අහස පිළිබඳ විද්‍යාත්මක හැළිදරව්ව

අහස පිළිබඳ විද්‍යාත්මක හැළිදරව්ව

අහස යන වචනය පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථ දෙකකින් භාවිත වී තිබේ.

ඉහළ පෙනෙන අවකාශය යන්න එක් අර්ථයකි.

අහසින් ජලය පහළ කළ බව 2:21, 6:98, 8:11, 13:17, 14:23, 15:22, 16:10, 16:65, 20:53, 22:63, 23:18, 25:48, 27:60, 29:63, 30:24, 31:10, 35:27, 31:21, 43:11, 50:9 යන වැකි පවසයි.

මෙම අහස අපට පහසුවෙන් අත් කර ගත හැකිය. අහස් යානා වල ගමන් කරන අය මෙකී අහසට ඉහළින් එනම් වැසි වස්සන වලාකුළු වලට ඉහළින් ගමන් කළ හැකිය.

පක්ෂීහු අහසේ කැරකෙන බව අල් කුර්ආනය පවසන්නේ හිස් අවකාශය ගැන ය.

විද්‍යාඥවරු මෙම වචනය ඝන ද්‍රව්‍යයක් නොවන බවත් හූනියමක් හෙවත් හිස් අවනයයක් බවත් පවසති. එබැවින් අපට මෙය බාධාවක් නොමැතිව අහස් යානා වලින් පහසුවෙන් පසු කරගෙන යා හැකිය.

මෙය නොවන තවත් අහසක් ගැන ද පරිශුද්ධ වූ අල් කුර්ආනය පවසයි. එය තවමත් මිනිසා ගමන් නොකළ ඈතක පිිහිටා ඇත. එය තට්ටු හතකින් සමන්විත වන පරිදි සර්ව බලධාරී දෙවියන් විසින් නිර්මාණය කර ඇත.

දින දෙකකින් අහස් සත නිර්මාණය කළේය. සෑම අහසකට ම එයට අදාළ අණ දැනුම් දුන්නේය. යටි අහස පහන් වලින් අලංකාර කළෙමු. (ඒවා) සුරක්ෂිත දෙයක් (කළෙමු). මෙය සර්වඥ වූ අබිබවන්නාගේ සැලැස්මකි.

අල් කුර්ආන් 41:12

නබි නායක (සල්) තුමාණන් මිඃරාජ් නම් වූ අභ්‍යවකාශ ගමනට කැටුව ගිය අවස්ථාවේ දී එතුමාණන් එක් එක් අහසට කැටුව යනු ලැබූ විට දී එහි සුර දූතයින්ට අහස් දොරටු විවෘත කරන මෙන් පවසා ඒවාහි දොරටු විවෘත කිරීමෙන් පසුව නබි නායක (සල්) තුමාණන්ට ඇතුලට යාමට හැකි විය.

මෙසේ අහස් සතක් ඇත. මෙම අහස විද්‍යාඥවරු තවමත් දැනුමෙන් පවා අත් කරගෙන නැත. මොවුන් අභ්‍යවකාශය නමැති හිස් අවකාශයේ සීමාවන් පවා අත් කරගෙන නැත. එය ඝණ ද්‍රව්‍යයක් ද ද්‍රවයක් ද යන්න ගැන පවා තවමත් අදහස් ප්‍රකාශ කර නැත.

කවර වැකියක කවර අහසක් ගැන ප්‍රකාශ වේ ද යන්න ගැන අපට පහසුවෙන් වටහාගත හැකිය.

මිනිසා හා සම්බන්ධය කරුණු ගැන කථා කරන විට අහස යනු හිස් අවකාශය යන අර්ථයෙන් භාවිත වී ඇත.

මිනිසා නොදැන සිටින විශ්වාසයන් හා සම්බන්ධ කරුණු ගැන කථා කරන විට අහස යනුවෙන් ප්‍රකාශ වේ නම් එය මිනිසා ළඟා නොවූ, සේන්දු නොවූ තට්ටු හතකින් යුත් ඝණ ද්‍රව්‍යයක් ලෙස පිහිටි අහස යන අර්ථයෙන් භාවිත වී ඇත.

පරිශුද්ධ වු අල් කුර්ආන් සිංහල පරිවර්තනය - සටහන 507