නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සුළුජන අභිලාෂය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සුළුජන අභිලාෂය

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අනුබද්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් මස 21 වන දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.ආණ්ඩුවෙහි සුජාතභාවය මුළුමනින් රැඳී පවතින්නේ එම ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කෙරෙන තත්ත්වයක් තුළයි.

රටේ ප්‍රධාන ජාතික ප්‍රශ්නවලට පිළිතුරු දීමට සමත්, සියලු ජන කොටස් ආමන්ත්‍රණය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උදෙසා වූ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යනු නව ප්‍රතිසංස්කරණ සමුදායක ප්‍රමුඛ අංගය වන අතර එය බොහෝ ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය නෛතික සහ ප්‍රායෝගික ශක්තිය ජනනය කෙරෙන ක‍්‍රියාමාර්ගය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු හුදෙක් ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ විසඳුමකට සීමා වන්නක් නොවන අතර එය අත්‍යවශ්‍ය ලෙස ලාංකේය සමාජය අත්පත් කර ගත යුතුව පවතින අතිශයින් පමා වී ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික කෙරුණ සමාජ පරිසරයක් උදා කර ගැනීමේ ඉලක්කය සමඟ නියත ලෙසම බැඳී පවතින්නකි.

යෝජිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී සැලකිල්ලට ගත යුතු ජන වාර්ගික සුළුතරයෙහි අභිලාෂය පිළිබඳව කරුණු කීපයක් සම්බන්ධයෙනි.

අනාගමික රාජ්‍යයක්

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන් ම අනාගමික ව්‍යවස්ථාවක් වීම සමාජ සුළුතරයේ ප්‍රමුඛ අභිලාෂයකි.

ශ‍්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 09 වෙනි වගන්තියෙහි ‘බුද්ධාගම’ යන ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වෙයි.

‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවෙහි (1වන අනු ව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’.

මෙය කියවන බෞද්ධයෙකු (ලාංකේය සමාජ සංදර්භය තුළ ඔහු හෝ ඇය බොහෝ ලෙසින් සිංහල ජාතිකත්වයට අයත් වෙයි) තුළ ඇති කෙරෙන උද්වේගය මෝහනයට පත් වූ තත්වයකට සමාන වූවක් විය හැකි අතර බෞද්ධ නොවන්නකු තුළ ඇති කරන්නේ තමන් ‘පිටස්තරයෙකුය’ යන හැඟීමයි.තමන් බහිෂ්කරණයට ලක් ව ඇති බව සංජානනය වීමත් සමඟ පුද්ගලයකු තුළ ඇති කෙරෙන එම හැඟීම අවබෝධ කර ගැනීමට කිසිවකු අබෞද්ධයෙකු වීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ.ඇත්තෙන්ම ඒ සඳහා සැබෑ බෞද්ධයෙකු වීම සෑහෙයි. මක්නිසාද යත්, තමන් උපමාවට ගෙන අනුන්ට පීඩා කිරීමෙන් වළකින මෙන් (අත්තානං උපමං කත්වා) බෞද්ධ දර්ශනයෙහි සඳහන් කර ඇති බැවිනි.

‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය’’ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින වගන්තිය වෙනස් කර ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී ලංකාව යන වචන ඇතුළත් කර තිබෙන බවද එමගින් අනාගමික රාජ්‍යයක් බව තහවුරු කරගත හැකිය.

එහෙත් මෙම අතුරු වාර්තාවෙන් වර්තමාන 9 වන වගන්තිය වෙනුවට විකල්ප විධිවිධාන දෙකක් යෝජනා කර තිබේ. ඉදිරිපත් කර තිබෙන එකී විකල්ප විධිවිධාන මෙසේය.

ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’’

හෝ

‘‘ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය.එහෙයින් සියලූ ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලූම පුද්ගලයන්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’

ශ්‍රී ලංකාවේ ඒකීය භාවය තහවුරු කරන ව්‍යවස්ථා විධිවිධාන වෙනස් කිරීම

මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ යෝජනා මගින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය විනාශ කිරීමට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය. 1972 සිට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය තහවුරු කරන පැහැදිලි විධිවිධානයක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි.1978 දී දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී පවා කිසිදු වෙනස් කමක් නොකර එම විධිවිධානය එලෙසම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබිණි. මේ වනවිට පුරා අවුරුදු 45ක් ඒකීය රාජ්‍ය තහවුරු කරන මෙම විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතී.

පළමුවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද එම ව්‍යවස්ථාවල දෙවන වගන්තියේ ශ්‍රී ලංකාවේ ව්‍යුහය විස්තර කරනු ලැබූයේ ‘‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි’’ යනුවෙනි.

ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ එය විස්තර වන්නේ ‘Republic of Sri Lanka is a Unitary State’ලෙසය. මෙම නව යෝජනාවලියෙන් යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ ඇති ‘Unitary state’යන පදය ඉන් ඉවත්කොට ‘‘ඒකීය රාජ්‍ය/ඔරුමිත්තනාඩු’’යන සිංහල හා දෙමළ වචන ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමටය. ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති විධිවිධානයන් මෙසේය.

වර්තමාන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා යෝජිත වගන්ති මෙසේය.

වර්තමාන වගන්තිය:

Republic of Sri Lanka is a Unitary State’

ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

යෝජිත වගන්ති:

‘Sri lanka (cyelon) is a free, sovereign and independent Republic which ia an aekiyarajaya/oruminththanadu, consisting of the institution of the centre and of the provinces which shall exercise power as laid down in the constitution.

In this Article aekiyarajya.orumiththanadu means a state which is undivided and indivisible, and in which the power to amend the constitution, or to repeal and replace the constitution, shall remain with the parliment and the people of srilanka as provided in this constitution.

‘‘ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක‍්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු වනු ඇත.

‘‘මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍යය/ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ නොබෙදු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ වන තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත.’’

වර්තමාන ව්‍යවස්ථාවේ දමිළ පිටපතේ ‘‘ඒකීය’’ යන අරුත දෙන ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය ‘‘ඒකීය’’ රාජ්‍යය විස්තර කිරීමට යොදා ගනු ලැබුණි. රජයේ නව ව්‍යවස්ථා යෝජනාවල එම ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය යොදා නොගෙන ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනය ඊට යොදා ඇත. ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනයේ අරුත ‘‘එක්සත්’’ (ෆෙඩරල්) යන්නයි. ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යනු ‘‘ඒකීය’’ යන්නයි.

තවද මෙහි සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ අනෙකුත් පනත් මෙන් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ පිටපත් අභිබවා සිංහල පිටපත බලාත්මක වන බව ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිංහල පිටපතේ ‘‘ඒකීය රාජ්‍යය’’ යන පදයට නව අර්ථ නිරූපණයක් ලබා දී ඇත.

එයට අනුව ඒකීය රාජ්‍යයක් යනු නොබෙදිය හැකි රාජ්‍යයක් ලෙස හඳුන්වා දී ඇත. ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයෙන්ම බෙදා වෙන් කළ හැකි රාජ්‍යයක් නොවේ. යම් රාජ්‍යයක් බෙදිය නොහැකි වූ පමණින් එය ඒකීය රාජ්‍යයක් වන්නේ නැත. ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය බෙදිය නොහැකිය. ඒකීය යන පදයට නව අරුතක් එක් කරමින් එහි අදහස බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස පැවසීමහුදෙක් ‘‘unitary,යන ඉංග‍්‍රීසි පදයේ සම්ප‍්‍රදායික ඍජු අරුත හිතාමතාම අදාළ කර නොගැනීමට දරා ඇති ප‍්‍රයත්නයකි.

ව්‍යවස්ථා නීතිය පිළිබඳ සිංහලයෙන් ලියැවී ඇති පතපොත ඉතා විරලය. මේ නිසා ‘‘ඒකීය රාජ්‍ය’’ යන පදයෙහි අරුත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ව්‍යවස්ථා නීතියේ ඉංග‍්‍රීසි පත පොත ආධාර කර ගැනීම අවශ්‍ය වේ. ‘‘unitaryයන පදයෙහි අරුත ඉංග‍්‍රීසියෙන් ලියැවී ඇති ග‍්‍රන්ථවල මනා ලෙස විස්තර කර දී ඇත.

