මිනිසාට පොළොවේ පාතාලයට ගමන් කළ නොහැකිය

මිනිසාට පොළොවේ පාතාලයට ගමන් කළ නොහැකිය

අභ්‍යවකාශයේ ගමන් කළ හැකි යැයි පවසන පරිශුද්ධ වූ අල් කුර්ආනය, අභ්‍යවකාශයේ ගමන් කිරීමේ දි හෘදය සංකෝචනය වේ යැයි එහි ප්‍රතිවිපාකයත් උගන්වා දෙන පරිශුද්ධ වූ අල් කුර්ආනය, පොළොව යට කන්දක උස ප්‍රමාණයක් තරම් දුරකට ගමන් කළ නොහැකියැයි මෙම වැකියේ (17:37) පවසයි.

මෙම වැකිය අති මහත් විද්‍යාත්මක අනාවැකියක් ලෙස පිහිටා ඇත.

පරිශුද්ධ වූ අල් කුර්ආන් පරිවර්තකයෝ මෙම වැකියට වැරදි පරිවර්තනයක් සිදු කරමින් මෙම වැකිය අර්ථ ශුන්‍ය කර ඇත.

“ භූමියෙහි ගර්විතව ගමන් නොකරව, පොළොව විදාරනය කරන්නට මුඹට නොහැක්කේ ම ය. (මුඹගේ ගර්විත වීමෙන්) කඳු මෙන් උස්වන්නට ද මුඹට නෙහැක්කේ ම ය’ යන අර්ථයෙන් බොහෝමයක් පරිවර්තන පිහිටා ඇත.

මුල් කාලයේ පටන් පතල් කැණීම, ළිං කැපීම, වේලි බැඳීම, කුඩා වැව් සෑදීම වැනි නොයෙකුත් කටයුතු සඳහා මිනිසුන් පොළොව විවර කිරීමට පුරුදුව සිටියේ ය. අල් කුර්ආනය පහළ වූ කාලයේ ද මෙම කටයුතු සිදු වෙමින් පැවතුණි. එසේ තිබිය දී “මුඹට පොළොව විවර කරන්නට නොහැක්කේ ම යැ”යි පැවසිය හැක්කේ කෙසේ දැයි ඒ පරිවර්තකයෝ කල්පනා නොකළහ.

තව ද පොළොව විවර කිරීම, කන්දක උසින් සිටීම හා ගර්විත නොවිය යුතුය යන ක්‍රියාව අතර කිසිඳු සම්බන්ධයක් නැත.

මෙම වැකියේ නිවැරදි අර්ථය මෙයයි.

“නුඹ පොළොව විවර කර කන්දක උසක් අත් පත් නොකළෙහි ය”.

මිනිසා ගුවනේ කෙතරම් උසකට ගමන් කළත් එය මිනිසාට පහසු ය. නමුත් පොළොවේ පාතාලයට එසේ ගමන් කළ නොහැකිය. විශාල කන්දක උස කොපමණ වේ ද එතරම් ප්‍රමාණයක් පොළොව පතුළට මිනිසා විසින් පොළොව පළා ගමන් කළ නොහැකිය යන්න මෙම වැකිය පවසන අර්ථය වේ.

සිදු විය නොහැකි මෙම දුෂ්කර ක්‍රියාව නුඹ විසින් සිදු කළ හැකි නම් නුඹ උඩඟු වීමට යම්තාක් දුරට අර්ථයක් ඇතැයි සර්ව බලධාරී දෙවියන් තරවටු කරයි.

මෙහි අන්තර්ගත වී තිබෙන විද්‍යාත්මක සත්‍යය කුමක්දැයි බලමු.

මිනිසා පොළොවට ඉහළින් කි.මී. 356399 ඈතින් පිහිටි චන්ද්‍රයාට මිනිසුන් යවා එහි උස අත් පත් කර ගෙන ඇත. තව ද පොළොවට ඉහළින් කි.මී. කෝටි 8 ක් දුරින් පිහිටා ඇති අඟහරු ග්‍රහලොවට යන්ත්‍රයක් යවා එහි උසත් මිනිසා අත් පත් කළේය.

