කාන්තා දිනය සහ මුස්ලිම් කාන්තාව

කාන්තා දිනය සහ මුස්ලිම් කාන්තාව

කාන්තාවන් තම දේහාලංකාරයෙන් මැණික් කටුව දක්වා අතේ ඉදිරි කොටස, මුහුණ හැර අන් පෙදෙස අන් අය ඉදිරිපිට ආවරණය කර ගත යුතු බව නබි නායක (සල්) තුමාණන්ගේ හදීස් වලින් වටහාගත හැකිය.

 ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව මෙය ‘හිජාබ්’ යනුවෙන් ද අපේ රටේ ‘ෆර්දා’ ‘බුර්කා’ ‘මොට්ටැක්කිළිය’ යනුවෙන් ද සඳහන් කරනු ලැබේ.

 “හිජාබ් කාන්තාවන්ට අමතර බරක් යැයි ද ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් යැයි ද ඔවුන්ගේ පෞද්ගලික නිදහසට ඇඟිලි ගැසීමක් යැයි ද සමහරු පවසති.

 ‘හිජාබ්’ යනු සැබවින් ම කාන්තාවන් ගෞරව කිරීමටත් ඔවුන්ගේ ආරක්ෂාවටත් ඇති කරනු ලැබූවක් මිස ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ඇති කරන ලද්දක් නොවේ.

 ඉස්ලාම් කාන්තාවන්ට වස්ත්‍ර පිළිබඳවිනය නීතියක් පනවා තිබෙනවා සේ අප රටේ සියලූ ආගමිකයින් ද, ආගම් පිළි නොගන්නා අය ද කාන්තාවන්ට වස්ත්‍ර පිළිබඳ විනය නීතියක් පනවා ඇත. කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරන කාන්තාවන් පවා වස්ත්‍ර සම්බන්ධයන් විනයක් අවශ්‍ය වන බව හෙළිදරව් කරමින් සිටිති.

 ඔවුන්ගේ ප්‍රතිපත්තිය ද වන්නේ කාන්තාවන් පුරුෂයින්ට වඩා අධික වශයෙන් ආවරණය කරගත යුතුය යන්නයි. ඔවුන් ඉස්ලාම් සමඟ ප්‍රතිවිරුද්ධ වන්නේ ඒ ආවරණය කළ යුතු ප්‍රමාණය අධික වේ යන කාරණාවේ දී ය. මේ ගැන ප්‍රථමයෙන් දැනගත යුතුය.

 කම්කරු පන්තියට අයත් පුරුෂයෙක් කමිසයක් හෝ බැනියමක් හෝ වැනි උඩු ඇඳුමක් නොමැතිව හුදෙක් ම කොට කළිසමක් පමණක් ඇඳගෙන තම වැඩ කටයුතු කරයි. බොහෝ අය ඉදිරිපිට මෙවිලසින් ම දිස් වෙයි. ඒ කම්කරු පන්තියට ම අයත් කාන්තාවක් උඩු ඇඳුම් කිසිවක් නොමැතිව යටට අඳින කොට කළිසමක් සමඟ වැඩ කිරීමට හෝ බොහෝ අයට දිස්වීමට හෝ අනුමත කරනු නොලැබේ. තම භාර්යාව, තම මව, තම සහෝදරිය අන් අය ඉදිරිපිට මෙතරම් ප්‍රමාණයක වස්ත්‍රසමඟ දිස්වන විට ප්‍රගතිගාමීන් ඇතුළු කිසිවෙක් එය අනුමත නොකරයි.

 එලෙස ම මධ්‍යම පාන්තිකයෙක් නැතහොත් ඉහළ පැලැන්තියේ පුරුෂයෙක් යටට අඳින කොට කලිසමත් සමඟ නිවසින් පිටත දී දිස් නොවූවත් නිවස තුළ දී පවුලේ අය ඉදිරිපිට මෙවිලසින් සිටියි. සෑම මොහොතක දී ම මෙසේ නොසිටියත් දුෂ්කර වැඩ වලදීත් ග්‍රිස්මයේදීත් මෙවිලසින් සිටිනු ඇත. නමුත් ඒ පැලැතියේ කාන්තාව මෙසේ සිටීමට නියත ව්‍යයෙන් ම අනුමත කරනු ලබන්නේ නැත.

