ඉස්ලාම්හි ශරීර කොටස් (වකුගඩු, ඇස්) වගේ දේවල් තව කෙනෙකුට ජීවත්ව සිටිය දී හෝ මරණයට පත් වූ පසුව හෝ දන් දෙන්න පුළුවන් ද?

ඉස්ලාම්හි ශරීර කොටස් (වකුගඩු, ඇස්) වගේ දේවල් තව කෙනෙකුට ජීවත්ව සිටිය දී හෝ මරණයට පත් වූ පසුව හෝ දන් දෙන්න පුළුවන් ද?

ඉස්ලාම්හි ශරීර කොටස් (වකුගඩු, ඇස්) වගේ දේවල් තව කෙනෙකුට ජීවත්ව සිටිය දී හෝ මරණයට පත් වූ පසුව හෝ දන් දෙන්න පුළුවන් ද?
සාරා, සවුදි අරාබියාව

නූතන කටයුතු හා සොයාගැනීම් සම්බන්ධ ගැටළු වලට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් වල ඍජුව ම සාක්ෂි සාධක සඳහන් වන්නේ නැත. නමුත් වක්රා්කාරව ඒ ගැන යම් කිසිවක් ප්රුකාශ වනවා දැයි සොයා බැලිය යුතුය. තහනමක් දුටුවා නම් එය නොකළ යුතුයැයි තීන්දු කළ යුතුය.

මෙය වර්තමානයේ විද්යාක ලොවේ දියුණුවත් සමඟ පැන නැගී තිබෙන නූතන ගැටළුවකි. මේ සඳහා අනුමැතිය හෝ තහනම හෝ සඳහන් පරිශුද්ධ වූ අල් කුර්ආන් වැකි හෝ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් හෝ ඍජුව ම දැකගත නොහැකිය.

නමුත් සර්ව බලධාරී දෙවියන් තුන් කල ගැන ම සර්වඥ බැවින් අංග අවයව දන් දීමට තහනමක් ඇත්නම් එය පැහැදිලිව ම සඳහන් කරන්නට තිබුණි. එසේ කිසිඳු තහනමක් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ හෝ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම් වල හෝ සඳහන් වී නොමැත. නමුත් වක්රා කාරව එයට අවසර දෙන අයුරින් ඇතැම් වැකි පිහිටා ඇත.

ඇස් දන් දීම, ලේ දන්දීම, වකුගඩු දන්දීම වැනි කටයුතු වලට තහනමක් පැනවී තිබෙන බවට කිසිඳු සාධකයක් අපි නොදුටුවෙමු. එය තහනම් බවට ඉදිරිපත් කරන තර්කය ද පිළිගත හැකි අයුරින් පිහිටා නැත. ධර්මට තහනම් නොකළ දෙයක් තහනම් කරන අයිතිය අපට නැත.

යම් කෙනෙක් තම දෑස් දන් දෙන්නේ නම් එමගින් ඇස් නොපෙනෙන දෙදෙනෙකුට ඇස් පෙනුම ලබා දෙයි.

...وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا....


එක් මිනිසෙකු ජීවත් කරවන්නා මුළු මානව සංහතිය ම ජීවත් කළා වූ කෙනෙක් මෙන් වෙයි.
පරිශුද්ධ වූ අල් කුර්ආන් 5:32

ඉහත වැකියට අනුව ඇස් දන් දීම යනු කුසල් ලබා දෙන්නා වූ පිංකමක් යන්නෙහි කිසිඳු සැකයක් නැත.

නමුත් ශරීරය සම්පූර්ණයෙන් ම දන් දීමට ඉස්ලාම්හි අනුමැතියක් නැත. මන්දයත් එය ඇස් දන් දීමක් මෙන් නොවේ. සම්පූර්ණ සිරුරක් දන් දීම සිරුරේ අංග අවයවයක් දන් දෙන්නාක් මෙන් පිහිටන්නේ නැත. වෛද්යං පර්යේෂණ හා හැදෑරීම් කටයුතු සඳහා එය උපයෝගී කරගනු ලැබේ. ඇස් හෝ වෙනත් යම් අවයවයක් දන් දීමේ දී ඒවා කපා කොටා විකෘති කිරීමකට ලක් වන්නේ නැත. එහි දී සිදු වන්නේ මරණයට පත් වූ කෙනෙකුගේ ඇසක් ගෙන තවෙකෙකුට බද්ධ කිරීම පමණි. නමුත් සම්පූර්ණ සිරුරක් දන් දෙන විට දී සිරුර කපා කොටා විකෘති කරනු ලැබේ. මෙයට ධර්මයේ අනුමැතියක් නැත.

