ආලෝකය වෙත නැඹුරු වූ හදවත් - යුසුෆ් එස්ටේස්

ආලෝකය වෙත නැඹුරු වූ හදවත් - යුසුෆ් එස්ටේස්

හැඳින්වීම

1/15 ලෝක හමුදා දිනය, 2/4 ලෝක පිළිකා දිනය, 3/8 ලෝක කාන්තා දිනය, 4/7 ලෝක සෞඛ්‍ය දිනය, 5/3 මාධ්‍ය නිදහස් දිනය, 6/5 පරිසර දිනය, 7/11 ලෝක ජනගහන දිනය, 8/21 ලෝක වැඩිහිටි දිනය. මෙම දිනයන් කී දෙනෙකුට මතක දැයි පරීක්ෂණයක් සිදු කළහොත් ලැබෙන පිළිතුර ශුන්‍යයයි.

නමුත් මුළු ලෝකයම මතකයේ තබාගත් දිනයක් ඇත. මුළු ලෝකයම තෘෂ්ණිම්භූත වූ දිනයක් ඇත. අදටත්, ඇමෙරිකා ජාතිකයෙකුගෙන්, ඔබට ජිවිතයේ අමතක කළ නොහැකි දිනය කුමක් දැයි ඇසු විට, ක්ෂණයකින් ලැබෙන පිළිතුර 9/11 යන්නයි.

9/11 ඇමෙරිකා ඉතිහාසයේ කළු අකුරින් සටහන් වුනු දිනය, මුළු ලෝකයේම අවධානය දිනාගත් දිනය, ඇමෙරිකානුවන්ගේ මොළය, තුළ අදටත්, එඩ්රිනලින් ස්‍රාවය කරන දිනය, මුස්ලිම්වරුන්ගේ ඉරණම වෙනස් වූ දිනය.

9/11 ප්‍රහාරය එල්ල වුයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පමණක් නොවේ, අහිංසක මුස්ලිම්වරුන්ගේ ජිවිත වලටත්ය. 9/11 ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2753කි. එම ප්‍රහාරයට පළිගැනීම වශයෙන් ඇමෙරිකාව බිළිගත් ජිවිත ගණන 15,000කි. සැකපිට අත්අඩංගුවට ගෙන ඇමෙරිකා වදකාගාරවල, වද හිංසාවලට පත්වූවන්ගේ සංඛ්‍යාව අසීමිතය.

නමුත් අදටත්, ලෝකයා කතා කරන්නේ, 9/11 ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් ගැන පමණි. එම ප්‍රහාරයට, කිසිම අයුරකින් සම්බන්ධ නොවූ, මුස්ලිම්වරයෙකු වශයෙන් ඉපදුණු එකම වරදට, ඇමෙරිකාව බිළිගත් අහිංසක ජිවිත ගැන කිසිවෙකු කතා නොකරයි.

මෙම ප්‍රහාරයෙන් පසුව මුස්ලිම්වරුන්ට විශේෂ අන්වර්ථ නාමයක් හිමිවිය. එනම් මුස්ලිම්වරුන් යනු ත්‍රස්ථවාදීන් යන්නයි. 9/11 ප්‍රහාරය සිදුවුයේ මෙම අන්වර්ථ නාමය මුස්ලිම්වරුන් වෙත හිමිකර දීමටයි.

LTTE ත්‍රස්ථවාදීන්ව, කිසිවෙකු දෙමළ ත්‍රස්ථවාදීන් යනුවෙන් හෝ ඔවුන්ගේ ආගම සමඟ සසඳා හින්දු ත්‍රස්ථවාදීන් යනුවෙන් හඳුන්වනු නොලබයි.

NAXAL ත්‍රස්ථවාදීන්ව බෙංගාලි ත්‍රස්ථවාදීන් යනුවෙන් හඳුන්වනු නොලබයි. PKK සංවිධානය, යුදෙව් ත්‍රස්ථවාදීන් යනුවෙන් හඳුන්වනු නොලබයි. නමුත්,

Al-Qaida මුස්ලිම් ත්‍රස්ථවාදීන්, IS ඉස්ලාමිය ත්‍රස්ථවාදීන්, BokoHaram නයිජීරියානු ඉස්ලාමිය ත්‍රස්ථවාදීන්, යනුවෙන් මුස්ලිම් කල්ලි මඟින් මෙහෙයවනු ලබන ත්‍රස්ථවාදී කණ්ඩායම්වල නම් පවසද්දී “ඉස්ලාමිය ත්‍රස්ථවාදීන්” යන පොදු අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.