මෙහි අරුත අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණය ලබා දෙමින් සිය තීන්දුවේ ඉංග‍්‍රීසි බසින් මැනවින් විස්තරකර ඇත. ‘unitary stateයන වචනය ව්‍යවස්ථාවේ ඉංග‍්‍රිසි පිටපතෙන් ඉවත් කර ඇත්තේ ‘‘ඒකීය රාජ්‍යය’’ ‘unitary state යන පදයට ඇති අන්තර්ජාතික ලෙස පිළිගැනෙන නිශ්චිත අර්ථයෙන් බැහැරව නව අරුතක් ලබා දීම සඳහාය.

මෙම සංශෝධනවල සමස්ත ප‍්‍රතිඵලය වනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය වීමයි. මෙසේ ව්‍යවස්ථාවේ ඇති පද අරුත් වෙනස් කිරීම වංචනිකව කර ඇත.

රාජ්‍ය භාෂාව පිළිබද ස්ථාවරය

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සිවු වෙනි පරිච්ඡේදයෙහි 18 වගන්තිය අනුව ‘ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය. දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය’.

එය පළමු වැකියෙන් කියැවෙන අදහස තුළින් ගම්‍ය වන අරුතෙහි සැර බාල කිරීමක් සේ දෙමළ සමාජයට සංජානනය වෙයි.සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය’ යනුවෙන් ජාතික භාෂා සම්බන්ධයෙන් දී ඇති සම අවස්ථාව රාජ්‍ය භාෂාව පිළිබඳව දැක්වෙන ස්ථානයේ නොමැත.

මේ අයුරින් භාෂාව සහ ආගමික වශයෙන් පිරිනමනු ලබන ‘ප‍්‍රමුඛ සහ ප‍්‍රමුඛ නොවන’ තත්වයන් මගින් වාර්ගික සහ ආගමික සුළු ජන කොටස් අතර මතු කෙරෙන ‘තමන් කොන් කිරීමට ලක් කරනු ලැබ ඇත’ යන හැඟීම සමාජය තුළ බරපතළ භේද භින්න තත්වයක් ඇති කිරීමට හේතු වෙයි.

එවැනි තත්වයක් අද අනිවාර්ය සමාජ අවශ්‍යතාවක් වී ඇති සහජීවන සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ ඉලක්කයට බාධාවක් වෙයි.සහජීවන සමාජ බැඳීමක් ඇති විය හැක්කේ සමානයන් අතරයි. වහල් සහ ස්වාමි සම්බන්ධතාව මගින් ඇති කෙරෙන්නේ ‘බල මහන්තත්වය සහ පීඩනයට එරෙහි විරෝධාත්මක ක්‍රියාකාරිත්වය තුළින් පැන නගින ගැටුම’ සහිත පරිසරයකි.

පළාත් සභ පිළිබද ස්ථාවරය

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම, ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සඳහා නීති පැනවීමට මධ්‍යම රජයට ඇති අයිතිය අහිමි කිරීම, ආණ්ඩුකාරවරයා පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීම,පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම, විදේශීය අරමුදල් ලබාදීමට බලතල ලබාදීම, පළාත් සභා සඳහා වූ ජාතික ප්‍රතිපත්ති තැනීමට මධ්‍යම ආණ්ඩුවට ඇති බලතල අහෝසි කිරීම, පළාත් සභා විසිරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට ඇති බලතල අහෝසි කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම, සෙනෙට් සභාවක් පිහිටුවා පාර්ලිමේන්තු බලතල කප්පාදු කිරීම වැනි දේ රටට අහිතකරයි.

උතුර හා නැගෙනහි රපළාත් ඒකාබද්ධ නොකළ යුතුයි

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතාව ගෙන යන උත්සාහයට මුස්ලිම් ප්‍රජාවේ සහාය ලැබිය යුතු බවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය C.V විග්නේශ්වරන් ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව දෙමළ භාෂාව කතා කිරීම සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බව පවසමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිය ඉල්ලීම සාධාරණීකරණය කරයි.

උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට නම් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවත් එම පළාත් ඒකාබද්ධ කිරීමකින් තොර කිසිදු විසදුමක් දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බවත් එම සන්ධානයේ යාපනය දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිවඥානම්ශ‍්‍රීධරන් මහතා පැවසීය.

සංස්කෘතික සහ සමාජයීය අනන්‍යතාවය අතින් නැගෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව උතුරට වඩා වෙනස් බව අවබෝධ කරගත යුතුයි.

