ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් කොටුව පොලිසියේ පැමිණිල්ලක්.

ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් කොටුව පොලිසියේ පැමිණිල්ලක්.

ජී එස් පී ප්ලස් වරණීය සහන ලබා ගැනීම වෙනුවෙන් මුස්ලිම් විශේෂ නීතියේ අත තබන යහ පාලන රජයට එරෙහිව තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පසුගිය 03 වන දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූඋද්ඝොෂණයට සහභාගී වන මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන බවත් ගිණි තබන බවත් ඒ සඳහා අවශ්‍ය කරන්නාවූ අවි ආයුධ තමන් සතුව පවතින බවත් මරාගෙන මැරෙන ප්‍රහාරයකටත් තමන් සූදානම් බව පවසමින් නීතිය අතට ගෙන මරණ තර්ජනය සිදු කළ මීතොටමුල්ලේ පදිංචි සුරේෂ් ප්‍රියසාද්ට එරෙහිව  07.11.2016 වන දින කොළඹ කොටුව පොලිස් ස්ථානයේ තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පැමිණිල්ලක් දමන ලදී.

එමෙන් ම, බොදු බල සේනා මාධ්‍ය හමුවක දී ප්‍රසිද්ධියේ මුස්ලිම් ජනතාවට පහර දෙන බවත් මුස්ලිම් ජනතාව සිය පණටත් වඩා ප්‍රේම කරන සර්ව පවිත්‍ර, උත්තරීතර, සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට නොමනා ලෙසින් බැණ වදිමින් දෝෂාරෝපණය කළ ගලබොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි ව ද එදින ම තව්හීද් ජමාඅත් සංවිධානය කොටුව පොලීසියේ පැමිණිල්ලක් දමන ලදී.

උද්ඝොෂණය තහනම් කළ යුතු යැයි මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළ  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් “අල්ලාහ්ට දෙකක් ද? තුනක් ද තිබෙන්නේ?” යනුවෙන් ද “මුස්ලිම් ජනතාව අල්ලාහ් මොකෙන් මැව්වද දන්නේ නැහැ යනුවෙන් ද, මුස්ලිම් ජනතාව අදහන සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් අවමන් කරමින් පිළිකුල්සහගත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.

තව දුරටත් අදහස් දැක්වූ හිමි කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තව්හීද් ජමාඅත් සංවිධානය උද්ඝොෂණයක් පැවැත්වූයේ නම් පරහ දී එලවන්නෙමු යනුවෙන් ද ප්‍රකාශ කළේ ය.

ඥානසාර හිමියන්ගේ මෙම ප්‍රකාශයෙන් පෙලඹී 10 කට ආසන්න සිංහල තරුණයින් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට 03.11.2016 දින මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදි අදහස් ඉදිරිපත් කළහ. එය ඔවුන් විසින්ම පටිගතකර ෆේස්බුක් අඩවියේ පළ කොට තිබුණි.

රටේ පවතින නීතිය අතට ගැනීමට වෙර දරන කිසිවෙකුට අයිතියක් නොමැති බැවින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ම ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය මගින් අදාළ පැමිණිල්ල ඉකුත් දින දමන ලදී.

මාධ්‍ය ඒකකය
තව්හීද් ජමාඅත් - SLTJ,
කොළඹ