ඉස්ලාමයේ දැක්මෙන් සිහිනය

ඉස්ලාමයේ දැක්මෙන් සිහිනය

ඉස්ලාමයේ දැක්මෙන් සිහිනය

පරිවර්තනය - ආර් අබ්දුර් රාසික් B.Com

ඉස්ලාමයට විරුද්ධ බොහෝ ප්‍රතිපත්තීන් ඉස්ලාම් යැයි මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අදහස් කරති. මෙසේ ඔවුන් සිතීමට ප්‍රධාන හේතුව වන්නේ සිහිනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන් තුළ නොවීම යි.

සිzයාරම් (සොහොන් කොත්) වෙත ගොස් වතාවත් කිරීමටත් එහි පඬුරු දැමීමටත් බොහෝ දුරට හේතුවී ඇත්තේ සිහිනයන් ය. අහවල් ශාන්තුවරයා සිහිනයෙන් පෙනී සිට මෙම සිzයාරමයට යන ලෙස මට අණ කළේය යන්න මෙම අය ඉදිරිපත් කරන එක ම සාධකය යි.

කිසිඳු ඓතිහාසික සාධක (සාක්ෂි) වලින් තොරව හිටි හිටි ගමන් සිzයාරම් නිර්මාණය වීමට ද හේතුව වී ඇත්තේ සිහිනය යි.

ආගමික වියතුන් ලෙස වෙස් වලාගෙන සැරිසරන බොරු කාරයින් සිහිනවලට පලාඵල කියන්නෙමු යි වාචාල දොඩමින් ජීවිකාව ගෙන යන සැටිත් ඔවුන්ගේ මායාවන් සත්‍ය යැයි විශ්වාස කරන ජනතාව සැනසිල්ලකින් තොරව ලතැවෙන සැටිත් අපි දකින්නෙමු.

සිහින පිළිබඳවත් ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳවත් නිසියාකාර අවබෝධයක් නොමැති නිසා තවත් අයහපත් සිදුවීම් බොහොමයක් ද සිදුවන්නේය.

අප සිහිනෙන් දකින දසුන් සියල්ල සත්‍ය ඒවාද?

සිහිනෙන් දකින සියල්ල ක්‍රියාත්මක කළ යුතු ද?

අපි දකින සිහන අපව සතුටට පත් කරවන සුළු ඒවා නම් කුමක් කළ යුතු ද? කණගාටුවට පත් කරවන සුළු ඒවා නම් කුමක් කළ යුතු ද?

යහපත් සිහින හා අයහපත් සිහින වෙන් වෙන්ව හඳුනා ගන්නේ කෙසේද?

සිහිනවල පලාඵල දැන ගන්නේ කෙසේද?

යනාදි ප්‍රශ්නවලට පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබි මග සාධක වශයෙන් ගෙන විස්තර දැන ගන්නේ නම් සිහින සම්බන්ධයෙන් අපට මුහුණ පාන්න සිදුවන ආපදාවලින් මිදිය හැකිය.

කිසිම සිහිනයක් අපි ගණන් ගත යුතු නැත. ඒවාට කිසිත් වැදගත්කමක් නැතැයි සමහරෙක් කියතිග මෙම අදහස ඉස්ලාම් පිළිගන්නේ නැත.

දකින සෑම සිහිනයක ම අර්ථයක් ඇත. සිහිනයෙන් දකින සෑම දෙයක් ම අනිවාර්යයෙන් ම සිදු වෙයි. සිහිනයෙන් අපට යම් නියෝගයන් පනවනු ලැබුවොත් එය ඒ අයුරින් ම අපි ඉටු කළ යුතුයැයි තවත් සමහරෙක් කියති. මේ අදහසද ඉස්ලාම් පිළිගන්නේ නැත.

සිහිනවල අර්ථයක් ඇති ඒවා වාගේම අර්ථයක් නොමැති ඒවාත් ඇති බව ඉස්ලාමයේ අදහසයි.

සිහින වර්ග තුනකි

සිහින වර්ග තුනකට ඛෙදිය හැකිය. යහපත් සිහින අල්ලාහ් විසින් පහල කරන සුභාරංචි වෙයි. අනෙක ෂෛතාන් විසින් ශෝකය ඇතිකරනු ලබන ඒවා ය. තෙවැන්න, තම සිත මුල් කරගෙන මිනිසා දකින සිහිනයන් යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූහුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : මුස්ලිම් 4555

අපට ඉදිරි අනාගතයේ දී ලැබීමට නියමිත ධන සම්පත්, දරු සම්පත් හා නිලතල ආදිය ගැන සිහින මාර්ගයෙන් අල්ලාහ් කලින් ම දන්වා සිටියි. මෙය පළමු වර්ගයේ සිහිනය යි. අල්ලාහ් වෙතින් ලැඛෙන සුබාරංචිය යනු එයයි.

ශෝකය ඇති කර නැමදුම් හා වතාවන් හි යෙදීම අවම කිරීමටත් අසත්‍ය පවසන්නන් වෙත ගොස් පලාඵල විමසා දේව විශ්වාසයට කැළලක් ඇති කරවීමටත් ෂෛතාන් (සාතාන්) විසින් දියත් කරන නාඩගම තවත් වර්ගයකි.

අපගේ යටි සිතේ තැන්පත් ව ඇති සිතුවිලි ද සිහින මගින් හෙළි දරව් වනු ඇත. මේ පිළිබඳව ශෝක වීමට හෝ සතුටු වීමට හෝ අවශ්‍ය නැත. තුන්වන වර්ගයට අයත් මෙම සිහිනවලට කිසිඳු අර්ථයක් නැත.

පළමුවන වර්ගයේ යහපත් සිහින පිළිබඳ ව අල් කුර්ආන් වැකි හා නබි වදන් තුළින් විමසා බලමු.

යහපත් සිහින

යහපත් සිහින නබිත්වයේ (දෙවියන් වෙතින් තම දූතයින්ට දෙනු ලබන දූතපුවත්වලින්) හතලිස් හය පංගුවෙන් එකකි. යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : උබාදා බින් සාමිද් (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි : (6987, 6988, 6989, 6983, 6994)

සමහර දැනුම් දීම්වල 1/45ක් යනුවෙන්ද සඳහන් වී ඇත. (මුස්ලිම් 4555)

තවත් සමහර දැනුම් දීම්වල 1/70ක් යනුවෙන් ද සඳහන් වී ඇත. (මුස්ලිම් 4558)

යහපත් සිහින නබිත්වයේ 45න්, 46න් හා 70න් යැයි නබි නායක (සල්) තුමාණන් කළ ප්‍රකාශය අපි හරියාකාරව අවබෝධ කර ගත යුතුයි.

අල්ලාහ්ගේ ධර්ම දූතයින් වන නබිවරුන්ට මාර්ග හතරකින් දේව පණිවුඩ ලැබිණ.

  1. 1. සෘජුව ම තම දූතයින් සමඟ අල්ලාහ් කථා කිරීම
  2. 2. සුර දූතයන් (මලායිකාවරුන්) මගින් තම පණිවිඩය කියා එවීම
  3. 3. පැවසිය යුතු තම පුවත දූතයාගේ සිතේ පහල කරවීම
  4. 4. පැවසිය යුතු පුවත් සිහින මාර්ගයෙන් පෙන්වීම.

පළමු මාර්ග තුනෙන් දේව පණිවුඩ ලැඛෙන බව 42:51 වැකියෙන් දැන ගත හැකිය.

වහී මාර්ගයෙන් හෝ තිරයට පිටුපසින් හෝ දූතයෙක් ඒවා හෝ තමාගේ කැමැත්ත පරිදි තමා සිතන දෙය දැන්වීම මගින් හෝ හැර (වෙනත් ක්‍රමවලින්) කිසිඳු මිනිසෙකු සමඟ අල්ලාහ් කථා නොකරයි. ඔහු උත්තරීතරය. ප්‍රඥානවන්තය.

අල් කුර්ආන් 42:51

මෙම මාර්ග හතරෙන් පළමු මාර්ග දෙක ධර්ම දූතයින්ට පමණක් අයිති ඒවාය. නබි නායක (සල්) තුමාණන් අවසන් ධර්ම දූතයාණන් වූ බැවින් එතුමාණන්ගෙන් පසු පළමු මාර්ග දෙකින් කිසිවෙකුට පණිවුඩ නොලැඛෙයි.

4:79, 4:170, 7:158, 9:33, 10:57, 10:108, 14:52, 21:107, 22:49, 25:1, 33:40, 34:28, 62:3 යන වැකි නබි (සල්) තුමාණන් අවසන් දූතයාණන් බවට සාධක වේ.

නබි නායක (සල්) තුමාණන්ට පසුව කිසිඳු නබිවරයෙකු හෝ රසූල් වරයෙකු හෝ නොපැමිණෙන බව නබි වදන් මගින් ද සනාථ වන්නේය.

ඉස්රවේල් ජන සමූහයාට ඔවුන්ගේ නබිවරු මග පෙන්වූහ. නබිවරයෙකු මියගිය පසු ඔහු වෙනුවට තවත් නබිවරයෙකු පහළ වෙයි, නියත වශයෙන්ම මගෙන් පසුව කිසිඳු නබිවරයෙකු නොපැමිණෙයි. කලිෆාවරු (ජන නායකයෝ) බිහිවෙති. ඔවුහු බහුලව සිටින්නෝයැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (3455)

දූතත්වය හා නබිත්වය අවසාන වී ඇත. එබැවින් මට පසු කිසිඳු නබිවරයෙක් ද නැත. කිසිඳු රසූල්වරයෙක් ද නැතැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. මෙය ජනතාවට ශෝකය ගෙන දෙන්නක් ව තිබුණි. එවිට නබි නායක (සල්) තුමාණෝ එනමුත් සුබාරංචි කියන දෑ ඇතැයි කීහ. සුබාරංචි කියන දෑ යනු කුමක්දැයි නබි මිත්‍රයින් ඇසූ විට මුස්ලිම්වරයෙක් දකින සිහින යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අනස් බින් මාලික් (රලි) තුමා

මූලාශ්‍ර : අහ්මද් (13322)

තෙවන මාර්ගය වන සිතුවිලි පහල වීම ඒ ඒ අවස්ථාවල දේව දූතයින් නොවන අයට ඇති විය හැක.

