තාක්ෂණික විප්ලවයේ තාරුණ්‍යයයේ විනාශය

තාක්ෂණික විප්ලවයේ තාරුණ්‍යයයේ විනාශය

මානව වර්ගයා තම අදහස් හුවමාරු කරගැනීමට විවිධ වෑයම් දැරූ බව අපට ඉතිහාසයෙන් දැනගත හැක. තොරතුරු සන්නිවේදනය දියුණු වීමත් සමඟ මානවයා දැනුමෙන් ස්වයං පෝෂිත වීමට පටන් ගෙන ඇත. තාක්ෂණික විප්ලවය මානවයාගේ දියණුවට හේතු කාරක වූ දේවල් අතරින් මුද්‍රිත මාධ්‍යය, දුරකථන, පරිඝණක, අන්තර්ජාලය සහ එය අභිභවා කෘතීම බුද්ධිය (Artificial Intelligence) යනාදි දේවල් ඉමහත් සේවයක් ඉටුකර ඇත.

තාක්ෂණික විප්ලවයත් සමඟ මානව සංහතිය අත්තනෝමතික දියුණුවක පියගැට පෙළ මුදුණේ සිටියත් ඒ හා සමානව මානව චර්යාවෙන් පහළට ඇද වැටී ඇත.

සෞන්දර්යමත් ලංකාදීපයේ ජීවත් වන අප ජීවිතයේ ඉතා අලංකාර සිතුවිලි රාශියක් පිරිවරා ගෙන ජීවත් වූ අවදියක් තිබුණිග සොඳුරු ළමා විය කියත් ම අපට මතක් වන්නේ වැල්යාය දිගේ දුවමින් පනිමින් කළ හුරුබුහුටි සෙල්ලම් කාලයයිග සුන්දර යෞවනය කියත් ම අපට මතක් වන්නේ ලිඳ අද්දර කථා පොඩ්ඩර්‍ණ කැට සෙල්ලම් වැනි සුන්දර මතකයන් යග මහල් වියට පත් ආච්චිර්‍ණ සීයා පුවක් කොටන හඬ මතක් වෙන කොට ම සුන්දර ය.

එම සෞන්දර්යමත් අවදිය තාක්ෂණික විප්ලවය නම් වසංගතය විසින් අපෙන් ටිකෙන් ටික උදුරාගෙන ඇත.

මං පෙත අතුරුදහන් කළ මුහුණු පොත

2004 පැබරවාරි 4 දින හවාර්ඩ් විශ්ව විද්‍යාලයේ මාර්ක් සුකර්බර්ග් සහ ශිෂ්‍යයන් පිරිසක් විසින් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැරුණු ලැබ වසර 11 ගතවන කාලය තුළ බිලියන 1.18 ක සක්‍රිය පිරිසකින් යුත් අති විශාල සමාජ ජාලයකි, මෙම මුහුණු පොත හෙවත් ෆෙස් බුකිය.

වසය අවුරුදු 13 ඉක්ම වූ දරුවා පටන් මහල්ලන් දක්වා පරතරය මෙම මුහුණු පොත සම්පූර්ණයෙන් ආක්‍රමණය කරගෙන ඇත.

‍කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් තමා කැමති අදහසක් හෝ මතයක් සමාජයට උචිත හෝ

නොගැළපෙන ඕනෑම දෙයක් සීඝ්‍රයෙන් සමාජ ගත කිරීමට තිඛෙන පහසු ම මාර්ගයක් ලෙස මෙම මුහුණු පොත හැඳින්විය හැකිය.

මානව වර්ගයාගේ හැසිරීම් චර්යාව කෙතරම් දුරට මෙම ෆේස්බුක් වෙනස් කර තිඛෙන්නේ ද යත් පාන්දර අවදි වීමේ පටන් සයනට යන තෙක් බාහිර කටයුතු අභිබවා තම උපරිම අවධානය යොමු කරන්නේ මෙම ෆෙස්බුකියටයි. බහුතරයක් මෙම ෆෙස්බුකියේ සිටින අය තමා කරන කියන සෑම දෙයක් ම තම ෆෙස්බුක් මිතුරන් සමඟ ඛෙදා ගැනීමට පුරුදුව සිටිති. සමහර අවස්ථා වල දී ඒවා‍ට ලැඛෙන ප්‍රතිචාර හේතුවෙන් මානසික ආතතියට ලක් වන අය ද බොහෝ සිටිති.