මංකොල්ල කෑම හෝ කෙනෙකුගේ සිරුරේ කොටස් (පණ පිටින් සිටිය දී හෝ මරණයට පත් වීමෙන් පසුව හෝ) විකෘති කිරීම නබි නායක (සල්) තුමාණන් තහනම් කළ හ.

දැනුම් දෙන්නා: අබ්දුල්ලාහ් බින් යසීද් (රලි) තුමා
මූලාශ්රදය: බුහාරි (2474,5516)

නමුත් ඇතැම්හු සිරුරේ කොටස් පවා දන් දිය නොහැකියැයි පවසති. පරලොවේ දී අපි නැවත නැගිටුවනු ලැබීම ගැන පැවසෙන කුර්ආන් වැකි ඉදිරිපත් කරමින් ශරීර කොටස් දන් දීම තහනම් යැයි තර්ක කරති. ඔවුන්ගේ තර්ක නිවැරදිදැයි බලමු.

උදාහරණයක් ලෙස 20:125,126 වැකිය පෙන්වති.

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا (125) قَالَ كَذَلِكَ أَتَتْكَ آَيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنْسَى (126) سورة طه

මාගේ දෙවියනි, මම ඇස් පෙනෙන්නෙකුව සිටියෙමි. ඔබ මා අන්ධයෙකුව නැගිටෙව්වේ කුමටදැයි ඔහු අසයි. මෙයට හේතුව ඔවුන්ගේ දූත වරු ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආ විට ප්රඔතික්ෂේප කිරීමයි. එබැවින් අල්ලාහ් ඔවුනට දඬුවම් කළේ ය. ඔහු බලවන්තයෙකි, දරුණු ලෙස දඬුවම් කරන්නෙකි.


පරිශුද්ධ වූ අල් කුර්ආන් 20:125, 126

ඉහත වැකියේ පරලෙවේ දී ඇස් අන්ධව නැගිටීම මිනිසාට අභාග්යලයක් යැයි දෙවියන් පවසන බව ඔවුහු පවසති. එබැවින් ඇස් දන් දීම ඇතුළු ශාරීරික කොටස් දන් දීම පාපයක් බව තර්ක කරති.

නමුත් ඉහත වැකිය පරලොවේ දී ඇස් අන්ධව නැගිටීම පාපයක් යනුවෙන් හෝ මෙලොව දී ඇස් දන් දීම තහනම් යනුවෙන් හෝ ප්ර කාශ වූයේ නැත. එසේ දන් දෙන කෙනෙක් ඒ අවයව නොමැතිව නැගිටුවනු ලබන බව ප්ර්කාශ වූයේ ද නැත. එම වැකිය පවසන්නේ පරලොවේ දී දෙවියන්ගේ අනුශාසනා නොසලකා හැර ඊට පටහැනිය කටයුතු කළ අය නැගිටුවනු ලබන ආකාරය ගැනයි.

මෙලොව දී ඇස් පෙනෙන්නෙකුව ජීවත් වූ කෙනෙක් සර්ව බලධාරී දෙවියන්ගේ අනුශාසනා වලට පටහැනිව කටයුතු කළ බැවින් පරලොවේ දී ඔහු අන්ධයෙකු ලෙසින් නැගිටුවනු ලබයි. එසේ අන්ධයෙකු ලෙසින් නැගිටුවනු ලැබීමට හේතුව ඒ පුද්ගලයාගේ අසත් පුරුෂ ගති ගුණ වලින් යුත් හැසිරීම මිස ඔහුට මෙලොවේ දී ඇස් අහිමි වීම නොවේ.

එමෙන් ම ඇස් අන්ධ කෙනෙක් මෙලොව දී සත් පුරුෂයෙකුව ජීවත් වූවා නම් ඔහු පරලොවේ දී නියත වශයෙන් ම ඇස් පෙනෙන්නෙකුව ම නැගිටුවනු ලබයි. එයට හේතුව සත් පුරුෂයින් පරලොවේ දී සර්ව බලධාරී දෙවියන් සියැසින් ම දැක බලා ගන්නා බව පරිශුද්ධ වූ අල් කුර්ආනය පැවසීමයි.

2:46, 2:223, 2:249, 3:77, 6:31, 6:154, 10:7, 10:11, 10:15, 10:45, 11:29, 13:2, 18:105,18:110, 29:5, 29:23, 30:8, 32:10, 33:44, 41:54, 75:23, 83:15 යන වැකි බලන්න.