නබි ඊසා (අලෛ) තුමාණන්ගේ අනුගාමිකයින්ට මෙවැනි වහී පහළ වූ බව 5:111 වැකිය ප්‍රකාශ කරයි.

මා ද මගේ දූතයා ද විශ්වාස කරන්නැයි (ඊසාගේ) ප්‍රේරිතවරුන්ට මා දැන්වූ විට අපි විශ්වාස කළෙමු. අපි මුස්ලිම්වරුන් බවට ඔබ ම සාක්ෂි දරන්නැ යි ඔවුහු පැවසූහ.

අල් කුර්ආනය : 5:111

මී මැස්සන් වෙත මෙවැනි වහී පහළ කළ බව 16:68 වැකිය මගින් අල්ලාහ් ප්‍රකාශ කරයි.

කඳුවල ද ගස්වල ද මිනිසුන් තනන දෑහි ද නුඹ මී වද තනා ගනු. පසුව සෑම පලතුරකින් ම අනුභව කරනු. නුඹේ දෙවියන්ගේ මංහි පහසුවෙන් ගමන් කරනු. යැයි ඔබේ දෙවියන් මී මැස්සන්ට දැනුම් දුන්නේය. උන්ගේ උදරයන්ගෙන් එකිනෙකට වෙනස් විවිධ වර්ණවලින් යුත් පානයක් හෙළි වෙයි. එහි මිනිසුනට රෝග නිවාරණයක් ඇත යැයි සිතන ජනතාවට මෙහි සාක්ෂියක් ඇත.

අල් කුර්ආනය : 16:68, 69

නබි මූසා (අලෛ) තුමාගේ මව් තුමියට මෙවන් වහී එවූ බව 20:38 වැකිය මගින් අල්ලාහ් ප්‍රකාශ කරයි.

දැනුම් දෙනු ලැබිය යුතු දේ ඔබේ මවට අපි දැනුම් දුන් සැටි සිහි කරන්න.

අල් කුර්ආනය : 20:38

තමා විසින් දැන්වූ පණිවිඩය ගැන සඳහන් කිරීමේදී මේ වැකිවල වහී යන පදය ම අල්ලාහ් භාවිතා කර ඇත.

ධර්මයට සම්බන්ධයක් නොමැති පුවත් හැඟීම් තුළින් දෙවියන් විසින් සමහරෙකුට සමහර විටක දැනුම් දෙන බව මෙම වැකි මගින් දැන ගත හැකිය. මෙලෙස ම සිහින මාර්ගයෙන් දේව පණිවිඩ මිනිසුන් හට ලැඛෙන දොරටුව ද මුළුමනින් ම වැසුනේ නැත.

ඉහත අපි ගෙන හැර දැක්වූ නබි වදන මෙයට සාධකයක් වන්නේය. හැඟීම් තුළින් දේව පණිවුඩ ලැබීම හා සිහින මාර්ගයෙන් දේව පණිවුඩ ලැබීම යන මාර්ග දෙකෙන් ම මිනිසුන් හට දේව පණිවුඩ ලැඛෙයි. එනමුත් දේව දූතයන්ට මෙන් සෙසු අයටත් ලැබේවි යැයි අපි අදහස් නොකළ යුතුයි.

මන්ද යත් දේව දූතයින් හට සිහින මාර්ගයෙන් ප්‍රතිපත්ති විග්‍රහයන් මෙන්ම නීති රීති පවා පහළ විය හැක. තවද හැඟීම් තුළින් ද නීති රීති හා ඒ පිළිබඳ විග්‍රහයන් ද දේව දූතයින්ට පහළ විය හැක. එසේ ලැබී ඇත.

මෙවැනි දෙවියන්ගේ පණිවුඩ දේව දූතයින් හැර අනෙක් අයට කිසිඳු හේතුවක් මත නොලැඛෙන්නේය. මන්ද යත් නීති රීති හා ප්‍රතිපත්ති විග්‍රහයන් සියල්ල නබි නායක (සල්) තුමාණන් ජීවමානව සිටියදී ම දෙවියන් විසින් පූර්ණත්වයට පත් කරන ලදී.

අද දින නුඹලා වෙනුවෙන් නුඹලාගේ ධර්මය සම්පූර්ණ කළෙමි. මාගේ දිශාව ද නුඹලා කෙරෙහි පරිපූර්ණ කළෙමි. නුඹලා වෙනුවෙන් වූ ජීවන රටාවක් වශයෙන් ඉස්ලාමය සතුටින් පිළිගතිමි.

(අල් කුර්ආනය 5:3)

ඉස්ලාම් දහම සම්පූර්ණ කරන ලදී යනුවෙන් දෙවියන් ප්‍රකාශ කිරීමෙහි අර්ථය මින් මතු කිසිඳු ප්‍රතිපත්ති විග්‍රහයක් හෝ නීති රීති හෝ වතාවත් ක්‍රම හෝ දෙවියන්ගෙන් පහළ නොවන බවත් ධර්මය යන නමින් කිව යුතු සෑම දෙයක් ම එකක් නොහැර දෙවියන් ප්‍රකාශ කළ බවත් ය.

සිහිනයක් මගින් හෝ හැඟීමක් තුළින් හෝ ලැඛෙන පණිවුඩ රකාත් මෙතරම් ප්‍රමාණයක් සලාතයේ යෙදෙන්න. මේ දිනවල උපවාසය රකින්න. මේ කැටයට පඩුරු දමන්න ආදි පණිවුඩ කිසිසේත් පහළ නොවේ. මේවා පිළිබඳ ව නබි නායක (සල්) තුමාණන් මාර්ගයෙන් අල්ලාහ් කලින් ම ප්‍රකාශ කර ඇත. ඒවා විග්‍රහ කළ යුතු අයුරින් නබි නායක (සල්) තුමාණෝ ද විග්‍රහ කළහග ඒවා දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබ අපට ද ලැබී ඇත.

මෙය කරන මෙන් තමාට සිහිනෙන් පණිවිඩ ලැබී ඇතැයි යමෙක් විශ්වස කරන්නේ නම් ඔහු නබි (සල්) තුමාණන් මාර්ගයෙන් ඉස්ලාම් සම්පූර්ණ නොවූ බවට අදහස් කරන්නෙක් වේ.

ඔහු සිහිනෙන් මෙවැනි යම් දසුනක් දුටුවත් එය ෂෛතාන්ගේ ක්‍රියාවක් බව සිතිය යුතු අතර දෙවියන් සිහිනය මගින් තමාට අණ කළේ යැයි විශ්වාස නොකළ යුතුයි.

සිහිනය මාර්ගයෙන් ප්‍රතිපත්ති පිළිබඳ මග පෙන්වීමක් හෝ නීති රීති විග්‍රහයක් හෝ පහළ නොවේ නම් යහපත් සිහින නුබුව්වතයෙන් (නබිත්වයෙන්) හතලිස් හයෙන් එක් කොටසක් (1/46) යැයි නබි නායක (සල්) තුමාණන් කළ ප්‍රකාශයෙහි අර්ථය කුමක්ද?

මේ ගැන ද අපි පැහැදිලිව දැන ගත යුතුයි.

දෙවියන්ගෙන් දේව දූතයින්ට පහල වූ පණිවිඩ ප්‍රධාන කොටස් දෙකක් විය.

ඉස්ලාමයේ ප්‍රතිපත්ති සිද්ධාන්ත හා නීති රීති පිළිබඳ පණිවිඩ පළමු කොටසයි.

අනාගතයේ සිදුවිය හැකි සිදුවීම් කලින් ම දැන්වීම දෙවන කොටසයි.

නබි නායක (සල්) තුමාණන් ජීවතුන් අතර සිටියදී ම දහම සම්පූර්ණ කිරීම තුළින් පළමු කොටසට අයත් පණිවිඩ පහළ වීම නතර වියග ලෝකය පවතින තාක් නීතිරිති පිළිබඳ පණිවිඩයක් කිසිවෙකුට පහල නොවන්නේය.

එහෙත් දෙවන කොටසට අයත් දේව පණිවිඩයේ ධර්මයට සම්බන්ධ පෙරනිමිති (පූර්ව දැනුම් දීම්) හා ධර්මය හා සම්බන්ධ නොවූ පෞද්ගලිකව මිනිසාට සිදුවන දේ පිළිබඳ පූර්ව දැනුම් දීම යනුවෙන් අනු කොටස් දෙකක් ඇත.

මෙම දෙවැදෑරුම් පෙර නිමිතිවලින් ධර්මය පිළිබඳ පෙරනිමිති පහළ වීම ද නතරවිය. ධර්මය සම්පූර්ණ කරන ලදි යන වැකිය ම මෙයටත් ප්‍රමාණවත් සාධකයකි.

ලෝක විනාශයට පෙර සිදුවිය හැකි වෙනස්කම් යුගාන්ත දිනයේ පෙර නිමිති, වැනි තොරතුරු සියල්ල නබි නායක (සල්) තුමාණන් මෙලොව ජීවත්ව සිටියදී ම දැනුවත් කර අපට ද ඒවා ලැබී ඇත.

දිළින්දෙකු හෙට ධනපතියෙකු විය හැකිය. වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි අයෙකුට ඉක්මණින් දරුවෙක් ලැබිය හැකිය. මෙවැනි තොරතුරු ධර්මය හා සම්බන්ධ නොවන ඒවාය. තනි පුද්ගලයෙකු හා සම්බන්ධ ඒවාය. මෙවැනි අනාගත සිදුවීම්වලින් සමහරක් දෙවියන් කවරෙකු කෙරෙහි මනාප වන්නේ ද ඔහුට සිහිනය මාර්ගයෙන් පෙන්වයි. මෙම දොරටු වැසුනේ නැත. යහපත් සිහින නබිත්වයෙන් හතලිස් හයෙන් එක් පංගුවක්යැයි නබි නායක (සල්) තුමාණන් කළ ප්‍රකාශයේ අදහස මෙය යි.

