ඉස්ලාමීය අකීදාව - මූලික ප්‍රතිපත්ති විවරණය

ඉස්ලාමීය අකීදාව - මූලික ප්‍රතිපත්ති විවරණය

كتاب الإيمان

විශ්වාසය ගැන පාඩම

ඊමාන් යනු කුමක් ද?

ඊමාන් යන අරාබි පදයට විශ්වාසය යැයි සිංහලෙන් අර්ථ දැක්විය හැකිය. ඊමාන් යන වචනයේ මූලය අම්න් වේ. මෙහි අර්ථය විවිධ පැති වලින් විස්තර කළ හැකිය. ශබ්ද කෝෂයට අනුව ඇදහීම, ලබ්ධිය යනාදී අරුත් ද මෙම වචනයට ඇත. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු කෙරෙහි තබන විශ්වාසයට ද ඊමාන් යැයි කිව හැකිය. යම් කිසි වස්තුවක් කෙරෙහි පවතින විශ්වාසය හැඟවීමට ද ඊමාන් යැයි අරාබි බසින් කිව හැකිය. නමුත් අරාබි ජන ව්‍යවහාරයේ ඒ සඳහා මෙම වචනය භාවිත කරන්නේ නැත. ශබ්ද කෝෂ අර්ථයට අනුව මෙවන් වූ විශ්වාසයන් හැඟවීමට ඊමාන් යැයි කිව හැකි මුත් ධාර්මික පදනම අනුව එසේ පැවසිය නොහැකිය. නිහතමානිත්වයේ නිසැක බව, සෑම තත්වයක දී ම විශ්වාසය හා ආගමට ඇති ඇල්ම 'ඊමාන්' යන වචනයෙන් අර්ථ දැක්වේ. එකම දෙවියන්ට ඇති භක්තිය ද ඊමාන් ලෙස හඳුන්වයි.

ඊමාන් යන අරාබි පදයේ වචනාර්ථය විශ්වාසය වූව ද එහි ඉස්ලාමීය සාම්ප්‍රදායික අර්ථය වනුයේ සර්ව බලධාරී අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයාණන් වන නබි නායක (සල්) තුමාණන් අපට කවර නම් කරුණු පිළිබඳව විශ්වාස කළ යුතු යැයි නියෝග කළේ ද ඉන් කිසිවක් අඩු වැඩි නොකර මනසින් පිවිතුරුව හා ස්ථීරව පිළිගැනීමයි. ඉස්ලාම් ධර්මයට අනුව යම් සීමිත කරුණු කිහිපයක් හද පතුලෙන් පිළිගෙන විශ්වාස කිරීම ඊමාන් යැයි ඉස්ලාම් දහම හඳුන්වා දෙයි.

මුංමින්වරයෙකු (විශ්වාස කළ පුද්ගලයෙකු)ට ඊමානය අනිවාර්ය වන බව පෙර පාසැල් අවදියේ ම අප සැමට උගන්වා දෙනු ලැබේ. ඒ ගැන සියලු මුස්ලිම්වරු ම දැන සිටිති. නමුත් එසේ විශ්වාස කළ යුතු අංග පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා බොහෝ මුස්ලිම්වරු ඉස්ලාමීය පදනම අනුව සිය විශ්වාසය ගොඩනගා ගෙන නොමැත. ඒ හේතුවෙන් බොහෝමයක් අය නොමග යමින් සිටිති. එබැවින් ප්‍රථමයෙන් ඊමාන් යනු කුමක් ද? විශ්වාස කළ යුතු කරුණු මොනවා ද? විශ්වාස කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුව ඇත.

ඊමාන් කළ යුතු අංග

ඊමාන් කළ යුතු අංග මොනවාදැයි කුඩා වියේ දී ම දහම් පාසැලේ දී අප කාටත් උගන්වා දෙනු ලැබේ. නමුත් ඒවා ඉතා සංෂිප්ත ලෙස උගන්වා දෙන කරුණු වේ. සැබෑ මුස්ලිම්වරුන් වශයෙන් ඒ පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් අප කව්රුත් දැන සිටිය යුතුය.

ඊමාන් කළ යුතු අංග හතකි. ඒවා නම්,

  1. ආමන්තු බිල්ලාහි - අල්ලාහ් ගැන විශ්වාස කිරීම.
  2. වමලාඉකතිහි - සුර දූතවරු ගැන විශ්වාස කිරීම.
  3. වකුතුබිහි - ධර්ම ග්‍රන්ථ ගැන විශ්වාස කිරීම.
  4. වරුසුලිහි - ධර්ම දූතවරු ගැන විශ්වාස කිරීම.
  5. වල්යව්මිල් ආකිරි - අවසාන දිනය ගැන විශ්වාස කිරීම.
  6. වල්කද්රි, කෛරිහි වෂර්රිහි මිනල්ලාහි තආලා - දෛවය ගැන විශ්වාස කිරීම එනම්, යහපත හා අයහපත අල්ලාහ් වෙතින් ම යැයි විශ්වාස කිරීම.
  7. වල් බඅසි බඅදල් මව්ත් - මරණින් පසුව නැවත නැගිටුවීම පිළිබද විශ්වාස කිරීම.

ඉහත විශ්වාස කළ යුතු කරුණු හතක් සදහන් වේ. නමුත් සමහරු හයක් යැයි පවසති. ඊමානයේ අංග හයක් පවතින බව හදීස් වල ද සඳහන් වේ. පරලොව ගැන විශ්වාස කිරීම තුළ මරණින් මතු ජීවිතයේ යළි නැගිටුවනු ලැබීම ගැන විශ්වාස කිරීම යන කරුණ ද එකට එකතු කර හයක් යැයි ගණිනු ලැබේ. එය ගැටළු සහගත තත්ත්වයක් නොවේ.

මෙකී කරුණු හය හෝ හත හෝ හැරුණු කොට අනෙකුත් කරුණු ඊමානය සමඟ සෘජුව සම්බන්ධ ඒවා නොවේ. ඒ සියල්ල ඊමානයේ අනෙකුත් ශාඛාවන් වේ. ඒවා මිනිසා විසින් සිදු කළ යුතු ක්‍රියාකාරකම් වේ. නමුත් ඉහත සඳහන් කරුණු හත ගැන විශ්වාස කිරීම මනස හා සම්බන්ධ ඒවා වන බව අප මතක තබා ගත යුතුය.

ඊමාන් හා ඉස්ලාම් යනුවෙන් කොටස් දෙකක් ඇත. ඉස්ලාම් දහමේ ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ඊමානයට ද ඉස්ලාමයට ද යන්න විචාරාත්මකව සලකා බැලිය යුතුය. නබි නායක (සල්) තුමාණන්ගේ විග්‍රහයට අනුව බලන විට අතිශයින් ම වැදගත් වන්නේ ඊමානයයි. ඉන් අනතුරුව ඉස්ලාමය ද වැදගත් තැනක් ගනී. ඊමාන් අති විශාල ගසක මුදුන් මුල නම් ඒ ගසට අයත් අනෙකුත් කොටස් සියල්ල ඉස්ලාම් වේ. ගසකට ශක්තිමත් මුදුන් මුලක් සමඟ අතු, කොළ, මල්, ගෙඩි වැනි විවිධ කොටස් ඇත. ඒ සියල්ල ගසක අත්‍යාවශ්‍ය කොටස් ය. ඉන් එකක් නොමැති වූයේ නම් ගසේ පරිපූර්ණභාවය නැති වී යයි. මෙලෙස ඊමාන් නැමති මුදුන් මුල සමඟ ගසේ අනෙකුත් කොටස් ඉස්ලාම් නැමති ක්‍රියාවලින් පරිපූර්ණ විය යුතුය. එවැනි ගසක අතු හෙවත් ශාඛාවන් විශාල හෝ කුඩා හෝ විය හැකිය. ඊමාන්හි ශාඛාවන් හෙවත් සලාතය, සකාතය, උපවාසය, හජ් වන්දනාව වැනි ඉස්ලාම් නම් වූ ක්‍රියා ඊමාන්හි විශාල ශාඛාවන් ය. දාන පිංකම් කිරීම, ඕනෑම යහපත් ක්‍රියාවක් කිරීම වැනි ක්‍රියා ඊමාන්හි කුඩා ශාඛාවන් ය.

අල්ලාහ්, සුර දූතවරු, ධර්ම ග්‍රන්ථ, ධර්ම දූතවරු, අවසාන දිනය, දෛවය ආදිය ගැන විශ්වාස කිරීම මනස හා සම්බන්ධ ඒවා ය. නමුත් මෙකී විශ්වාසය හේතුවෙන් මිනිසා තුළින් හෙළිවන ක්‍රියාකාරකම් ද විශ්වාසයේ ශාඛාවන් යැයි ඉස්ලාම් පවසයි. එනම්, අපි ඉස්ලාම් යැයි කවරක් ගැන සඳහන් කරන්නෙමු ද ඒවා ද ඊමාන්හි ශාඛාවන් බවට පත් වන්නේ ය. මහ මග පවතින හානිකර ද්‍රව්‍යයක් එතැනින් ඉවත් කිරීම ක්‍රියාව හා සම්බන්ධ කරුණකි. නමුත් එය ද ඊමාන් හි ශාඛාවක් යැයි නබි නායක (සල්) තුමාණන් පවසා ඇත. මේ අනුව ඉස්ලාම් යන්න ද ඊමාන් හි ශාඛාවක් වන බව පහසුවෙන් වටහාගත හැකිය. යම් පුද්ගලයෙකු සතුව ශක්තිමත් ඊමානයක් පවතී නම් ඔහුගේ ඉස්ලාමය ඉබේ ම ශක්තිමත් ව ගොඩනැගෙනු ඇත.

මෙහි මුල් කරුණු පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පහත දැක්වෙන වැකි වල සඳහන් වේ.

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا آَمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآَخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا (136) سورة النساء

විශ්වාස කළ අයවලුනි, අල්ලාහ් ගැන ද ඔහුගේ දූතයා ගැන ද ඔහුගේ දූතයා වෙත පහළ කළ ධර්ම ග්‍රන්ථය ගැන ද මීට පෙර පහළ කළ ධර්ම ග්‍රන්ථය ගැන ද විශ්වාස කරන්න. අල්ලාහ් ද ඔහුගේ සුර දූතයින් ද ඔහුගේ ධර්ම ග්‍රන්ථයන් ද ඔහුගේ දූතයින් ද අවසාන දිනය ද පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන්නා (සත්‍යයෙන්) ඈත් වූ දුර් මාර්ගයකට වැටුණේ ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 4:136

لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آَمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآَتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآَتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ أُولَئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَئِكَ هُمُ الْمُتَّقُونَ (177)سورة البقرة

නුඹලාගේ මුහුණු නැගෙනහිර දෙසට හෝ බස්නාහිර දෙසට හෝ හැරවීම යහපත නොවේ. නමුත් අල්ලාහ්, අවසාන දිනය, සුර දූතයින්, ධර්ම ග්‍රන්ථය හා නබිවරුන් ගැන විශ්වාස කරන්නෝ ද ඥාතීන්ට, අනාථයින්ට, දුගීන්ට, අහිකුණ්ටිකයින්ට, යාචකයින්ට හා වහලූන් නිදහස් කිරීමට (සිය) කැමැත්තෙන් ධනය පිරිනමන්නෝ ද සලාතය ඉටු කරන්නෝ ද සකාතය පිරිනමන්නෝ ද පොරොන්දුවක් දුන් විට තම පොරොන්දුව ඉටු කරන්නෝ ද දිළිඳු බවේ දී, රෝගී අවස්ථාවේ දී හා යුද බිමේ දී ඉවසිලිමත් වන්නෝ ද යහපත කරන්නෝ වෙති. සත්‍යවන්තයෝ ඔවුහු ම ය. (දෙවියන්ට) බිය බැතිමත් වන්නෝ ද ඔවුහු ම ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:177

යම් කෙනෙක් ඊමාන් කළ යුතු නම් ඉහත සඳහන් කරුණු හය විශ්වාස කිරීම අනිවාර්ය යැයි සර්ව බලධාරී අල්ලාහ් අණ කරන බව ඉහත වැකි වලින් දැනගත හැකිය.

නබි නායක (සල්) තුමාණන් විශ්වාසය පිළිබඳ මූලික කරුණු හය පිළිබඳව පවසා තිබෙන පුවත පහත දැක්වෙන සුප්‍රසිද්ධ ජිබ්රීල් දේව දූතයාගේ හදීසයේ සඳහන් වේ.

9 - حَدَّثَنِي أَبُو خَيْثَمَةَ زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا وَكِيعٌ عَنْ كَهْمَسٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ عَنْ يَحْيَى بْنِ يَعْمَرَ ح و حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِيُّ وَهَذَا حَدِيثُهُ حَدَّثَنَا أَبِي حَدَّثَنَا كَهْمَسٌ عَنْ ابْنِ بُرَيْدَةَ عَنْ يَحْيَى بْنِ يَعْمَرَ قَالَ كَانَ أَوَّلَ مَنْ قَالَ فِي الْقَدَرِ بِالْبَصْرَةِ مَعْبَدٌ الْجُهَنِيُّ فَانْطَلَقْتُ أَنَا وَحُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْحِمْيَرِيُّ حَاجَّيْنِ أَوْ مُعْتَمِرَيْنِ فَقُلْنَا لَوْ لَقِينَا أَحَدًا مِنْ أَصْحَابِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَأَلْنَاهُ عَمَّا يَقُولُ هَؤُلَاءِ فِي الْقَدَرِ فَوُفِّقَ لَنَا عَبْدُ اللَّهِ بْنُ عُمَرَ بْنِ الْخَطَّابِ دَاخِلًا الْمَسْجِدَ … قَالَ صَدَقْتَ قَالَ فَعَجِبْنَا لَهُ يَسْأَلُهُ وَيُصَدِّقُهُ قَالَ فَأَخْبِرْنِي عَنْ الْإِيمَانِ قَالَ أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ قَالَ صَدَقْتَ قَالَ فَأَخْبِرْنِي عَنْ الْإِحْسَانِ قَالَ أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ قَالَ فَأَخْبِرْنِي عَنْ السَّاعَةِ قَالَ مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنْ السَّائِلِ قَالَ فَأَخْبِرْنِي عَنْ أَمَارَتِهَا قَالَ أَنْ تَلِدَ الْأَمَةُ رَبَّتَهَا وَأَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ فِي الْبُنْيَانِ قَالَ ثُمَّ انْطَلَقَ فَلَبِثْتُ مَلِيًّا ثُمَّ قَالَ لِي يَا عُمَرُ أَتَدْرِي مَنْ السَّائِلُ قُلْتُ اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ فَإِنَّهُ جِبْرِيلُ أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ رواه مسلم

වරක් ජිබ්රීල් (අලෛ) තුමා නබි නායක (සල්) තුමාණන් වෙත පැමිණ, “ඊමාන් (දේව විශ්වාසය) යනු කුමක්දැ”යි විමසීය. එයට නබි නායක (සල්) තුමාණන්, “ඊමාන් යනු අල්ලාහ් ගැන ද, ඔහුගේ සුර දූතවරු ගැන ද, ඔහුගේ ධර්ම ග්‍රන්ථ ගැන ද, ඔහුගේ ධර්ම දූතවරු ගැන ද, අවසාන දිනය ගැන ද නුඹලා විශ්වාස කිරීම වේ. යහපත හා අයහපත සියල්ල අල්ලාහ්ගේ (කැමැත්ත පරිදි) දෛවය අනුව සිදු වන බව විශ්වාස කිරීම ද වේ” යනුවෙන් පිළිතුරු දුන් හ.

දැනුම් දෙන්නා: උමර් (රලි) තුමා

මූලාශ්‍රය: මුස්ලිම් (9)

48 - حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا أَبُو حَيَّانَ التَّيْمِيُّ عَنْ أَبِي زُرْعَةَ عَنْ أَبِي هُرَيْرَةَ قَالَكَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَارِزًا يَوْمًا لِلنَّاسِ فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ مَا الْإِيمَانُ قَالَ الْإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَبِلِقَائِهِ وَرُسُلِهِ وَتُؤْمِنَ بِالْبَعْثِ قَالَ مَا الْإِسْلَامُ قَالَ الْإِسْلَامُ أَنْ تَعْبُدَ اللَّهَ وَلَا تُشْرِكَ بِهِ شَيْئًا وَتُقِيمَ الصَّلَاةَ وَتُؤَدِّيَ الزَّكَاةَ الْمَفْرُوضَةَ وَتَصُومَ رَمَضَانَ قَالَ مَا الْإِحْسَانُ قَالَ أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ قَالَ مَتَى السَّاعَةُ قَالَ مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنْ السَّائِلِ وَسَأُخْبِرُكَ عَنْ أَشْرَاطِهَا إِذَا وَلَدَتْ الْأَمَةُ رَبَّهَا وَإِذَا تَطَاوَلَ رُعَاةُ الْإِبِلِ الْبُهْمُ فِي الْبُنْيَانِ فِي خَمْسٍ لَا يَعْلَمُهُنَّ إِلَّا اللَّهُ ثُمَّ تَلَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ{ إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ }الْآيَةَ ثُمَّ أَدْبَرَ فَقَالَ رُدُّوهُ فَلَمْ يَرَوْا شَيْئًا فَقَالَ هَذَا جِبْرِيلُ جَاءَ يُعَلِّمُ النَّاسَ دِينَهُمْقَالَ أَبُو عَبْد اللَّهِ جَعَلَ ذَلِك كُلَّهُ مِنْ الْإِيمَانِرواه البجاري

දිනක් නබි නායක (සල්) තුමාණන් ජනතාවට පෙනෙන පරිදි (හිඳිමින්) සිටිය දී එතුමාණන් වෙත මිනිසෙක් පැමිණ “ඊමාන් යනු කුමක් දැ”යි ඇසීය. එයට නබි නායක (සල්) තුමාණන්, “ඊමාන් යනු අල්ලාහ් ගැන ද, ඔහුගේ සුර දූතවරු ගැන ද, ඔහු හමුවීම ගැන ද, ඔහුගේ ධර්ම දූතවරු ගැන ද, ඔබ විශ්වාස කිරීමත් (පරලොවේ දී) නැවත පණගෙන නැගිටුවනු ලැබීම ගැන ඔබ විශ්වාස කිරීමත් වේ” යැයි පිළිතුරු දුන්හ.

අනතුරුව ඔහු, “ඉස්ලාම් යනු කුමක්දැ”යි ඇසීය. නබි නායක (සල්) තුමාණන්> “ඉස්ලාම් යනු ඔබ අල්ලාහ් නැමදීමත් ඔහුට (කිසිවක් හෝ කිසිවෙක්) සමානයන් සේ නොසැලකීමත් සලාතය ඉටු කිරීමත් අනිවාර්ය කරන ලද සකාතය පිරිනැමීමත් රමළාන් මස දී උපවාසය රැකීමත් වේ” යැයි පැවසූ හ.

අනතුරුව, “ඉහ්සාන් යනු කුමක්දැ”යි ඇසීය. එයට නබි නායක (සල්) තුමාණන් “(ඉහ්සාන් යනු) අල්ලාහ් (සියැසින්) දකින්නා සේ ඔබ නැමදීමත් ඔබ ඔහු නුදුටුවත් ඔහු ඔබ බලමින් සිටියි (යන හැඟුමෙන් නැමදීමත් වේ” යනුවෙන් පැවසූ හ.

අනතුරුව, ඔහු “යුගාන්ත දිනය කවරදාදැ”යි ඇසීය. එයට නබි නායක (සල්) තුමාණන්> “මේ ගැන අසනු ලබන්නා (වන මම), (ඒ ගැන) විමසන්නා (වන ඔබට වඩා) මැනවින් දැන සිටින්නෙක් නොවේ. එහි සලකුණු (කිහිපයක්) ගැන මම ඔබට දන්වන්නෙමි. (එවා නම්,) වහල් ස්ත්‍රීයක් ස්වාමි පුත්‍රයෙකු වැදීම, තව ද, කළු පැහැති (පහත් ම ගණයේ) ඔටුවන් දක්කන අය උස් වූ ගොඩනැගිලි ඉඳිකර තමන් අතර උඩඟු වීම යනාදියයි. (යුගාන්ත දිනය එළඹෙන දිනය පිළිබඳ නුවණ) අල්ලාහ් හැර අන් කිසිවෙකු නොදන්නා කරුණු පහ අතර පවතින්නකි” යනුවෙන් පවසා, යුගාන්ත දිනය පිළිබඳ නුවණ අල්ලාහ් වෙත පමණක් ඇත... යන (31:34 වන) දේව වැකිය පාරායණා කළහ.

පසුව ඒ මිනිසා ආපසු හැරී ගියේ ය. එවිට නබි නායක (සල්) තුමාණන්> “ඔහු මා වෙත නැවත ගෙන එන්නැ”යි පැවසූ හ. (ඔහුව සොයා ගිය නබි මිත්‍රවරු) ඔහු කිසිඳු තැනක නුදුටූ හ. එවිට නබි නායක (සල්) තුමාණන්> “මොහු ජිබ්රීල් ය. ජනතාවට ඔවුන්ගේ ධර්මය උගන්වා දීමට පැමිණ සිටියේ යැ”යි පැවසූහ.

දැනුම් දෙන්නා: අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍රය: බුහාරි (50,4777)

ඊමාන් කළ යුතු අංග පොදුවේ පහත සඳහන් පරිදි ලැයිස්තුගත කළ හැකිය.

1- الإيمان بالله අල්ලාහ් ගැන විශ්වාස කිරීම

2- الإيمان بالملائكة සුර දූතවරු ගැන විශ්වාස කිරීම

3- الإيمان بالكتب ධර්ම ග්‍රන්ථ ගැන විශ්වාස කිරීම

4- الإيمان بالرسل ධර්ම දූතවරු ගැන විශ්වාස කිරීම

5- الإيمان بالقدر දෛවය ගැන විශ්වාස කිරීම

6- الإيمان باليوم الآخر අවසාන දිනය ගැන විශ්වාස කිරීම

අපි විශ්වාස කරන කවර කරුණක් ගැන වූව ද අපි ස්ථීරසාර විශ්වාසයකින් සිටිය යුතුය. එහි කිසිඳු සැකයක් නොතිබිය යුතුය. ඊමානය සැබෑ ඊමානයක් වන්නේ එවිට ය. සැබෑ විශ්වාසය හා සත්‍යවන්තභාවය ගැන සර්ව බලධාරී අල්ලාහ් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන විට විශ්වාස කළ යුතු කරුණු සැකයටක ඉඩ නොතබා විශ්වාස කළ යුතු බව පවසා ඇත.

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آَمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُولَئِكَ هُمُ الصَّادِقُونَ (15)سورة الحجرات

විශ්වාස කළ අය වන්නේ අල්ලාහ් ද ඔහුගේ දූතයා ද විශ්වාස කොට පසුව සැක නොකොට තම දේපළ වලින් ද ජීවිත වලින් ද අල්ලාහ්ගේ මාර්ගයේ පරිත්‍යාග කළ අය ම ය. සත්‍යවන්තයෝ ඔවුහු ම ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 49:15

මිනිසෙක් සැබෑ විශ්වාසිකයෙක් වීමට නම් ඉහත සඳහන් කරන ලද ඊමාන් කළ යුතු අංග හය නිසි පරිදි විශ්වාස කළ යුතු ම ය. එබැවින් අපි සැබෑ මුංමින්වරුන් වීමට ඉහත අංග හය එකිනෙක විමසා බලා ඒ අනුව විශ්වාසය ගොඩ නගා අප ජීවිතය සකසා ගත යුතුය.

ඊමාන්හි සුවිශේෂත්වය

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සම්මත නබි වදන් වල ඊමාන්හි සුවිශේෂත්වය ගැන විවිධ කරුණු සඳහන් වේ. ඒවා ගැන කෙටියෙන් විමසා බලමු.

ඊමාන් නොමැති කෙනෙකුට ස්වර්ගයට පිවිසිය නොහැකිය.

132 - حَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِيُّ وَسُوَيْدُ بْنُ سَعِيدٍ كِلَاهُمَا عَنْ عَلِيِّ بْنِ مُسْهِرٍ قَالَ مِنْجَابٌ أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ عَنْ الْأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَدْخُلُ النَّارَ أَحَدٌ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةِ خَرْدَلٍ مِنْ إِيمَانٍ وَلَا يَدْخُلُ الْجَنَّةَ أَحَدٌ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةِ خَرْدَلٍ مِنْ كِبْرِيَاءَرواه مسلم

“කවරෙකුගේ සිත තුළ අබ ඇටයක් තරම් දේව විශ්වාසය පවතින්නේ ද ඔහු නිරයට පිවිසෙන්නේ නැත. කවරෙකුගේ සිත තුළ අබ ඇටයක් තරම් උඩඟුකම පවතින්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේ නැතැ”යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූ හ.

දැනුම් දෙන්නා : අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා

මූලාශ්‍රය : මුස්ලිම් (148)

3568 - حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ حَدَّثَنَا أَبُو بَكْرٍ يَعْنِي ابْنَ عَيَّاشٍ عَنْ الْأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَدْخُلُ الْجَنَّةَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ كِبْرٍ وَلَا يَدْخُلُ النَّارَ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ خَرْدَلَةٍ مِنْ إِيمَان- رواه ابي داود

“කවරෙකුගේ සිත තුළ අබ ඇටයක් තරම් උඩඟුකම පවතින්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. කවරෙකුගේ සිත තුළ අබ ඇටයක් තරම් දේව විශ්වාසය පවතින්නේ ද ඔහු නිරයට පිවිසෙන්නේ නැතැ”යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූ හ.