මොවුන්ගේ අරමුණ ඉස්ලාම් යනු ප්‍රඡණ්ඩකාරී ආගමකි, මුස්ලිම්වරුන් යනු ත්‍රස්ථවාදීන් ය, යන චිත්‍රය මවාපෑමයි. ඔවුන්ගේ මතය තහවුරු කිරීමට ඔවුන් අතට ගන්නා ආයුධය කුරාණය යි.

කුරාණයේ මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන්ව මරන්නට අණ කර ඇත. කුරාණයේ ප්‍රඡණ්ඩකාරීත්වය, වෛරය, ද්වේෂය වපුරන අදහස් බොහෝමයක් ඇත. යනුවෙන් මොවුන් හංවඩු ගසයි.

මොවුන් පවසන තර්කය සැබෑවක්ද යන්න විශ්ලේෂණය කිරීමට පටන්ගත් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වූ ටොම් ඇන්ඩර්සන්, නැමැත්තා මෙම පරීක්ෂණය සිදුකිරීමට Odin Text නමින් මෘදුකාංගයක් නිර්මාණය කළේය.

ඔහුගේ අරමුණ, ප්‍රඡණ්ඩකාරී අදහස් බහුලව ඇත්තේ කුරාණයේ ද, බයිබලයේ ද, යන්න සොයා බැලීමයි.

කුරාණය සහ බයිබලය, ඔහුගේ මෘදුකාංගය භාවිතා කර පරිශීලනය කිරීමෙන් අනතුරුව ඇන්ඩර්සන්, ලබාගත් ප්‍රතිඵලය වුයේ,

මැරීම, විනාශ කිරීම යනාදී ප්‍රඡණ්ඩකාරී වචන 5.3% ක් පරණ බයිබල් සංස්කරණයේද, 2.8% ක් නව සංස්කරණයේද ඇත යන්න යි.

නමුත් මුස්ලිම්වරුන්ගේ, පරිශුද්ධ ග්‍රන්ථය වූ කුරාණයේ, මැරීම, විනාශ කිරීම යනාදී වචන තිබුනේ 2.1% ක් පමණි. (http://www.huffingtonpost.co.uk/2016/02/09/bible-and-quran-text-analysis_n_9192596.html)

ඇන්ඩර්සන්ගේ, පරීක්ෂණයේ අවසන් නිගමනය, ප්‍රඡණ්ඩකාරීත්වය වපුරන අදහස් බහුලව තිබෙන්නේ බයිබලයේ යන්නයි.

එසේනම් ත්‍රස්ථවාදීන් යනුවෙන් හංවඩු ගැසිය යුත්තේ ක්‍රිස්තියානිවරුන්ටයි. නමුත් සිදු වෙමින් පවතින්නේ ඊට ප්‍රති විරුද්ධ දෙයයි. මෙයට හේතුව කුමක්ද?

පිළිතුර සරළයි.

ලෝකයේ සිඝ්‍රයෙන් වර්ධනය වන ආගම ඉස්ලාමය යි. එය නතරකිරිම මොවුන්ගේ අරමුණයි.

මොවුන්ගේ උත්සහය කොතරම් දුරට සාර්ථක වී තිබේද?

ඇමෙරිකාවේ Association of Statisticians of American Religious Bodies යන සංවිධානය මඟින් සෑම අවුරුද්දකට සැරයක්, ඇමෙරිකාවේ ආගම්වල ව්‍යාප්තිය (US Religion Census) ගණනය කරනු ලබයි.

2012 මැයි, 1 වැනි දින, 2000 සිට 2010 දක්වා කාල පරිච්චේදය තුළ ඇමෙරිකාවේ ආගම්වල ව්‍යාප්තිය පිළිබඳව මොවුන් සිදුකළ සමීක්ෂණයට අනුව,

2000 වර්ෂයේදී ඇමෙරිකාවේ ජිවත් වූ මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 (මිලියන 1) කි. එම සංඛ්‍යාව 2010 දී විසි ලක්ෂ හැට දෙදාහක් (මිලියන 2) දක්වා වර්ධනය වී ඇත. (මෙම සමීක්ෂණයට භාජනය කරපු සියලු පුද්ගලයන් ඇමෙරිකානු පුරවැසියන්ය.)