'නැගෙනහිර පළාතේ 39%ක් දෙමළ ජනතාව ජීවත් වෙනවා.37%ක් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. නැගෙනහිර පළාත උතුරු පළාත සමග යා කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ජනතාව 17%ක් දක්වා පහත වැටීමේ අනතුරුදායක තත්වයක් ඇති වෙන්න පුළුවන්.' ලෝකයේ කුමන හෝ රටක ජීවත් වන වාර්ගික ජන ප්‍රජාවක් තමන් ජීවත් වන පළාත තුළ සුළු ප්‍රතිශතයක් වීමට අකමැති බව කව්රුත් පිළිගත යුතුය. ආණ්ඩුව නැවතත් මුස්ලිම් ප්‍රජාව සුළුතරයින්ගෙනුත් සුළුතරයක් බවට පත් කරන්නට උත්සහ දරනවා.

ඉතිහාසයේ නැගෙනහිර පළාත වෙනම පළාතක් වශයෙන් පැවති බවත් ඉන්දු ලංකා ගිවිසුමෙන් අනතුරුව එම තත්වය වෙනස් වූ බවත්අපි අවබෝධ කරගත යුතුයි.'ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට තිබුණ කාලයේ අත්දැකීම් සහ වසර විස්සක් යුද්ධය පැවති කාලයේ මුහුණ දුන් අත්දැකීම් නිසා අපි ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. බලය බෙදා හැරීමේදී මුස්ලිම් ජනතාව නැවත නැවත සුළුතරය බවට පත් වේවි.

ජාති, ආගම්, කුල භේද පදනම් කරගෙන ප‍්‍රජා සභා පිහිටුවීම ජාතියේ සංහිඳියාවට හිතකර නොවේ. මෙම යෝජනා රට බෙදා වෙන් කිරීමේ මානසිකත්වයක් ඇති බෙඳුම්වාදීන්ගේ ප‍්‍රයත්නයක් බව මොනවට පැහැදිලිය.

මෑතකදී ද උතුරු පළාත් සභාව උතුරේ ජනතාවගේ නැවත පදිංචි කිරීම් වැනි දහසක් ප්‍රශ්න තිබිය දී යුද කාලයේදී දෙමළ ජන සංහාරයක් සිදුවී ඇතැයි ද යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයිද පළාත් සභාවේ යෝජනා සම්මත කළේය. එම කරුණු ලෝකයට ගෙනයාම ජනතාවගේ එදිනෙ දා ප්‍රශ්න විසඳීම සඳහා වූ පළාත් සභාව විසින් නොව දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂ විසින් කළ යුතු දෙයකි. එසේ තිබිය දී පළාත් සභා පාලනය මේ කටයුතු කරන්නට යාමේදී පළාත් සභාවලට බලතලදීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව බියවීම නොවැළැක්විය හැකිය.

පළාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල නොදිය යුතුයි

පොලිස් හා ඉඩම් බලතල පළාත්වලට ලබාදිය යුතු යැයිද නොදිය යුතුයැයිද බොහෝ දෙනා දීර්ඝ කාලයක සිට විටින් විට කරුණු ඉදිරිපත් කළද ඇත්ත වශයෙන්ම මෙම බලතල නීතිමය වශයෙන් පළාත් සභාවලට පවරා මේ වනවිට වසර 29ක් ගත වී ඇත. ඒ 1987 මතභේදකාරී ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේම සම්මත කර ගන්නා ලද එතරම්ම මතභේදකාරී වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

එම බලතල පළාත් සභාවලට පාවිච්චි කිරීමට නොහැකි වී ඇත්තේ සම්මත වූ නීතිය අනුව ජනාධිපතිවරයා පළාත් පොලිස් කොට්ඨාසයක් හා පළාත් ඉඩම් කොමිෂන් සභා පත් කිරීමේ ගැසට් නිවේදන පළ නොකිරීම නිසාය.

13 වැනි සංශෝධනය හා පළාත් සභා පනත දැඩි ගැටුම්කාරී තත්ත්වයක් යටතේ විශාල බාධක මැද සම්මත කිරීමට කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා ඩී.බී.විජේතුංගල චන්ද්‍රිකා කුමාරතුංග යන කිසිවෙකු අදාළ ගැසට් නිවේදනය පළ නොකළ හ.