 අන්‍ය පුරුෂයින් ඉදිරිපිට පමණක් නොව, සිය පවුලට අයත්, පුරුෂයින් අතර පවා මෙකී විලසින් කාන්තාවන් දිස් වන්නේ නැත. කාන්තාවන් ඉදිරිපිට පවා මෙසේ දිස් වීමට අවසර දෙනු ලබන්නේ නැත.

 පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් ආවරණය කරගත යුතු පෙදෙස් අධිකව ඇති බව ඒ කාන්තාවන් ද වටහාගෙන ඇත. පුරුෂයින් ද වටහාගෙන ඇති බවට මෙම හැසිරීම් රටාව සාධකයක් සේ පිහිටා ඇත.

 පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් අමතර පෙදෙස් ආවරණය කරගත යුතු බව තම හැසිරීම් රටාව තුළින් ඔවුන් පිළිගෙන ඇත. ඉස්ලාම් හා ඔවුන් අතර මත භේද ඇත්තේ ආවරණය කරගත යුතු ප්‍රමාණය කුමක් ද යන්නෙහි ය. මන්දයත් ඔවුහු පවා පුරුෂයින්ට තිබෙන ඒ හා සමාන නිදහස මේ විෂයයෙහි කාන්තාවන්ට පිරිනමන්නේ නැත.

 හිජාබ් කාන්තාවන්ට ආරක්ෂාවක් ලෙසත් ඔවුන් ගෞරවයට පත් කරවන්නක් ලෙසත් පිහිටන්නේ කෙසේ ද යන්න ගැන දැන් බලමු.

 පුරුෂයින් කාන්තාවන් බලා රස විඳින්නන් ලෙසත් කාන්තාවන් පුරුෂයින් බලා රස විඳින්නන් ලෙසත් නිර්මාණය කරනු ලැබ තිබෙන බව අපි දනිමු. නමුත් දෙපාර්ශවයේ ම රසාස්වාදයන් විවිධාකාර වන බව ප්‍රථමයෙන් වටහා ගත යුතුය.

 කාන්තාවන්ගේ වර්ණය, නැතහොත් ඔවුන්ගේ රූසපුව, නැතහොත් ඔවුන්ගේ තාරුණ්‍යය නැතහොත් අවයවයන්හි ලූව බව යනාදිය පුරුෂයින් විසින් බලා රස විඳිනු ලැබේ. අඩුවෙන් වස්ත්‍ර ඇඳ ගෙන හෝ සිත් ගන්නා සුළු තද වස්ත්‍ර ඇඳගෙන හෝ කාන්තාවන් දිස්වන විට පුරුෂයින් එය බලා රස විඳීමට ප්‍රිය කරන්නේ මේ නිසාවෙනි. මෙයින් ව්‍යාතිරේක වූ කිහිප දෙනෙක් සිටියත් පොදුවේ පුරුෂයින්ගේ ස්වාභාවය මෙයයි.

 කාන්තාවන්ගේ රසාස්වාදය මෙබන්දක් නොවේ. පුරුෂයින්ගේ අංග අවයවයන්හි ආකර්ෂණයට ඔවුන්ගේ රසාස්වාදයට යොමු වන්නේ නැත. පුරුෂයින් කෙතරම් අඩුවෙන් වස්ත්‍ර අඳිමින් දිස් වූවත් කාන්තාවන් එදෙස බලා රස විඳින්නේ නැත. ආපසු හැරී බැලිය යුතුයැයි ඔවුන් ප්‍රිය කරන්නේ ද නැත.

 අසභ්‍ය චිත්‍රපටි, පොත්පත් යනාදිය කාන්තාවන්ගේ නිරුවත්භාවය වෙළඳාමක් කර තිබීමෙන් ද පුරුෂයින්ගේ නිරුවත්භාවය වෙළඳාමක් කිරීමට නොහැකි වීමෙන් ද මෙය දැන ගත හැකිය.

