සංගීතය මිනිසාට අහිත කරයි...

සංගීතය මිනිසාට අහිත කරයි...

විශ්වයේ මැවුම්කරු වන සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණ රාශීයක් අතරින් එක් නිර්මාණයක් වන මිනිසා අන් නිර්මාණ වලට වඩා වෙනස්ව ද, උසස්ව ද සලකනු ලැබීමට හේතුව ඔහුට පමණක් අයත් තාර්කික ඥාණය හෙවත් පරිමේය බුද්ධිය ය.


මෙම බුද්ධි වර්ධනයෙන් මිනිසා මචිත කරවන අයුරින් මිනිසා විසින් දිනපතා නව සොයා ගැනීම් එළි දක්වා, සතා සිව්පාවුන් පිට මත දිගු දවස් ගමන් කළ කාලය වෙනස් කොට තත්පර ගණනකින් සීඝ්රසයෙන් සැතපුම් ගණන් පසු කර යන යාන වාහන ද, පෘථුවියෙන් එපිට ගමන් කර මහ පොළොවෙන් එහා තිබෙන ග්ර හ ලෝක වල මිනිසාට වාසය කළ හැකි දැයි පර්යේෂණ පවත්වන තත්වයකට මිනිසා පත් වී ඇත.


මෙතරම් විද්යාා දැනුමේ මුදුන් පෙත්තට පිය මං කර තිබෙන මිනිසා මත් පැන් භාවිතය, දූ කෙළීම වැනි තම බුද්ධිය හීන කර දමන ක්රිමයාවන් ඉතා සාමාන්යුයෙන් කරමින් පවතිනවා. මත් පැන් භාවිතය, දූ කෙළීම සේ සංගීතය ද මිනිසාගේ බුද්ධිය හීන කර, මිනිසාගේ මොළය මොට කර දමන ක්රි‍යාවක් ලෙසට හැඳින්විය හැකිය.


කුඩා වියේ සිට මහළු විය තෙක් වයස් සීමාවකින් තොරව, ගැහැණු පිරිමි භේදයකින් තොරව සංගීතය රස විඳිමින් සිටිති. සංගීතය යනු එකඳු භාෂාවෙක් ලෙසට මිනිසා පවසන ආකාරයේ බහු ජනයාගේ ජීවිතයේ සංගීතය කාවැදි තිබුනත් මිනිසා මෙතරම් රස විඳින සංගීතයෙන් මිනිසාට කිසිඳු ප්රනතිලාභයක් නොමැත, එපමණක් නොව මනුසතාට පමණක් තිබෙන විචාර බුද්ධිය ද යමක් ගැන සිතා තීරණය ගැනීමට තිබෙන හැකියාවද හීන කර දමන දෙයකි. සංගීතය තුළින් මිනිසාගේ මනස ක්රනම ක්රණමයෙන් අවුල් වියවුල් වන බවට විද්යා නුකූලව ද තහවුරු වී ඇත.


සංගීතයෙන් මනස දුර්වල වේ.


සංගීතයෙන් සමහර යහපතක් ඇති නමුත් යහපතට වඩා අයහපත අධිකය. සංගීතය රස විඳින අවස්ථාවේ මිනිසාගේ මොළයේ ඇති වන වෙනස් කම් හා ක්රිියාකාරීත්වය පිළිබඳ මනෝ වෛද්ය වරුන් කළ පර්යේෂණට අනුව සංගීතය රස විඳින අවස්ථාවේ ස්වයං අධීක්ෂණයට (Self monitoring) සම්බන්ධ වන මොළයේ නොයෙක් කොටස් ක්රිේයා විරහිත වන බව පවසයි. ස්වයං අධීක්ෂණය යනු පුද්ගලයින්ගේ ක්රිmයා සංජානනය කරන ආකාරය අවබෝධ කර ගන්නා හැකියාවකි. එබැවින් සංගීතය රස විඳින අවස්ථාවේ අනෙකුත් අයගේ ප්ර තිචාරයන් අධීක්ෂණ කර ගත නොහැකි වන බව ඔවුන් අනාවරණය කරයි.


