ගුණාත්මක නින්ද ට විද්‍යාත්මක ව තහවුරු වූ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම.

ගුණාත්මක නින්ද ට විද්‍යාත්මක ව තහවුරු වූ නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීම.

ඉස්ලාම් දහම දෙවියන්ට ඉටු කළ යුතු වැඳුම් පිදුම් වලින් පමණක් ධර්මය සීමා නොකර මිනිසා උපතේ සිට විපත තෙක්, උදේ සිට රාත්‍රිය දක්වා මිනිසාගේ දෛනික ජීවිතයේ තමන් කරන සෑම ක්‍රියාවක් පිළිබඳවම මග පෙන්වා ඇත. ඉස්ලාම් දහමේ මග පෙන්වා නැති දෙයක් යැයි පැවසීමට එක් කරුණක්වත් නොතිබෙන ලෙසට සෑම දෙයක් පිළිබඳවම හරි මගක් පෙන්වා දී ඇත.  දෙවියන් නමදින්නේ කෙසේ ද යැයි කියා දුන්නා සේ දත් මැදීම, නිය පොතු කැපීම, වීදියේ කෙළ ගසන ආකාරය ද පවා ඉතා සදාචාර විදියට තමන්ට හා අන් අයට කිසිඳු අයහපතක් ඇති නොවන සේ මග පෙන්වා දී තිබේ.

එලෙස ඉස්ලාම් දහම පෙන්වා දී ඇති මග පෙන්වීම් මිනිසාට යහපත් මග පෙන්වීම් බවට විද්‍යාත්මකව ද තහවුරු වෙමින් පවති. ඉස්ලාම් දහම සැදැහැවත් කරවන නවතම තොරතුරක් මෑතකදී කළ පර්යේෂණයකින් එළි වී ඇත.

මිනිස් ජීවිතයේ සිහිනය අති විශේෂ තැනක් හිමිකරගෙන ඇත. සිදු නොවිය හැකි දෙයක් යමෙක් බලාපොරොත්තු වන විට "දවල් සිහින නොදකින්නැ"යි කීමත් සාක්ෂි රහිත ව සිදු වූ දෙයක් ගැන කථා කරන විට "ගොළුවා දුටු සිහිනයක් වගේ යැ"යි උපමා කීමත් සිහිනයේ බලපෑම අවබෝධ කර දීමට ප්‍රමාණවත් වේ.

සිහින නොදකින්නා මිනිසෙකු නොවේ යැයි කියන තරමට සියළු දෙනාගේ ම ජීවිතයේ අංගයක් බවට සිහිනය පත් වී ඇත. කවුරුත් සෑම විටම එකම ආකාරයෙන් සිහින නොදකී. විවිධ ආකාරයෙන් අපි සිහින දකින්නෙමු. අපට යහපත් ප්‍රීතිය ගෙන දෙන සිහින වගේම අයහපත් නපුරු සිහින ද අපි දකින්නෙමු. විවිධාකාරයේ සිහින දැකීමට හේතුව තමන් නිදා ගන්නා ඉරියව්ව මතය යැයි සිහිනයන් පිළිබඳ කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

නරක සිහින දැකීමට හේතුව නිදන ඉරියව්වයි, වම් පැත්තේ නිදා ගන්නා ජනතාවට බියකුරු සිහින දැකීමේ අවධානම අධිකව ඇති බවට තුර්කියේ පිහිටා ඇති යුzසුන්ශු යිල් (Yuzuncu Yil)  විශ්ව විද්‍යාලයේ පර්යේෂණයෙන් වාර්තා වේ.

පර්යේෂකයන් ඔවුන්ගේ පර්යේෂනයට පුද්ගලයින් 63ක් සහභාගී කර ඔවුන් ට අහඹු ලෙස දකුණු පස හෝ වම් පසට නිදා ගන්නා ලෙස ඉල්ලා ඔවුන් සෑම දිනකම ඔව්හු නින්දෙන් අවදි වූ විට ඔවුන් දැකපු යහපත් සිහින හා බියකුරු සිහින හා ඔවුන්ට නින්දේ දී ඇති වූ බලපෑම් ගැන ප්‍රශ්න ඇතුළත් "පිට්ස්බර්ග් නින්ද තත්ව දර්ශකය(psqi) " නමින් හැඳින්වෙන නින්ද ගුණාත්මක සමීක්ෂණයට සහභාගී වූවන් දුන් පිළිතුරු එක් රැස් කර ඇත.