ඇමෙරිකාවේ ඉස්ලාමිය වර්ධන වේගය 66.77% කි. අනිත් ආගම් සමඟ සන්සන්ධනය කරද්දී මෙය ඉතා ඉහළ අගයෙකි.

Kentucky විශ්වවිද්‍යාලයේ, මහාචාර්යවරයෙකු වූ Bagby නැමති විද්වතා, ඔහුගේ Phd උපාධිය සඳහා Islamic Studies විෂය ධාරාව ඔස්සේ පර්යේෂණයක් සිදු කර ඇත.

ඔහුගේ විශ්ලේෂණයට අනුව 2000 වර්ෂයේදී ඇමෙරිකාවේ තිබුණු මස්ජිද්වල (මුස්ලිම් පල්ලිවල) ගණන 1000කි. එය 2010 දී, 2106 ක් දක්වා වර්ධනය වී ඇත.

USA Today නැමැති ඇමෙරිකානු පුවත්පත් සඳහන් කරන ආකාරයට ඇමෙරිකාවේ Orlandos’s Orange Country නැමැති ප්‍රාන්තයේ ඉස්ලාමිය වර්ධන වේගය 473% ක ප්‍රතිශතයක් ගනී. 2008 – 2010 කාල වකවානුව තුළ පමණක් මෙම ප්‍රාන්තයේ පුද්ගලයන් 10000 ක් පමණ ඉස්ලාමය වැළඳ ගෙන ඇත.

ඉස්ලාම් ආගමේ මෙම දැවැන්ත වර්ධනයට හේතුව වශයෙන් USA Today පුවත්පත පෙන්වා දෙන්නේ 9/11 ප්‍රහාරයයි. ඔවුන් පවසන අන්දමට 9/11 ප්‍රහාරයෙන් පසුව බොහෝ ඇමෙරිකානුවන් ඉස්ලාමය ගැන සොයා බැලීමට පෙළෙඹී ඇත. එසේ සොයා බැලීමට පෙළෙඹුනු බොහෝ දෙනා ඉස්ලාමය වැළඳ ගෙන ඇත. USA Today පුවත්පතේ සඳහන් වචනවලින්ම එය පවසනවා නම්,

 “muslim growth has been fuelled by 9/11 converts (මුස්ලිම්වරුන්ගේ වර්ධන වේගය 9/11 ප්‍රහාරයෙන් පසුව ගිනි ගන්නා ලදී.)”

බ්‍රිතාන්‍යයේ ඉස්ලාමිය වර්ධන වේගය ගැන සළකා බැලු කළ, The Independent යන බ්‍රිතාන්‍ය පුවත්පත 2011 ජනවාරි 4 වන දින පළකරපු සමීක්ෂණ වාර්තාවකට අනුව,

2001දී, බ්‍රිතාන්‍යයේ, ඉස්ලාමිය ජනගහනය 14000 – 25000 අතර අගයක තිබී ඇත. වර්තමාන ගණනය කිරීම් අනුව එම අගය ලක්ෂය ඉක්මවා ඇත. වසරකට බ්‍රිතාන්‍ය ජාතිකයන් 5000ක්පමණ ඉස්ලාමය වැළඳගන්නා බව එම වාර්තාවේ සඳහන් වේ.

යුරෝපා මහාද්වීපයේ මුස්ලිම්වරුන් වැඩියෙන්ම සිටින ප්‍රංශය, අභිබවා බ්‍රිතාන්‍යයේ, ඉස්ලාමිය වර්ධන වේගය සිදුවන බව Faith Matters යන සංවිධානය පෙන්වා දෙයි. යුරෝපා මුස්ලිම් ජනගහනය කෝටි 7 ඉක්මවා ඇති බව තවදුරටත් එම වාර්තාවේ සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සම්මේලනය සිදුකල සමීක්ෂණයට අනුව 2040 වනවිට යුරෝපයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 55% ක අගයක් ගනු ලබයි.