අවාසනාවන්ත සිදුවීම්!

තාක්ෂණික මේවලම් මිනිසාට ප්‍රයෝජනවත් වනවා සේ ම ඇතැම් අවස්ථා වල දී මිනිසාගේ වටිනා ජීවිතය තමා විසින් ම නසා ගැනීමට ඉඩ කඩ සලසා දෙන අවස්ථා ද තිඛෙන බව මෙම ෆෙස්බුක් තහවුරු කර ඇත.

මෑතක දී කොළඹට ආසන්න ප්‍රදේශයක සිදු වූ මෙම අවසනාවන්ත සිදුවීම පිළිබඳ පුවත ‍බොහෝ පුවත්පත් වල දක්නට ලැබිණ.

එක්තරා කාන්තාවක් තම සැමියා පිළිබඳව කනස්සල්ලට පත්වුණු අවස්ථාවක තම ෆෙස්බුක් මිතුරෙක් සමඟ තම දුක් ගැහැට ඛෙදාගන්නට පුරුදු වී සිටියා ය. එම ඇසුර අනියම් පෙමක් බවට වර්ධනය වීමෙන් පසුව කුලී වැඩ කරන සැමියා මෙය හඳුනා ගෙන ඇත. සැමියා විසින් දිගින් දිගට ම සැකයට පාත්‍ර වූ ඇය අනියම් පෙම්වතා සමඟ රහස් සංවාදයේ (චැටි) යෙදී ඇත. එක් දරුවෙකුගේ මවක් වන ඇය තම අනියම් පෙම්වතා සමඟ ද ආරවුලක් ඇති වූ අවස්ථාවක අධි මානසික පීඩනයක් පෙළුණු ඇය තම දරුවා ඉදිරියේ ගෙළ වැළඳාගෙන සිය දිවි නසාගෙන ඇත. එය දුටු දරුවා පොලීසියට පවසා සිටියේ අමමණ්ඩි යකෙක් වගේ එල්ලිලා ඉන්නවා කියා ය.

අවසානාවට මෙම දුක් මුසු සිදුවීමට හේතුව වූයේ හොර රහසේ අනියම් සබඳකම් පවත්වා ගැනීමට පහසු මගක් සලසා ඇති මෙම ෆෙස්බුකියෙන් ය.

ඉස්ලාම් දහම වනාහි අනියම් කාන්තාවන් සමඟ තනිව ඇසුරු කිරීම තහනම් කරයි.

එමෙන් ම දුරාචාරයේ අසලටවත් යා නොයුතු බව ඉස්ලාම් තරයේ ප්‍රකාශ කර සිටී.

දුරාචාරයට ළං නොවන්නග එය අශිෂ්ටසම්පන්න ක්‍රියාවක් ද අයහපත් මාර්ගයක් ද වේග පරිශුද්ධ වු අල් කුර්ආන් - 17:32

මුහුණු පොත ජාලය මගින් ප්‍රයෝජන රාශියක් ගත හැකි නමුත් දුරාචාරයේ මාර්ගයට ළං නොවිය යුතුයි. සෑම අවස්ථාවක ම අල්ලාහ් අපව නිරීක්ෂණය කරන බව මතකයේ තබා ගත යුතුයි.

ඔහු සවන් දෙන්නෙකිත සමීපව සිටින්නෙකිග පරිශුද්ධ වූ අල් කුර්ආන් - 34:50

සිනහව නැති කළ සිරි තාක්ෂණය

තාක්ෂණික විප්ල‍වයෙන් මෑත කාලය ඇපල් සමගම මගින් නිර්මාණය කර සමාජගත කර සිරි හෙවත් හට සවන් දී ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ඉතා අනර්ඝ නිෂ්පාදනයකිග ඒ හා සමානව ගූගල් සමාගමෙන් ගූගල් නව් ද මයික්රෝසොෆ්ට් සමා‍ගමේ කෝර්ටානා වැනි වැඩසටහන් ද අද සමාජය තුළ බහුලව භාවිත වන වැඩසටහන් ය.

මෙම මාතෘකාවට හේතුපාදක වූයේ මෑතකදී මානෝ විද්‍යාත්මක සඟරාවක පළවුණු තවත් අමිහිරි සිදුවීමකි.