මෙය අපි මනඃකල්පිතව ප්‍රකාශ නො කළෙමු. නබි නායක (සල්) තුමාණන් ම මෙම විග්‍රහය කළහ.

සුබාරංචි කීම හැර නබිත්වයෙන් (දෙවියන්ගෙන් මිනිසුන්ට පහළ වෙන පණිවුඩයන්හි) කිසිවක් ඉතිරි නොකරන ලදී යනුවෙන් නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ සුබාරංචි කීම යනු කුමක්දැයි නබි මිතුරන් විමසූ විට යහපත් සිහින යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (6990)

දූතත්වය හා නබිත්වය අවසාන වී ඇත. එබැවින් මට පසු කිසිඳු නබිවරයෙක් ද නැත. කිසිඳු රසූල්වරයෙක් ද නැතැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ මෙය ජනතාවට ශෝකය ගෙන දෙන්නක් ව තිබුණි එවිට නබි නායක (සල්) තුමාණෝ එනමුත් සුබාරංචි කියන දෑ ඇතැයි කීහ. සුබාරංචි කියන දෑ යනු කුමක්දැයි නබි මිත්‍රයින් ඇසූ විට මුස්ලිම්වරයෙක් දකින සිහින යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අනස් (රලි) තුමා

මූලාශ්‍ර : අහ්මද් (13322)

දෙවියන්ගෙන් මිනිසාට පහළ වන තොරතුරු (පණිවිඩ) දෙවැදෑරුම් යන අදහසත් එයින් සුබාරංචි පහළ වීම හැර අනෙක් ඒවා නතර වී ඇත යන අදහසත් ඒවා සිහින මාර්ගයෙන් මිනිසා වෙත පැමිණෙනු ඇත යන අදහසත් මෙම නබි වදන තුළ අන්තර්ගත වී ඇති බව දැන ගත හැකිය.

මේ ගැන තවත් පැහැදිලිව දැන ගත් විට සිහින මගින් මංමුලා වීමෙන් අප රැක ගත හැකිය.

මේ රාත්‍රියේ මෙතරම් රකාත් ප්‍රමාණයක් සලාතය ඉටු කරන්න යනුවෙන් ප්‍රකාශ කරන අයුරින් යමෙක් සිහින දකින්නේ යැයි සිතමු. මෙය නියත වශයෙන්ම දෙවියන්ගෙන් පහළ වූවක් නොවේ. මන්ද මේ දවසේ මෙපමණක් සලාතයේ යෙදිය යුතුය යනාදී සියල්ල නබි නායක (සල්) තුමාණන් මගින් දෙවියන් අපට මග පෙන්වා දී ඇත. සිහින මගින් පෙන්වා දිය යුතු අයුරින් නබි නායක (සල්) තුමාණන් කිසිඳු අඩුවක් තබා නැත.

තවද මෙවැනි තොරතුරු දෙවියන්ගෙන් පහළ වන්නේ නම් සියළුම මුස්ලිම්වරුන්ගේ සිහින වලින් මෙසේ පහළ විය යුතුය. මන්ද නැමදුම් හා වත් පිළිවෙත් අතින් සියලූ දෙනාම එක සමානය. ධර්මයේ ඇති යහපත් ක්‍රියාවක් එක ම එක පුද්ගලයෙකුට පමණක් පෙන්වා දී අනෙක් අයට එය නොපෙන්වා සිටීම දෙවියන්ගේ යුක්තියට පටහැනි ය.

මෙතැන එක් යහපත් දේව ගැතියෙක් භූමදානය කර ඇත. ඔහු වෙනුවෙන් ඒම ස්ථානයේ සිzයාරමයක් (සොහොන් කොතක්) නිර්මාණය කරනු යැයි යමෙකුගේ සිහිනයේ ප්‍රකාශ වේ නම් එය ද ෂෛතාන්ගෙන් පහළ වූ සිහිනයකි.

මන්දයත් මියගිය අය භූමදානය කළ ස්ථානවල ගොඩනැගිලි නිර්මාණය කිරීමත් නැමදුම් ස්ථාන ගොඩනැංවීමත් සමාධි ආලේප කරනු ලැබීමත් නබි නායක (සල්) තුමාණෝ තහනම් කර ඇත.

ඉඳි කරන ලද ගොඩනැගිලි බිඳ හෙළන ලෙසත් නබි නායක (සල්) තුමාණන් මාර්ගයෙන් දෙවියන් කලින් ම අපට දන්වා ඇත.

එම නිවේදනයට විරුද්ධ පණිවුඩයක් දෙවියන් නොකියන බැවින් මෙය ෂෛතාන්ගේ ක්‍රියාවක් බව දැනගත හැකිය.

අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ අනුමත කිරීම වැනි සිහින

නැත්නම් අනුමත කළ දේවල් තහනම් කිරීම වැනි සිහින

නැමදුම් වතාවත් හඳුන්වා දීම වැනි සිහින සිහින කවරෙකු දුටුවත් එය ෂෛතාන්ගේ කියාවක් බව අවබෝධ කර ගත යුතුය.

සිහින මාර්ගයෙන් නීති පහළ විය නොහැකි නම් ඉබ්‍රාහිම් (අලෛ) තුමාණන්ට තම පුතාව කපා බිලි දිය යුතු බවට නියෝගය පහළ වූයේ සිහින මගින් නොවේදැයි සැකයක් පහළ විය හැක.

මෙම සැකය අනවශ්‍ය එකකි. මන්ද දෙවියන්ගේ දූතයින්ට පමණක් නීති රීති පිළිබඳ පණිවුඩ දෙවියන්ගෙන් පහළ වන්නේය. මෙවැනි පණිවුඩ සිහින මාර්ගයෙන් සහ අනෙක් මාර්ග තුන මගින් ද ඔවුනට ලැබිය හැක.

දේව දූතයින්ගේ සිහිනවල ෂෛතාන්ට අත ගැසිය නොහැක. එහෙයින් ඔවුන් හට සිහිනයෙන් ලැඛෙන අණ දෙවියන්ගෙන් ම ලැඛෙන ඒවා විය යුතු ය. ඉබ්‍රාහිම් නබි (අලෛ) තුමා එය වටහා ගන්නේද එලෙස ය.

ඔහු සමග උපයන අවධියකට ඔහු (ඉස්මායීල්) පත්වූ විට මාගේ දයාබර පුතණුවනි, මා නුඹ කපන අයුරින් සිහිනයක් දුටුවෙමි. නුඹේ අදහස කුමක් දැයි කල්පනා කර කියන්නැයි (ඉබ්‍රාහිම්) ඇසුවේ ය. මාගේ පියාණෙනි ඔබට අණවන ලද දැය ඉටු කරන්න. අල්ලාහ් සිතු වේ නම් ඉවසිලිවන්තයෙකු ලෙස ඔබ මා දකින්නෙහියැයි (ඉස්මායීල්) පිළිතුරු දුන්නේ ය.

දෙදෙනා ම අවනත වී ඔහු (තම) පුතණුවන් මුණින් අතට හෙළු විට ඉබ්‍රාහීම් එම සිහිනය සැබෑ කළෙහි යග යහපත කරන අයට අපි තිළිණ පිරිනමන්නේ මෙලෙසයැයි ඔහු අමතා කීවෙමු.

අල් කුර්ආනය ථ 37:102-105

සිහිනය සැබෑ කළෙහිය යහපත් ක්‍රියා කරන අයට අපි තිළිණ පිරිනමන්නේ මෙලෙසයැයි ප්‍රකාශ කිරීමෙන් ඒ සිහිනය තමාගේ පණිවුඩයක් බව දෙවියන් තහවුරු කරයි

නබිවරුන්ටද ෂෛතාන්ගේ සිහින පහළ වන බව නිකමට සිතුවත් ඔවුන් හට වෙනත් මාර්ග තුනකින් ද දෙවියන්ගෙන් පණිවුඩ ලැබීමේ අවස්ථාව ඇතග එහෙයින් තමන් දුටු සිහිනයේ නියම තත්ත්වය එම මාර්ගවලින් තහවුරු කර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. අනෙක් අයට මෙම අවස්ථාව නැත.

සුබ සිහින දුටුවහොත්

සුබාරංචියක් කියන අන්දමේ සිහිනයක් අපි දුටුවහොත් අපට සිදුවිය හැකි යහපතක් කලින් ම අල්ලාහ් දැනුම් දුන් බව සිතා ගත යුතුය.

(සුබ සිහින පිළිබඳව දැනගන්නේ කෙසේද යන්න සිහින පලාඵල යන මාතෘකාව යටතේ පසුව අපි විග්‍රහ කර ඇත්තෙමු)

සුබ සිහිනයක් දුටු විට අපි කෙසේ ක්‍රියා කළ යුතුදැයි ඉස්ලාම් අපට මග පෙන්වා ඇත.

සූර්යයාත් චන්ද්‍රයත් තාරකාත් තමන්ට හිස නමන්නා සේ යූසුෆ් නබි (අලෛ) තුමා දුටු සිහිනය තම පියාට දැන්වීය. එවිට පියා යඃකූබ් නබි (අලෛ) තුමා පහත සඳහන් පරිදි උපදෙස් දුන්නේය.

මාගේ දයාබර පුතණුවනි, ඔබේ සිහිනය ඔබේ සොහොයුරන් හට නොකියන්න. (එසේ පැවසුවහොත්) ඔවුහු ඔබට එරෙහිව දරුණු කුමන්ත්‍රණයක් කරන්නෝය ෂෛතාන් මිනිසාට ප්‍රකට සතුරෙක්යැයි ඔහු කීවේය.

අල් කුර්ආනය : 12:5

නබි යූසුෆ් (අලෛ) තුමාගේ සහෝදරයින් ඔහුගේ සතුරන් වූ බව යූසුෆ් පරිච්ඡෙදයේ බොහෝ තැන්වල විස්තරාත්මක ව විග්‍රහ කර ඇත.

