ඩොලර් මත දෝලනය වන අවලංගු කාසිය

ඩොලර් මත දෝලනය වන අවලංගු කාසිය

කීර්ති රත්නායක විසින් ඩොලර් මත දෝලනය වන එකම කාසියේ දෙපැත්ත යන මාතෘකාවෙන් ලියූ ලිපියක් 02.07.2017 වන දින සිංහ නිවුස් නව් වෙබ් අඩවියේ පළ වී ඇත. එහි ඔහු පාලකයින් ගේ පල්(?) වැඩ යනුවෙන් යම් කරුණු කිහිපයක් ජනතාවට හෙළි දැක්වීමට ඉදිරිපත් වන අවස්ථාවේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ද යම් කරුණු කිහිපයක් පවසා ඇත. මෙහි දී දේශපාලනඥයින්ට හා ඇතැම් භික්ෂූ වරුන් පිළිබඳ පවසා ඇති ප්‍රකාශයන්ට නොව මුස්ලිම්න් ප්‍රජාව පිළිබඳ ප්‍රකාශ කර ඇති මතයන් හි ඇත්ත නැත්ත පිළිබඳ පහදා දීමට ආසා වෙමි.

එයට මූලික හේතුව එම ලිපියේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පවසා ඇති කරුණු වලින් වැඩිමනක්  ඔහු විසින් ගවේෂණය කරන ලද්දක් නොවන බව හා කවුරුන් හෝ කෙනෙකු ඔහුට පවසන ලද්දක් බව ඔහුගේ ලිපිය කියවන විට ඉතා හොඳින් පැහැදිළි වේ. එම කෙනා කවුරුන් ද යන්න ඔහුගේ ලිපියෙන් ම දැන ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ජෙනිවා යෝජනාවට එරෙහි වූයේ උලමා සභාව පමණක් ද?

2014 වන වසරේ මහින් ද රාජපක්ෂ සමයේ ජෙනීවාවේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මගින් විසින් රජයට එරෙහි ව යම් යෝජනාවන් එළි දැක්වූ හ. එයට මුස්ලිම් ප්‍රජාවෙන් උලමා සභාව පමණක් එරෙහි වූ බව ඔහු එම ලිපියේ සඳහන් කරයි. නමුත් මෙහි ඇත්ත ස්වභාවය කුමක් ද? උලමා සභාව ඔවුන් ද එරෙහි වූ වග ඇත්ත නමුත් මුස්ලිම් ප්‍රජාවෙන් ජෙනීවාවට එරෙහි වූයේ ඔවුන් පමණක් ද? ඔවුන් ලිපියකින් පමණක් ඔවුන්ගේ එරෙහි වීම සීමා වූවත් ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය ජෙනීවා යෝජනා වලට එරෙහි වීම ලියුමකට පමණක් සීම නොවුණි. මහා ජන ගංගාවකින් වූ උද්ගෝෂණයක් කොළඹ දී  තව්හීද් ජමාඅත් සංවිධානය මගින් පවත්වන ලදී. ඒ පිළිබඳ බොහෝමයක් රූපවාහිනි නාලිකාවන් ද, පත්තර හා වෙබ් අඩෙවි වල ද ප්‍රවෘත්ති පළ වුණි. මුළු රට ම දත් දේ කීර්ති රත්නායක සහෝදරයා නොදැන සිටියේ මන්ද? නැතනම් කරුණු කියා දුන් කෙනා ඒ ගැන දැන සිටියේ නැද් ද? ලිපියක පරමාර්ථය ජනතාවට ඇත්ත පහදා දීම ද නැතිනම් තමන් සිතන පතන දේ පමණක් ගවේෂණයකින් තොරව ලිවීම ද? මෙහි දී තවත් කරුණක් මතක් කළ යුතුය. තව්හීද් ජමාඅත් සංවිධානය ජෙනීවා යෝජනා වලට විරුද්ධව උද්ඝෝෂණ කළේ මහින්ද රාජපක්ෂට පක්ෂ පාතී වන්නට නොවේ. ජෙනීවා වල දී අභියෝගයට ලක් වූ අප මව් බිමට පක්ෂ පාතීත්වය පෙන්වන්නට ය.