 පුරුෂයින් හා කාන්තාවන් එකට මිශ්‍රව ජීවත්වන මෙලොවෙහි කාන්තාවන්ගේ කැමැත්ත පමණක් පදනම් කර ගෙන ඔවුන්ගේ ඇඳුම් තීන්දු කිරීම වරදකි. මොවුන් බලා රසවිඳින එයින් කම් සැප ලබන පුරුෂයින්ගේ මානසිකත්වයත් සලකා බලා ඔවුන්ගේ ඇඳුම් තීන්දු කළ යුතුය. දෙපාර්ශවය ම පතිවත්භාවයෙන් ද විනයානුකූලව ද කටයුතු කිරීමට මෙසේ සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ.

 ලස්සන කාන්තාවකගේ කවර පෙදෙස් බලා පුරුෂයෙක් රස විඳින්නට ප්‍රිය කරන්නේ ද ඒවා අනිවාර්යයෙන් ම ආවරණය විය යුතුය. මන්දයත් ඒවා මුඵමනින් ම රස විඳිමේ අයිතිය ඇගේ ස්වාමි පුරුෂයාට පමණක් හිමිය.

 බැලීමෙන් ඇති වරද කුමක් ද යන ප්‍රශ්නය වැරදි ය.

 මෙයින් හට ගන්නා දුර්විපාක මොනවාදැයි අපට දෛනික ජිවිතයේ මුහුණ දීමට සිදු වේ. තම භාර්යාවට වඩා අධික වශයෙන් බලා රස විඳිය හැකි තවත් කාන්තාවක් දකිනා අයගෙන් බොහෝ අය රස විඳිමෙන් නතර වූවත් සමහරු නොමනා ලෙස ඇය අත්පත් කිරීමටත් භුක්ති විඳීමටත් උත්සහ කරති. ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර, මිනිස් ඝාතන දක්වා මොවුහු සීමාව ඉක්මවීමත් අපි දෛනිකව දකින්නෙමු.

 මෙතරම් ක්‍රෑරව කටයුතු නොකරන අය පවා මානසිකව ඇගේ සිතුවිල්ලෙන් ම උන්මාද වෙති. තම භාර්යාව සමඟ සසඳා බලා භාර්යාව කෙරෙහි තිබෙන ඇල්ම හා සම්බන්ධය අඩු කර ගනිති.

 විනයානුකූල ජීවිතයේ ඉතා භයානක ලෙස ලෝකය පසුබට වී තිබීමට පළමු හේතුව කාන්තාවන්ගේ අංග සම්පූර්ණ නොවන වස්ත්‍ර හා පුරුෂයින් වශී කරවන අලංකාරයන් ය. මෙය කාටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

 පුරුෂයින් කාන්තාවන් බලා රස විඳින්නා සේ කාන්තාවනුත් පුරුෂයින් බලා රස විඳින බව සමහරු පවසති. මෙම තර්කය සත්‍යය යැයි පිළිගත්ත ද හිජාබය ප්‍රතික්ෂේප කිරීමට මෙම තර්කය ශක්තිමත් නොවේ.

 මන්දයත් පුරුෂයින් කාන්තාවන් බලා රස විඳ කාන්තාවන්ගේ කැමැත්තෙන් තොරව බලාත්කාරයෙන් ඔවුන් භුක්ති විඳිය හැකිය. කාන්තාවන් පුරුෂයින් බලා රස විඳින බව තර්කයකට පිළි ගනු ලැබුවත් පුරුෂයින් කැමති වන තෙක්, ඔවුන්ගේ හැඟීම් ඇවිස්සී ප්‍රබෝදමත් වන තෙක්, කාන්තාවන් විසින් පුරුෂයින් බලාත්කාරයෙන් භුක්ති විඳිය නොහැකිය.