මේ ආකාරයට පළාත් සභාවලට දී ඇති පොලිස් බලතල ක්‍රියාත්මක කළ විට මධ්‍යම ආණ්ඩුවේ පොලිසියෙන් ස්වාධීන වූ මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් තොරවූ පළාත් පොලිසියක් බිහි වනු ඇතැයි පොදුවේ ජනතාව අතර මතයක් පවතී. එහෙත් නීතිමය වශයෙන් එය එසේ වන්නේ නැත.

පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරීම ජාතික ආරක්ෂාවට හා රටේ භෞමික අඛණ්ඩතාවට තර්ජනයකැයි රටේ අති බහුතරය සිතති. ඒ මතය මේ වනවිට ඔවුන් වෙතින් ඉවත් කළ නොහැකි තරමට මුල් බැසගෙන තිබේ.නමුත් තත්ත්වය එසේ නොවේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා පොලිස්පති වන අතර ශ්‍රී ලංකා පොලිසිය ජාතික පොලිස් කොට්ඨාශය හා පළාත් පොලිස් කොට්ඨාසය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වනු ඇත. එනම් පළාත් පොලිසියේද ප්‍රධානියා පොලිස්පතිය.

පළාත් පොලිස් කොට්ඨාසයේ තීරණ ගන්නා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් ඉහළ නිලධාරීන් ජාතික පොලිසියේ නිලධාරින්ගෙන් සමන්විත වනු ඇති අතර ඉතිරි නිලධාරීහු හා භටයෝ පළාත් මට්ටමෙන් බඳවා ගත් අය වෙති.

පළාත් පොලිසියේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන අතර ඔහු පත් කෙරෙන්නේ පොලිස්පතිවරයා විසින් අදාළ පළාතේ ප්‍රධාන ඇමැතිවරයාගේ එකඟතාව ඇතිවය.
යම් පළාතක ඇතිවන ප්‍රශ්න නිසා ජනාධිපතිවරයා එම පළාතේ හදිසි තත්ත්වයක් පත් කළහොත් නීතිය හා සාමය පිළිබඳ මහ ඇමැතිවරයා හා පළාත් සභාව සතු බලතල හා වගකීම් තමා වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයාට පූළුවන. එසේම එසේ යම් පළාතක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු විට නීතිය හා සාමය රැකීම සඳහා එම පළාත තුළ මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය යෙදවීමට පොලිස්පතිවරයාට බලය තිබේ.

1989දී එවකට ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය වූ ඊළම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්) විසින් පළාත් පොලිසිය ගොඩ නැඟීම සඳහා බඳවා ගන්නා ලද මුස්ලිම් තරුණයින් 41 දෙනෙකු කිසිදු හේතුවකින් තොරව වෙඩි තබා ඝාතනය කිරීමයි.

ඉන්දු-ලංකා ගිවිසුම යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය හමුදාවට පිටවී යන ලෙස 1989දී එවකට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා නියෝග කළ විට ඉන්දීය හමුදාවේ පිහිටෙන් උතුරු නැගෙනහිර පළාත් සභාවේ පාලනය පවත්වාගෙන ගිය ඊපීආර්එල්එෆ් සංවිධානය භීතියට පත් විය. ඒ අනුව පළාතේ ප්‍රධාන ඇමැතිව සිටි වරදරාජ පෙරුමාල් මහතා කඩිමුඩියේ මධ්‍යම ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් මගින් පිහිටුවන්නට සූදානම් කළ සිවිල් ස්වේච්ඡා බළකායට දෙමළ හා මුස්ලිම් තරුණයන් බඳවා ගන්නට විය.සිවිල් ස්වේච්ඡා බලකාය යනු පළාත් පොලිසිය ගොඩනැඟීමට පූර්ව සූදානමක් වශයෙන් පිහිටුවන ලද නීත්‍යනුකුල බළකායකි.

එසේ වුවද ඉන්දීය හමුදාව කඩින්කඩ රටින් පිටවී යන්නට පටන් ගත්විට අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටි ඊපීආර්එල්එෆ් සංවිධානය සිවිල් ස්වේච්ඡා බළකාය විසුරුවා හරින්නට තීරණය කළේය. ඉන්පසු එම බළකායේ සිටි මුස්ලිම් භටයන් 41 දෙනෙකු වෙන් කොට ඔවුන් වෙඩි තබා මරා දැමීය. මීට හේතුව මේ දක්වා පැහැදිලි නැත.

අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ටයේ පළමුවන උප ලේඛනයේ 13 වන සංශෝධනය ප‍්‍රකාරව පළාත් සභාවට ලැබී ඇති පොලිස් බලතල ගැන සදහන් වෙනවා. මේ වගන්ති ක‍්‍රියාත්මක වුණොත් දැනට පවතින ජාතික පොලිස් සේවාව නැති වෙනවා. සියලූම වැදගත් පොලිස් කටයුතු වෙනම ක‍්‍රියාත්මක වන පළාත්බද පොලිස් සේවාවන් 9 කට හිමි වෙනවා. මේ වගේ ක‍්‍රමයක් ඉන්දියාව වැනි විශාල රටක ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහෝ ජාතික රාජ්‍යයන්වලටත් වඩා විශාලයි. ලංකාව වගේ කුඩා රටක ඒ වගේ දෙයක් ක‍්‍රියාත්මක කරන්න බැහැ. ලංකාවට වඩා කිහිප ගුණයක් විශාල තමිල්නාඩු ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක වන්නේත් එක පොලිස් සේවයයි. ඉන්දියාව වැනි රටක උප මහද්වීප මට්ටමෙන් ක‍්‍රියාත්මක වන ක‍්‍රමයක් ඇතැම් කුඩාම ඉන්දීය ප‍්‍රාන්තවලටත් වඩා කුඩා ලංකාව වැනි රටක් තුළ කි‍්‍රයාත්මක කරන්න හදන එක නුවණට හුරු දෙයක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. පළාත් සභා ක‍්‍රමය ඇති කරලා ගතවුණු දශක තුන මුළුල්ලේ ආණ්ඩු වෙනස්කම් ගණනාවක්ම සිදුවුණා. නමුත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් පොලිස් බලතල කිසිම නායකයකු කි‍්‍රයාත්මක නොකළේ එයින් මේ රට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වන නිසයි. ඉතින් මේ කටයුත්තේ දී බොහොම පරිස්සමින් ක‍්‍රියා කරන්න ඕන. අලූත් ව්‍යවස්ථාවක් සෑදීමේ දී පවතින ව්‍යවස්ථාවේ තිබෙන ක‍්‍රියාත්මක කරන්න බැරි වගන්ති ඉවත් කරන්න ඕන.

13 වන සංශෝධනයේ පළාත් සභාවලට දීලා තියෙන පොලිස් හා ඉඩම් බලතල ගැන නැවත සලකලා බලන්න ඕන. ඉඩම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල 13 වන සංශෝධයෙන් ලංකාවේ ආණ්ඩුවට දීල නැහැ. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව ඒ රටේ මධ්‍යම ආණ්ඩුවට ආදාළ කරුණු සදහා ඕනෑම ප‍්‍රාන්තයකින් ඕනෑම ඉඩමක් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කිසිම විමසීමකින් තොරව පවරාගන්න පුළුවන් කියලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1962 දී විභාග කළ බටහිර බෙංගාල ප‍්‍රාන්තය එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කියන නඩුවේ තීන්දු කරලා තිබුණා. නමුත් අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ටයේ දෙවන උප ලේඛනයට අනුව ලංකාවේ ආණ්ඩුවට යම් කිසි පළාතක තියෙන ඉඩමක් ආණ්ඩුවේ වැඩකට ගැනීමට නම් අදාළ පළාත් සභාවේ අවසර පැතිය යුතු බව කියලා තියෙනවා.

2013 දී විභාග වුණු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එරෙහිව සොලෙයිමුත්තු රාසු යන නඩුවේ තීන්දුව අලූත් ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රජයේ ඉඩම් බලතල ලංකාවේ ආණ්ඩුවට මිස පළාත් සභාවලට අයිති නැති බවයි. ඒ නඩුවේදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හා වත්මන් අගවිනිසුරු ශ‍්‍රී පවන් මහතා හා ඊ්වා වනසුන්දර විනිසුරුතුමිය එකිනෙකා සමග ඒ කරුණ සම්බන්ධයෙන් එකඟ වෙමින් වෙන වෙනම නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් හැටියට අපි සලකන්න ඕන.