එහෙයින් යහපත සිදුවන්නා සේ නැත්නම් අයහපත ඉවත් වන්නා සේ අපි සිහින දුටුවොත් අපි ඉතාමත් ආදරය කරන අයට හ අපට ආදරය කරන පමණක් එය එළිදරව් කළ යුතුය. අනෙක් අයට නොකිව යුතු බව ඉහත සඳහන් වැකිය මගින් අපට තේරුම් ගත හැකිය.

මෙය නබි නායක (සල්) තුමාණන් ද ඉතා පැහැදිලිව අපට විග්‍රහ කළහ.

නුඹලාගෙන් කෙනෙක් තමාට කැමැති සිහිනයක් දුටුවහොත් එය අල්ලාහ් වෙතින් පහළ වූවකි. එබැවින් ඔහු අල්ලාහ් ප්‍රශංසා කරත්වා එය අන් කෙනෙකුට පවසත්වා යනුවෙන් නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ සඊද් අල් කුද්රි (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (6985)

යහපත් සිහින අල්ලාහ් වෙතින් පහළ වූවකි. කෙනෙක් තමාට කැමති සිහිනයක් දුටුවහොත් තමාට ඉතාමත් ප්‍රිය මනාප කෙනෙකුට හැර අන් කිසිවෙකුට එය නොදැන්විය යුතුයැයි නබි නායක (සල්) තුමාණෝ පැවසූහ.

දැනුම් දෙන්නා : අබු කදාදා (රලි) තුමා

මුලාශ්‍ර : බුකාරි 7044

යම් කෙනෙක් තමාට කැමැති සිහිනයක් දුටුවොත් ඔහු කැමති නම් අන් කෙනෙකුට ප්‍රකාශ කරත්වා යනුවෙන් නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි)

මූලාශ්‍රය : අහ්මද් 8766

සුබ සිහිනයක් දුටු තැනැත්තා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බවත්ල ඔහුට මනාප නම් ඔහුට ඉතාමත් සුහද කෙනෙකුට දැන්විය යුතු බවත් අන් අයට නොදැන්විය යුතු බවත් මේ හදීස් (නබිවදන්) මගින් අපට දැන ගත හැකිය.

අසුබ සිහින දුටුවොත්

නරක සිහිනයක් දුටුවහොත් ඒ ගැන සොවින් තැවෙන අය සිටිති. එයින් සිදුවිය හැකි හානිවලින් මිදීමට යම් ප්‍රතිකර්මයක් ඇත්දැයි සොයමින් අසහනයෙන් සැරිසරන අය ද සිටිති.

නරක සිහින දුටු අය කෙසේ හැසිරිය යුතු ද යන්න පිළිබඳව නබි නායක (සල්) තුමාණෝ අපට මග පෙන්වූහ.

’යහපත් සිහින අල්ලාහ් වෙතින් පහළ වූවකිග යම් කෙනෙක් තමාට කැමති සිහිනයක් දුටුවොත් තමාට ඉතාමත් පි්‍රය මනාප කෙනෙකුට හැර අන් අයට නොකියන්න. යම් කෙනෙක් තමාට අකැමති සිහිනයක් දුටුවොත් එයින් සිදුවිය හැකි හානියෙන් ද ෂෛතාන් ගේ උවදුරුවලින් ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිත්වා! තවද වම් පසට තුන්වරක් කෙළ ගසත්වා! ඔහු කිසිවෙකුට ඒ ගැන නොකිව යුතුය. මෙසේ කටයුතු කළහොත් ඔහුගේ සිහිනයෙන් ඔහුට කිසිදු හානියක් සිදු නොවේ යනුවෙන් නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහග

දැනුම් දෙන්නා : අබූකදාදා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (7044)

සුබ සිහින අල්ලාහ් වෙතින් පහල වූවකි. අසුබ සිහින ෂෛතාන් වෙතින් පහල වූවකි. තමාට බිය ඇති කරවන නරක සිහිනයක් යමෙක් දුටුවොත් තමාගේ වම් පසට තුන්වරක් කෙළ ගසා එයින් අත්වන හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිත්වා මෙසේ කළහොත් එයින් ඔහුට කිසිඳු හානියක් නොවන්නේයැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ කදාදා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (3292)

නරක සිහිනයක් දුටුවහොත් ඔහු අවදි වී සලාතය ඉටු කරත්වා එය මිනිසුන්ට නොකිව යුතුයැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : මුස්ලිම් (4555)

නරක සිහින දකින අය දෙවියනි මෙයින් අත්වන හානිවලින්ද ෂෛතාන්ගේ උවදුරු වලින්ද ආරක්ෂා කරනු මැනවැයි කිව යුතුයි.

වම් පසට තෙවරක් කෙළ ගැසිය යුතුයි

නරක සිහිනයක් දැක අවදි වූ වහාම හැකි පමණින් සලාතයේ යෙදිය යුතුයි.

නරක සිහිනය අවශ්‍ය කෙනෙකුට හෝ අනවශ්‍ය කෙනෙකුට හෝ නොකිව යුතුය.

මෙම කරුණු ඉහත සඳහන් නබිවදනින් අපට දැන ගත හැක.

යම් සිහිනයක් දකින විට අපට ශෝකයක් හෝ බියක් හේ ඇතිවේ නම් නරක සිහිනය එය යි.

ඒ හැර කිසිඳු අර්ථයක් නොමැති සිහින ද අපි දැකිය හැකිය. ඒවා ද නරක සිහිනයන් ය. ඒ පිළිබඳව ද නබි නායක (සල්) තුමාණෝ අපට විග්‍රහ කළහ.

එක් ගැමියෙක් නබි නායක (සල්) තුමාණන් වෙතට පැමිණියේය. මගේ හිස කැපෙනවා සේත් මා එය ලූහුබඳිනවා සේත් සිහිනයක් දුටුවෙමි යැයි. ඔහු කී විට ෂෛතාන් නුඹත් සමග සිහිනෙන් සෙල්ලම් කිරීම ගැන (කිසිවෙකුට) නොකියන්නැයි නබි නායක (සල්) තුමාණෝ කීහ.

දැනුම් දෙන්නා : ජාබිර් (රලි) තුමා)

මූලාශ්‍ර : මුස්ලිම් (4563, 4565)

නබි නායක (සල්) තුමාණෝ තම දේශනයේ දී කෙනෙකුගේ සිහිනයේ ෂෛතාන් සෙල්ලම් කරයි නම් එය කිසිවෙකුට නොකියන්නැයි ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා: ජාබිර් (රලි) තුමා

මූලාශ්‍ර : මුස්ලිම් (4563)

නොදුටු සිහිනයක් දුටු බව කීම

කෙනෙකු සිහිනයක් දුටු බව දන්නේ අල්ලාහ් සහ ඔහු පමණය. සිහිනය දුටු තැනැත්තා කියන තෙක් අනෙක් අයට එය දැන ගත නොහැකිය. දුටු සිහිනය සත්‍යයක් බව කිසිඳු සාක්ෂියක් මගින් ඔප්පු කළ නොහැකිය. සිහිනය දුටු තැනැත්තාගේ වචනය විශ්වාස කිරීම තුළින් ම ඔහුගේ සිහිනය විශ්වාස කිරීමට සිදු වේ.

කුමන දෙයක් අපි කීවත් ජනතාව එයට සාධක අසතිග සිහිනයක් ගැන කියන විට එයට කිසිවෙකු සාධක විමසන්නේ නැත.

එම තත්ත්වය වාසිදායක කරගෙන නුදුටු දෙයක් දුටු බවට නොබියව මිනිසා ප්‍රකාශ නොකළ යුතු නිසා නබි නායක (සල්) තුමාණන් මෙය බරපතල වරදක් බව ප්‍රකාශ කළහ.

තමාගේ පියා නොවන වෙනත් කෙනෙකු පියා යැයි කීමත් සිහිනෙන් නොදුටු දෙයක් දුටු බව කීමත් මා නොකී දෙයක් කී බව කීමත් බොරු අතරින් ඉමහත් බොරු වන්නේයැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : වාසිලා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (3509)

නොදුටු සිහිනයක් දුටු බවට යමෙක් කියයි නම් ඔහු (පරලොවේ දී) තිරිඟු ඇට දෙකක් අතර ගැටයක් ගසා සම්බන්ධ කරන ලෙස බල කරනු ලබයිග ඔහුට එය කිසිසේත් ම කළ නොහැකියැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : ඉබ්නු අබ්බාස් (රලි) තුමා

මූලාශ්‍රය : බුකාරි (7042)

තිරිඟු ඇට ලිස්සන සුළුය. ඒ දෙකක් මැදිකර ගැටයක් මගින් කිසිසේත් ම සම්බන්ධ කළ නොහැකිය. මේ ක්‍රියාව කරන ලෙස ඔහු බලකරනු ලබයි යනුවෙන් කීම සිහිනය සම්බන්ධයෙන් බොරු කියන අයට ප්‍රමාණවත් අවවාදයකි.

නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දැකීම

නබි නායක (සල්) තුමාණෝ නොදුටු මුස්ලිම්වරුන් එතුමාණන්ගේ හැඩරුව දැන ගැනීමට වැඩි උනන්දුවක් දැක්වීම සත්‍යයකි.

යම් කෙනෙක් දේව බැතිමතෙක් වන්නේ නම් එහි සංකේතයක් වන්නේ නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දැකීම යැයි දහම් දැනුම අඩු අය අදහස් කරති. මෙම දුර්වලතාව ප්‍රයෝජනයට ගනිමින් රැවටිලි කාරයන් තමන් නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දුටු බව අසත්‍ය පවසා දේව බැතිමතුන් යන විරුද්ධාවලිය ජනයාගෙන් ලබා ගිනිති.