පොළොවේ විෂ්කම්භය කි.මී. 12756 ක් වේ. එනම්, පොළොවේ එක් කොනක සිට තවත් කොනක් දක්වා වූ දුර කි.මී. 12756 ක් වේ.

මිනිසා මෙයින් පොළොව පතුළට ගමන් කර තිබෙන දුර ප්‍රමාණය කි.මී. 3.3 ක් පමණි. දකුණු අප්‍රිකාවේ තිබෙන ලෝකයේ ඉතා ගැඹුරු ම පතල යැයි හඳුන්වනු ලබන ට්‍රාන්ස් වෝල් බාක්ස්බර්ග් යන තැනෙහි පිහිටා තිබෙන පතලේ ගැඹුරත් මෙයයි.

 සැබවින් ම මෙය ද නිවැරදි ප්‍රමාණය යැයි කිව නොහැකිය. මෙම පෙදෙස මුහුදු මට්ටමෙන් මීටර 1600 ක් උසින් ඇත. මුහුදු මට්ටමෙන් මනින විට මෙම පතලේ ගැඹුර මීටර 1700ක් පමණි. එනම් මිනිසා පොළොව පතුලට කි.මී. 2ක් හෝ ගමන් කර නැත.

ලෝකයේ විශාලත ම කන්ද වන හිමාලය කන්දේ උස කි.මී. 9ක් වේ. මේ කි.මී. 9 යේ ගැඹුරට එනම්, කන්දක උසක තරමට මිනිසා පොළොව පතුලට ගමන් කළ නොහැකි බව විද්‍යාඥවරු පිළිගනිති.

පොළොව මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය වන සෙන්ටිග්‍රෑට් 40ක උෂ්ණත්වයක් දරාගත නොහැකිය. මුහුදු මට්ටමෙන් මිටර 1700ක් ගැඹුරක් තිබෙන ඉහත පතලේ සෙන්ටිග්‍රේඩ් 57 ක උෂ්ණත්වයක් ඇත. කම්කරුවන්ට මෙම උෂ්ණත්වය දරාගත නොහැකි බැවින් එයට යාබදව පිහිටි පෙදෙසේ ශීතකරණය කර ඇත.

පොළොව පතුලේ මීටර 700 පසු කරගෙන යන විට වාතය මුහුණ දවා පුළුස්සනු ඇතැයි විද්‍යාඥවරු සොයා ගෙන ඇත. එබැවින් කන්දක උසක් වන කි.මී. 9 ක ප්‍රමාණයක් පොළොව තුළට ගමන් කිරීමට හැකියාවක් නැත.

තව තවත් පොළොව පතුලට ගමන් කරන විට ගුරුත්වාකර්ෂණ බලයත් වැඩි වේ. මේ හේතුවෙන් ද පොළොවේ පාතාලයට මිනිසාට ගමන් කළ නොහැකිය.

‍කෙසේ වැතත් වසර 24 දිගින් දිගට රුසියානු විද්‍යාඥයින් පිරිසක් යන්‍රයක් පොළව පතුලට යැවීමෙන්ද කි.මි 12.262 පසු කර ඔවුනට් යා නොහැකි විය.

අඟහරුමත ජනාවස පිහිටවීම තැත් කරන විද්‍යාඥ්ඥයන් පොළෝ පතුලට මිනිසෙකු යැවීමට අදවනතුරු නෙහැකිය වී ඇත. එය ඔවුන්ට කරන්නටද නොහැකිය.

මෙම පරම සත්‍යය සියවස් 14කට පෙරදී ම හෙළිදරව් කිරීම තුළින් පරිශුද්ධ වූ අල් කුර්ආනය දේව ධර්ම ග්‍රන්ථයක් වන බව තහවුරු වේ.

www.sinhalaquran.lk විග්‍රහය 266 ඇසුරැන්