ජර්මනියේ 2006 සිට අද දක්වා දිනකට ජර්මානුවන් 12ක් පමණ ඉස්ලාමය වැළඳ ගනී. අවුරුදු 50 කට පෙර ජර්මනියේ තිබුණු කතෝලික පල්ලිවල ගණන 20000කි. වර්තමාන ගණනය කිරීම් අනුව එය 7500කි. එම පල්ලි 7500න් 4000ක් පමණ වසා දමා ඇත. එසේනම් එම රටේ තිබුණු පල්ලිවලට සිදුවුයේ කුමක්ද? ඒවා සියල්ල මස්ජිද් බවට පරිවර්තනය වී ඇත. 2050දි ජර්මනිය ඉස්ලාමිය රාජ්‍යයක් බවට පත්වනු ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

බෙල්ජියමේ මෑතකදී පළවූ සමීක්ෂණ වාර්තාවකට අනුව, එරට මුස්ලිම් ජනගහනය ප්‍රතිශතාත්මකව 25%කි. එරට ඉපදින දරුවන්ගෙන් තුන්දෙනෙකුගෙන්, එක්කෙනෙක් මුස්ලිම්ය.

ඉස්ලාම් වීරොධි රටක් ලෙස ප්‍රකට රුසියාවේ, මුස්ලිම්වරුන් මිලියන 23ක් සිටිති. එරට පුරවැසියන්ගෙන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් මුස්ලිම්ය. තව අවුරුදු කිහිපයෙකින් රුසියානු හමුදාවේ, මුස්ලිම් රණවිරුවන් 40%ක් පමණ සිටිනු ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ඉස්ලාමයේ මෙම වර්ධන වේගය මෙලෙසම පැවතුනහොත් 2050දි ලෝක ජනගහනයෙන්, ක්‍රිස්තියානිවරුන්ට සමානව මුස්ලිම්වරුන් සිටිනු ඇති බව ඇමෙරිකාවේ The Pew Research Center සංවිධානය පවසයි.

ඔවුන් පවසන අන්දමට ඉදිරි දශක හතරේදී වර්ධනය වන එකම ආගම ඉස්ලාම්ය.

මෙම සමීක්ෂණ වාර්තා සියල්ල අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ඉස්ලාමයට කොතරම් ගල්, මුල් ප්‍රහාර එල්ල වුවත් එහි වර්ධනයෙහි කිසිදු අඩුවක් නොමැති බවයි.

ඉස්ලාම් වීරොධින් එල්ල කරන ගල්, මුල් ප්‍රහාරම ඉස්ලාමය ගැන අන්‍ය ආගමිකයන්ව පර්යේෂණය කිරීමට පොළඹවා ඇත. එම පෙළඹවීම ඉස්ලාමිය වර්ධනයට හේතු වී ඇත.

ඉදිරි පිටුවල, අන්‍ය ආගමිකයන් ලෙස මෙලොව ඉපදී, මුල් කාලයේදී ඉස්ලාමය ගැන වැරදි අවබෝධයෙන් සිට, පසුව ඉස්ලාමය ගැන පර්යේෂණය කර, ඉස්ලාමය වැළඳ ගත් පුද්ගලයන්ගේ ජිවිත කතාවන් ඇතුළත් වේ. මොවුන් සියල්ල අඳුරෙන් ආලෝකය වෙත පිවිසුණු පුද්ගලයන්ය.

ආලෝකය වෙත නැඹුරු වූ හදවත් - අංක 1

යුසුෆ් එස්ටේට්ස්

ජෝර්ජ් W. බුෂ් (George W. Bush)උපත ලද ඇමෙරිකාවේ, ටෙක්ස්සාස් (Texas)ප්‍රාන්තයේම, ඔහුටඅවුරුදුදෙකකටකලින්, එනම්, 1944 දී, උපතලදJoseph Estesහෙවත්Yusuf Estes, 1991 දීඉස්ලාමයවැළඳගන්නාතුරුසේවයකළේක්‍රිස්තියානි ධර්මදේශකයෙකුවශයෙන්ය.

උපතින්ම පෝසතෙකු වූ යූසුෆ්, ව්‍යාපාර කේෂ්ත්‍රයේද, ප්‍රවීනයෙකු විය. ඔහුගේ පියා සමඟ එක්ව, නොයෙකුත් ව්‍යාපාරවල නියැළි සිටි ඔහු, විවේක ලැබෙන සැමවිටම ක්‍රිස්තියානි ආගම, ප්‍රචාරය කිරීමට ඇප කැප වී සිටියේය.

