සිතමු ක්‍රියා කරමු

සිතමු ක්‍රියා කරමු

මිනිසාට හා සත්වයින්ට ඇති මූලික වෙනස්කම වන්නේ සිතීමේ ශක්තියයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ව්‍යපාරික ක්ෂේත්‍රයේ ද  තාක්ෂණ ක්ෂේත්‍රයේ ද වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන පුද්ගලයෙකු තම සිතා ක්‍රියා කිරීෙ හැකියාව අතිශයින් ම වැදගත් වන්නේ ය. යම් කෙනෙකුගේ පුද්ගලික දියුණුවට හේතුව කුමක්දැයි අසන විට බොහෝ දෙනා පවසන්නේ කවර නම් දෙයක් තමන්ට අවශ්‍යම වන්නේ ද ඒ ගැන ගැඹුරින් සිතා කල්පනා කර සොයා බලන විට එමගින් දියුණුව කරා ගියෙමි යනුවෙනිි.

මොවුන් සොයා යන දේ  දියුණුව කරා ගෙන යාවි ද කියා ඔවුන් විවිධාකාර කෝණ වලිින් සිතති. එසේ සිතා  දියුණුව කරා ගෙන යාවි යන හැගීම ඇති වූ පසු ඔවුන් එය ඉදිරියට ගෙන යති. එවැනි අයගේ දියුණුවට මූලික ම හේතුව වුයේ ඔවුන්ගේ මොළයෙහි එක් අංශයක් වන සිතීමේ ශක්තිය යි. යම් කෙනෙකු අපගෙන් යම් කිසි ප්‍රශ්නයක් අසන විටත්  අප මුලින් කරන්නේ සිතීමේ අංශය ප්‍රයෝජනයට ගෙන පිළිතුරු සෙවීමයි.

එබැවින් සිතීම යනු මිනිසාගේ ජීවිතයේ ඉතා වැදගත් ක්‍රියාවක් වන බව අපි අවබෝධ කර ගත යුතුය. නමුත් ලොව ජීවත් වන මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් සිය සිතීමේ හැකියාව ප්‍ර යෝජනයට ගන්නේ නැත. හුදෙක් ම සුපුරුදු ජීවිතයක් ගත කිරීමට සිතනවා මිස මිනිස් ජීවිතයට අත්‍යාවශ්‍ය යමක් ගැන අප අතර සිටින අයගෙන් සිතන්නේ ඉතා සුළු පිරිසකි.

නමුත් ඉස්ලාම් දහම සෑම මිනිසෙකු ම සිය සිතීමේ හැකියාව වර්ධනය කර ගත යුතු බවත් ඒ හැකියාව තුළින් ම නොයෙකුත් සත්‍යතාවන් වටහාගත හැකි බවත් පවසා සිටී.

සිතීමේ ශක්තිය ගැන ඉස්ලාම් දහම ඇසින්

මුස්ලිම්වරු විශ්වාස කරන දේව ධර්ම ග්‍රන්ථයක් වන පරිශ=ද්ධ වූ අල් කුර්ආනය වූ කලී එහි නිර්මාතෘ වන අල්ලාහ් විසින් මිනිස් සමූහයාගේ සිතීමේ ශක්තියට විවෘත අභියෝගයක් ලෙස පහළ කර ඇත.

ඔවුහු මෙම කුර්ආනය ගැන නොසිතන්නෝ ද? මෙය අල්ලාහ් නොවන කෙනෙකු ගෙන් පහළ වී ඇත්නම් මෙහි නොයෙකුත් පරස්පරතාවන් ඔවුන් දකින්නට තිබුණි.

අල් කුර්ආන් 04 : 82

මෙම වැකිය මගින් මානව සංහතියට හුදෙක් ම අභියෝගයක් පමණක් සඳහන් වන්නේ නැත. මිනිසාගේ සිතීමේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට උනන්දු කිරීමේ ක්‍රමෝපායක් ද මෙහි දී අපට දැකිය හැක.

මෙපමණක් නොව සිතීමේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට අවධාරණය කරන කරුණු පරිශ=ද්ධ වූ අල් කුර්ආනයේ බොහෝ තැන් වල සඳහන් වේ .