අල් කුර්ආනයට හා හදීසයට පටහැනි අදහස්වලින් යුක්තව රචිත බුර්දා නමින් හඳුන්වනු ලබන කාව්‍යය බුසරි නමැති කවියා විසින් නිර්මාණය කරන ලදි. ඔහු තම කාව්‍යයේ තැනැක වික්‍ෂිප්ත වන අවස්ථාවක නබි නායක (සල්) තුමාණන් ඔහුගේ සිහිනයෙන් පෙනී සිට ඊළඟ පදය කියා දුන් බවට බොරු කියා දොඩමින් බුර්දා නමැති ප්‍රබන්ධ කථාව පූජනීයත්වයට පත් කර ඇති බව අපි දකින්නෙමු. මෙම කාව්‍යය රෝග නිවාරණයටත් අවශ්‍යතා සපුරා ගැනීමටත් ගායනා කළ යුතු බවත් අසරණ ජනතාව විශ්වාස කරති. නබි නායක (සල්) තුමාණන් ම මෙයට පද නිර්මාණය කළ බවට මොහු ගෙතූ කථාව මෙයට ප්‍රධාන හේතුවක් විය දහම් දැනුම බිඳක් හෝ නොමැති බුසරි නමැති කවියා දේව බැතිමතෙක් සේ චරිතයක් ගොඩ නගා ඇති බව දකින්නෙමු.

බුර්දාව අබිබවා යන නබි නායක (සල්) තුමාණන්ගේ නමින් බොරුවෙන් ගොතා නිම කළ බොරුවේ නිවහනකි. සීරා පුරාණය නමැති කාව්‍ය ය අල් කුර්ආන්, හදීස් පිළිබඳව සුළුවෙන් හෝ දැනුමක් ඇති කෙනෙක් මනඃකල්පිතව ගොතා ගත් කාව්‍යයක් බව වටහා ගනී. මෙම කාව්‍යය නිර්මාණය කළ උමර් නමැති කවියාට නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් පෙනී සිට සීරාපුරාණය නමැති කාව්‍යය අනුමත කළ බව දහම් දැනුම නොමැති අය බොරු කියති.

මුරීදු යන නමින් ජනතාව මුළා කරන වංචාකරුවන් ද තමන් නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දුටු බව කියමින් ජනතාව තමා වටා රොක් කර ගනිති.

එහෙයින් නබි නායක (සල්) තුමාණන් සිහිනයෙන් දැකිය හැකිද? යන දැනුම ද අපට තිබිය යුතුය.

යම් කෙනෙක් මා සිහිනෙන් දකින්නේද ඔහු මාව ම දකින්නේයග මන්ද ෂෛතාන් මාගේ සවරූපයෙන් නොපැමිණේ යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබු හුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (610, 6197)

මෙම හදීසය පදනම් කරගෙන නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දැකිය හැකි යැයි සමහරු වාද කරති.

මෙම නබි වදන මොවුහු වරදවා තේරුම් ගෙන සිටිති. මෙම නබි වදන වටහා ගන්නේ කෙසේ ද යන්නට තවත් නබි වදනක් සහය වෙයි.

යම් කෙනෙක් මා සිහිනෙන් දුටුවහොත් අවදි වූ විගස ඔහු මා දකින්නේය. මන්ද ෂෛතාන් මාගේ ස්වරූපයෙන් නොපැමිණේ යනුවෙන් නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

දැනුම් දෙන්නා : අබු හුරෛරා (රලි) තුමා

මූලාශ්‍ර : බුකාරි (6993)

නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දැකිය හැකි බව මෙම හදීසය පැහැදිලි කරයි.

මා සිහිනෙන් දකින කෙනෙක් අවදි වූ වහා ම මා ඇස් ඉදිරිපිට ද දකී යනුවෙන් නබි නායක (සල්) තුමාණෝ පවසන්නෝය නබි නායක (සල්) තුමාණන් ජීවතුන් අතර සිටින විට පමණක් මෙය සිදු විය හැකිය.

එතුමාණන් ජීවතුන් අතර සිටිය දී කෙනෙකු සිහිනයෙන් එතුමාණන් දුටුවොත් අවදි වූ විගස එතුමාණන් කෙලින් ම දැකීමේ අවස්ථාව ද ඔහුට හිමිවන්නේ යැයි මෙම නබි වදන පැහැදිලි කරයි.

දැන් කෙනෙක් නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දුටු බව කීවොත් ඔහු අවදි වු විගස එතුමාණන් ඉදිරිපිට දැකිය යුතුය. ඔහු ඇස් ඉදිරිපිට එතුමාණන් මස් කටු සහිත සිරුරකින් යුතුව නුදුටුවේ නම් ඔහු සිහිනෙන් ද එතුමාණන් නුදුටු බව සත්‍යයකි.

එහෙයින් නබි නායක (සල්) තුමාණන් ජීවමානව සිටි අවදියට පසුව කිසිඳු මිනිසෙකුට කිසිඳු ශාන්තුවරයෙකුට නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දැකිය නොහැකි බවට දෙවරක් සිතන්නට ඉඩ නැති බව මෙම නබි වදන පැහැදිලි කරයි.

මෙතැනදී ඇතමුන්ට ඇතිවන එක් සැකයක් හා එයට අදාල විග්‍රහය අපි දැනගත යුතුය.

සිහිනෙන් කෙනෙකු පෙනී සිට මුහම්මද් නබි නායක (සල්) තුමා මම යැයි පැවසුවේ යැයි සිතමු. නබි නායක (සල්) තුමාණන්ගේ සවරූපයෙන් ෂෛතාන් නොපැමිණෙයි යන හදීසය පදනම් කරගෙන සිහිනෙන් පෙනී සිටියේ නබි නායක (සල්) තුමාණන් යැයි අදහස් කළ හැකි නොවේද? යන්නයි එම සැකය.

මුහම්මද් නබි මමයැ යි කෙනෙක් පවසන්නා සේ සිහිනයක් දුටුවත් එය නබි නායක (සල්) තුමාණන් නොවේග ෂෛතාන් එතුමාණන්ගේ නම භාවිතා කළ බවයි අපි වටහා ගත යුත්තේ, ෂෛතාන් නබි නායක (සල්) තුමාණන්ගේ ස්වරූපය නොගන්නා බවයි එම නබි වදනින් සහතික වන්නේග ෂෛතාන් තමාට ම ආවේනිකවූ ස්වරූපයෙන් පැමිණ මමයි නබි මුහම්මද් යනුවෙන් නොපවසන බව එම හදීසයෙන් ප්‍රකාශ නොවේ.

මගේ ස්වරූපයෙන් ෂෛතාන් නොපැමිණෙයි යනුවෙන් නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කර ඇත සිහිනෙන් කෙනෙක් පෙනී සිටි විට ඔහු නබි නායක (සල්) තුමාණන්ද? නැද්ද? යන්න තීරණය කිරීමට නම් ඔහු නබි නායක (සල්) තුමාණන් ජීවමානව දුටු කෙනෙකු විය යුතුය.

සජීවිව ඔහු යම් ස්වරූපයකින් දුටුවේද ඒ ස්වරූපයෙන්ම සිහිනයෙන් ද දුටුවේ නම් ආ පුද්ගලයා නබි නායක (සල්) තුමාණන් බව දැනගත හැකිය.

නබි නායක (සල්) තුමාණන්ගේ සවරූපය ගැනීම ෂෛතාන්ට තහනම් කර ඇත. වෙනත් සවරූපයකින් පැමිණ මමය මුහම්මද් නබි යනුවෙන් ඔහු ප්‍රකාශ නොකරන්නේ යැයි කිසිඳු හදීසයක සඳහන් වී නැත.

නබි නායක (සල්) තුමාණන් ජීවත්ව සිටි කාලයෙන් පසු මේ ශාන්තුවරයා නබි නායක (සල්) තුමාණන් සිහිනෙන් දුටුවේය. අර ශාන්තුවරයා සිහිනෙන් දුටුවේය. යනුවෙන් යමෙක් කියන්නේ නම් එය අසත්‍ය කථාවකිග නැත්නම් ෂෛතාන් නබි නායක (සල්) තුමාණන්ගේ නම භාවිතා කර ඔහුව රවටා ඇත.

සිහිනෙන් පෙනී සිටීමේ අයිතිය කිසිවෙකුට නැත

යම් කෙනෙක් අපේ සිහිනය මාර්ගයෙන් පෙනි සිටී නම් ඔහු ම අපේ සිහිනයෙන් පැමිණි බව අවබෝධ කර නොගත යුතුය. ඔහුත් අපත් සමග යමක් කථා කළේ නම් ඔහු ම අප සමඟ කථා කරන්නේ යැයි ද අවබෝධ කර නොගත යුතුය. එවැනි දසුන් දෙවියන් විසින් අපට පෙන්වන බව සිතා ගත යුතුය.

මිය ගිය අය සිහිනෙන් පෙනි සිටි විට ඔවුන් ම පැමිණෙන බව බොහෝ දෙනෙක් අදහස් කරති. මිය ගිය අයගෙන් විමසිය නොහැකි නිසා මේ විශ්වාසයෙහි දිගු කලක් එල්බගෙන සිටිති. මොවුන්ගේ මෙම විශ්වාසය වැරදි බව ජිවත්ව සිටින අය ම සිහිනෙන් දැකිම තුළින් තේරුම් ගත හැක.

උදාහරණයක් වශයෙන් අද ජිවතුන් අතර සිටින අයෙකු අපි සිහිනෙන් දුටුවා යැයි සිතමු. සිහිනෙන් ඔහු දුටු පසු උදෑසන ඔහු කෙලින් ම අපි හමුවන්නෙමු යැයි ද සිතමු. එවිට එම මිනිසා “මා ඊයේ රාත්‍රියේ ඔබේ සිහිනයෙන් පෙනී සිටියා නොවේදැ” යි අසන්නේද? නියත වශයෙන්ම එසේ ප්‍රශ්න නොකරයි.

අපි සිහිනයෙන් ඔහු දුටු බව දන්නේ අපි පමණයි. ඔහු ඒ බව නොදනී. මම ඔබ ඊයේ රාත්‍රියේ සිහිනෙන් දුටුවෙමියි අපි ප්‍රකාශ කළහොත් පමණක් ඔහු විසින් එය දැන ගත හැකිය.

ඔහු බොහෝ දේවල් අපේ සිහිනය මගින් අප සමග කථා කළ බව අපි දකින්නට ඇත. අපි ඔහු වෙත ගොස් ඔබ ඊයේ රාත්‍රියේ සිහිනෙන් මට දුන් උපදෙස් නැවත වරක් කියන්නැ යි ඉල්ලා සිටියහොත් ඔහුට එය ප්‍රකාශ කළ නොහැක. මා සිහිනෙන් කුමක් කීවෙමිදැයි මා දන්නේ කෙසේද? යනු ඔහුගේ එකම පිළිතුරු වෙයි.