1991 දී, ඊජිප්තුවේ සිට පැමිණි මුහම්මද් නැමැත්තා, සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹීමට යුසුෆ්ගේ පියා, සුදානම්න් සිටියේය. නමුත් යුසුෆ්, එම ගිවිසුමට පළකලේ අප්‍රසාධයකි. එයට හේතුව මුහම්මද්, මුස්ලිම් ජාතිකයෙකු වීමයි.

ඒ වනවිට යුසුෆ් එස්ටස්, මුස්ලිම්වරුන් ගැන මවාගෙන සිටියේ වැරදි චිත්‍රයෙකි. එනම්,

මුස්ලිම්වරුන් යනු ත්‍රස්තවාදින් ය, මූලධර්මවාදින් ය, කාන්තාරයේ තිබෙන කළු පෙට්ටියකට වන්දනාමාන කරන්නන් ය, දිනපතා පස් වතාවක් පොළව සිපගන්නන් ය යනාදී වශයෙන්ය.

යුසුෆ්, එම වෙළෙඳ ගිවිසුමට විරෝධය පෑවත්, යුසුෆ්ගේ පියා, එම ගිවිසුමට අත්සන් කිරීමේ අදිටනින් සිටියේය. පියාට පිටුපෑමට නොහැකි වූ යුසුෆ්, අවසානයේදී, මුහම්මද් සමඟ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැමැත්ත පළ කළේය. එම ගිවිසුම අතරතුර මුහම්මද් ට, ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම යුසුෆ්ගේ අරමුණයි.

Jesus is my lord යනුවෙන් සඳහන් වූ තොප්පියක් සහ බෙල්ලේ කුරුසයක් ද, පැළඳ, අතේ බයිබලයක් ද රැගෙන, මුහම්මද් ව, මුණගැසීමට ගිය යුසුෆ්, මුහම්මද්ගෙන් ඇසු ප්‍රථම ප්‍රශ්ණය ඔබ දෙවියන්ව විශ්වාස කරනවාද? යන්නයි. එයට මුහම්මද්,

අනිවාර්යයෙන්ම, යනුවෙන් පැවසුවේය.

එම පිළිතුරෙන් විස්මයට පත් වූ යුසුෆ්, ඉබ්‍රාහිම් (අලෛ), ඉස්හාක් (අලෛ), ඉස්මායිල් (අලෛ) යනාදී වශයෙන් බයිබලයේ සඳහන් නබිවරුන් සම්බන්ධව මුහම්මද්, සමඟ විවාද කළේය.

එම විවාදයන් සම්බන්ධව යුසුෆ්, මෙසේ සඳහන් කරයි.

මුහම්මද් සමඟ විවාද කරපු සෑම අවස්ථාවක ම, ජය ලැබුවේ මම යැයි සිතාගෙන සිටියෙමි. නමුත් අද බලද්දී, සැබෑවටම ජය ලබා ඇත්තේ මුහම්මද් ය.

මුහම්මද් ගේ, හැසිරීමට මම වසඟ වී සිටියෙමි. මුහම්මද් ට, ඔහුගේ පාදයේ යන්නට දෙන්න යැයි, මගේ පියා, මට අවවාද කළත්, මෙතරම් හොඳ හැසිරීමක් ඇති පුද්ගලයෙක්, වැරදි මතයක සිටීම, මට දරාගත නොහැකි විය. ඔහුව තවදුරටත් එම වැරදි මාර්ගයේ යන්නට නොදී වැළක්වීමට ඉටාගත් මම, මගේ නිවසේම අඩු වාරිකයට ඔහුව නැවැත්වීමට තීරණය කළෙමි.

මෙම සිදුවීම මෙසේ සිදුවෙමින් පවතිද්දී, මගේ මිත්‍රයෙක්ට, හෘද බාධයක් හේතුවෙන් රෝහල් ගතවීමට සිදුවිය. පියතුමෙක් වූ (Priest, father) ඔහුව, සැමදා රෝහලට ගොස් බැලීමට පුරුදු වී සිටි මට, මගේ මිත්‍රයාගේ කාමරයේ ඇතුළත් වී සිටි තවත් හෘද රෝගියෙකු වූ ෆාදර් ජාකෝබ්, සමඟ මිත්‍රවීමට අවස්ථාව ලැබිණි.