මහින්ද දුන් විල්පත්තුවේ ඉඩම්

ඔහුගේ ලිපියේ සඳහන් වූ දෙවැනි බොරුව විල්පත්තුවේ ඉඩම් මහ්න් ද දුන් වග සඳහන් කිරීම යි. මෙයින් ඔහු අදහස් කිරීමට තැත් කරන්නේ ඇතැමුන් පවසන සේ මුස්ලිම් වරු විල්පත්තු වනය විනාශ කර ගෙවල් සාදා ඇති බව ය. මෙය ද ඔහුගේ ඉතිහාසය පිළිබඳ ඇති අනුුවණකමක් හා කිසිඳු ගවේෂණයකින් තොර ලියූ ලිපියක් බව සනාථ කරයි.

මුස්ලිම්වරු පාරම්පරික මුල් පුරවැසියන් වශයෙන් මන්නාරම ප්‍රදේශයේ ජීවත් වූහ. විශේෂයෙන් ම මොල්ලිකුලම්, මරිච්චිකට්ටි, කරඩිකුලම්, කල් ආරු, කොන්ඩච්චි, කොක්කුපෙඩෙයාන්, චිලාවතුෙරෙ ආදී ප්‍රදේශ වල ඉතා ම පැරණි ගම්මාන පිහිටා තිබුණු බව ඓතිහාසික සාධක මගින් තහවුරු ද වේ. මුස්ලිම්වරුන් හා වන රක්ෂිතයින් අතර කිසිඳු ගැටළුවක් නොවී ය. මුස්ලිම් ජනතාව භාවිතා කළ නිවාස, ළිං, දේවස්ථාන හා අනෙකුත් සාධක ද මෙය මුස්ලිම්වරුන් ජීවත් වූ ඓතිහාසික ස්ථානයක් බව තහවුරු වේ. මෙවැන් සාධක තිබියදීත් විල්පත්තුව ට මුස්ලිම්වරුන් නවක පදිංචි කරුවන් යැයි පැවසීම හෙළා දැකිය යුතු ය.

අන්වර් මනතුංග හාමුස්ලිම් ප්‍රජාව(?)

මෙම ලිපියේ ඔහු අන්වර් මනතුංග නැමැත්තාව මුස්ලිම් ප්‍රජාවේ නායකයෙකු බවට සඳහන් කිරීමට උත්සාහ දරා ඇත. මොහුට මෙම ලිපිය ලිවීමට බොරු කරුණු කියා දුන් කෙනා කවුරුන් ද යන්න පොඩි සැකයක් ද මතු වන්නේ මෙම කියමනින් ය. කවුන් ද අන්වර් මනතුංග කියන්නේ? මොහු මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? වීඩියෝ පළ කිරීම පමණක් මුස්ලිම් ප්‍රජාව නියමුවන් කරන්නට ප්‍රමාණවත් ද? මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් මොහු හඬ නඟා සිදු කළ සාධනීය ක්‍රියාවන් කුමක් ද? මැද පෙරදිග රට වල විනිමයට කටයුතු කරන මෙවැනි කාඩ් බෝඩ් වීරවරු (?) මුස්ලිම් ප්‍රජාවේ නායක වරුන් විය හැක්කේ කෙසේ ද? කිසිඳු හේතුවක් නොමැතිව මොහු වැනි පුද්ගලයින් මුස්ලිම් ප්‍රජාවට නායකත්වය දැරීමට වඩා නිහඬව සිටීම සුදුසු ය.

රැඩිකල් තව්හීද් ජමාඅත්

මොහු මෙහි තව්හීද් ජමාඅත් සංවිධානය පිළිබඳ අසත්‍ය කරුණු පවසා ඇත. රැඩිකල් තව්හීද් ජමාඅත් සංවිධානය ලෙස හඳුන්වා ඇත. තව්හීද් ජමාඅත් සංවිධානයේ එකඳු රැඩිකල් ක්‍රියා වක් හෝ මොහුට පෙන්වා දීමට හැකි ද? ස්වභාවික විපතින් ජනතාව පීඩා වන අවස්ථාවේ ප්‍රථමයෙන් ජනතාවට සේවා කිරීම රැඩිකල් ක්‍රියාවක් ද? පීඩාවට පත් වූවන් ට සීමා රහිත ව සහනාධාර ඛෙදා දීම රැඩිකල් ක්‍රියාවක් ද? දිවයින පුරා මහා ලේ දන් දීම් කඳවුරු පවත්වමින් සෑම වසර පාසා ලේ දන් දීමේ කඳවුරු පවත්වා සම්මාන ලබන්නේ ජමාඅත් සංවිධානය රැඩිකල් සංවිධානයක් නිසා ද? මෙවැන් සේවා රැඩිකල් ක්‍රියා නම් ඔව් නියත වශයෙන් ම ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය ඉදිරියටත් මෙවැන් රැඩිකල් ක්‍රියා වල නිරත වෙයි.

