බොදු බල සේනා සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

බොදු බල සේනා සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

බොදු බල සේනා සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

අප සංවිධානය විසින් ඊයේ (06-09-2015) දින හෙම්මාතගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයේ හෙම්මාතගම ශාඛාව විසින් ග්‍රීන් වීච් උත්සව ශාලාවේ ආගමික සහජීවනය වර්ධනය කිරීමේ උදාර අරමුණින් සංවිධානය කරන ලද ඉස්ලාම් හැඳින්වීමක් පැනයට පිළිතුරු වැඩසටහන - ඉස්ලාම් ධර්මය පිළිබඳව මුස්ලිම් නොවන ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසහනට කඩාවැදුණු බොදු බල සේනා සංවිධානයට අයත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ ආධාරකරුවන් පිරිසක් නිසා අදාළ වැඩසටහන අත් හිටුවන්නට සිදු විය.

ඉස්ලාම් ධර්මය හා මුස්ලිම් ජන සමාජය පිළිබඳ මුස්ලිම් නොවන අයට පවතින්නා වූ සැක සාංකාවන් හා ප්‍රශ්න වලට තව්හීද් ජමාඅත් සංවිධානයේ මහ ලේකම් සහෝදර ආර්. අබ්දුර් රාසික් විසින් පිළිතුරු සපයමින් සිටිය දී අදාළ සිද්ධිය සිදු විය.

මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට බලහත්කාරයෙන් පැමිණි බොදු බල සේනා සංවිධානයේ භික්ෂුවරු හා ආධාරකරුවන් වැඩසටහනට සහභාගී වූ අයට බැණ වදිමින් සහොදර අබ්දුර් රාසික්ට මරණිය තර්ජන එල්ල කරමින් පහර දෙන්නට උත්සහ කරන ලදී.

පිළිතුරු නොදෙන අය සංවාද වලට කැඳවමින් පිළිතුරු දෙන අය මැඩ පැවැත්වීමට උත්සහ දරන බොදු බල සේනා සංවිධානයේ මෙම මිලේච්ඡ ක්‍රියාවට එරෙහිව හෙම්මාතගම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට අප සංවිධානයේ සාමාජිකවරු ගිය අවස්ථාවේ දී පැමිණිල්ල හෙම්මාතගම පොලිස් ස්ථානය විසින් අදාළ පැමිණිල්ල භාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය. පැමිණිල්ල භාර ගතහොත් මුළු ගම්මානය ම ගිනි බත් කර කල කෝළාහල සිදු කරන බවට බොදු බල සේනා සංවිධානයේ භික්ෂුවරු පවසන නිසා බවත් දැන් ම මෙම ස්ථානයේ ම ප්‍රශ්නය විසඳ ගැනීම තුළින් සාමය සුරකින බවත් පවසමින් හෙම්මාතගම පොලිසිය පැමිණිල්ල භාර නොගැනීමට හේතු දැක්වීය.

පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකර අතලොස්සකගේ පෞද්ගලික උවමනාවට නීතිය උකස් කිරීම නිසාත් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ වරදක් සේ සලකන සාමකාමී රැස්වීමකට බාධා කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම නිසාත් අද දින 07-09-2015 අප සංවිධානය විසින් පොලිස් මූලස්ථානයේ හෙම්මාතගම පොලිස් ස්ථානයට එරෙහිව ද බොදු බල සේනා සංවිධානයේ සාමකාමී රැස්වීමට බාධා කිරීමට එරෙහිව ද නීතියේ සහන පතමින් පැමිණිලි කරන ලදී.

පැමිණිලි කිරීමෙන් පසුව සංවිධානයේ මහ ලේකම් සහෝදර අබ්දුර් රාසික් විසින් “ බොදු බල සේනා සංවිධානයේ ජනතා විරොධි, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් එහි පළමු පියවර වශයෙන් පොලිස් මූලස්ථානයේ පැමිණිලි කර තිබෙන බවටත් මාධ්‍යට‍ අදහස් දැක්වීය.

මෙම අවස්ථාවේදී උප ලේකම් වරුන් වන සහෝදර රීසා යූසූෆ්, සහෝදර රජාබ්දීන්, සහොදර මුයීනුදීන් සහ සහෝදර රස්මින් සහභාගි වී සිටිය හ.

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැත. බල්ලෝ බිරුව කියලා සිංහයෝ දන ගහන්නේ ද නැත. මේ පිළිබඳව බොදු බල සේනා සංවිධානය සිහියේ තබා ගැනීම වටිනා බව තව්හීද් ජමාඅත් සංවිධානය තරයේ පවසා සිටී. නීතිය අතට ගත් වැරදිකරුවන් සිරබත් කෑම අනිවාර්යය. ඒ පිළිබඳව බොදු බල සේනාව නුදුරු අනාගතයේ දී වටහා ගනු නොඅනුමාන ය.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත්