ජිවිතයේ අරමුණ කුමක්ද?

ජිවිතයේ අරමුණ කුමක්ද?

මිනිස් ජිවිතයේ සැබෑ අරමුණ කවරක්දැයි බොහෝ විට මිනිසා නොදනියි. ඔබ යම් කෙනෙකුගෙන් ඔබ ජිවත් වන්නේ කුමකටදැයිවිමසා බලන්න. බොහෝ විට ඔහු පවසන්නේ ලෞකික අරමුණක් ගැනය. මිනිසා ජිවත් වන්නේ  මරණින් මතු ජීවිතය ගැන නොසිතා ලෞකික ජීවිතය පමණක් අරමුණු කරගෙන ය.

එහෙත් ජිවිතයේ සැබෑ අරමුණ ලෞකික සැපත නොවේ. ජිවිතයේ සැබෑ අරමුණ ලෞකික සැපත නම් ඒවා අත්කර ගැනීමෙන් පසු මිනිසා සැනසිල්ලට පත් විය යුතුය. කෙසේ වෙතත් බොහෝ අවස්ථාවන්හිදී මිනිසා සිතන පතන දේවල් අත්කර ගත් පසුත් සෑහීමකට පත් වන්නේ නැත.

අති බහුතරයක් මිනිසා ලෞකික ජීවිතය ජය ගැනීමට අති මහත් වෙහෙස මහන්සියක් දැරුව ද එය සාර්ථක වන්නේ නැත. සමහරු ජරාජය, මුළාව, අලාභය, දුක් කම් කටොළු වලින් ජීවිතය පිරී පැවතීම දැක සිය දිවි පවා නසාගනිති. එසේ නම් ඔවුන් ජීවිතයේ සැබෑ අරමුණ අත් කරගත් අය නොවෙත් ද?

මෙයින් පෙනී යන්නේ කුමක් ද? ලෞකික ජීවිතය මිනිස් ජීවිතයේ සැබෑ අරමුණ නොවන බවයි. ජීවිතයේ සැබෑ අරමුණ සොයන්නට මිනිසා කෙතෙක් දුරට සමත් වී ඇත් ද? යන්න පිළිබඳව මදක් විමසා බලමු!

මිනිස්‌ දිවියේ අරුත සොයමු!

අනාදිමත් කලක සිට මෙලොවේජීවත් වන මිනිසුන් විසින් පිළිතුරු සොයනු ලබන ප්‍රශ්න දෙකක්‌ තිබේ.

  • ජීවිතය යනු කුමක්‌ද?
  • ජීවත් වන්නේ කෙසේද? යන්න ඒ ප්‍රශ්න දෙකයි.

එහෙත් බොහෝ මිනිසුන් විසින් නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලබන්නේ සහ පිළිතුරු සොයනු ලබන්නේ ඉහත කී දෙවැනි ප්‍රශ්නය පිළිබඳව පමණි. එහි ප්‍රතිඵලය වන්නේ ජීවිතය සහ ජීවත්වීම ඉතා අසීරු දෙයක්‌ බවට පත්වීමයි. ඉතා සුළු පිරිසක්‌ පමණක්‌ ජීවිතය යනු කුමක්‌ද? යන ප්‍රශ්නයට පමණක්‌ පිළිතුරු සොයති. එවිට ද ජීවිතය සහ ජීවත්වීම අසීරු දෙයක්‌ බවට පත් වන්නේය.

එහෙත්, යමෙක්‌ ජීවිතය යනු කුමක්‌දැයි තේරුම්ගෙන, ඒ අනුව ජීවත් වන්නේ කෙසේදැයි අවබෝධ කොටගෙන එසේ ජීවත් වන්නට පටන් ගත්තා නම් ඔහුගේ ජීවිතය සහ ජීවත්වීම ඉතා පහසු දෙයක්‌ බවට පත්වනු ඇත.

මානව ඉතිහාසය තුළ යට කී ප්‍රශ්න දෙක තරම් මිනිසා විසින් නිරන්තරයෙන් ඇසූ, පිළිතුරු සෙවූ, භාෂණයට, ලේඛනයට ලක්‌කළ සංවාද කළ වෙනත් ප්‍රශ්න දෙකක්‌ නොමැති තරම්ය. මිනිසාට අනෙක්‌ සත්ත්වයන්ට වඩා සුවිශේෂී බුද්ධිභාවයක්‌ එනම්, විචාර බුද්ධියක් තිබීම එයට හේතුවක්‌ විය හැක. මිනිසා නිරතුරුවම තමා කවුද? යන්න දැන ගැනීමේ නොතිත් ආශාවකින් හා කුතුහලයකින් පෙළීම තවත් හේතුවක්‌ විය හැක.

මිනිසා වන අපි කිසිඳු තේරීමක් හෝ විකල්පයක් නොමැති අකාරයෙන් මෙම පෘථිවිය මත බිහිවී ඇත්තෙමු. අපි ආවේ කොහේ සිටද? අපි මෙම ලෝකයේ කරන්නේ කුමක්ද? මරණයෙන් පසු අපි යන්නේ කොහාටද?”යනාදී ප්‍රශ්න රාශියක් මිනිසාගේ මනසේ දැනටමත් හටගෙන තිබෙන නිරුත්තර ප්‍රශ්න වැලකි.

ලෞකික මායාවන් වලට මිනිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ වහල් වී සිටින නිසා මිනිසුන් මෙවැනි ප්‍රශ්න දෙස බොහෝ විට අවධානය යොමු නොකරනවා ද විය හැකිය. මේවා ජීවිතයේ  මූලික හා හරවත් ප්‍රශ්න වූවත් මේවා නොසලකාහරින්නට මිනිසා පුරුදු වී සිටියි. නමුත් මෙම ප්‍රශ්නවලින් මිදී යෑමට මිනිසාට හැකියාවක් නොමැත. එබැවින් ඉහත සඳහන් කළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම මිනිසාගේ යුතුකමක් වන්නේ ය.

ඉස්ලාම් දහම ජීවිතයේ අරමුණ කුමක්දැයි විග්‍රහ කරයි!

ජීවිතයේ අරමුණ කුමක් දැයි සොයන්නට පෙර අප ජීවත් වන මෙම විශ්ව තලය නිර්මාණය වීමේ අරමුණ කුමක් දැයි අපි අවබෝධ කරගත යුතුය. විශ්වය නිර්මාණය වූයේ කෙසේ ද? කවර අරමුණක් උදෙසා ද? යන්න පිළිබඳව අවබෝධ කරගත් විට ජීවිතය හා ජීවත් වීමේ අරමුණ ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකිය.

විශ්වයේ නිර්මාණකරු කවුද?

විශ්වයේ ඇති සෑම දෙයක් ම ඉතා සංකීර්ණ ලෙස නිර්මාණය වී ඇත. ඒවා කිසිසේත් ම ඉබේ ඇතිවිය නොහැකිය. විශ්වයට ආරම්භයක් තිබෙන බව ලොව පවතින ආගම් පමණක් නොව විද්‍යාඥයෝ පවා පිළිගනිති. එහෙත් විශ්වයේ ආරම්භය සිදු වූයේ කෙසේ ද? යන්න පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් සමත් වී නැත.

විශ්වයේ ආරම්භය සම්බන්ධයෙන් විද්‍යාඥයින් නොයෙකුත් තර්ක හා වාද ඉදිරපත් කළත් ඒ සියලු වාද වලයම් යම් අඩුපාඩුකම් තිබේ. මෙතෙක් වැඩියෙන් ම පිළිගැනීමට පත්ව තිබෙන්නේ මහා පිපුරුම් වාදයයි(Big Bang Theory). එහෙත් එම වාදයෙන් විශ්වය නිර්මාණය වූඅන්දම සම්පුර්ණයෙන් ම විස්තර කළ නොහැකිය.

මහා පිපුරුම් වාදය යනු යම් ලක්ෂයකට යම් ශක්තියක් ඒකරාශිවී ඒකරාශී වූ එම ශක්තිය පුපුරා යාමෙන් පසු විශ්වය ඇතුළු සැම දෙයක්ම නිර්මාණය වූ බව පවසන වාදයයි.  එනම්, ඈත අතීතයේ විශ්වයේ සියලු කොටස් එක්තැන්ව තිබිණි. එම කුඩා එකතුව තුළ සිදූවූ මහා පිපිරුමකින් විශ්වයේ සියලු කොටස් විසිරී ගියේය. ඒ විසිරී ගිය කොටස් වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූලද්‍රවය පහළ විය යන්න මහා පිපුරුම් වාදයෙන් පැවසේ. මෙම මහා පිපුරුම සර්ව බලධාරී දෙවියන් විසින් සිදු කළ බව වත්මන් විද්‍යාත්මක ලෝකය පිළිගෙන ඇත.

ලොව ප්‍රබල විද්‍යාඥයෙකු වන ඇමරිකානු ජාතික මහාචාර්ය ස්ටීෆන් හෝකින් මහතා ඔහුගේ  කෘතියක සඳහන් කොට ඇත්තේ විශ්වය දෙවියන් විසින් නිර්මාණය කළ බවයි. එතුමා විශ්වය ගැන සිදුකළ පර්යේෂණ වලින් පසු එලඹුණු නිගමනය වන්නේ විශ්වය සර්ව බලධාරී දෙවියන් විසින් මවා තිබිය යුතු බවයි.

පහත දැක්වෙන්නේ එතුමාගේ ම වචනයෙන් කියන ලද ප්‍රකාශයක සිංහල පරිවර්තනයයි.

“(විශ්වයේ ආරම්භය) සිදුවූ බව ගෙනහැර දැක්වීමට දිය හැකි පිළිතුර වන්නේ දෙවියන් විසින් විශ්වයේ මූලික වින්‍යාසය (configuration) යම් හේතුවක් උදෙසා නිර්මාණය කළත් එය කෙසේ සිදුවූයේ ද යන්න තේරුම් ගැනීම අපේක්ෂා කළ නොහැකිය යන්නයි. මෙය නිශ්චිත වශයෙන් ම සර්වබලධාරී (omnipotent being) කෙනෙකුගේ බලයට යටත් වූ ක්‍රියාවකි. එහෙත් ඔහු එම ක්‍රියාවලිය තේරුම්ගත නොහැකි ආකාරයකට සිදුකර ඇති අතර, එම සිද්ධිය අපට තේරුම් ගත හැකි නීති වලට යටත් කර පරිණාමනය වීමට ඉඩ සලසා ඇත. විද්‍යාවේ සම්පූර්ණ ඉතිහාසය ම ගෙනහැර දක්වන්නේ කිසිදෙයක් හිතුමතේට (arbitrary) සිදුනොවන බවත්, එහෙත් ඒවා පිලිඹිබු කරන්නේ යම්කිසි තේරුම්ගත හැකි පිළිවෙලකි. එය දෙවියන්ගේ අනුග්‍රහයෙන් හෝ අනුග්‍රහය නොමැතිව විය හැකි බවත් ය”

මෙම මහා පිපුරුම් වාදය සනාථ කරමින් සර්ව බලධාරී අල්ලාහ් පරිශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ පවසයි.

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ (30) سورة الأنبياء

අහස් හා පොළොව එකට බද්ධව පැවතුණු බවත්අපි ඒදෙක ම වෙන් කළ බවත් දිවි ඇති සෑම දෙයක් ම අපි ජලයෙන් නිර්මාණය කළ බවත් (අප) ප්‍රතික්ෂේප කරන්නෝ සිතා බැලිය යුතු නොවේ ද? ඔවුන් විශ්වාස කළ යුතු නොවේ ද?

 පරිශුද්ධ වූ අල් කුර්ආන් 21 : 30

වත්මන් විද්‍යාඥයින් පවසන ඒ මතය ම වසර 1400කට පෙරදී ම පැවසුවේ පරිශුද්ධ වූ අල් කුර්ආනයයි.මහා පිදුරුම් වාදය යනුවෙන් වත්මන් විද්‍යා ලොවේ ප්‍රකාශ කරනු ලබන සිද්ධාන්තය පරිශුද්ධ වූ අල් කුර්ආනය එකල ම පවසා ඇත. මෙයින් ගම්‍යමාන වන්නේ කුමක් ද? සමස්ත විශ්වය ම සර්ව බලධාරී අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද්දක් වන බව නොවේ ද?

තවද විශ්වය තුළ ජිවය ඇතිවූ අන්දම විද්‍යාවෙන් මෙතෙක් සොයාගෙන නොමැත. ඒ හැරුණු විට ඉතා සංකීර්ණ මැවීමක් වන ප්‍රෝටීන අණුවක් ඇතිවන්නේ කෙසේදැයි විද්‍යාඥයින්ට පෙන්වා දීමට හැකිවී නොමැත. විද්‍යාඥයින් පවසන ආකාරයට DNA අණුවක් තුළ ඇති විස්තරවලින් පුස්තකාලයක් පිරවිය හැකිය. මෙවැනි DNA අණුවක් ඉබේ නිර්මාණය විය හැකිද?

අපගේ පෘථිවිය සහ එහි ඇති ජිවින් ද ඉතා සංකීර්ණ නිර්මාණ වේ. ඒවා යම් නිර්මාණකරුවෙකු නොමැතිව ඉබේ සිදු වූයේ යැයි පැවසීම විද්‍යාවට පටහැනි ප්‍රකාශනයකි. එසේ ම ජිවය කිසිසේත් ම ඉබේ ඇතිවීමට අවස්ථාවක් නොමැත. විද්‍යාව කොතරම් දියුණු වූවත් ජිවය කෙබඳු දෙයක් ද යන්න ගැන හෝ එය ඇතිවූ අන්දම ගැන හෝ මෙතෙක් සොයාගෙන නොමැත. එහෙත් ඒ ගැන බොහෝ පර්යේෂණ සිදු වෙමින් පවතී. ලෝකයේ කොතරම් දියුණු උපකරණ නිෂ්පාදනය කොට තිබුණත් තව වන තුරු මැස්සෙකුවත් මිනිසා විසින් නිපදවා නොමැත. යම් ජීවියෙක් බිහි වී තිබෙන සෑම සංඝටකයක්ම භාජනයකට දමා වසර මිලියන ගණනක් සෙලෙව්වත් එම ජීවියා ඉබේ බිහි වන්නේ නැත. එසේ නම් මෙතරම් සංකීර්ණ ජීවින් කෙසේ නම් බිහි විය හැකිද?

ඉස්ලාම් පවසන්නේ සමස්ත විශ්වය ම එකම දෙවි වන අල්ලාහ් විසින් නිර්මාණය කර තිබෙන බවයි.

بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ (117) سورة البقرة

(අල්ලාහ්) අහස්හි ද පොළොවෙහි ද පූර්වාදර්ශයක් නොමැති නිර්මාණකරු ය. ඔහු කිසියම් කටයුත්තක් තීරණය කරන විට “වනු”යි පවසයි. වහාම එය සිදු වෙයි.

 පරිශුද්ධ වූ අල් කුර්ආන් 2 : 117

මෙහිදී බොහෝ අය අසන ප්‍රශ්නයක් වන්නේ දෙවියන් විශ්වය නිර්මාණය කළේ නම් දෙවියන්ව මැව්වේ කව්රුන් ද යන ප්‍රශ්නයයි. එහෙත් අර්ථ දැක්වීමෙන් ම දෙවියන් කිසිවෙකුගේ මැවීමක් නොවන නිසා එම ප්‍රශ්නය අර්ථ විරහිත එකකි. තවද දෙවියන් මැවුම්කරු මිස කිසිවෙකුගේ මැවීමක් නොවේ. එසේම දෙවියන් ඔහු මැවූ විශ්වය තුළ ඇත්තේද නැත.

විශ්වය නිර්මාණය කරන ලද්දේ කවරෙකු විසින් ද? කුමක් සඳහා ද? යන්න පිළිබඳව පරිශුද්ධ වූ අල් කුර්ආනය ලබා දුන් පිළිතුරු අපි විමසා බැලීමු. එසේ නම්, විශ්වය නිර්මාණය කිරීමේ අරමුණ කවරක්ද යන්නට පරිශුද්ධ වූ අල් කුර්ආනය ලබා දෙන පිළිතුරු කුමක්දැයි දැන් විමසා බලමු.

විශ්වය නිර්මාණය කිරීමේ අරමුණ කුමක් ද?

පරිශුද්ධ වූ අල් කුර්ආනයට අනුව විශ්වයේ පවතින සෑම දෙයක්ම එකම දෙවියන් වන සර්ව බලධාරී අල්ලාහ් විසින් මවා ඇත්තේ යම් අරමුණක් උදෙසාය. ඒ අනුව මිනිසාව ද මවා ඇත්තේ යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිණිසය. සමස්ත විශ්වය ම කිසිඳු හේතුවක් නොමැතිව නිර්මාණය වූයේ නැත.

මිනිසා විසින් නිමවන ලද ලොවේ පවතින ඕනෑම වස්තුවකට යම් හේතුවක් හෝ අරමුණක් හෝ ඇත. මිනිසා අල්ප මාත්‍රයක් පමණක් ගරු කරන ඇල්පනිත්තක නිර්මාණයටත් අරමුණක් ඇත. එසේ තිබිය දී මුළු විශ්ව තලය ම කිසිඳු හේතුවක් නොමැතිව නිර්මාණය වී තිබිය නොහැකිය.

අහස් හා පොළොව නිකරුණේ නිර්මාණය කළේ නැත!

මෙලොවේ කිසිවක් අල්ලාහ් විසින් නිකරුණේ නිර්මාණය කරනු ලැබුවේ නැත. ඔබේ ම දෙවියන් පවසන දේ මදක් කියවන්න.

وَمَاخَلَقْنَاالسَّمَاءَوَالْأَرْضَوَمَابَيْنَهُمَالَاعِبِينَ (16) سورةالأنبياء

අහස ද පොළොව ද ඒ දෙක අතර තිබෙන දැය ද අපි කෙළියක් ලෙසින් නිර්මාණය නො කළෙමු.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 21 : 16

وَمَاخَلَقْنَاالسَّمَاوَاتِوَالْأَرْضَوَمَابَيْنَهُمَالَاعِبِينَ (38) مَاخَلَقْنَاهُمَاإِلَّابِالْحَقِّوَلَكِنَّأَكْثَرَهُمْلَايَعْلَمُونَ (39) سورةالدخان

අපි අහස් ද පොළොව ද එදෙක අතර තිබෙනදැය ද සෙල්ලමකට නිර්මාණය නොකළෙමු.අපි සාධාරණ හේතුවකට මිසඑදෙක නිර්මාණය නොකළෙමු. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් නොදනිති.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 44 : 38,39

أَفَحَسِبْتُمْأَنَّمَاخَلَقْنَاكُمْعَبَثًاوَأَنَّكُمْإِلَيْنَالَاتُرْجَعُونَ (115) فَتَعَالَىاللَّهُالْمَلِكُالْحَقُّلَاإِلَهَإِلَّاهُوَرَبُّالْعَرْشِالْكَرِيمِ (116) سورةالمؤمنون

අපි නුඹලා නිකරුණේ නිර්මාණය කළෙමුයැයි ද නුඹලා අප වෙත නැවත ගෙන එනු නොලබන්නෙහු යැයි ද නුඹලා සිතුවෙහු ද? සැබෑ රජාණන් වන අල්ලාහ් අති උත්කෘෂ්ට ය. ඔහු හැර නැමදීමට සුදුස්සා වෙනත් කිසිවෙක් නැත. (ඔහු) ගෞරවනීය අර්ෂ්හි අධිපති ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 23 : 115,116

අහස් හා පොළොව නිර්මාණය කිරීම අති බහුතරයක් ජනතාව සිතන්නා සේ හුදු අරමුණක් නොමැති ක්‍රියාවලියක් නොවේ. එයට ස්ථීරසාර අරමුණක් ඇත. එසේ නම් ඒ අරමුණ කුමක් ද? එහි අරමුණ කවරක් දැයි පැහැදිලි කර දීම සඳහා කාලෙන් කාලෙට සර්ව බලධාරී අල්ලාහ්ගේ පණිවුඩ රැගෙන ධර්ම දූත වරු මෙලොවට පහළ‍ වූ හ.

ධර්ම දූතවරු අහසින් පහළ වූ අය නොවූ හ. සර්ව බලධාරී අල්ලාහ් විසින් මිනිසුන් අතුරින් ම ධර්ම දූත වරු තෝරාගනු ලැබීය. එක් ජන සමාජයක් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ ජනතාව අතුරින් ම කෙනෙකු තෝරා පත්කොට ඒ සමාජ සංශෝධන ක්‍රියා වලිය සිදු කරන ලදී. මෙසේ විවිධ ප්‍රදේශ වල, විවිධ භාෂා කතා කරන ජන සමාජ වලට ඔවුන් අතුරින් ම වක්තෘවරයෙකු තෝරා පත් කොට දේව පණිවුඩ සමඟ එවනු ලැබීය.

මෙලෙස පැමිණි ධර්ම දූතවරු තමන්ට සර්ව බලධාරී අල්ලාහ් වෙතින් පහළ වූ දහම් පණිවුඩය එනම් මිනිසා මෙලොවේ ජීවත් වීමේ අරමුණ කවරක්දැයි තමන්ගේ ජන සමාජ වලට ප්‍රචාරය කළ හ.

එකී ධර්ම දූතවරුන්ගෙන් අවසාන ධර්ම දූතයාණන්නබි නායක මුහම්මද් (සල්) තුමාණන් ය. එතුමාණන්ට පසුව අන් කිසිඳු ධර්ම දූතවරයෙක් මෙලොවට පැමිණෙන්නේ නැත. එතුමාණන් යුගාන්ත දිනය දක්වා වූ සියලු ම ජන වර්ග වලට පැමිණි වක්තෘවරයාණන් ය.

නිර්මාණකරු වන අල්ලාහ් පවසන්නේ මිනිසා ඔහුට ලැබී ඇති ජිවිත කාලය ගත කළ පසු ආපසු සර්ව බලධාරී අල්ලාහ් වෙත ඔහු හැරී යා යුතු බවයි. ආපසු ඒ දෙවියන් වෙත හැරී යා යුතු නම්, නිකරුණේ අහස් පොළොව ඇතුළු සමස්ත විශ්වය නිර්මාණය කරනු නොලැබුවේ නම්, සාධාරණ හේතුවක් මත නිර්මාණය කරනු ලැබුවේ නම්, ඒ හේතු කාරණා කුමක්දැයි අපි අනිවාර්යයෙන් ම දැනගත යුතුය.

එක ම දෙවියන් නැමදීම සඳහා ම මිනිසා නිර්මාණය කරනු ලැබීය!

මිනිසා සෑම ජිවියෙකුටම වඩා සුවිශේෂී ජීවියෙකි. එසේ නම් මිනිසා නිර්මාණය කළේ කව්ද? මිනිසා නිර්මාණය කර තිබෙන්නේ කුමක් සඳහාද? මිනිසා ජීවත් වන්නේ කවර නම් හේතුවක් නිසා ද? මෙලෙවේ මිනිසා ජීවත් විය යුත්තේ කෙසේ ද? මරණින් මතු ජීවිතයක් තිබේ ද? එසේ ජීවිතයක් පවතී නම් එම ජීවිතයේ දී මිනිසා ජය ලැබීමට කළ යුත්තේ කුමක් ද? වැනි තවත් ප්‍රශ්න වැලකට මිනිසා පිළිතුරු සෙවිය යුතුව ඇත.

මේ සඳහා විවිධ අය විවිධ පිළිතුරු ලබා දුන්නත් ඒවා වඩාත් සාර්ථක පිළිතුරු නොවීය. නමුත් මේ ප්‍රශ්න වලට යථානුරූපීව නබි නායක (සල්) තුමාණන් පිළිතුරු ලබා දුන් හ. නමුත් බොහෝ අය එතුමාණගේ ඇරයුම කෙරෙහි අවධානය යොමු නොකර ජිවත් වෙමින් සිටිති. එම නිසාවෙන් ඔවුන්ට ඉස්ලාම් දහම පවසන ජිවිතයේ නිවැරදි අරමුණ කරා යාමට අවස්ථා ලැබෙන්නේ නැත.

විශ්වාධිපති අල්ලාහ් ජීවිතයේ හා ජීවත් වීමේ අරමුණ මෙසේ පැහැදිලි කරයි.

وَمَاخَلَقْتُالْجِنَّوَالْإِنْسَإِلَّالِيَعْبُدُونِ (56) سورةالذاريات

ජින්වරුන් හා මිනිසුන් මා නැමදුම් කරන්නට මිස (අන් කිසිවකට) මම නිර්මාණය නොකළෙමි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 51 : 56

සර්ව බලධාරී අල්ලාහ් මනුෂ්‍ය හා ජින් වරු යන ජීවින් දෙවර්ගයක් නිර්මාණය කර තිබෙන බව පවසයි. (ජින්වරු යනුමිනිසාගේ පිය වී ඇසට නොපෙනෙන විශේෂිත වූ නිර්මාණයකි. මිනිසාට වඩා ශක්තියෙන් හා බුද්ධියෙන් දියුණු ජීවින් පිරිසක් වූව ද ඔවුන්ගෙන් මිනිසාට කිසිඳු හානියක් නැත. මන්දයත් ඔවුන් මේ පොළෝ තලයේ ජීවත් වන්නේ මිනිසුන් නොසැරිසරන ප්‍රදේශ වල ය.)

මිනිසා ඉබේ බිහි වූ කෙනෙක් නොවේ. ඔහුගේ නිර්මාණකරු අල්ලාහ් ය. එසේ මිනිසා නිර්මාණය කරන ලද්දේ සර්ව බලධාරී අල්ලාහ්ව ඔහු  නැමදීම සඳහා ම පමණි. ඉහත පරිශුද්ධ වූ අල් කුර්ආන් දේව වැකියෙන් අදහස් කරන්නේ මිනිසා විසින් එකම දෙවියන්වන සර්ව බලධාරී අල්ලාහ් නිවැරදිව අවබෝධ කර ගෙන ඔහුට පමණක් නැමදීම සඳහා ම සර්ව බලධාරී අල්ලාහ් විසින් මිනිසා නිර්මාණය කර තිබෙන බවයි.

සර්ව බලධාරී අල්ලාහ් නැමදීම නිසා වාසිය අත්වන්නේ මිනිසාටම ය. මන්දයත් දෙවියන්ට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවන අතර මිනිසාට දෙවියන්ගේ උදව් උපකාර අවශ්‍ය වේ.

අනෙකුත් ජීවින් වලට නොවූ අරමුණක් මනුෂ්‍ය හා ජින් වරුන්ට සර්ව බලධාරී අල්ලාහ් පිහිටුවා ඇත්තේඔවුන් දෙපිරිස ම ඔහුමවා ඇත්තේ ස්වයං තීරණ ගැනීමට හැකිවන පරිදි වන බැවිනි. ඒ අනුව ඔවුන්ට දෙවියන්ගේ අණට කීකරු වීමෙන් ඊට සරිලන කුලියද අකීකරු වීමෙන් ඊට සුදුසු විපාකද ලබා ගත හැකිය. බුද්ධිමතුන් මින් වඩා සුදුසු දෙය තෝරා ගෙන තම ජිවිතයේ නිවැරදි අරමුණ කරා යනු ඇත. විනිශ්චය දිනයේදී ඒ ඒ අයගේ කුසල් කර්ම වලට අනුව ප්‍රතිවිපාක විඳින්නට සිදු වනු ඇත. සර්ව බලධාරී දෙවියන් විසින් කිසිවෙකුට අසාධාරණයක් කරනු ලබන්නේ නැත.

මෙහි දී නැමදුම යනු හුදෙක් ම ආධ්‍යාත්මික වශයෙන් යාච්ඤා කිරීම පමණක් නොවේ. මෙලොව මිනිසා ජීවත් විය යුතු වඩාත් නිවැරදි හා ප්‍රශස්ත ජීවිතයක් වෙත ඉස්ලාම් මග පෙන්වයි. එම දේව මග පෙන්වීම් වලට අනුව ජීවත් වන සදාචාරසම්පන්න ජීවිතය පවා ඉස්ලාම් නැමදුමක් වශයෙන් සලකයි. එසේ නම් නිවැරදි ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතයක් එකම දෙවියන්ගේ මගපෙන්වීම් වලට අනුව ජීවත් වීම නමස්කාරයක් වශයෙන් සර්ව බලධාරී අල්ලාහ් සලකයි.

උදාහරණයක් ලෙස ගත් කල, විවාහය ලෞකික මිනිස් අවශ්‍යතාවයකි. නමුත් විවිධ ආගම් වල විවාහ වීම ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයට බාධාවක් යැයි සලකති. මෝක්ෂය ලැබීමට, නිවන් දැකීමට, පරලෝ රාජ්‍යයේ සදාකාලීන ජීවනය ලැබීමට විවාහය බාධාවක් යැයි බොහෝ අය පවසති. නමුත් ඉස්ලාම් දහම තුළ එවැනි තත්ත්වයක් දක්නට නැත. විවාහ වීම ඉස්ලාම් තුළ අනිවාර්යය යුතුකමක් යැයි ප්‍රකාශ වී ඇත. වඩාත් සාර්ථක පවුල් දිවියක් ගත කිරීමට මිනිසා විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඉස්ලාම් ලබා දී ඒ අනුව ජීවත් වන මෙන් අණ කරයි. එසේ යම් කෙනෙක් දහමේ මග පෙන්වීම් වලට අනුව ගිහි ජීවිතය ගත කළා නම් එය ඉස්ලාම් දහම සර්ව බලධාරී අල්ලාහ්ට සිදු කරන නැමදුමක් සේ සලකයි. මෙය වඩාත් ප්‍රායෝගික මග පෙන්වීමක් නොවේ ද? එයයි ඉස්ලාම්!

අල්ලාහ් යනු කවරෙක් ද?

සර්ව බලධාරී අල්ලාහ් නැමදීම ජීවිතයේ සැබෑ අරමුණක් නම් ඒ සර්ව බලධාරී අල්ලාහ් ගැන මදක් අපි වටහාගත යුතුව ඇත.

දෙවියන් වහන්සේ - GOD ඇතැම් විට සුළු දෙවිවරුන් - GODS හඳුන්වනු පිණිස සෑම භාෂාවකින් ම කිසියම් පදයක් හෝ පද කිහිපයක් හෝ භාවිත කෙරේ. සර්ව බලධාරී අල්ලාහ් සම්බන්ධයෙන් එසේ නොවේ.

අල්ලාහ් යනු එකම සැබෑ දෙවියන්ගේ අන්වර්ථ නාමයයි. අල්ලාහ් යන පදය සෙසු කිසිවක් සඳහා යෙදිය නොහැකිය. අල්ලාහ් යන වචනයට බහු වාචික පදයක් හෝ ලිංග භේදයක් හෝ නොමැත. සමහරු දෙවියා (God) යන වචනයට දෙවියන් (Gods) ලෙස බහු වචනද දෙවඟනුන් (Goddess) හා පුරුෂ දෙවියන් ලෙස වෙන් කොට අදහමින්නමදිති.

අල්ලාහ් යනු අරාබි භාෂාවෙන් දෙවියායන අරුත දෙනු ලබයි.එය මුස්ලිම් වරුහඳුන්වන එකම දෙවියාය.මුස්ලිම්වරු අල්ලාහ්යනුවෙන් පවසන විට ඔවුන් සරලව හඳුන්වන්නේ ඒකීය වූත් පරම සත්‍ය වූත්සර්ව බලධාරී දෙවියාය.

ඉස්ලාම්හි ව්‍යවහාර වන්නාක් මෙන් එකම සැබෑ දෙවියන් වන අල්ලාහ් විශ්වයේ නිර්මාර්තෘ වරයා ය, සර්ව බලධරියාය, පෝෂකයා ය.අසීමිත කරුණාවන්තයා ය, අසමසම දයාවන්තයා ය, ආරක්ෂකයා ය, පෝෂකයා ය, අවශ්‍යතා වලින් තොර කෙනෙක් ය, ඔහු කිසිවෙකුට හෝ කිසිවකට හෝ සමාන නොවේ.

අල්ලාහ් ගැන ඉතාමත් සරල ව හා සංෂිප්තව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සර්ව බලධාරී අල්ලාහ් ම මෙසේ පවසයි.

قُلْهُوَاللَّهُأَحَدٌ (1) اللَّهُالصَّمَدُ (2) لَمْيَلِدْوَلَمْيُولَدْ (3) وَلَمْيَكُنْلَهُكُفُوًاأَحَدٌ ((4سورةالإخلاص

අල්ලාහ් එක් කෙනෙක් යැයි පවසන්න.අල්ලාහ් අවශ්‍යතා වලින් තොර කෙනෙකි.ඔහු (කිසිවෙකු) වැදුවේ නැත. (කිසිවෙකුට) ඉපදුණේ ද නැත. ඔහුට සමානව කිසිවෙක් නැත.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 112 : 1-4

සර්ව බලධාරී අල්ලාහ් එකම දෙවි කෙනෙකු වන බැවින් අල්ලාහ්ට සෙසු කිසිඳු දිව්‍යමය වස්තුවක් හෝ පෞද්ගලිකත්වයක් හෝ ආරෝපණය කිරීම, ආදේශ කිරීම, උපමා කිරීම ඉස්ලාම්හි දරුණු පාපයක් සේ සලකනු ලැබේ. එකම දෙවි වන අල්ලාහ්ට පමණක් ලැබිය යුතු වැඳුම් පිදුම්, පුද පූජා, නමස්කාර වලින් එකක්වත් අන් කෙනෙකුට හෝ අන් වස්තුවකට ලබා දීම අල්ලාහ් කිසිසේත් ම අනුමත නොකරයි. කවර පාපයකට ක්ෂමාව පිරිනැමුවත් මෙවැන්නකට ක්ෂමාවක් පිරිනමන්නේ ම නැත.

මැවුම්කරුවා අවශේෂ මවන ලද වස්තු වලට වඩා වෙනස් ස්වභාවයක් දැරිය යුතුය. මවන ලද වස්තුවකට හෝ ස්වභාවයකට හෝ සම වේ නම් වස්තූන් සියල්ල අනිත්‍ය වන බැවින් මැවුම්කාර දෙවියන් ද අනිත්‍ය විය යුතුය. නමුත් අල්ලාහ් පවසන්නේ අල්ලාහ් කිසිවෙකු විසින් වදනු ලැබුවේ නැති බවත් කිසිවෙකුට නොඉපදුණු බවත් ය. අල්ලාහ් නිත්‍ය ය, සදාකාලීන ය. එබැවින් ඔහු අනිත්‍ය කිසිවකට සමාන නොවේ. එම නිසා ම ඔහු වෙනුවට අන් කෙනෙකුට නමස්කාර කිරීම, ඇදහිලි පැවැත්වීම, පුද පූජා කිරීම ඔහු අනුමත කරන්නේ නැත. ඊට ක්ෂමාව දෙන්නේ ද නැත.

إِنَّاللَّهَلَايَغْفِرُأَنْيُشْرَكَبِهِوَيَغْفِرُمَادُونَذَلِكَلِمَنْيَشَاءُوَمَنْيُشْرِكْبِاللَّهِفَقَدِافْتَرَىإِثْمًاعَظِيمًا (48) سورةالنساء

අල්ලාහ් තමාට සමානයන් කල්පනය කරනු ලැබීම ක්ෂමා නොකරයි. ඔහු සිතූ අයට ඊට පහත් මට්ටමෙන් යුත් දේ (පාපය) ක්ෂමා කරයි. අල්ලාහ්ට සාමනයන් කල්පනය කරන්නා ඉමහත් පාපයක් කල්පනය කළේ ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 4 : 48

ලෞකික ජීවිතය වූ කලී මරණින් මතු සදාකාලීන ජීවිතයක් සඳහා සූදානම් වීම පිණිස වූවකි!

ඉස්ලාම් දහම ජීවත් වීමේ අරමුණ තවත් දෘෂ්ටි කෝණයකින් මෙසේ පැහැදිලි කරයි. මෙලොව ඉපදී ජීවත් වී මරණයට පත් වන සියල්ලෝ ම මෙලොවේ සුළු කලක් ජීවත් වන්නේ පරලොවේ සදාකාලීන ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මෙලොව දී සූදානම් කරගැනීමටයි.

كُلُّنَفْسٍذَائِقَةُالْمَوْتِوَإِنَّمَاتُوَفَّوْنَأُجُورَكُمْيَوْمَالْقِيَامَةِفَمَنْزُحْزِحَعَنِالنَّارِوَأُدْخِلَالْجَنَّةَفَقَدْفَازَوَمَاالْحَيَاةُالدُّنْيَاإِلَّامَتَاعُالْغُرُورِ (185) سورةآلعمران

සෑම ප්‍රණයක් ම මරණය රස විඳින්නේ ම ය. කියාමත් දින(ලෝකාන්ත දින) නුඹලාගේ කුලිය සහමුලින් ම පිරිනමනු ලැබේ. නිරයෙන් ඈත් කරනු ලැබ ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නා (නිසැකව ම) ජය ලැබීය. මෙලොව ජීවිතය මුළා කරනු ලබන සැපතක් මිස වෙන නැත.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 3 : 185

ලෞකික ජීවිතයේ මිනිසා විසින් කරනු ලබන සියලු කටයුතු පරලොවේදී සර්ව බලධාරී දෙවියන් විසින් විනිශ්චය කරනු ලැබේ. එසේ විනිශ්චය කරනු ලබන දින යහපත් හා අයහපත් ක්‍රියා මැන ඒ ඒ ක්‍රියා වලට අනුව ප්‍රතිවිපාක භුක්ති විඳින්නට සිදු වේ.

එකම දෙවියන් පමණක් අදහමින් යහපත් ක්‍රියා කළ කෙනෙකු පරලොවේ දී ජයග්‍රහණය කරනු ඇත. ඒ ජයග්‍රහණය යනු කිසිඳු දුකක් හෝ කරදරයක් හෝ වේදනාවක් හෝ වෙහෙස මහන්සියක් හෝ නොමැතිව සදාකාලීනව සිත් සතුටින් දිව්‍ය ලෝකයේ ජීවත් වීමයි.

එසේ එකම දෙවියන් පමණක් නොඅදහමින්, යහපත් ක්‍රියා නොකරමින්, පාපතර හා වැරදි ක්‍රියා කරමින් අක්‍රමිකතාවන් හා අසාධාරණකම් කරමින් මෙලොව ජීවත් වන කෙනෙකුට මරණින් මතු ජීවිතයේ දී විශ්වාදිපති එකම දෙවියන්ගේ යුක්තිසහගත විනිශ්චයෙන් පසුව සදාකාලීනව වේදනා විඳිමින් අපාගත වීමට සිදු වන බව ඉස්ලාම් දහමේ ප්‍රධාන ධාර්මික මූලාශ්‍රය වන පරිශුද්ධ වූ අල් කුර්ආනයේසර්ව බලධාරී දෙවියන් පවසා සිටී.

සර්ව බලධාරී අල්ලාහ්මිනිසා නිර්මාණය කර ඇත්තේ මෙලොවේ දී මිනිසා ජීවත් වන ආකාරය පරීක්ෂා කර බලනු පිණිස ය!

මෙලොව මිනිසා නිර්මාණය කරනු ලැබ ඇත්තේ යහපත් හා සදාචාරසම්පන්න ලෙස කටයුතු කරන්නේ කවරෙක් දැයි පරීක්ෂා කරනු පිණිස ය.

الَّذِيخَلَقَالْمَوْتَوَالْحَيَاةَلِيَبْلُوَكُمْأَيُّكُمْأَحْسَنُعَمَلًاوَهُوَالْعَزِيزُالْغَفُورُ (2) سورةالملك

නුඹලාගෙන් අලංකාරව ක්‍රියා කරන්නේ කවරෙක් දැයි පරීක්ෂා කරනු පිණිසමරණයත් ජීවිතයත් ඔහු නිර්මාණය කළේය. ඔහු අබිබවන්නා ය, ක්ෂමා කරන්නා ය.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 67 : 2

මෙලොව ජීවිතයේ යටාර්ථය දෙස මදක් විමසිලිමත් ව කල්පනා කර බලන්න. බොහෝ විට දුදනන් සුපිරි ජීවිතයක් ගත කිරීමත් සුදනන් දුක්බර ජීවිතයක් ගත කරමින් දුෂ්කරතාවලින් පෙලීමත් අපි දකින්නෙමු. මෙවැනි තත්වයක් පවතින්නේ සර්ව බලධාරී අල්ලාහ් සියලූ මිනිසුන් පරීක්ෂා කරන බැවිනි.

නමුත් එක් එක් අය පරීක්ෂා කරනු ලබන ආකාරය වෙනස් විය හැකිය.දරිද්‍රතාව, ලෙඩ රෝග, අශෝභනත්වය, ශරීරයේ පවතිනදුර්වලතාවන්, දරුවන් වැදීමේ නොහැකියාව (වඳ බව), බලවතුන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වීම, අකීකරු දරුවන්, කිට්ටු ඥාතීන්ගේ ජීවිත අහිමි වීම, අංග විකලභාවය, මතක ශක්තිය අඩු වීම, කල්පනා ශක්තිය අඩු වීම, නුගත්කම ආදී වශයෙන් දස දහස් ගණනින් මිනිසාට අඩුපාඩුකම් ඇත.යම් පුද්ගලයෙකුට සර්ව බලධාරී දෙවියන් දුප්පත්කම හා ලෙඩ රෝග ලබා දී තිබිය හැකිය.නමුත් ධනවත් හා නිරෝගීවසිටින කෙනෙකුට වෙනත් අඩුවක් තිබිය හැකිය. එවැනි අයට භාර්යාවන් විනීත නොවිය හැකිය. දුවාදරුවන් අකීකරු විය හැකිය. ඇතැම් විට දරු සම්පතක් ම නොතිබිය හැකිය. මෙසේ විවිධාකාර අඩුපාඩුකම් සහිතව මිනිසා නිර්මාණය කරනු ලැබීමේ අරමුණ මිනිසා කටයුතු කරන ආකාරය පරීක්ෂා කර බැලීමයි.

فَكَيْفَإِذَاجَمَعْنَاهُمْلِيَوْمٍلَارَيْبَفِيهِوَوُفِّيَتْكُلُّنَفْسٍمَاكَسَبَتْوَهُمْلَايُظْلَمُونَ (25) سورةآلعمران

කිසිඳු සැකයක් නොමැති දිනකඅපි ඔවුන් එක් රැස් කිරීමේ දී (ඔවුන්ගේ තත්ත්වය) කෙබඳු වේ ද? (එදින) සෑම කෙනෙකුට ම ඔහු උපයා ගත් දේ සහමුලින් ම පිරිනමනු ලැබේ.ඔවුහු අපරාධ කරනු නොලබති.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 3 : 25

විනිශ්චය දිනයේදී කෙනෙකුට කෙනෙක් උදව් කළ නොහැකිය. එම දිනයේදී ජය ගත හැක්කේ මොලොව දී එකම දෙවියන් වන අල්ලාහ්ගේ අණට කීකරු වු අයට පමණි. මේ නිසා අහංකාර කමින් දෙවියන්ගේ අණ නොතකා ජිවත් වූ අය එම දිනයේදී දුකට පත්වනු ඇත. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

بَلَىقَدْجَاءَتْكَآَيَاتِيفَكَذَّبْتَبِهَاوَاسْتَكْبَرْتَوَكُنْتَمِنَالْكَافِرِينَ (59) سورةالزمر

එසේ නොවේ, නුඹ වෙත මාගේ වැකි පැමිණියේ ය. නුඹ ඒවා අප්‍රකාශ යැයි සිතුවෙහි ය. උඬඟු වූයෙහි ය. (මා) ප්‍රතික්ෂේප කරන්නෙක් ද වූයෙහි යැ”(යි පවසනු ලැබේ).

පරිශුද්ධ වූ අල් කුර්ආන් 39 : 59

මරණය අත්වීමට පෙර ජීවිතය ගැන නැවත සිතා බැලීම මිනිසාට ප්‍රයෝජනවත් වනු නො අනුමානය. එම නිසා අවසාන දේව ධර්ම ග්‍රන්ථය වන පරිශුද්ධ වූ අල් කුර්ආනය හදාරන මෙන් සැමටම මින් ආරාධනා කරන්නෙමු.