පී. ජෛනුල් ආබිදීන් මහතා ලංකාවට පැමිණියේ ද?

පී. ජෙයිනුලාබ්දීන් මහතා යනු අද වත්මන් ඉස්ලාමීය ලෝකය තුළ සිටින ශ්‍රේෂ්ඪ ගණයේ ආගමික විද්වතෙකි. එතුමා දැනට දශක තුනකට ආසන්න කාලයක් පුරා ඉස්ලාමීය දහම් ප්‍රචාරයේ නියැලෙන අතර ලෝකයේ විවිධ රට වලට එතුමා දහම් දෙසුමට සංචාරය කර ඇත. ඒ අනුව අප රටට ද කිහිප අවස්ථා වක දී ම එතුමා පැමිණ තිඛෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල එතුමාගේ දහම් ප්‍රචාරක වැඩ කටයුතු වල නියැලී ඇත. එතුමා දිවයිනට පැමි”ම නිසා කිසිදු අගතියක් කාටත් සිදු වී නැත. එසේ පවසන අය කිසිදු සාක්ෂි සාධක නොමැතිව චෝදනා කරනවා මිස ඔවුන්ට මේ විද්වතාගේ සත්‍ය දහම් කරුණු සමග ගැටීමට තිඛෙන දුර්වලතාව නිසා ම මෙවැනි අපවාද නගති.

ඒ විද්වතාණන් ව විවේචනය කරන්නට පැමිණි කීර්ති රත්නායක එතුමා පැමිණිම නිසා ලංකාවේ අති විශාල අගතියක් සිදු වූ බව බොරුවෙන් පවසයි. එසේ නම් පවසන්න. එතුමා ලංකාවට පැමිණි දින මොනවා ද? සිදු වූ අගතියන් මොනවා ද? රටේ වන දේ පිළිබඳ කිසිඳු ගවේෂණයකින් තොරව මෙම ලිපිය ලියා ඇති බව තව දුරටත් කීර්ති රත්නායක ඔප්පු කර ඇත. ජෛනුල් ආබිදින් ලංකාවට පැමිණියේ ද නැත් ද යනුවෙන් ද මොහු දන්නේ නොමැතිව මෙම ලිපිය සකස් කිරීම විශේෂත්වයකි. ඒවගේම චන්ද්රිනකා සමයේ ජෛනුල් ආබිදීන් නැමැත්තාව ඩීපෝට් කල බව සඳහන් කර ඇති මොහුගෙන් ඇසීමට ප්‍රිය කරන්නේ ඩීපෝට් කළ බව ඔබට ඔප්පු කිරීමට පුළුවන් ද? පෙර කියූ සේ කවුදෝ කිවා මාත් ලීවා වගේ අසන හැම දේ ම ලියා ඇත.

කුර්ආනය පරිවර්තනය කර ඛෙදා දීම වැරැද්දක් ද?

රටේ ජාතීන් අතර සංහිඳියාව ඇති විමට බොහෝමයක් ක්‍රියා වල යෙදෙන තව්හීද් ජමාඅත් සංවිධානය එක් අංගයක් ලෙස පරිශ=ද්ධ වූ අල් කුර්ආනය සිංහල භාෂාවට පරිවර්තනය කර මුස්ලිම් නොවන අපගේ එක කුස නොඋපන් සහෝදරයන්ට ඛෙදා දෙමින් සිටී. පරිශ=ද්ධ වූ අල් කුර්ආනයේ තිඛෙන කරුණු පිළිබදව නිවැරදි අවබෝධයක් මුස්ලිම් නොවන ජනතාව තුළ නොමැති නිසා කුර්ආනය පිළිබදව අනවශ්‍ය බියක් ඔවුන් තුළ පවතී. මෙයට මූලික හේතුව අල් කුර්ආනය පිළිබඳ නොයෙකුත් බොරු හා අල් කුර්ආනයේ නොමැති කරුණු සිංහල ජනයාගේ සිත් තුළ බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන දැමීමට උත්සාහ කිරීමයි. මෙකී බිය සැකය දුරු කිරීම මුස්ලිම් වරුන්ගේ වගකීමකි. කුර්ආනය මානව සංහතියට තර්ජනයක් නොවන බවත් එය මානව හිතවාදී ධර්ම ග්‍රන්ථයක් බවත් සනාථ කිරීමට නම් මතුපිටින් එහි වර්ණනාවන් ප්‍රකාශ කිරීමට වඩා එහි අන්තර්ගතය කුමක්දැයි මහ ජනතාවට විවෘත කිරීම කාලීන ක්‍රියාවක් නොවේ ද? නමුත් කීර්ති රත්නායක මෙම ක්‍රියාව වැරදි ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරයි. මෙහි ඇති වැරැද්ද කුමක් ද යනුවෙන් ඔබට පැහැදිළි කිරීමට පුළුවන් ද?

