහනමක් නොමැති බවත් සක් සුදක් සේ පැහැදිලිව ඉස්ලාම් මග පෙන්වා සිටී.
එලෙස ම පොදු තහනම අනුව හැකි තාක් දුරට ගොඩනැගිලි ඉඳි කිරීමේ දී කිබ්ලාවට මුහුණලන අයුරින් වැසිකිළි තැනීමෙන් වැළකී සිටීම වඩාත් යහපත් වේ.