මුස්ලිම්වරු මුස්ලිම් නොවන අය විවාහ කර ගැනීම තහනම් වන්නේ ඇයි?

මුස්ලිම්වරු මුස්ලිම් නොවන අය විවාහ කර ගැනීම තහනම් වන්නේ ඇයි?

සමානයන් කල්පනය කරන ස්ත්‍රීන් විශ්වාස කරන තෙක් ඔවුන් විවාහ කර නොගන්න. සමානයන් කල්පනය කරන ස්ත්‍රීයක් නුඹලාගේ සිත් කෙතරම් වසඟ කළත් ඇයට වඩා විශ්වාස කරන වහල් ස්ත්‍රීයක් උතුම් ය. සමානයන් කල්පනය කරන පුරුෂයින් විශ්වාස කරන තෙක් ඔවුනට (නුඹලාගේ ස්ත්‍රීන්) විවාහ කර නොදෙන්න. සමානයන් කල්පනය කරන පුරුෂයින් නුඹලාගේ සිත් කෙතරම් වසඟ කළත් ඔහුට වඩා විශ්වාස කරන වහලෙක් උතුම් ය. ඔවුහු නුඹලා නිරා ගින්න වෙත කැඳවති. අල්ලාහ් තම කැමැත්ත පරිදි ස්වර්ගයට හා ක්ෂමාව වෙත නුඹලා කැඳවයි. ඉගැන්මක් ලබනු පිණිස (දෙවියන්) තම වැකි මිනිසුන්ට පැහැදිලි කරයි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:221

විශ්වාස කළ ස්ත්‍රීන් හිජ්රත් කර නුඹලා වෙත පැමිණියහොත් ඔවුන් පරීක්ෂා කර බලන්න. අල්ලාහ් ඔවුන්ගේ විශ්වාසය ගැන හොඳින් දනියි. ඔවුහු විශ්වාස කළ ස්ත්‍රීන් යැයි නුඹලා දැන ගත්තෙහු නම් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන අය වෙතට ඔවුන් ආපසු හරවා නොයවන්න. මොවුහු ඔවුනට අනුමත අය නොවෙති. ඔවුහු ද මොවුනට අනුමත අය නොවෙති. ඔවුන් (මේ ස්ත්‍රීන් වෙනුවෙන්) වියදම් කළ දැය ඔවුනට පිරිනමන්න. ඔවුනට හිමි (මංගල) දායාදය නුඹලා දුන්නෙහු නම් නුඹලා ඔවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නොවේ. (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ ස්ත්‍රීන් සමඟ (පෙර සිදු කළ) විවාහ   ගිවිසුම්   දිගට ම නොපවත්වන්න. නුඹලා වියදම් කළ දැය නුඹලා ඉල්ලා ගන්න. ඔවුන් වියදම් කළ දැය ඔවුහු ඉල්ලා ගනිත්වා! අල්ලාහ්ගේ අණ මෙයයි. ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. අල්ලාහ් සර්වඥයෙකි¦           ප්‍රඥාවන්තයෙකි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 60:10

සමානයන් කල්පනය කරන කාන්තාවන් විශ්වාස කරන තෙක් ඔවුන් විවාහ කර නොගන්නැයි අල් කුර්ආනයේ ඉහත වැකි වල සඳහන් වී ඇත.

මෙය ආගම්වාදයක්යැයි සමහරු සිතිය හැකිය. නමුත් මෙසේ නීති සම්පාදනය කර තිබීම මානව සංහතියේ යහපතට වන බව වඩා හොඳින් කල්පනා කිحමේ දී දැනගත හැකිය.

ඕනෑම ආගමක්, වෙනත් ආගමක් හා සසඳා බලන විට ඒවා අතර බොහෝ සමානකම් ද සුළු වෙනස්කම් ද තිඛෙන බව දැකගත හැකිය.

නමුත් ඉස්ලාම් ධර්මය වෙනත් ඕනෑම ආගමක් සමඟ සසඳා බලන විට වෙනස්කම් වැඩියෙන් ද සමානකම් ඉතාමත් අඩුවෙන් ද පවතී.

මෙසේ අති විශාල ප්‍රතිපත්ති ම ය වෙනස්කම් වලින් යුත් මුස්ලිම්වරු හා මුස්ලිම් නොවන අය විවාහ බන්ධනය තුළින් එකතු වේ නම් ඒ බන්ධනය චිත්තානුකූල විය නොහැකිය. එය දිගින් දිගට ම පැවතීම ද ප්‍රශ්නාර්ථයකි.

මේ හේතුවෙන් ම දේව විශ්වාසයක් නොමැති නාස්තිකවාදියෙක් තම පවුලේ කාන්තාවන් දේව විශ්වාසය ඇති කෙනෙකුට විවාහ කර දෙන්නේ නැත. මෙය ස්ථීරසාර ප්‍රතිපත්ති අනුගමනයක් යැයි බුද්ධිමතුන් සලකනවා මිස ද්වේෂයක් යැයි නොසලකති.