එම නිසා කෙනෙකු සිහිනෙන් දුටු නිසා ඔහු ම පැමිණියේ යැයි අපි අදහස් නොකළ යුතුය. ඔහු අප සමග කථා කළ සෑම එකක් ම ඔහුගේ ම වචන යැයි ද අදහස් නොකළ යුතුය. ඔහුට අපේ සිහිනයක් සමග කිසිඳු සම්බන්ධයක් නොමැත.

ඔහු පෙන්වා ඔහු ප්‍රකාශ කරන අන්දමෙන් සමහර කරුණු දෙවියන් විසින් අපට ප්‍රකාශ කළ හැකිය. නැත්නම් ෂෛතාන් ඔහුගේ සවරූපයෙන් පැමිණ අපට නරක සිහිනයක් ඇතිකළා විය හැකි බව සිතා ගත යුතුය.

එහෙත් ජීවත්ව සිටින අයෙකු එකම වේලාවක මිනිසුන් දහස් ගණන් සිහිනෙන් දැකිය හැකග එවිට ඔහු දහස් පොළකට ගොස් පෙනී සිටියා යැයි අදහස් නොකළ යුතුය.

කෙනෙක් වීඩියෝ පටියක් මගින් අපි දකින විට ඔහු අප දෙස බලන්නේ යැයි අපි නොසිතමු. තමන් දෙස කොපමණ පිරිසක් බලන්නේ දැයි ’විඩියෝවෙහි පෙනි සිටින පුද්ගලයා ද නොදනීග සිහිනෙන් පෙනෙන දසුන් ද මේ හා සමානයග

මා හෙට රාත්‍රියේ නුඹේ සිහිනෙන් එන්නදැයි කිසිඳු කෙනෙකු කිසිඳු කෙනෙකුගෙන් ප්‍රශ්න කළ නොහැක. මේ මගින් සිහිනෙන් පෙනී සිටින පුද්ගලයා ඔහු විසින් ම තීරණයක් ගෙන අපේ සිහිනෙන් පෙනී නොසිටින බව තේරුම් ගත හැකිය.

සිහින පලාඵල

හොඳ සිහින සුබාරංචි ගෙනෙන ඒවා නම් එය වටහා ගන්නේ කෙසේද? අපි දකින සිහිනවල අර්ථය දැන ගන්නේ කෙසේද? මෙය බොහෝ දෙනෙකු අතර ඇති සැකයකි.

සිහින පලාඵල නමින් බොහෝ දෙනෙකු පොත් පත් ලියා ඇත. ඉබ්නු සීරීන් නමැත්තා සිහින වල අර්ථයන් හා විස්තර දත් කෙනෙකු ව සිටි බව ද පොත් වල ලියැ වී ඇත. මේ සියල්ල ප්‍රබන්ධයන් ය.

මේ මේ සිහිනයන්ට පලාඵල මෙය යැයි කීමට ඔවුන් හට අල් කුර්ආනයේ හෝ හදීසයේ කිසිඳු සාධකයක් නැත.

අපි ඇතෙක් දුටුවොත් අසවල් දේ සිදුවෙයි, බළළෙක් දුටුවොත් අසවල් දේ සිදුවෙයි. කියමින් දොඩන බොරුකාරයින්ට රැවටී අපේ මනස අවුල් කර නොගත යුතුය.

යහපත් සිහින මගින් දෙවියන් අපට සුබාරංචියක් කියයි නම් එය අප විසින් වටහා ගත හැකි පරිදි කියන්නේ ය.

ප්‍රවීණයා (දෙවියන්) මෙන් වෙන කිසිවෙකු විසින් ඔබට විග්‍රහ කළ නොහැකිය.

අල් කුර්ආනය 35:14

එහෙයින් අපට සුබාරංචියක් කීමට දෙවියන් මනාප වුවහොත් අපට අවබෝධ නොවන අයුරින් ප්‍රකාශ කර කූට රැවිටිලිකරුවන්ගේ විග්‍රහයන් ඇසීමට අපට දෙවියන් ඉඩ නොතබයි.

එම නිසා අප දකින සිහිනයන්ට කිසිවෙකුගෙන් විස්තර නොඇසිය යුතුය. එයින් කුමන සුබාරංචියක් පැවසෙන්නේ දැයි අපට හැගෙන්නේද එහි තේරුම ද එය බව තීරණය කර ගත යුතුය.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සහ නබි වදන්හි විවිධ සිහිනයන් හා එහි විග්‍රහයන් ද ප්‍රකාශ වී ඇතග ඒ පිළිබඳ අවධානය යොමු කළහොත් අපේ සිහිනවල පලාපල කුමන ආකාරයෙන් වේ දැයි තීරණය කිරීමට අපට මගක් පෑදේ.

පොදුවේ සිහිනවල පලාඵල ප්‍රකාශ කරන අය. මංගල්‍යයක් සිහිනෙන් දුටුවොත් අවමංගල්‍යයක් සිදු වන බවත් අවමංගල්‍යයක් සිහිනෙන් දුටුවහොත් මංගල්‍යක් සිදු වන බවට ප්‍රතිවිරුද්ධ ව ප්‍රකාශ කරති.

නමුත් අපි සිහිනවලින් කුමක් දකින්නෙමු ද එය ම සිහිනවල විග්‍රහය වෙයිග නැතහොත් ඊට සම්බන්ධ දෙයක්ව ම පවතීග ඊට ප්‍රතිවිරුද්ධ ව නොපවතී.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සහ නබි වදන් තුළින් මෙම සත්‍යය වටහා ගත හැකිය.

 

අල්කුර්ආනයේ හා හදීසයේ ප්‍රකාශ වන සිහින සමහරක්

යූසුෆ් (අලෛ) තුමාගේ සිහිනය

12 වෙන පරිච්ඡෙදයේ 4වන වැකියේ දෙවියන් යූසුෆ් (අලෛ) තුමා දුටු සිහිනය විග්‍රහ කරයි.

මාගේ පියාණනි! තාරකා එකළොහක් ද සූර්යයාද, චන්ද්‍රයා ද මම (සිහිනෙන්) දුටුවෙමි. ඒවා මට යටහත් පහත් වනු දුටුවෙමි. යැයි යූසුෆ් තම පියාට ප්‍රකාශ කළ සැටි සිහි කරන්න.

අල් කුර්ආනය 12:4

මේ සිහිනයේ පලාඵල කුමක් දැයි මේ පරිච්ඡේදයේම 100 වෙන වැකියෙන් අල්ලාහ් ප්‍රකාශ කරයි.

ඔහු තම දෙමාපියන් සිංහාසනය මත අසුන් ගැන්වූයේ ය. ඔවුහු සියල්ලෝම ඔහුට යටහත් පහත් වූහ. මාගේ පියාණනි මීට පෙර මා දුටු සිහිනයේ විග්‍රහය මෙයයි. එය මගේ දෙවියන් සැබෑ කළේය. මා සිරගෙයින් බැහැර කෙරූ ද විට මට ඔහු මහෝපකාර කළේය. මා හා මාගේ සොහොයුරන් අතර ෂෛතාන් භේදයක් ඇති කළ පසු ද ඔබව ගමින් ගෙනැවිත් (මා හා) එක් කළේයග මාගේ දෙවියන් සිතන දේ සූක්ෂම ලෙස කරන්නෙකි ඔහු සර්වඥය ප්‍රඥාවන්ත ය.

අල් කුර්ආනය 12:100

යූසුෆ් (අලෛ) තුමා පසු කලෙක රටේ පාලකයා වී එතුමාගේ පාලනය යටතේ එතුමාගේ දෙමව්පියන් ජීවත්වන බවත් එතුමාගේ වැඩිමහල් සහෝදරයින් ද එතුමා යටතේ ජීවත් වන තත්ත්වයක් උදාවන බවත් හිරු, සඳු, තාරකා ඔහුට යටහත් පහත් වන බව පෙන් වීම මගින් අල්ලාහ් දැනුම් දුන්නේය.

එතුමා දුටු සිහිනය කෙසේ වී ද එසේ ම එහි ප්‍රතිඵල ද අත් විය.

සිරකරුවන් දෙදෙනාගේ සිහින

යූසුෆ් (අලෛ) තුමන් සමග තවත් සිරකරුවන් දෙනෛකු ද සිර මැදිරියේ රඳවන ලදි. එම සිරකරුවන් දෙදෙනා වෙන් වෙන්ව සිහින දැක එහි අර්ථයන් යූසුෆ් (අලෛ) තුමාගෙන් විමසූහ.

ඔහු සමග තරුණයන් දෙදෙනෙක් සිරගෙට ඇතුළු වූහ. මම මිදී මිරිකන්නාක් මෙන් සිහිනෙන් දුටුවෙමි යැයි ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් කීය. මම මගේ හිසමත රොටියක් උසුලා ගෙන යන විට කුරුල්ලෙක් එයින් අනුභව කරන්නාක් මෙන් (සිහිනෙන්) දුටුවෙමි යැයි අනෙකා කීයග මෙහි විග්‍රහය අපට ප්‍රකාශ කරන්නග යහපත් කරන්නන්ගෙන් කෙනෙකු ලෙස අපි ඔබ දකින්නෙමු. (යැයි ඔවුහු කීහ).

අල් කුර්ආනය 12:36

මෙයට යූසුෆ් (අලෛ) තුමන් දුන් පිළිතුරද පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වී ඇත.