මව් සෙනෙහස පිය සෙනෙහස නම් වචන අසන විට ම සුන්දර ළමා වියේ වටිනාකම මිල කළ නොහැකි බව අපට මතක් වනු ඇත. අප අසනීප වුණු අවස්ථාක අපේ මව් පියන් විසින් අපට ලැඛෙන එම සෙනෙහස අපට ඉක්මන් සුවය ලබා දෙන අත්දැකීම් නිසැකව ම අපේ ජීවිත වල තිඛෙන්නට විය. එහෙත් අද එම මව්පිය සෙනෙහස පවා තාක්ෂණයෙන් අපෙන් උදුරාගෙන ඇත.

එක් මනෝ චිකිත්සක වෛද්‍යවරයෙක් වෙත තමා පියා සමඟ පැමිණි දරුවෙක් එම වෛද්‍යවරයාගේ දැඩි අවධානය‍ට යොමු වී ඇත. එම පියා සහ දරුවා වෛද්‍යවරයා හමුවීමට පැමිණි අවස්ථවේ පටන් ම ඔවුන් දෙදෙනා අතේ තිබු ස්මාර්ට් ෆෝන් දෙකක දෙදෙනා ම කාර්ය බහුලව සිටි බව දුටු වෛද්‍යවරයාට වැටහුණේ අසාමාන්‍ය ලක්ෂණයකි. එනම් එම පියා තම දරුවා පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව ද එම දරුවා පියාගේ සෙනෙහස බලාපොරොත්තු ‍නොවී දෙදෙනා ම තම තමන්ගේ වැඩ කටයුතු වල නිරත වන බව ය. පසුව වෛද්‍යවරයා අසලට පැමිණි දරුවාගෙන් ප්‍රශ්න ඇසූ වෛද්‍යවරයා මවිතයට පත් විය. මන්දයත් එම දරුවා එය සඳහා උදව් පැතුවේ පියාගෙන් නොව තම ජංගම දුරකථනයේ සිටින සිරී ගෙන්ය. මෙමගින් අපට වැටහෙන්නේ තවත් තාක්ෂණික විප්ලවයක් පවුල් සංස්ථාව කඩා කප්පල් කර තිබීමයි.

ධාර්මික විප්ලවයක අවශ්‍යතාව

මානව සංහතියේ යහ පැවැත්ම වෙනුවෙන් මෙලොවට අල්ලාහ් විසින් පහළ කරන ලද ඉස්ලාම් දහම වනාහී මානසික ආතතියකින් තොර සාමකාමී ජීවිතයක් ගත කිරීමට බොහෝ ක්‍රම අඩංගු විෂිශ්ට ධර්මයකි.

අන්තර්ජාලයෙන් අනියම් පෙමක් සෙවීමට හේතු වු තාක්ෂණික විප්ලවයට වඩා තම භාර්යාවට ආහාර මිටක් කැවීමෙන් අල්ලාහ්ගේ කරුණාව දිනාගත හැකියැයි පවසන ධාර්මික විප්ලවය තුන් කලට ම ගැළපෙන බව මධ්‍යස්ථ මතධාරියා නිසැකව ම වටහා ගනී.

'ඔබ බිරිඳගේ මුවට කවන ලද ආහාර මිටක් ඇතුළුව අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඔබ කරන වියදමට ද (අල්ලාහ්) කුලී නොදී නොසිටින්නේ ය'යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පැවසූහ.

මූලාශ්‍ර : බුහාරි :1296-, මුස්ලිම්:3076-

විප්ලවයෙන් වියවුල් වූ තරුණ සමාජය මානව ගති ලක්ෂණයන් වලින් පිරිපුන් කිරීමට නම් ධර්මයට ලැදි ජීවන ක්‍රමයක් ඔවුන්ට සාදා දිය යුතුය.

තාක්ෂණය නම් පිහිය යහපතට මෙන් ම අයහපත දිශාවට ද හසුරවිය හැකි බව අප පැහැදිලිව වටහාගත යුතුය. තාක්ෂණයෙන් පිරිපුන් එමෙන් ම ධාර්මික මග පැවැත්මක් ඇති සමාජයක් බිහි කිරීමෙන් මානව සංහතියට ඉතා වටිනා දායාද රාශියක් හිමිවනු නිසැක ය.

එම්. ඒ. තව්සීෆ් අහමඩ්