 මෙවන් තත්ත්වයක දී පුරුෂයෙක් කෙතරම් අඩුවෙන් ඇඳ සිටියත් ඔහුට බලපෑමක් නැත. නමුත් අංග සම්පුර්ණ නොවූ කැළඹීමට පත් කරවන ඇඳුමක් ඇඳ සිටින කාන්තාවකට නියත වශයෙන් ම ඇගේ අඩ නිරුවත් ඇඳුමෙන් වශී වී පුරුෂයින් විසින් බලපෑම් ඇති කළ හැකි බවට කිසිඳු සැකයක් නැත.

 ඇගේ කැමැත්තෙන් තොරව ම බලාත්කාරයෙන් ම ඇය භුක්ති විඳිනු ලබන විට ඇගේ අයිතිවාසිකමත් ස්ත්‍රීත්වයත් ආත්ම ගරුත්වයත් බලපෑමට ලක් වන බව හිජාබය විවේචනය කරන අය කල්පනා නොකරති.

 රටේ දිනපතා සිදු වන ස්ත්‍රී දූෂණත් කාන්තාවන්ට එරෙහි වධ හිංසාවනුත් හෙළා දැක මෙවන් ක්‍රියා වල නියැලෙන අයට දරුණු ලෙස දඩුවම් කළ යුතුය. අරාබි රට වල පවතින නීතිය අප රටටත් අවශ්‍ය යැයි හිජාබ් විවේචනය කරන අය පවා ඇතැම් අවස්ථාවල දී ප්‍රකාශ කරති.

 නමුත් මෙකී තත්ත්වයට පුරුෂයින්ගෙන් සමහරුන් වශී කරන කාන්තාවන්ගේ ඇඳුම් හා විලාසිතාවන් ප්‍රධාන හේතුවක් වන බව අමතක කරති. හේතුව අමතක කර ඵලය හෙළා දැකීමේ අර්ථය හා සාධාරණය කුමක් ද?

 කාන්තා අයිතිවාසිකම් පිළිබඳසංවිධාන අසභ්‍ය චිත්‍රපටි වලට හා පෝ්ස්ටර් වලට එරෙහිව අරගල කිරීමත් පෝස්ටර් ඉරීම, සායම් ගසා ආවරණය කිරිම වැනි ක්‍රියාවල නියැලීමත් අපි දකින්නෙමු. මෙයින් පිළිඹිබු වන්නේ කුමක් ද? කාන්තාවන් පුරුෂයින්ට වඩා අධිකව සිරුර ආවරණය කරගත යුතු බව මොවුන්ගේ යටි සිත පිළිගැනීම පිළිඹිබු වූයේ නැද්ද?

 කාන්තා අයිතිවාසිකම් උපයෝගී කරගෙන ම කාන්තාවක් නිදහසේ නිරුවත් ව දිස්වන්නී ය. උදාහරණයක් ලෙස වැඩිහිටි චිත්‍රපටි රඟන නිළියක් දැක්විය හැකිය. එය ඇගේ නිදහසයි. ඒ දසුන හෙළි කරනු ලබන්නේ ඇගේ කැමැත්ත මත ය. ඇයත් ඒ දෙස බලන්නී ය. තත්ත්වය මෙසේ තිබිය දී මෙවන් දසුන් හෙළා දැකීමත් ඒවාහි දැන්වීම් ඉරා දැමීමත් මොවුන්ගේ තර්කයට අනුව ඒ කාන්තාවගේ පෞද්ගලික නිදහසේත් අයිතිවාසිකම්වලත් ඇඟිලි ගැසීමක් නොවන්නේ ද?

 කාන්තාවගේ සිරුර ආවරණය විය යුතුයැයි ඉස්ලාම් පැවසීම මොවුන්ගේ යටි මනසත් පිළිගන්නා බව මොවුන්ගේ ක්‍රියා වලින් ම පෙනේ.

 කාන්තාවන්ගේ සම්පූර්ණ සිරුරත් රස විඳිය හැකි අයුරින් තිබිය දී මුහුණ හා අත් පවා ආවරණය කර ගත නොවේ ද? යන පැනය මෙහි දී මතු විය හැකිය.