මාගේ සිර ගේ මිත්‍රයනි, නුඹලා දෙදෙනාගෙන් කෙනෙක් තම ස්වාමියාට මත්පැන් පොවන්නේය. අනෙකා කුරුසියේ තබා ඇණ ගසනු ලබන්නේය. එවිට කුරුල්ලෝ ඔහුගේ හිස අනුභව කරන්නෝ යග නුඹලා කුමක් පිළිබඳව විග්‍රහයන් ඇසුවෙහු ද එම විෂයය තීරණය කරන ලදී (යැයි ඔහු කීවේය)

අල් කුර්ආනය 12:41

තම හිසමත රොටි තබාගෙන යන විට පක්ෂීන් විසින් කනු ලබන දසුන දුටු තැනැත්තාට මරණ දඩුවම හිමිවේ යැයි යූසුෆ් (අලෛ) තුමා විග්‍රහ කළේය. ඔහුට හිමි ආහාර නිමා වූ බව සිහිනය මාර්ගයෙන් අල්ලාහ් පෙන්වීය. එහි ප්‍රතිඵලය ද එසේ ම විය.

මද්‍යසාර මිරිකන්නා සේ සිහිනයෙන් දුටු තැනැත්තා සිහිනෙන් දුටු අයුරින් ම තම හාම් පුතාට පළතුරු සාර මිරිකා පොවන               රැකියාවක් ඔහුට ලැඛෙන බව ද කීවේය. මේ දෙදෙනා සිහිනෙන් කුමක් දුටුවේ ද එහි ප්‍රතිඵලය ද එසේ ම විය.

යූසුෆ් (අලෛ) තුමාගෙන් සිරකරුවන් දෙදෙනා පලාඵල විමසුවා සේ අපි ද අනෙක් අයගෙන් පලාඵල ඇසිය හැකි යැයි කිසිවෙකු නොසිතිය යුතුය. දෙවියන්ගේ දූතයින් හට අල්ලාහ්ගෙන් තොරතුරු ලැඛෙන නිසා එතුමන්ලා විසින් ඉතා පැහැදිලිව පලාඵල කිව හැකියග දේව දූතයින් හැර වෙන කිසිවෙකුගෙන් පලාඵල අසන්නට කිසිඳු සාධකයක් නොමැත.

රජුගේ සිහිනය

යූසුෆ් නබි (අෙලෙ) තුමාගේ කාලයේ ඊජිප්තුව පාලනය කළ රජතුමා දුටු සිහිනයත් ඒ සිහිනයට යූසුෆ් (අලෛ) තුමන් කී පලාඵලත් 12 වෙනි පරිච්ඡඡේදයේ 43 සිට 49 වැකිවලින් ප්‍රකාශ වේ.

වැහැරුණු ගවයන් හත් දෙනෙක් පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු අනුභව කිරීම ද හරිත ධානය කරල් සතක් ද වෙනත් වියළි ධාන්‍ය කරල් ද මම (සිහිනෙන්) දුටුවෙමි. ප්‍රභූවරුනි, නුඹලා සිහිනයට විග්‍රහයන් ප්‍රකාශ කරන අය නම් මාගේ සිහිනයේ විග්‍රහය ප්‍රකාශ කරන්නැයි රජතුමා කීවේය.

මේවා අර්ථ ශූන්‍ය සිහින වේ. අපි අර්ථ ශූන්‍ය සිහිනවල විග්‍රහයන් නොදනිමු යැයි ඔවුහු කීවෝය.

මම නුඹලාට එහි විග්‍රහය ප්‍රකාශ කරන්නෙමි. එබැවින් මා යවනු මැනවැයි එම දෙදෙනාගෙන් නිදහස් වූ තැනැත්තා දීර්ඝ කාලයකට පසු මතක් වී කීවේ ය.

යූසුෆ්, සත්‍යවන්තයනි, වැහැරුනු ගවයන් සත් දෙනෙක් පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු අනුභව කිරීම ද හරිත ධාන්‍ය කරල් සතක් ද වෙනත් වියළි ධාන්‍ය කරල් ද (සිහිනෙන් දැකීමේ අර්ථය) අපට කියා දෙන්න. (මෙම තොරතුරු සමඟ) ජනතාව වෙත මා යා යුතුව ඇතග ඔවුහු වටහා ගන්නෝ යැ(යි ඔහු කීවේය)

නුඹලා අඛණ්ඩව වසර සතක් වගා කටයුතු කරන්නෙහු ය. නුඹලා නෙලා ගන්නා අස්වැන්නෙන් අනුභව කිරීම සඳහා සුළු ප්‍රමාණයක් හැර අනෙක් වා ධාන්‍ය කරල් සමඟ තිඛෙන්නට ඉඩ හරින්න. ඉන් පසුව දුර්භික්ෂ (වසර) සතක් පැමිණෙනු ඇත. ඒ සඳහා නුඹලා ඉතිරි කළ දැයෙහි ස්වල්පයක් හැර අනෙක්වා එය කා දමනු ඇත.

මින් පසු ජනතාවට වර්ෂාව ඇද හැලෙන වසරක් පැමිණෙනු ඇත. ඔවුහු එම වසරේදී පලතුරු යුෂ මිරිකන්නෝ යැයි යූසුෆ් කීවේය.

අල් කුර්ආනය 12:43-49

වැහැරුණු ගවයින් හත - සාගත අවුරුදු හත

පුෂ්ටිමත් ගවයින් හත - සරු සාරවත් වසර හත

වැහැරුණු ගවයා පුෂ්ටිමත් ගවයා කෑම - සාගතයෙන් යුත් වසරවල් සාරවත් වසරවල ඉතිරි කළ දේ කෑම

යනාදී වශයෙන් මේ සිහිනය හා පලාඵලද සැසඳුනේය.

නබි නායක (සල්) තුමාණන් හජ් ඉටු කිරීමේ සිහිනය

නබි නායක (සල්) තුමාණන් තම උපන් ගමෙන් පලවා හරිනු ලැබූහ. එහෙත් එතුමාණෝ මව් බිම වූ මක්කමට ඇතුල් වී හජ් වන්දනාවේ යෙදෙන දසුනක් අල්ලාහ් එතුමාණන්ට සිහිනෙන් පෙන්වීය. ඔහු පෙන් වූ අයුරින් ම එය සිදුවිය.

අල්ලාහ් තම දූතයාට (ඔහු දුටු) සිහිනය සැබෑ කළේය. (එහෙයින්) අල්ලාහ් සිතුවහොත් නුඹලා ආරක්ෂා සහිතව නුඹලාගේ හිස් මුඩුකරමින් ද හිස කෙස් අඩු කරමින් ද නොබියවද මස්ජිදුල් හරාම්හි ඇතුල් වන්නෙහුය. නුඹලා නොදන්නා දේ ඔහු දන්නේය. මෙය නොවන සමීපත ම ජයග්‍රහණයක් ද ඔහු අත්කර දුන්නේය.

අල් කුර්ආනය 48:27

සතුරන්ගේ පරාජය සිහිනෙන් දැකීම

බද්රු යුද පිටියේ මුස්ලිම් වරුන් අඩු සංඛ්‍යාවක් ද සතුරන් අධික සංඛ්‍යාවක් ද සිටියහ. එහෙත් නබි නායක (සල්) තුමාණන්ගේ සිහිනයෙන් සතුරන් අඩුවෙන් ද මුස්ලිම්වරුන් අධිකව ද සිටින දසුනක් දෙවියන් පෙන්වීය. මුස්ලිම්වරුන්ට ජය අත් වන බව අල්ලාහ් මේ මගින් පූර්ව දැනුම් දීමක් කළේය.

(මුහම්මද්!) ඔබේ සිහිනයෙහි අල්ලාහ් ඔවුන් ස්වල්ප දෙනෙකුව ඔබට පෙන්වු සැටි සිහි කරන්න. ඔහු ඔබට ඔවුන් බොහෝ දෙනෙකුව පෙන්වා ඇත් නම් නුඹලා අධෛර්යමත් වී සිටින්නෙහු ය. මෙම විෂ්‍යයෙහි මත භේද ඇති කර ගෙන සිටින්නෙහු ය. නමුත් අල්ලාහ් (නුඹලා) ආරක්ෂා කළේය. ඔහු සිත් තුළ තිඛෙන දේ පිළිබඳ ව සර්වඥයෙකි.

අල් කුර්ආනය 8:43

ලෛලතුල් කද්ර් රාත්‍රිය පිළිබඳ සිහිනය

ලෛලතුල් කද්ර් රාත්‍රියේ වැස්ස වසින්නා සේ ද එයින් පොළොව මඩ වී ඒ මත සජදා කරන්නා සේ ද නබි නායක (සල්) තුමාණෝ සිහිනෙන් දුටූහ. එතුමාණෝ සිහිනයෙන් දුටු පරිදි ම පසුව දා රාත්‍රියේ වැස්ස ලැබීල කිරි මැටි මත එතුමාණෝ සජ්දා කළහ. කුමක් දුටුවෙහු ද එහි ප්‍රතිඵලය ද එසේ ම විය.

බුකාරි 813, 2016, 2018, 2027, 2036, 2040 ආදී හදීස්වල මෙය දැක ගත හැකිය.

නබි ඊසා (අලෛ) තුමාව සිහිනෙන් දැකීම

නබි නායක (සල්) තුමාණෝ සිහිනෙන් කඃබාව තවාෆ් (පැදකුණු - දකුණට පිහිටන්නා සේ කඃබාව වටා කැරකීම) කරන්නා සේ දුටූහ. එම සිහිනයෙන් ම ඊසා නබි (අලෛ) තුමා ද දජ්ජාල් ද දුටූහ. ඒ දෙදෙනා ගේ ශරීර ලක්ෂණ අපට ද දැන් වූහ. මෙය බුකාරි, 3441, 3440, 5902, 6999, 7026, 7128 යන අංක සහිත හදීස්වල සඳහන් වී ඇත.

දජ්ජාල් හා ඊසා (අලෛ) තුමාව කුමන ස්වරූපයකින් දුටුවෝ ද එය ම ඔවුන්ගේ ස්වරූපය ද විය.