තව ද පරලොවේ දී අපි නැගිටුවනු ලබන විට සියලු පුරුෂයින් චර්මච්ඡේදනය නොකරන ලද අය වශයෙන් නැගිටුවනු ලබන්නෙමු. බුහාරි 3349, 3447, 4635, 4740, 6524 බලන්න.

මෙලොව ජීවත් වන විට චර්මච්ඡේදනය කරනු ලබන මුස්ලිම් පුරුෂයින් පවා පරලොවේ දී නැගිටුවනු ලබන විට එසේ නොවී නැගිටුවනු ලබති යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? යම් කෙනෙකු මෙලොව දී අහිමි කරගන්නා ශරීර කොටස් වලටත් පරලොවේ දී නැගිටුවනු ලබන විලාසයටත් කිසිත් සම්බන්ධයක් නොමැති බව ඉන් ගම්යනමාන වනවා නොවේ ද?

තවත් සමහරු තවත් වැකියක් ඉදිරිපත් කරති.

حَتَّى إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ (20) وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ (21) وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ (22) سورة فصلت

අවසානයේ දී ඔවුන් එහි පැමිණි විට ඔවුන්ගේ ශ්ර වණය ද දෘෂ්ටියන් ද සම් ද ඔවුන් කරමින් සිටි දැය ගැන ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත. අපට එරෙහිව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැයි ඔවුහු තම සම් වලින් අසති. සියලූ දේ කථා කිරීමට සැලැස් වූ අල්ලාහ් අපත් කථා කිරීමට සැලැස්වීය. පළමු වර නුඹලා නිර්මාණය කළේ ඔහු ය. ඔහු වෙත ම නුඹලා නැවත ගෙන එනු ලබන්නෙහුයැයි ඒවා පවසයි.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 41:20,21

පරලොවේ දී අල්ලාහ් අප විභාග කරන විට දී අපගේ ඇස් කන් හදවත් සියල්ල සාක්ෂි දරන ලෙසින් අපි ඒවා ආරක්ෂා කරගත යුතු බවත් අපගේ අවයව අමානතයක් වන බවත් පරලොවේ දී ඒ අමානතය අල්ලාහ්ට එවිලසින් ම අල්ලාහ්ට භාරදිය යුතු බවත් ඉහත වැකිය තුළින් පැහැදිලි වන බව ප්රලකාශ කරති.

අපගේ අවයව අමානතයක් වන බව සැබෑවකි. නමුත් මෙම අමානතයේ අර්ථය වෙනස් ය.

මම ඔබට යම් කිසි ද්රවව්යසයක් අමානතයක් වශයෙන් ලබා දුන්නෙම් නම් එය ඔබ භාවිත නොකළ යුතුය. එය එවිලසින් ම ආපසු ලබා දිය යුතුය. නමුත් අල්ලාහ් අපට අමානතයක් වශයෙන් ලබා දුන් ඇස් වලින් අපි බලන්නෙමු, කන් වලින් අසන්නෙමු, තව ද අනෙකුත් අවයව භාවිත කරන්නෙමු. මෙහි දී අමානතය යන්නට සාමාන්යන අමානතයේ අර්ථය අපි භාවිත කළෙමු නම් ‍අපගේ අවයව කිසිවක් අපට භාවිත කළ නොහැකි තත්ත්වයක් උදා වනු ඇත.


මෙහි දී අංග අවයවයන්හි අමානතය යන්නෙහි අර්ථය අල්ලාහ් තහනම් කළ දැයට ඒවා භාවිත නොකළ යුතුය යන්නයි. අල්ලාහ් අපට මුදල් හා වත්කම් ලබා දී තිබීම අමානතයකි. අපට එය භාවිත කළ හැකිය. අනුන්ටත් භාවිත කරන්නට දිය හැකිය. නමුත් වැරදි මාර්ගයේ වියදම් නොකළ යුතුය. මෙලෙස ම අපේ අවයව ද අපට භාවිත කළ හැකිය. අපට කිසිඳු විපතක් සිදු නොවේ නම් අන් අයටත් දන් දිය හැකිය. නමුත් වැරදි කටයුතු වලට ඒවා භාවිත නොකළ යුතුය. අමානතයේ අර්ථය මෙයයි.

එබැවින් දන් දෙන පුද්ගලයාගේ ශරීර සෞඛ්ය යට හානියක් නොවන විට දී සිරුරේ අංග අවයව අන් අයට දන් දීමෙන් ධර්මානුකූලව කිසිදු වරදක් සිදු නොවන බව ඉස්ලාම්හි පැහැදිලි ස්ථාවරය බව ඉහත කරුණු වලින් දැනගත හැකිය.