ලොවට සිටින්නේ එකම එක් දෙවි කෙනෙක් පමණක් වන බවත් ඔහුට භාර්යාවන්, දරුවන්, පවුලක් හා දුර්වලතා කිසිවක් නොමැති බවත් ඉස්ලාම් පවසයි. මෙම විශ්වාසයට එරෙහිව කටයුතු කරන අයට පරලොවේ දරුණු දඩුවම් ලැඛෙන බවත් ඉස්ලාම් පවසයි. මෙබඳු විශ්වාසයකින් යුත් කෙනෙකුට හාත්පසින් ම වෙනස්ව කටයුතු කරනඅය විවාහ කර ගන්නා විට ඔවුන’තර අන්‍යෝන්‍යාවබෝධයක් හෝ යහ සමඟියක් හෝ දිගු කල් පවතින්නේ නැත.

විවාහයක් යනු හැකි පමණින් සියලූ ආකාරයෙන් සතුටින් ගත කළ යුතු ජීවිකාවකි. අඹු සැමියන් අතර ප්‍රතිපත්ති ම ය වශයෙන් අති විශාල වෙනස්කම් පවතී නම් ඔවුන්ගේ ගිහි ජීවිතය නරකාදියක් වනු ඇත.

බහු දේව විශ්වාසිකයෙක් සමඟ ඒක දේව සංකල්පය අදහන කෙනෙකු විසින් අවසානය දක්වා ම එක් වී ජීවත් විය නොහැකිය.

එමෙන් ම ඒක දේව සංකල්පය අදහන මුස්ලිම්වරයෙක් දෙවි කෙනෙක් නැතැයි පවසන නාස්තිකවාදී පවුලක් සමඟ විවාහ සම්බන්ධයක් පවත්වාගත නොහැකිය. එසේ පවත්වා ගනු ලැබුවත් එය දිගු පැවැත්මක් ඇති සාර්ථක දිවියක් නොවනු ඇත.

ස්වයං පාලනයක් සහිතව කටයුතු කිحමට පි්‍රය කරන කෙනෙක් හා පාලනයක් අවශ්‍ය නැතැයි පවසන කෙනෙක් අතර පවතින සියුම් වෙනස ද අපි වටහා ගත යුතුය.

ස්වයං පාලනයක් අවශ්‍ය නැතැයි සිතන අය කවුරුන් සමඟ වූවත් එක්ව කටයුතු කළ හැකිය. පාලනයකින් යුතුව කටයුතු කරන අයට එසේ එක්ව කටයුතු කළ නොහැකිය.

උදාහරණයක් වශයෙන් කෙනෙක් ඕනෑම ආහාරයක් අනුභව කරයි. ඔහුට මෙහි කිසිඳු පාලනයක් නැතැයි සිතමු. මොහු නිර්මාංශ ආහාර තිඛෙන හෝටලයක ද අනුභව කළ හැකිය. මාංශ ආහාර තිඛෙන හෝටලයක ද අනුභව කළ හැකිය.

නමුත් මාංශ ආහාර අනුභව නොකරන කෙනෙක්, එනම් ආහාර වල දී පාලනයකින් යුතුව කටයුතු කරන කෙනෙක් අනුභව කළ හැක්කේ නිර්මාංශ ආහාර තිඛෙන හෝටල් වල පමණි.

එමෙන් ම බහු දේව විශ්වාසිකයෙක් මුස්ලිම්වරු අදහන දෙවියන් පිළිගැනීමට පසුබට නොවෙයි.       නමුත් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් සිටිය නොහැකිය යන්න ප්‍රතිපත්තියක් වශයෙන් අදහන         මුස්ලිම්වරයෙකුට වෙනත් දෙවි කෙනෙක් පිළිගත නොහැකිය.

ඒ අඹු සැමි යුවල දරුවන් හදා වඩා ගන්නේ කෙසේ ද? ධන දේපළ ඛෙදා ගන්නේ කෙසේ ද? යනාදී නොයෙකුත් කරුණු වල දී ප්‍රතිවිරුද්ධ වීමට සිදු වේ.

නමුත් බහු දේව විශ්වාසිකයෙක් එකී ඇදහිල්ල වැරදි යයි අවබෝධ කරගෙන මුළු විශ්ව තලයට ම සිටිය හැක්කේ එක ම එක් දෙවි කෙනෙක් පමණක් යැයි පවසා ඉස්ලාමය පිළිගත්තේ නම් ඔහු කවර කුලයකින් උපත ලබා සිටියත්, කවර ගෝත්‍රයකට අයත් වූවත්, මුස්ලිම්වරු සමඟ විවාහ සම්බන්ධතා පවත්වාගත හැකිය.

ජාති, කුල වර්ණ, භාෂා යනාදී ද්වේෂයක් ඉස්ලාම් හි නොමැති බව මෙයින් දැනගත හැකිය.

මුස්ලිම්වරු මුස්ලිම් නොවන අය විවාහ කර නොගත යුතුය යන්න ප්‍රතිපත්තිමය තීන්දුවකි. උපත අනුව පවතින උසස් පහත්කම මෙයට හේතුවක් නොවේ.

ඉස්ලාමය ප්‍රතිපත්තියක් මත ගොඩනැගී ඇත. ඒ ප්‍රතිපත්තිය පිළි ගන්නා අය විවාහ කරගත හැකිය. පිළි නොගන්නා අය විවාහ කරගත නොහැකියයි පැවසීම කාටත් දොස් කිව නොහැකිය.