නුඹලා දකින කුලුනු නොමැති අහස් එසෙව්වේ අල්ලාහ් ම ය. පසුව ඔහු අර්ෂ් මත අසුන් ගත්තේ ය. ඔහු ඉරත් සඳත් තම පාලනය යටතේ තබා ඇත. සියල්ල නියමිත වාරයක් දක්වා වේගයෙන් ගමන් කරයි. ඔහු කටයුතු පරිපාලනය කරයි. නුඹලා නුඹලාගේ දෙවියන් හමුවීම ස්ථීර ලෙස විශ්වාස කරනු පිණිස ඔහු සාධක පැහැදිලි කරයි.

අල් කුර්ආන් 13 : 2

පොළොවෙහි එකිනෙකාට යාබඳව පිහිටි විවිධ ප්‍රදේශ ඇත. මිදී උයන් ද ධාන්‍යය ද ශාඛා සහිත හා ශාඛා රහිත රට ඉඳි ගස් ද ඇත. ඒවාට සපයනු ලබන්නේ එකම ජලයයි. (නමුත්) අපි එකකට වඩා අනෙකක් රසයෙන් විශිෂ්ට කර ඇත්තෙමු. වටහා ගන්නා ජනතාවට මෙහි සාධක රැසක් ඇත.

අල් කුර්ආන් 13 : 4

 

පොළොව දිග හැරියේ ඔහු ය. එහි කඳු ද ගංගාවන් ද ඇති කළේය. සෑම පලතුරක ම ජෝඩුවක් ඇති කළේය. ඔහු රාත්‍රිය දවාලෙන් වසයි. සිතන ජනතාවට මෙහි සාධක රැසක් ඇත.

අල් කුර්ආන් 13 : 3

නමුත් අපගෙන් බොහෝ දෙනා පවසන්නේ අපට කිසිවක් දන්නේ නැත. කිසිම දැනුමකුත් නැත. අපි පාසැල් ගියේ නැත. එබැවින් අපට සිතා ක්‍රියා කරන්නට නොදන්නා බවයි. මෙලෙස ඔවුන් පවසන විට එය සාධාරණයැයි හැඟ=ණත් එය පිළිගැනීමට නොහැකි ය. එයට හේතුව වන්නේ ආදම් තුමා ව සර්ව බලධාරී දෙවියන් නිර්මාණය කරන විට මිනිසා අවශ්‍ය කරන සියලු දැනුම ඔහුට පිරිනමා ඔහුව නිර්මාණය කළ බව අල් කුර්ආන් පවසයි්. ආදම් තුමාට සහ අපිටත් සම්බන්ධකමක් ඇත. ලෝක වාසීන්ගේ මුල්ම පියා ආදම් තුමාය. එනම් ආදම් තුමාට ඇති දැනුම එතුමාගෙන් බිහිවූ ලෝක වාසීන්ට ද තිබිය හැකිය. එබැවින් සිතීමේ ශක්තිය සියලු මිනිසුන්ට තිඛෙන බව සත්‍යයකි. නමුත් එය ප්‍ර යෝජනයට ගන්නේ කවුරුන් ද යන්න මත බුද්ධිමතුන් හා අබුද්ධිමත් අය කවුරුන් ද යන වග තීරණය වේ.

සිතීමේ ශක්තිය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන එමගින් ලෝක වාසීන්ට ප්‍රයෝජනවත් සොයා ගැනීම් සොයා ගත් පුද්ගලයින් ද අප අතර නැතුවා නොවේ.

එහෙයින් කිහිපයක් ඔබ ඉදිරියට

තෝමස් අල්වා එඩිසන් විසින් 1879 දී  බල්බය සොයා ගනු ලැබීය.

ඕවිල් රයිට් සහ විල්බර් රයිට් යන රයිට් සහෝදරයන් විසින් 1903 දී ප්‍රථම සාර්ථක අහස් යානව නිෂ්පාදනය කරනු ලැබීය.

දුම්රිය එන්ජිම 1804 දී බ්්‍රතාන්‍ය ජාතික රිචඩ් ට්රෙජව්තික් විසින් සොයා ගනු ලැබීය.

අන්වීක්ෂය 1885 දී ජර්මන් ජාතික ජන්සීන් විසින් සොයා ගනු ලැබීය.

මෙලෙස නොයෙකුත් සොයාගැනීම් සමහර පුද්ගලයින් විසින් සොයාගෙන ද ඇත. මේ සියල්ල ඔවුන් විසින් සොයාගත හැකි වූයේ ඔවුන් සතුව තිබූ සිතීමේ හැකියාව ප්‍රයෝජනයට ගැනීම නිසාවෙනි.