දැනුම් දෙන්නා : අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා

මූලාශ්‍රය : අබූ දාවුද් (3568)

6873 - حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ حَدَّثَنِي مُحَمَّدُ بْنُ فُلَيْحٍ قَالَ حَدَّثَنِي أَبِي حَدَّثَنِي هِلَالٌ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِي هُرَيْرَةَعَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ آمَنَ بِاللَّهِ وَرَسُولِهِ وَأَقَامَ الصَّلَاةَ وَصَامَ رَمَضَانَ كَانَ حَقًّا عَلَى اللَّهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ هَاجَرَ فِي سَبِيلِ اللَّهِ أَوْ جَلَسَ فِي أَرْضِهِ الَّتِي وُلِدَ فِيهَا قَالُوا يَا رَسُولَ اللَّهِ أَفَلَا نُنَبِّئُ النَّاسَ بِذَلِكَ قَالَ إِنَّ فِي الْجَنَّةِ مِائَةَ دَرَجَةٍ أَعَدَّهَا اللَّهُ لِلْمُجَاهِدِينَ فِي سَبِيلِهِ كُلُّ دَرَجَتَيْنِ مَا بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ فَإِذَا سَأَلْتُمُ اللَّهَ فَسَلُوهُ الْفِرْدَوْسَ فَإِنَّهُ أَوْسَطُ الْجَنَّةِ وَأَعْلَى الْجَنَّةِ وَفَوْقَهُ عَرْشُ الرَّحْمَنِ وَمِنْهُ تَفَجَّرُ أَنْهَارُ الْجَنَّةِرواه البخاري

“අල්ලාහ් කෙරෙහි ද ඔහුගේ දූතයාණන් කෙරෙහි ද විශ්වාස කොට, සලාතය ඉටු කර, රමළාන් මස දී උපවාසය ද රකින මිනිසෙකු ස්වර්ගයට පිවිසීමට සැලැස්වීම අල්ලාහ් කෙරෙහි යුතුකමක් විය. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ නිෂ්ක්‍රමණය (හිජ්රත්) කළත්, නැතහොත් උපන් ස්ථානයේ හිඳිමින් සිටියත්” යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූ හ. “අල්ලාහ්ගේ දූතයාණනි, මේ සුබ පණිවුඩය ජනතාවට දන්වන්නදැ”යි (නබි මිත්‍රවරු) ඇසූ හ. එයට අල්ලාහ්ගේ දූතයාණන් (සල්) “ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. ඒවා තම මාර්ගයේ සටන් කරන අය වෙනුවෙන් (අල්ලාහ් ) සූදානම් කර ඇත්තේ ය. එක් එක් තරාතිරම් දෙකක් අතර ම අහස හා පොළොව අතර තරම් දුරක් ඇත. නුඹලා අල්ලාහ්ගෙන් යමක් ඉල්ලා සිටින්නේ නම් ෆිර්දව්ස් නමැති (ස්වර්ගයේ) තරාතිරම ම ඉල්ලා සිටින්න. මන්දයත් ස්වර්ගයේ උසස් හා විශිෂ්ටත ම තරාතිරම එයයි. එයට ඉහළින් අසීමිත කරුණාවන්තයා (වන එකම දෙවියන්)ගේ රාජාසනය (අර්ෂ්) ඇත. තව ද ස්වර්ගයේ ගංගාවන් ගලා බසින්නේ එහි සිට ය” යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූ හ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (7423)

අබ ඇටයක් තරම් ඊමාන් තිබුණත් නිරයෙන් ගැලවිය හැකිය

යම් කෙනෙකුගේ අමල් (ක්‍රියා) වල අඩුපාඩුකම් තිබුණ ද ඊමානයේ යම් අඩුවක් නොමැති නම් නියත වශයෙන් ම ඒ තැනැත්තා ස්වර්ගයට පිවිසේ. නබි නායක (සල්) තුමාණන් අපට උගන්වා දී ඇත්තේ එලෙස ය.

 21 - حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِي مَالِكٌ عَنْ عَمْرِو بْنِ يَحْيَى الْمَازِنِيِّ عَنْ أَبِيهِ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُعَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَدْخُلُ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ وَأَهْلُ النَّارِ النَّارَ ثُمَّ يَقُولُ اللَّهُ تَعَالَى أَخْرِجُوا مِنْ النَّارِ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيمَانٍ فَيُخْرَجُونَ مِنْهَا قَدْ اسْوَدُّوا فَيُلْقَوْنَ فِي نَهَرِ الْحَيَا أَوْ الْحَيَاةِ شَكَّ مَالِكٌ فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِي جَانِبِ السَّيْلِ أَلَمْ تَرَ أَنَّهَا تَخْرُجُ صَفْرَاءَ مُلْتَوِيَةً رواه البخاري

“(පරලොවේ දී විභාගය අවසන් වූ පසු) ස්වර්ගවාසීහූ ස්වර්ගයටත් නිරාවාසීහු නිරයටත් පිවිසෙති. පසුව සිතේ අබ ඇටයක් තරම් දේව විශ්වාසය (ඊමානය) තිබුණු අය (නිරයෙන්) බැහැර කරන මෙන් අල්ලාහ් අණ කරයි. වහා ම, ඔවුන් (දැවී) කළු පැහැතිව සිටිය දී නිරයෙන් බැහැර කරවනු ලබති. පසුව, ප්‍රාණ නදියට (නහ්රුල් හයා) නැතහොත් ජීව නදියට (නහ්රුල් හයාත්) දමනු ලබති. (එසේ ඔවුන් ඒ නදියට දමනු ලැබූ පසු) ඇල ඉවුරේ බීජ හටගන්නාක් මෙන් (ඔවුන්ගේ වර්ණය) වෙනස් වනු ඇත. ඒවා වැනී නැමී කහ පැහැයෙන් (සශ්‍රීකව) තිබීම ඔබ නුදුටුවෙහි ද?” යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූ හ.

දැනුම් දෙන්නා : අබූ සඊදි අල් කුද්රි (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (22, 6560, 7439, 7509, 7510)

 42 - حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ حَدَّثَنَا قَتَادَةُ عَنْ أَنَسٍعَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ شَعِيرَةٍ مِنْ خَيْرٍ وَيَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ بُرَّةٍ مِنْ خَيْرٍ وَيَخْرُجُ مِنْ النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ وَفِي قَلْبِهِ وَزْنُ ذَرَّةٍ مِنْ خَيْرٍرواه البخاري

“කවරෙකුගේ සිතෙහි තිරිඟු ඇටයක් තරම් යහපත තිබියදී ලා ඉලාහා ඉල්ලල්ලාහ් (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යනුවෙන් පැවසුවේ ද ඔහු නිරයෙන් බැහැර කරවනු ලබයි. කවරෙකුගේ සිතෙහි අණුවක තරම් යහපත තිබියදී ලා ඉලාහා ඉල්ලල්ලාහ් යනුවෙන් පැවසුවේ ද ඔහු ද නිරයෙන් බැහැර කරවනු ලබයි” යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පැවසූහ.

දැනුම් දෙන්නා : අනස් ඉබ්නු මාලික් (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (44)

සටහන : අබ ඇටයක් තරම් දේව විශ්වාසය (ඊමානය) තිබෙන කෙනෙක් නිරයට ඇතුළු නොවන බවත් අබ ඇටයක් තරම් දේව විශ්වාසය තිබෙන අය නිරයෙන් අවසානයේ දී බැහැර වන බවත් හදීස් වල සඳහන් වී තිබීම පරස්පර විරෝධී යැයි කව්රුත් නොසිතිය යුතුය. අබ ඇටයක් තරම් දේව විශ්වාසය (ඊමානය) තිබෙන කෙනෙක් නිරයට ඇතුළු නොවේ යන වාක්‍යාංශය නිවැරදි ලෙස අවබෝධ කරගත්තා නම් ඒ පරස්පරතාව ඉවත් වනු ඇත. නිරයට නොපිවිසේ යන්නෙන් අදහස් වන්නේ සදාකාලීනව නිරයට නොපිවිසෙන බවයි. මෙසේ අර්ථකථනය කිරීමේ දී පරස්පරතාව ඉබේ ම ඉවත් වී යයි.

යහ ක්‍රියාවන්හි අති විශිෂ්ට ක්‍රියාව ඊමාන් ය!

 25 - حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ وَمُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَا حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ قَالَ حَدَّثَنَا ابْنُ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِي هُرَيْرَةَأَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ أَيُّ الْعَمَلِ أَفْضَلُ فَقَالَ إِيمَانٌ بِاللَّهِ وَرَسُولِهِ قِيلَ ثُمَّ مَاذَا قَالَ الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ قِيلَ ثُمَّ مَاذَا قَالَ حَجٌّ مَبْرُورٌرواه البخاري

“වඩාත් විශිෂ්ට ක්‍රියාව කුමක්දැ”යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන්ගෙන් විමසන ලදී. එයට “අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කිරීම වේ” යනුවෙන් එතුමාණන් පිළිතුරු දුන් හ. “පසුව කවරක්දැ”යි විමසන ලදී. “දේව මාර්ගයේ සටන් කිරීම” යනුවෙන් පිළිතුරු දුන් හ. “පසුව කවරක්දැ”යි විමසන ලදී. “පිළිගන්නා ලද (පාප ක්‍රියාවන් මිශ්‍ර නොවූ) හජ්” යනුවෙන් පැවසූ හ.

දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි) තුමා

මූලාශ්‍රය : බුහාරි (26)