එපමණක් නොව දුක්මුසු හා කලහකාරී සංගීතයට ලැදි පුද්ගලයින්ගේ සැලකිය යුතු ලෙස අධික සාංකාව හා ස්නායු විකාරි විය හැකි බව ද, එමගින්, කෝපය, ඊර්ෂ්යාේව, සාවද්යාතාව, අවුල් සහිත බව සහ මානසික අසහනය ඇති වන බව ද සඳහන් කරයි.


Jyväskylä විශ්ව විද්යාහලය, ෆින්ලන්ඩ් හි පිහිටි ඇල්ටෝ විශ්ව විද්යාාලය සහ ඩෙන්මාර්ක් හි තිබෙන ආර්හුස් විශ්ව විද්යාසලයේ අන්තර්ක්ෂේත්ර සංගීත පර්යේෂණ මධ්යකස්ථානයේ දී සිදු වූ අධ්යශයනයේ - ප්රීකතිය, භීතිය, ශෝකය ගෙන දෙන සංගීතයන් වාදනය කර එහි සහභාගි වූවන්ගේ ස්නායූ ක්රිෂයාකාරීත්වය පිළිබඳ පර්යේෂණයක් පවත්වා එම ප්ර තිඵලයන් හා සාංකාව, ස්නායු විකාරි, විෂාදය ඇතුළු මානසික සෞඛ්යාය සළකුණු ඇති අයගේ ප්රවතිඵලයන් සමඟ සංසන්දනය කර එම ප්රයතිඵලයන් තුලනය වන බව පවසයි.


නිෂේධාත්මක හැඟීම් ප්රෞකාශ කිරීමට සංගීතයට නැඹුරු වූ පිරිමින්ගේ medial prefrontal cortex (mPFC) හි ක්රිායාකාරකම් අඩු ප්රේමාණයෙන් තිබෙන බවට විශ්ලේෂණයන් පෙන්නුම් කරයි. සංගීත සවන් ශෛලීන් සහ mPFC සක්රීයය අතර සම්බන්ධයක් පෙන්නුම් කරන බව ද ඇතැම් සවන් ශෛලීන් මොළයේ මත දිගු කාලීන බලපෑම් ඇති කරන බව ට අධ්යFයනයේ ඡෙෂ්ඨ කතෘ වන මහාචාර්ය එල්විරා බ්රැදට්ටිකො මහතා පවසයි.


"නිරතුරුවම නිෂේධාත්මක දේවල් ගැන කල්පනා කිරීමෙන් මානසික සෞඛ්ය දුර්වලතාවයක් ඇති වේ. සමහර සංගීත ශෛලීන් මගින් සමාන අහිතකර බලපෑම් ඇති විය හැකි දැයි අපට තව දුරටත් අධ්ය්යනය කිරීමට අවශ්ය්ය" යැයි සංගීතය විකිත්සකයකු හා අධ්යමයනයේ ප්රඇධාන කතෘ වන එමිලි කාර්ල්සන් පවසන්නීය.


https://www.jyu.fi/en/news/archive/2015/10/tiedote-2015-10-20-10-56-55-135644


සංගීතය මගින් කළහකාරී සිතුවිලි වැඩි වේ


සංගීතයෙන් මිනිසා ගේ මනස තුළ කළහකාරී හැඟීම් වැඩි වී එමගින් ප්ර0චන්ඩ ක්රිටයා වල යෙදීමට පොළඹවන බවට විද්යා-ත්මක පරීක්ෂණයන් මගින් තහවුරු වී ඇත.


"නූතන සංගීතය" ශ්රකවණය සෞඛ්ය සඳහා අහිත බව ලෝවා ප්රා‍න්ත විශ්ව විද්යාබලය හා මානව සේවා ටෙක්සාස් දෙපාර්තමේන්තුවේ පර්යේෂණයෙන් තහවුරු වී තිබේ.