ලෝක වාසීන්ගේ මුල්ම පියා වන ආදම් තුමාට ඇති දැනුමේ කිසියම් ප්‍රමාණයක් වත් අප අතරින් තිබිය හැක. එම ශක්තිය ප්‍රයෝජනයට ගත් පුද්ගලයින් හි කිහිප දෙනෙකු අප ඉහතින් බැලීමු. බොහෝ දෙනා ගෙන් එය හෙළිදරව් නොවීමට හේතුව වන්නේ අප සිතීමේ ශක්තිය නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීමයි. අප සමාජයේ බොහෝ දෙනා අනුන් කරන කියන දේ එලෙසින් ම පිළිපදින්ට හුරු වී සිටින්නෙමු.

ආගමික කටයුතු වල හෝ ප්‍රචාරක කටයුතු වල කෙනෙකු ජේෂ්ඨයෙක් ලෙස සිටින විට ඔහු පවසන ආගමික කාරණාව එලෙසින්ම පිළිපදින සමාජයක් ලෙස අද බොහෝ දෙනා හුරු වී ඇත. එම ජේෂ්ඨයන් පවසන දේ තම ආගමික ග්‍රන්ථ වල සටහන් වී ඇත් ද නැත් ද කියාවත් ඇතැමුන් විමසා බලන්නේ නැත. නමුත් ඉස්ලාම් දහම මෙලෙස පිළිපදින්නන්ව අල්ලාහ් උපමා කරන්නේ පහත සඳහන් ලෙසිනි.

හුදෙක් ම ශබ්දයක් හා හඬක් පමණක් ඇසෙන සිවුපාවුන් කැඳවනු පිණිස හඬ නගන්නකුගේ ස්වභාවය මෙන් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ස්වභාවය ඇත. (ඔවුහු) බිහිරෝ ය ගොළුවෝ ය අන්ධයෝ ය, එබැවින් වටහා නොගනිති.

අල් කුර්ආන් 2 : 171

මෙම කාරණාව සියල්ලන්ට අදාළ ය. මුස්ලිම් සමාජයේ උලමා වරුන් - ආගමික නායකයන් යමක් පැවසුවා නම් කීවොත් එයට එහා නොයන පිරිසක් ද දකින්නට ද හැක. එසේ කටයුතු කිරීම වැරදි ක්‍රියාවක් යැයි පවසන විට ඇතැමුන් පවසන්නේ උලමා වරුන්ට වැරැදි නොවන්නේ ය. ඔවුන්ට යමක් වැරදුණා නම් ඒ පව අපට නොව ඔවුන්ට ය. අපට කිසිම හානියක් එයින් සිදු නොවන බව පවසති

ඔවුන්ගේ  එම පිළිතුරට අල්ලාහ් මෙසේ පිළිතුරක් ලබා දෙයි.

ඔවුන්ගේ මුහුණු නිරයේ පෙරළනු ලබන දිනයෙහි  අපගේ දෙවියනි, අපේ නායකයින්ටත් වැඩිහිටියන්ටත් අපි අවනත වූ යෙමු. ඔවුහු අප නොමග යැවූහ යි පවසති. අපගේ දෙවියනි, ඔවුනට වේදනාවෙන් දෙගුණයක් දෙනු මැනව` මහා ශාපයකින් ඔවුනට ශාප ද කරනු මැනවැ” (යි ද පවසති).

අල් කුර්ආන් 33 : 67 68

ඉස්ලාම් දහම ද එම දහමේ දෙයක් කියා උලමා වරු නායකයෝ වේවා කව්රුන් කීවත් ඔහුන් පැවසූ දේ සත්‍ය ද ද නැද්ද යනුවෙන් නොසිතා බලා අනුගමනය කළොත් ඔවුන් අලාභ ලබන්නන් ලෙස වේදනීය දඬුවමකට ලක් වන පාර්ශවයක් බවට පත්විය හැකි බව අපට ඉහත වැකි වලින් දැන ගතහැකි විය.

එබැවින් ලෞකික හො ආධ්‍යාත්මික හෝ ඕනෑම කරුණක් සිතා බලා ක්‍රියා කළ යුතු වෙමු. සියලු දෙය ම නිසි පරිදි ක්‍රියාත්මක කර ගෙන යාමට සිතීමේ ශක්තිය නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමු.

සිතමු`  ක්‍රියා කරමු`