උදාහරණයක් වශයෙන් ඉඩම් පිළිබඳව පළාත් සභාවට දී ඇති බලය ක්‍රියාත්මක කළ විට මධ්‍යම ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවට පොදු මතයක් තිබේ. එහෙත් 2013දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් කියවුණේ ඉඩම් බලතල පළාත් සභාවට දී ඇති වත්මන් ව්‍යවස්ථාව යටතේත් ඉඩම්වල අයිතිය අවසාන වශයෙන් ඇත්තේ මධ්‍යම ආණ්ඩුව අතේ විනා පළාත් සභා අතේ නොවන බවයි.

විධායක ජනපති ක්‍රමයඅහෝසි කළ යුතුයි.

විධායක ජනාධිපති ක්රථමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන අගමැති ප්ර මුඛ කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුයි.

උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා විවිධ ප්රඅදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්රරතිපත්ති කේන්ද්ර ය (CPA) විසින් සකස්කරන ලද අලුත්ම වාර්තාවක් ප්රකකාර, එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්රිශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්යයය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.කෙසේ වෙතත්, විධායක ජනාධිපති ක්රධමය අහෝසි කළ යුතු බව බහුතර මුස්ලිම් ජනතාවගේ අදහසය.

මෙරටින් බිහිවුණු දක්ෂ ආර්ථික විද්යා ඥයකු මෙන්ම දේශපාලනඥයකු ද වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා 78 ව්යමවස්ථාව විවේචනය කළේලෙඩ ඇඳේ සිටිමිනි. සියලු ප්රනජාතන්ත්ර වාදී ආයතන තනි පුද්ගලයකුගේ ග්රපහණයට පත්වීම විශාල අනතුරක් බව ඔහු කීය. අනතුරුව ඒ ගැන 1979 දී ඔහු පොතක් ද ලියා පළ කළේය.

1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්රිමය දිගින් දිගටම ශ්රීට ලංකා නිදහස් පක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ නමුත්, එය අහෝසිකරන බවට ප්රපතිඥා දෙමින් බලයට පත්වූ චන්ද්රිිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් බලයට පත්වීමෙන් අනතුරුව එම ප්ර්තිඥාව ඉටුකිරීමට අපොහොසත්වූහ.විධායක ජනාධිපති ක්රලමය අහෝසි කිරීම ජනාධිපති මෛත්රී පාල සිරිසේනගේ ද ප්රොධාන මැතිවරණ පොරොන්දුවකි.

මෛත්රීසපාල සිරිසේන මහතාගේ ප්රරතිපත්ති ප්රරකාශනය තුළ උඩින්ම කියැවුණේ දැනට පවතින විධායක ජනාධිපති ක්රරමය අහෝසි කරවන බවය. මීට පෙර චන්ද්රිශකා කුමාරණතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් ද එම පොරොන්දුව රටට ලබා දී තිබුණත් එය ඉටුවුණේ නැත. එහෙත් මෛත්රීදපාල ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ විධායක ජනාධිපති ක්ර මය අහෝසි වනු ඇති බවට අලුත් බලාපොරොත්තුවක් රටට ලැබුණේ ඔහු සමඟ එ.ජා.පයත් එකට සිටගෙන සිටි නිසාය.

ජනවාරි පෙරළියේ අතිශය තීරණාත්මක සමාජ කාර්යභාරයක් ඉටුකළ මාදුළුවාවේ සෝභිත හිමියන් වරක් පැවසුවේ, තම ජීවිතය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ක්රවමය අහෝසි වනු දැකීම තම අභිලාෂය බවය. නමුත් එය එසේ සිදුවූයේ නැත. උන්වහන්සේගේ අවමංගල්යඅ උත්සවයේ දී ජාතිය අමතමින් වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් සපථ කර සිටියේ තමන් විධායක ජනාධිපති ක්රඅමය අහෝසි කරන්නට පියවර ගන්නා බවය.

1987 දී 13 වන සංශෝධනය ගැන ශ්රේ ෂ්ඨාධිකරණය පළ කරපු මතය නිසා පළාත් සභාවලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට ඇතැම් අය විධායක ජනාධිපති කරයෙ මය දකිනවා.