සුවය ලැබූ ෆාදර් ජාකෝබ් ව, මගේ නිවසේ නවාතැන් ගැනීමට මම ආරාධනා කළෙමි. මගේ ආරාධනාව පිළිගත් ෆාදර් ජාකෝබ්, මගේ නිවසට නවාතැන් ගැනීමට පැමිණියේ ය.

බයිබලයේ ප්‍රවීනයෙකු වූ ෆාදර් ජාකෝබ්, සමඟ එක්ව, මුහම්මද්ගෙන් ප්‍රශ්ණ අසා, ඔහුව, නිරුත්තර කිරීමට සුදානම් ව සිටි මගේ සහයට, මගේ පියා සහ බිරිඳද එක්විය.

අපි එකිනෙකා, විවිධ වර්ගයේ බයිබල් (නිදසුනක් වශයෙන් මම, RSV (Revised Standard version) බයිබලය, මගේ පියා, King James version බයිබලය, යනාදී වශයෙන් විවිධ බයිබල් සංස්කරණයන්) අතේ තබාගෙන මුහම්මද්ගෙන් ප්‍රශ්ණ කළෙමු.

(කතෝලික ක්‍රිස්තියානිවරුන්ගේ බයිබලය, පොත් 73කින් සමන්විතය. Protestant ක්‍රිස්තියානිවරුන්ගේ බයිබලය, පොත් 66කින් සමන්විතය.)

නමුත් මුහම්මද්, එකම එක පොතක් පමණක් රැගෙන අප ඉදිරියේ තැබුවේය. එය කුරානය නමින් හැඳින්වූ ඔහු, එය දෙවියන්ගේ වචන යනුවෙන් ද, අද වනතුරු එහි එකදු වචනයක්වත් වෙනස් වී නොමැති බවද පැවසුවේය. එම පුවත අපට විශ්මයජනක විය.

පසුව එක් අවස්ථාවකදී, අපගේ සංවාදය ත්‍රිත්වය (Trinity, it is nothing but a christian belief that teaches the unity of Father, Son, and Holy Spirit as three persons in one Godhead) වෙත යොමු විය. මුහම්මද්, ත්‍රිත්වය (Trinity), තාර්කිකව ඔප්පු කරන්න යැයි අපිට අභියෝග කළේය.

මෙතෙක් ආගම, විශ්වාසය මත පමණක් බැලු අපිට, මුහම්මද් , තාර්කිකව එය ඔප්පු කරන්න යැයි කී විට අන්දුන් කුන්දුන් වූයෙමු.

අපගේ අපහසුතාවය වටහාගත් මුහම්මද්,

ඕනෑම මූලධර්මය ක්, තාර්කිකව ඔප්පු කළ හැකි විය යුතුය. විශ්වාසය මත පමණක් එක් මූලධර්මයක් පිළිගැනීම අනුවණකමකි. ඉස්ලාම් දහමේ ඇති සෑම මූලධර්මයක් ම තාර්කිකව ඔප්පු කළ හැකිය. අන්ධ භක්තියකින් අපි කිසිවක් පිළිගන්නේ නැත යනුවෙන් පැවසුවේය.

මුහම්මද්ගේ, මෙම ප්‍රායෝගික පිළිතුරු, මා තුළ වෙනසක් ඇති කළේය. ඔහුගේ තර්කයන් මගේ බුද්ධියට වැටහුනත්, මනස ඒවා පිළිගැනීමට පැකිළුනේය. කාලය සෙමින් ගෙවී යමින් තිබුණි.

දවසක් ෆාදර් ජාකෝබ්, මුහම්මද් සමඟ මස්ජිදයට (මුස්ලිම් පල්ලියට), ගොස් පැමිණියේය. නිවසට පැමිණි මුහම්මද්ගෙන් මම,

ෆාදර්, ඔබ සමඟ මස්ජිදයට, ගොස් කළේ කුමක්ද? බිලි පුජා මොනවාහරි දුන්නද? යනුවෙන් ඇසීය.

නැහැ යනුවෙන් පිළිතුරු දුන් මුහම්මද්, ෆාදර් මස්ජිදයට ඇවිත් සලාතය ඉටුකර, පසුව, පිටත්ව ගියේය යනුවෙන් පැවසුවේය.

මොනවා! එච්චරද? ඔහු ගායනා කළේ මොන වගේ සිංදුද? වාදනය කළේ කුමන සංගීත භාණ්ඩද?