විවිධ මිමිවලින් කමිස දැකීම

මිනිසුන් විවිධ මිමිවලින් කමිස ඇඳ සිටි දසුනක් නබි නායක (සල්) තුමාණෝ සිහිනෙන් දුටූහ. සමහරෙකුගේ කමිස පයෝධර දක්වාද සමහරෙකුගේ කමිස ඊටත් අඩුවෙන්ද උමර් (රලි) තුමාගේ කමිසය බිම ගෑවෙන තරමට තිබුණු බවද නබි නායක (සල්) තුමාණෝ පැවසූහ. මෙහි තේරුම කුමක්දැයි උමර් (රලි) තුමා ප්‍රශ්න කළ විට ධර්මය යැයි නබි නායක (සල්) තුමාණෝ පිළිතුරු දුන්හ. (බුකාරි 23, 3691, 7008, 7009)

අධික ආගමික ලැදියාවක් ඇති අය විශාල ඇඳුමක් ඇඳ ගත්තා සේද ආගමික ලැදියාව අඩු අය ඒ අනුව කුඩා ඇඳුමක් ඇඳගත්තා සේ ද සිහින දැක නබි නායක (සල්) තුමාණෝ එA පිළිබඳ විග්‍රහය ද කීහ.

කිරිබොන්නා සේ සිහින දැකීම

නබි නායක (සල්) තුමාණෝ කිරි පානය කරන්නා සේ ද ඉතිරිය උමර් (රලි) තුමාට දෙන්නා සේ ද සිහිනයෙන් දැක අධ්‍යපානය කිරිමෙන් පෙන්වූ බවට එහි විග්‍රහය ද කීහග (බුකාරි - 82, 3681, 7006, 7007, 7027, 7032)

බොරු නබිවරුන්ව සිහිනෙන් දැකීම

දෑතෙහි රන් වළලූ පැලඳ වූවා සේ මම සිහිනයෙන් දුටුවෙමි. එය මට බරක් විය. එයට පිඹින මෙන් අල්ලාහ් මට දැනුම් දුන්නේය. මා පිම්ඹ වහාම වළලූ දෙකම පුලූන් සේ පාවී ගියේය. සන් ආල යෙමන් ආදි ප්‍රදේශවලින් තමන් නබි යැයි වාද කළ බොරුකාරයින්ට අත්වන පරාජය අල්ලාහ් මෙසේ පෙන් වන බව වටහා ගතිමි යැයි නබි නායක (සල්) තුමාණෝ ප්‍රකාශ කළහග (බුකාරි - 3621, 4375, 7034, 7037)

උමර් (රලි)ගේ මාලිගාව දැකීම

පරලොවදී උමර් (රලි) තුමාට හිමිවන මාලිගාව නබි නායක (සල්) තුමාණෝ සිහිනෙන් දැක එය උමර් (රලි) තුමාට දැන්වූහ.

(බුකාරි - 3242, 3680, 5227, 7023, 7025)

බුකාරි 3679 හදීසයෙහි උමර්, බිලාල් (රලි) හා රුමෛෂා (රලි) ආදීන්ගේ මාලිගාවල් සිහිනෙන් දුටු බව නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

හිජ්රත් පිළිබඳ සිහිනය

නබි නායක (සල්) තුමාණෝ මක්කමේ සිටින විට වෙනත් ගමකට සංක්‍රමණය වන්නා සේ සිහිනයෙන් දුටූහ. රට ඉඳිවලින් ගහන වූ එම ගම්මානය ’යමාමා’ නමැති ගම විය යුතු යැයි නබි නායක (සල්) තුමාණන් අවබෝධ කර ගත්හ. එහෙත් එය මදීනාව බවට පත්විය.

(මෙය බුකාරියේ 3622, 7035 ආදී හදීස්වල ප්‍රකාශ වී ඇත)

බිඳුන අසිපතක් දැකීම

නබි නායක (සල්) තුමාණෝ තම අසිපත බිඳුනා සේද නැවත එය යථා තත්ත්වයට පත් වූවා සේ ද සිහිනයෙන් දුටූහ එය උහද් සටනේදී මුලින් අත්වූ පරාජය ද පසුව අත්වූ ජයග්‍රහණය ද ප්‍රකාශ වන්නේ යැයි නබි නායක (සල්) තුමාණෝ විග්‍රහ කළහ.

(බුකාරි 3622, 4081, 7041)

නාවික හමුදාව

තම සමාජයේ නාවික හමුදාවක් ඇති වෙන්නා සේද එම හමුදාවේ උම්මු හරාම් නමැති කාන්තාව ද සහභාගි වන්නා සේද නබි නායක (සල්) තුමාණෝ සිහිනයක් දුටූහ. තමා දුටු පරිදි ඉටුවන්නේ යැයිද විග්‍රහ කළහ.

(බුකාරි 2789, 2800, 2878. 2895, 2924, 6282, 7002)

විවාහයට පෙර සහකාරිය දැකීම

නබි නායක (සල්) තුමාණෝ විවාහයට පෙර ම ආයිෂා (රලි) තුමිය සිහිනෙන් දැක අල්ලාහ් සිතුවේ නම් මෙය සිදුවේවි යැයි ද ප්‍රකාශ කළහ එසේ ම සිදුවිය.

(බුකාරි 3895, 5078, 5125, 7011, 7012)

කෙස් අවුල් කරගත් කාන්තාවක් දැකීම

මදීනාවේ වසූරි රෝගය හටගත් විට සිහිනයෙන් කාන්තාවක් කෙස් අවුල් කර ගෙන ජුහ්ෆා නමැති ස්ථානයට යන්නා සේ නබි නායක (සල්) තුමාණෝ දුටූහග එම රෝගය මදීනාවෙන් ඈත් වී ජුහ්ෆා නමැති ප්‍රදේශයට ගිය බව ද විග්‍රහ කළහ.

(බුකාරි 7038, 7039, 7040)

මෙවැනි සිහින විශාල සංඛ්‍යාවක් හදීස්වල ප්‍රකාශ වී ඇත.

තවත් විවිධ සිහිනයන්

බාල්දියෙන් වතුර ඉසින්නා සේ සිහිනය - බුකාරිල 3664, 7021, 7022, 7475 ආදි හදීස්වල දැක ගත හැකිය.

මී පැණි හා ගිතෙල් සිහිනෙන් දුටු බව බුකාරි 7046 වෙනි හදීසයේ දැක ගත හැකිය. අලූත් රට ඉඳි දුටු බවට මුස්ලිම් 4215 හදීසයේ දැක ගත හැකිය.

මේ සියල්ල අපි විමසා බලන විට අපි කුමක් සිහිනෙන් දකින්නෙමුද එය එසේම සිදුවිය හැකිය. නැත්නම් අපි දුටු දේට ආසන්නව එහි පලාඵල සිදු විය හැකි බව දැන ගත හැකිය.

තවද නබි නායක (සල්) තුමාණන් දුටු ඒ සිහිනය ම අපිත් දුටුවොත් ඒ ප්‍රතිඵලය ම අත් විය හැකි බව තීරණය කළ නොහැක.

සිහිනය දුටු පුද්ගලයාගේ කාලය ඔහු මුහුණ දුන් ගැටළුව ආදියට අදාලව එහි පලාඵල ද සිදු විය හැකිය.

කෙස් අවුල් කරගත් කාන්තාවක් දැක වසූරි රෝගය යැයි නබි නායක (සල්) තුමාණෝ තේරුම් ගත්හ. වසූරි රෝගය නැති කාලයක එවැනි සිහිනයක් දුටුවොත් ඒ පලාඵලය ම කිව නොහැක.

දකින මිනිසා සිතා බලන්නේ නම් මෙයින් කුමක් සඳහන් වන්නේදැයි තීරණය කළ හැකිය.

කිසිවක් තීරණය කළ නොහැකි නම් මුනිවත රකිමින් එය නොසලකා හැරිය හැකිය. එහි යම් තොරතුරක් ඇත් නම් අපට පැහැදිලිව තේරුම් ගත හැකි අන්දමින් එය වෙනත් සිහිනයක් මගින් අල්ලාහ් පෙන්වා දෙයි.

අකුරෙන් අකුරට සිදුවේ ද?

සිහිනයෙන් අපි දකින දේ අපි වටහා ගත්විට සිහිනෙන් දකින දේ එ අයුරින් ම අකුරෙන් අකුරට සිදුවේවි යැයි අදහස් නොකළ යුතුය. අපි වටහා ගත් දේ සිදුනොවී එයට සමීප දෙයක් ද සිදුවිය හැකිය.

යූසුෆ් (අලෛ) තුමා තාරකා එකොලහක් තමන්ට යටහත් පහත් වූ බව සිහිනෙන් දුටුවේය. ඒ අනුව සහෝදරයින් 11 දෙනාම එතුමාට යටහත් පහත් වූහ. හිරු හා සඳ දෙක ම තමාට යටහත් පහත් වූ බවද දුටුවේය. මෙය එසේ ම සිදුවන්නේ නම් යූසුෆ් (අලෛ) තුමාගේ මවත් පියාත් ඔහුට යටහත් පහත් විය යුතුය. එහෙත් මවත් පියාත් සිංහාසනයේ අසුන් ගන්වා සියලූ දෙනාම ඔවුන්ට යටහත් පහත් වූ බවයි 12:100 වැකිය පවසන්නේ සිහිනෙන් පෙන්වූ දේ සිදුවුයේ යම් තරමකට ය.

නබි නායක (සල්) තුමාණෝ එක ගමකට හිජ්රත් (සංක්‍රමණය) වන්නා සේ දුටුහ. ඒ ගම යමාමා යැයි නබි නායක (සල්) තුමාණෝ අදහස් කළහ. එහෙත් සැබැවින් ම එතුමාණෝ හිජ්රත් ගියේ මදීනාවට ය. මේ අනුව සිහිනෙන් පෙන්වන කරුණු සියයට සියයක් යන පදනම යටතේ තිබීම අවශ්‍ය නොවන බව තේරුම් ගත හැකිය.

බොහෝ සිහිනවලදී අපි කුමක් දකින්නෙමුද, එයින් අපි කුමක් තේරුම් ගත්තෙමුද එය ඒ අන්දමින් ම සිදුවිය හැක. සමහර සිහිනවලින් දකින දේ මඳක් අඩුවෙන් සිදුවිය හැක.

එහෙයින් සිහින පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන මෙලොව පරලොව යහපත් ප්‍රතිලාභ ලබාගැනීමට සර්ව බලධාරි අල්ලාහ් අප කෙරෙහි කරුණාව හා දයාව පහළ කරත්වා