සිසු සිසුවියන් 500ක් සම්බන්ධ කර විවිධ පරීක්ෂණ පවත්වා, ප්රාචන්ඩ පද රචන සහිත ගීත මගින් කළහකාරී සිතුවිලි මනස තුළ වැඩි වන බවද, ප්රඇචණ්ඩ පද සහිත ගීත නැවත නැවත නිරාවරණය වීම කළහකාරී පෞරුෂත්වයක් සංවර්ධනයකට දායක වන බවද ඔවුන් අනාවරණය කරයි. විකට ප්රීචණ්ඩ ගීත පවා කළහකාරී සිතුවිලි ඇති කරන ලෙසද පවසයි.


http://www.theguardian.com/uk/2003/may/05/research.arts


සංගීතය මත් ද්රgව්යo භාවිතයට සමානය


සංගීත තැටි ගැනීමට, තමන් ප්රිිය ගීත අන්තර්ජාලයෙන් බා ගැනීමට හා සංගීත ප්රරසංගයන්ට සහභාගි වීමට ජනතාව තම මුදල් ද, කාලය ද, වැය කරන අයුරු අපි දකින්නෙමු. ජනතාව සංගීතයට මෙතරම් වැඩි ප්රි්යක් දැක්වීමට හේතුව සංගීතය අසන අවස්ථාවේ "ඩොපමයින්" නම් කාබනික රසායනයක් මොළයට නිකුත් වන නිසාය. ඩොපමයින් යනු මොළයේ ඇති අත්යකවශ්යතම සංඥා අණුවකි. එය ස්වභාවිකව නිකුත් වන්නේ ආහාර හා ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ ද, කෘතිමව නිකුත් වන්නේ කොකේන් හා ඇම්පෙටමින් වැනි ඖෂධ භාවිතා කිරීමෙනි.


සංගීතය අසන විට අධික ඩොපමයින් ප්රවමාණයක් නිකුත් වන බව සංගීතය පිළිබඳ පර්යේෂණ පැවැත් වූ වෛද්ය වරුන් පවසයි. ඩොපමයින් ප්රිමාණවත්ව පවත්වා යාම මානසික සෞඛ්යත හා ශාරීරික ක්රි්යාකාරීත්වය සඳහා ප්රපයෝජනවත් වන අතර අනවශ්යැ තරම් ඩොපමයින් නිකුත් වීමෙන් මොළය දුෂ්කෘතිය වන බවට සඳහන් කරයි. අරුම පුදුම මවාපෑම්, අන් අය කෙරෙහි වඩා ආක්ර මනශීලී වීම, මානසික අවපීඩනය, මිථ්යාිවන් විශ්වාසය කිරීම වැනි අහිතකරන ප්රරතිවිපාකයන් "ඩොපමයින්" අධික වීමෙන් ඇති වේ.


මත් ද්රපව්යව භාවිතා කරන අවස්ථාවේ ද මිනිසා ගේ සිහි බුද්ධිය නැති වී යාමට හේතුවද අධික ඩොපමයින් ප්රයමාණයක් නිකුත් වීම නිසා ය. කොකේන් වැනි මත් ද්රසව්යද භාවිතය හා සංගීතය රස විඳීම මනස් මට්ටමින් එක හා සමාන ප්ර තිවිපාක ඇති කරයි.


සංගීතයෙන් මනස විකෘති වේ


රස වින්දනයක් ලෙස අසන සංගීතයෙන් මිනිසාගේ මනස විකෘති වන බවද සංගීතය සංජානය මිත්යාරවක් ලෙසට හැඳින්විය හැකි බවද මනෝ වෛද්යනවරුන් පවසයි. සංගීතය කාල ගණනයේ සියුම් උල්ලංඝණයන් ඇති කර අවසානයේ දී ලලාට ඛණ්ඩිකාව මගින් එම උල්ලංඝණයන් ප්රීනතියක් ලෙසට හඳුනා ගෙන අනවශ්ය් චිත්ත රූපයන් හා හැඟීම් සිත් තුල උපදවා ගැනීමට හා පරාවර්තනය කිරීමේ හැකියාව අන් ඕනෑම උත්තේජකයන්ට වඩා සංගීතයට ඇති බවට ඔවුන් සඳහන් කරයි.