එහෙම කිසිවක් ඔහු කළේ නැහැ යනුවෙන් මුහම්මද් පැවසුවේය.

ඔහු පැවසූ දෙයින් තෘෂ්ණිම්භූත වූ මා, මුස්ලිම්වරුන්ගේ දේව වන්දනාව, සරළ සහ බලවත් එකක් බව වටහා ගත්තෙමි.

ඉස්ලාමය මා වෙත ටිකෙන් ටික ආකර්ෂණය වෙමින් තිබුණි. මගේ ආගම ගැන මා තුළ නොයෙකුත් ප්‍රශ්ණ ඇති වෙමින් තිබුණි.

දවස් කිහිපයකට පසුව, ෆාදර් ජාකෝබ්, නැවතත් මුහම්මද් සමඟ මස්ජිදය ට ගියේය. ඔහු,  අද රැගෙන එන පුවත දැනගැනීමට නොඉවසිල්ලෙන් සිටි මා, ඔහු එනතුරු මඟ බලාගෙන සිටියෙමි.

පැය කිහිපයකින් පසුව මුහම්මද් ගිය කාරය නැවත පැමිණියේය. කාරයෙන් එළියට පැමිණි දෙදෙනාගෙන්, එක්කෙනෙක්ව, පහසුවෙන්හඳුනාගැනීමටමට හැකිවිය. ඔහු මුහම්මද් ය. දෙවැනි පුද්ගලයාව, මට හඳුනාගැනීමට නොහැකි විය. දිග ජිබ්බාවක් ඇඳ සිටි ඔහු, හිසට, හිස්වැස්මක්ද දමාගෙන සිටියේය.

ළඟට ගොස් ඔහුව, නිරීක්ෂණය කරපු මම, දුටු දසුනෙන් පුදුම විය. එම ජිබ්බා ඇඳපු පුද්ගලයා, ෆාදර් ජාකෝබ්ස් ය. රටින්, රටට ගොස් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරපු ෆාදර් ජාකෝබ්, මුස්ලිම්වරයෙකු වී සිටියේය. මා අසළට පැමිණි ෆාදර් ජාකෝබ්,

“නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත,මුහම්මද් නබි (සල්) තුමා, අල්ලාහ්ගේ, දුතයෙක් වශයෙන් මම සාක්ෂි දෙමි.” යනුවෙන් පැවසුවේය.

ජාකෝබ්, පැවසූ වචන ඇසු මම, වහාම උඩු මහළේ සිටි මගේ බිරිඳ, ළඟට ගොස්,

ඔයා දැක්කද? දැන් ෆාදර් ජාකෝබ්, මුස්ලිම්වරයෙක්. මම හිතපු විදියට ඉස්ලාම් ආගම එච්චර නරක නැහැ. ඉස්ලාම් ආගමට මම ආකර්ෂණය වෙමින් සිටිමි යනුවෙන් පැවසුවෙමි.

මට ඔබගෙන් දික්කසාදය අවශ්‍යයි. යනුවෙන් මගේ බිරිඳ පැවසුවාය.

කැළඹුණු මා, ඕව්, ඕව් පොඩ්ඩක් ඉන්න, ෆාදර් ජාකෝබ් තමයි මුස්ලිම්, මම නෙමෙයි. මුස්ලිම්වරයෙකුට තමයි ක්‍රිස්තියානි පුද්ගලයෙකු සමඟ දිවි ගෙවන්න බැරි, මම ක්‍රිස්තියානි, ඒ නිසා අපිට, එකට ඉන්න පුළුවන් යනුවෙන් මම පැවසුවෙමි.

ඒ නිසා තමයි මම, ඔයාගෙන් දික්කසාදය ඉල්ලන්නේ යනුවෙන් මගේ බිරිඳ පැවසුවාය.

මොනවා?

ඔව්, මුස්ලිම් කාන්තාවක්, වූ මට, ක්‍රිස්තියානි පිරිමියෙක් වූ ඔබත්, සමඟ එකට දිවි ගෙවන්න බැහැ යනුවෙන් ඇය පැවසුවාය.

මගේ බිරිඳ, කියූ වචන අදහාගත නොහැකි වූ මට, යථා තත්වයට පැමිණීමට ටික වේලාවක් ගත විය.