 මේ අවයව දෙක ආවරණය නොකර සිටීමට ඉස්ලාම් සහන සලසා ඇත්තේ සාධාරණ හේතු මත ය.

 පුරුෂයින් වූවත් කාන්තාවන් වූවත්, ඔවුන් අතරින් සර්ව බලධාරී දෙවියන්ට බිය බැතිමත්ව විනයානුකූලව ජීවත් වන අය සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. බොහෝ අය විනයානුකූලව හැදියාවෙන් කටයුතු කිරීමට හේතුව ඔවුන් හඳුනන අය අතර තම ගෞරවය කෙලෙසෙනු ඇත යන බියයි. මේ බිය හේතු කොටගෙන ම ඔවුහු විනය රැක ගනිති. ගම තුළ හැදියාවෙන් සිටින අය පිට ගමක දී විනය කඩ කිරීමට හේතුව මෙයයි.

 කාන්තාවක් මුහුණත් සම්පූර්ණයෙන් ම ආවරණය කර ගන්නා විට යම් කෙනෙකුට ඇය හඳුනා ගැනීමට අපහසු ය. කිසිවෙකු විසින් තමන් හඳුනාගත නොහැකි වන විට ඇය නොමනා ලෙස හැසිරීම සඳහා දිරිය ලබන්නී ය. ඇය කුමන පුරුෂයෙක් සමඟ හුදෙකලාවේ සිටියත් ඇය කවරෙක්දැයි කිසිවෙක් නොදන්නා නිසා ඔහුගේ භාර්යාව විය හැකියැයි ලෝකය සිතා ගනියි. අන් අය බලා රස විඳින බැවින් මුහුණත් ආවරණය කිරීමට අණ කළේ නම් එය ම වරදට මග පාදයි.

 කාන්තාවන් පමණක් නොවේ. පුරුෂයින්ට ද මුහුණු වැස්මක් ඇඳ ගෙන කිසිවෙකු දැනගත නොහැකි අයුරින් ඇඳුම් ඇඳ ගැනීමට අවසර දෙන ලද්දේ නම් ඔහුගේ හැදියාවත් නියම ස්වරූපයත් එවිට හෙළි වනු ඇත. දේව බිය බැතිය නොමැති වූවත් අවම වශයෙන් සමාජය ගැන පවතින භීතියවත් විනය රැක ගැනීමට පෙලඹවිය යුතුය.

 ඉස්ලාම් මුහුණ ආවරණය කර ගන්නා මෙන් කාන්තාවන්ට අණ නොකළේ මේ නිසාවෙනි.

 (කාන්තාවන් මුහුණු ආවරණය කර ගැනීමට අවශ්‍ය නොවන බව හේතු සාධක සමඟ දැන ගැනීමට 472 වන සටහන බලන්න.)

 ගනුදෙනු කිරීමට, තවත් නොයෙකුත් වැඩ කටයුතු වල නියැලීමට දෑත් අතිශයින් ම වැදගත් ය. ඒවාත් ආවරණය කර ගතහොත් කිසිඳු කාර්යයක කාන්තාවන් නියැලිය නොහැකි තත්ත්වයක් උදා වනු ඇත. වළලූ කරට පහළ පාද ආවරණය කරගත යුතුයැයි ද ඉස්ලාම් අවධාරණය කළේ නැත.

 මෙය හැර අනෙක් අවයව අනිවාර්යයෙන් ම පුරුෂයින්ගේ හැඟීම් අවුස්සා කැලඹීමට පත් කරන සුළු ඒවා ය. ඔවුන්ගේ විනයට අභියෝග කරන සුළු ඒවා ය. ඒ අවයව විවෘත කර පෙන්වීමෙන් කිසිඳු ඵලක් නැත.

 මුහුණ හා අත් පමණක් පෙනෙන අයුරින් ඇඳුම් ඇඳීම කාන්තාවන්ගේ අභිවෘද්ධියට තහනමක් යැයි ප්‍රකාශ කිරීමත් පිළිගත හැකි තර්කයක් නොවේ.