එපමණක් නොව යමක් පිළිබඳ සිතා තීරණය කර ගැනීමට හැකි පරිමේය බුද්ධියද සංගීතයෙන් නැති වේ. සිංහල සාහිත්යව දැන තිබීමට අවශ්යර නොවන සේ ඉතා පැහැදිළිවම අවබෝධ කර ගත හැකි අසභ්යය වචන, කුණු හරප, කාන්තාවන් ගැන නොමනා වර්ණනාවන් නොමසුරුව ඇති බොහෝ ගීත අප සමාජයේ ඇත. ඒත් කිසිඳු ප්රතතික්ෂේපයකින් තොරව එවැන් ගීත පවුල් පිටින් රස විඳිමින් සිටින අයුරු ද අපි දකින්නෙමු. එලෙස ඇතැම් ගීත වල අර්ථයන්ද නොවැටහී, ඒ පිළිබඳ සිතා අවබෝධය ද කර ගැනීමට ද නොහැකි වී අසභ්යහ ගීතයන් ද රස විඳීමට හේතුව සංගීතයේ ඇති ව්යාථකූලභාවය නිසා ය.


මෙලෙස මිනිසාගේ සෑබෑ තත්වය අමතක කර මනඃකල්පිත චිත්ත රූපයන් මවා මනඃකල්පිත හැඟීම් මනස තුල නිපදවා මිනිසාගේ මනස විකෘති කර, මිනිසාට පමණක් අයත් සිතා අවබෝධ කර ගැනීමේ හැකියාව ද නැති කරන මෙම සංගීතය මිනිසාට අහිතකරන ක්රිකයාවකි.
මිනිසාට අහිත කර සංගීතය ඉස්ලාම් ධර්මයද තහනම් කරයි


මිනිසාට පමණක් අයත් පරිමේය බුද්ධිය නැති කර මිනිසා මිනිස්කමින් තුරන් කර මිනිසාට අහිත, අයහපත් මෙම සංගීතය ඉස්ලාම් ධර්මය විසින්ද තහනම් කර ඇත.


නබි නායක (සල්) තුමාණන් පැවසූහ, "මාගේ අනුගාමිකයන් අතර සමහර පුද්ගලයින් මතු වන්නෙහූ ය. ඔවුන් නීති විරෝධී ලිංගික සංසර්ගය, සේද, මත් බීම පානීය, සංගීත උපකරණ භාවිතය අනුමත දේවල් ලෙස සලකා ගනු ඇත". (ග්රවන්ථය: බුහාරි 5590)
නබි නායක (සල්) තුමාණන් පැවසූහ, අල්ලාහ් නුඹළාට මත් පැන් භාවිතය, දූ කෙළීය ද තහනම් කර ඇත. සියලු මත් ගෙන දෙන ද්රකව්ය, ද තහනම් කර ඇත. (ග්ර්න්ථය: අහ්මද් 2494)


ඉහත සඳහන් සාධක මගින් ඉස්ලාම් දහම සංගීතය තහනම් කර ඇති බව අනාවරණය කර ගත හැක. නවීන තාක්ෂණයන්හි සහයෙන් සංගීතය මිනිසාට අයහපත් ලෙසට සොයා ගත් දේ ඉස්ලාම් දහම වසර 1400 කට පෙරම අණාවරණය කිරීම නියත වශයෙන්ම ඉස්ලාම් දහම සර්වඥ දෙවියන් වෙතින් පහළ වූ තුන් කලට ම ඔබිනා දහමක් බව කිසිඳු සැකයකින් තොරව සනාථ වෙමින් පවති. මිනිසාගේ සෞඛ්යනයට හා මනසට අහිතකරන සංගීතයෙන් මිදී සෞඛ්යර සම්පන්න නීරෝගී ජීවිතයක් ගත කිරීමට සර්වඥ දෙවියන් අපට මහෝපකාර කරත්වා!

ජාවිඩ් බූසෝ BSc (Psychology and Counseling)