පොඩ්ඩක් ඉන්න, හදිස්සි වෙන්න එපා. මම, ඔයාට දෙයක් කියන්න තියෙනවා. මමත් ඉස්ලාම් ආගමට කැමතියි. මමත් මුස්ලිම්වරයෙක් තමයි. යනුවෙන් මම පැවසුවෙමි.

ඇයි ඔයා, මෙහෙම මාරු කර කර කතා කරන්නේ? කරුණාකර ඔයා මෙතැනින් එළියට යන්න යනුවෙන් මගේ බිරිඳ කෑගැසුවාය.

කරන්නට කිසිවක් නොවූ මම, එළියට පැමිණියෙමි. කැළඹීමේ උච්චතම අවස්ථාවේ සිටි මට, ඊළඟට කරන්නේ කුමක්ද යන්න සිතාගත නොහැකි විය. නිදා ගැනීමට උත්සහ කළත් එයද අසාර්ථක විය. මුහම්මද්ව, එළියට රැගෙන ගිය මා, මොන මොනවාදෝ කතා කළෙමි.

මගේ ව්‍යාකූලතාවය වටහාගත් ඔහු, ඉවසීමෙන් මගේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදුන්නේය.

ටික වෙලාවකින් සුබහ් වේලාවද පැමිණියේය. මුහම්මද්, සමඟ මස්ජිදයට, ගිය මා, එම මාබල් පොළවෙහි හිස තබා සජ්දා කළෙමි.

දෙවියෙනි, මට යහමඟ පෙන්වනු!

සලාතය නිම කළ අපි නිවසට පැමිණියෙමු. මුහම්මද් සහ ෆාදර් ජාකෝබ් ඉදිරියේ මම, ඉස්ලාමය වැළඳ ගත්තෙම්. මම සහදා පැවසූ සුළු වේලාවකින් මගේ බිරිඳ ද, ඉස්ලාමය වැළඳ ගත්තාය. සුබහානල්ලාහ්.

යුසුෆ් එස්ටේට්, ඉස්ලාමය පිළි අරන් මාස කිහිපයකින්පසුව, ඔහුගේ පියා ද, ඉස්ලාමය වැළඳගත්තේය.

එදා ක්‍රිස්තියානි පුජකවරයෙක්ව සිටි යුසුෆ් එස්ටේට්, අද ඉස්ලාමිය විද්වතෙකි. පුරා වසර 25ක් ඉස්ලාමිය ප්‍රචාරයේ නිරත වී සිටින ඔහු, සම්මාන රාශියකින්ද පිදුම් ලබා ඇත.

ඊජිප්තුව, මොරොක්කෝ, පාකිස්ථානය, සෞදි අරාබියාව, කුවේට්, කටාර්, බහරේන්, ටර්කි, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විඩන්, කැනඩාව, මැක්සිකෝ, බර්බඩෝස්, ඉන්දියාව, ජපානය යනාදී රටවල් ගණනාවකට සංචාරය කර ඇති යුසුෆ් එස්ටේට්, 2002දි ලංකාවටද පැමිණි ඇත.

නවීන තාක්ෂණය භාවිතා කර ඉස්ලාමයේ නිවැරදි දැක්ම ලෝකයාට කියාපෑමට උත්සහ දරන යුසුෆ් එස්ටේට්, Youtube නාලිකාවේ ප්‍රථම ඉස්ලාමිය වීඩියෝව, විකාශය කරපු පුද්ගලයා ය. ඉස්ලාමිය වෙබ් අඩවි 3000කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන ඔහු, GuideUS Tv යන නමින් ඉස්ලාමිය රූපවාහිනී නාලිකාවක් ද පවත්වා ගෙන යයි.

Atheist Killer,   Skip Estes, Funny Sheik යන අන්වර්ථ නාමවලින් හඳුන්වන යුසුෆ් එස්ටේට්, අන්‍ය ආගමිකයන්ගේ ප්‍රශ්ණවලට හාස්‍යජනක ව හා බුද්ධිමත් ව පිළිතුරු ලබාදීමට සමතෙකි. දහස් ගණනක අන්‍ය ආගමිකයන්, ඉස්ලාමය වැළඳගැනීමට ඉවහල් වූ යුසුෆ් එස්ටේට්, එකම වේදිකාවේදී අන්‍ය ආගමිකයන්, 1250ක් ඉස්ලාමය වැළඳගැනීමට නායකත්වය දැරුවේය.