 මේ රටේත් ලෝකයේ බොහෝ රට වලත් ජනාධිපතිවරු, අග්‍රාමාත්‍යවරු, ඇමතිවරු, මන්ත්‍රිවරු යනාදී නොයෙකුත් තනතුරු වල සිටින පුරුෂයින් මුහුණ හා අත් හැර අනෙක් පෙදෙස් සම්පූර්ණයෙන් ම ආවරණය කර ඇත. නමුත් ඔවුනට විශාල තනතුරු දැරීමට මෙය බාධාවක් නොවී ය.

 ඉහළ තනතුරු දරන ඕනෑම පුරුෂයෙක් මැදින් නාභිය පමණක් පෙනෙන අයුරින් ඇඳුම් අඳින්නේ නැත. දණ හිස දක්වා කොට ගවුමක් ඇඳපාද පෙන්වා සිටින්නේ ද නැත.

 පුරුෂයින්ට වඩා අඩුවෙන් ආවරණය කර ගැනීම කාන්තාවන්ගේ නිදහස යැයි පිළිගත හැක්කේ කෙසේ ද?

 අනුන් බලා රස විඳිය යුතුය යන වංචනිකකමට නිදහස යැයි නම් කිරීම අපට පිළිගත නොහැකිය.

 අඩුවෙන් ආවරණය කළ ද කිසිවෙකුට බලපෑමක් සිදු නොවන දේහ ව්‍යුහයක් ලබා ඇති පුරුෂයින් පවා පූර්ණ වූ ඇඳුම් ඇඳ දියුණු වෙති.

 අඩුවෙන් හා අඩ නිරුවතෙන් ඇඳුම් ඇඳීමෙන් අනුන්ට බලපෑම් ඇති කරවන දේහයක් සහිත කාන්තාව හාත්පසින් ම පටහැනිව කටයුතු කිරීම අරුම පුදුම දෙයකි.

 අපි මෙහි දී තවත් කරුණක් පෙන්වා දිය යුතුය. හිජාබ් යනු නිශ්චිත වර්ණයක් හා හැඩයකින් යුතු දෙයක් නොවේ. එය ඕනැම වර්ණයකින් ඕනෑම හැඩයකින් තිබිය හැකිය. මුහුණ හා අතේ ඉදිරි කොටස හැර අන් සියල්ල ආවරණය කළ යුතු අයුරින් තිබිය යුතු වීම කොන්දේසියකි. පහත් අන්දමේ සිතුවිලි සහිත පුරුෂයින්ගෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමටත් සමාජය විනය පවත්වා ගැනීමටත් ඉස්ලාමයේ හිජාබ් අවධාරණය කර ඇත.

 මෑත කාලයේ දී පුරුෂයින්ගේ පුරුෂත්වය බලපෑමට ලක් වීමට කාන්තාවන්ගේ අඩ නිරුවත් ඇඳුම් ප්‍රධාන හේතුවක් වන බව සොයාගෙන ඇත. එනම්, පුරුෂයින්ගේ හැඟීම් අවුස්සන අයුරින් කාන්තාවන් ඇඳුම් ඇඳීමෙන් එදෙස බලා පුරුෂයින් රස විඳින විට ඔවුහු කැළඹෙති. මේ හේතුවෙන් ඔවුන්ගේ පුරුෂ ලිංගයේ නිතර ම හට ගන්නා ශ්‍රාවය නිසා ඔවුනට සංවාසයේ යෙදීමට නොහැකි තත්ත්වයක් උදා වන බව සොයා ගෙන ඇත. කාන්තාවන්ට ප්‍රමාණවත් ලිංගික සුවයක් නොලැබෙන තත්තවයක් මෙයින් උදා වේ. මෙය ද හිජාබ් පිළිපැදීමේ අවශ්‍යතාව තවදුරටත් ස්ථීර කරයි. බටහිර රටවල වස්ත්‍ර නිදහස ඇති කළ දුර්විපාක දෙනෙත් වලින් දුටු පසුත් කිසිවෙකුට හිජාබයට දොස් කිව නොහැකිය.

www.sinhalaquran.lk - විග්‍රහය අංක 300 ඇසුරැන්