ඔවුන්ගේ පර්යේෂනයේ අවසාන ප්‍රතිඵල වූයේ , වම් පසට නිදා ගත් අයගෙන් 40.9% කට බියකුරු සිහින ඇති වූ බව ද, දකුණු පසට නිදා ගත් පුද්ගලයින්ගෙන් 14.6% කට පමණක්  ඒ ආකාරයේ සිහින ඇති වී තිබෙන බව ද වාර්තා වී ඇත. මීට අමතරව දකුණු පසට නිඳන්නන්ගේ සිහිනයන් වැඩි විචිත්‍රව හා ආරක්ෂිත වීමේ හැඟීම් සහිතව ද ඔවුන්ගේ නින්ද ගුණාත්මකව ද වාර්තා වී ඇත.

"ගැබ් මොළයේ ක්‍රියාකාරීත්වය, සිහින දැකීමට සහ නින්දේ ගුණාත්මකතාවයට සම්බන්ධයක් ඇති අතර සිහිනයට සහ නින්දේ ගුණාත්මකතාවයට ශරීර ඉරියව් මගින් ද බලපෑමක් ඇති විය හැකි" බවට මෙම අධ්‍යයනයෙන් වාර්තා වී ඇති බවට පර්යේෂකයන් පවසයි.

වත්මන් අධ්‍යනයෙන් ඉතා පැහැදිළි වන්නේ දකුණු පසට නිඳන්නන්ට හොඳ ගුණාත්මක නින්දක් මෙන්ම ධනාත්මක සිහිනයේ හැඟීම් ඇති බව ද, දකුණු පසට නිඳන්නන්ට සාපේක්ෂව වම් පසට නිඳන්නන්ට වැඩි බියකුරු සිහින ඇති වන බවට වාර්තා වී ඇත.

http://www.hngn.com/articles/166723/20160106/sleeping-left-side-more-cause-nightmares-researchers.htm

දකුණු පසට නිදා ගැනීම යහපත් බවට වත්මන් පර්යේෂණයෙන් තහවුරු වී ඇති දේ නබි නායක (සල්) තුමාණන් වසර 1400ට පෙරම අනාවරණය කර ඇත්තාහ.

නබි නායක (සල්) තුමාණන් නින්දට යන විට, එතුමාණන් තම දකුණු පසට දිගා වී "ඕ අල්ලාහ්, මා මගේ  ආත්මය ඔබට සර්ජනය කරමි, මාගේ මුහුණ ඔබ දෙසට හරවා ගනිමි, මාගේ සම්බන්ධයන් ඔබට භාර කරමි, මම බලාපොරොත්තුවෙන් හා බියෙන් ඔබගේ සහය පතමි, ඔබ හැර අන් කිසි රැකවරණයක් නොමැත. ඔබ පහළ කළ ග්‍රන්ථය හා වක්තෘ පිළිබඳ විශ්වාස කළෙමි" යැයි පවසයි. (ග්‍රන්ථය: බුහාරි)

"ඔබ නින්දට යන විට, සලාතයට ගන්නා සේ වුළු නමැති දෝවනය කර පසුව දකුණු පසට ඇල වෙනු" යැයි නබි නායක (සල්) තුමාණන් පැවසූ ප්‍රකාශය බුහාරි නම් ග්‍රන්ථයේ 247, 6313, 6315, 7488, 6311, 7488 නම් හදීසයන් ලෙසට සඳහන් වී ඇත.

දකුණු පසට නිදා ගැනීම ගුණාත්මක නින්දක් ගෙන දෙනු ඇතැයි බොහෝ අධ්‍යයන්ට පසු පැවසූ දේ කිසිඳු පර්යේෂණයක් හෝ තාක්ෂණික සහයක් නොමැතිව සාමාන්‍ය මිනිසෙකුට කිව හැක්කේ කෙසේ ද?

අධ්‍යාපන දැනුමක් නොමැතිව කෙනෙකු පැවසූ ප්‍රකාශයන් හි එක් ප්‍රකාශයක් වත් කිසි විටෙක අසත්‍ය යැයි තහවුරු කිරීමට නොහැකි වීම ද, විද්‍යාවෙන් මෑතක දී සොයා ගන්නා දේවල් අනාවරණය කිරීමෙන් නබි නායක (සල්) තුමාණන් සර්වඥ අල්ලාහ්ගේ ධර්ම දූතයෙක් ම වන බව කිසිඳු සැකයකින් තොරව දැනගත හැකිය.