සමාජ පුනරුත්තාපනය උදෙසා කටයුතු කරන තව්හීද් ජමාඅත් සංවිධානය

ඔව් නියත වශයෙන් ම තව්හීද ජමාඅතය ප්‍රතිසංස්කරණවාදීන් ය, ඉස්ලාම් දහම සහමුලින් ම වෙනස් කර පිළිපදින ජනතාව නැවත සැබෑ ධර්මය කියා දි තව්හිද් ජමාත් සංවිධානය මුස්ලිම්වරුන් ව නැවත සැබෑ ඉස්ලාම් දහම වෙත ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. ජනතාව රැස් වී ඇත්තේ තව්හීද් ජමාඅත් සංවිධානය වටා නොව සැබෑ ඉස්ලාම් දහම වටා ය. ඉස්ලාම් දහමේ නිකායන් ඛෙදී නැත. එනමුත් උලමා සභාව වැනි ඉස්ලාම් දහම හරි හැටි නොදන් පිරිස් ඉස්ලාම් දහමේ ද නිකායන් ඛෙදා ෂාෆී, හනෆි, හම්බලී යනුවෙන් ඛෙදා මුස්ලිම් වරුන් ව නොමග යවමින් සිටිති. ඉස්ලාම් දහමේ ඇත්තේ එකම නිකාය ය එය කුර් ආනය හා නබි මග පිළිපැදීම ය, තව්හීද් ජමාඅත් සංවිධානය පවසන්නේ ද එයයි.

රට අල්ලන වහබ් වාදය

වහබ් වාදය පිළිබඳ යම්කිසි කරුණු කිහිපයක් මොහු ලියා ඇත. එමගින් මොහු පැවසීමට තැත් කරන්නේ වහබ්වාදය කියන්නේ රට ඇල්ලීමට තැත් කිරීමට උත්සාහ දරන්නන් ලෙස ය. කරුණාකර ජනතාවට යම් කිසි දෙයක් කීමට පෙර ඉතිහාසය පිළිබඳ ගවේෂණය කර ඉන්පසු ලියන්නට උත්සාහ කරන්න. මෙම ලිපිය සේ බොරු පිට බොරු පවසමින් ජනතාව නොමග යැවීමට උත්සාහ නොදරන්න.

මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් යනු 18 වන සිය වසේ සවුදි අරාබියාවේ ආගමික විප්ලවයක් ඇති කළ ආගමික නායකයෙකි. එතුමාගේ රැඩ්කල් හර පද්ධතිය කුමක් ද? උලාම සභාව මෙන් එකල විසූ සමහර උන්දෑ වරු මුස්ලිම්වරුන් ව නොමග යවමින් සිටින අවස්ථාවේ සැබෑ ඉස්ලාම් දහම මුස්ලිම් වරුන්ට පැවසීම රැඩ්කල් හර පද්ධතිය ? සත්‍යය පැමිණෙන විට විට අසත්‍යය සුන්බුන් වී යෑම විශේෂයෙන් මතක් කිරීමට අවශ්‍ය නැත, ඒ ආකරයෙන් තමා එකල අබ්දුල් වහාබ්ගේ ආගමිකවාදය සෞදි රජ පවුල දක්වා වර්ධනය වූයේ. ආයුධ රැගෙන රණ්ඩු කිරීමෙන් නොව, මිනිසුන් මැරීමෙන් නොව.

මෙවැනි බොරු වලින් සැකසී තිඛෙන ලිපිය නැවත පරිශීලණය කර ජනතාවට සත්‍යය දැන ගැනීමට උත්සාහ දරන්න. කෙනෙකු පැවසූ දේ සත්‍යය ලෙස සිතා ජනතාවට පිරිනැමීමට පෙර සත්‍යය ද කියා තහවුරු කර ගන්න. නැවත මුස්ලිම් ප්‍රජාව පිළිබඳ මෙවැනි බොරු පැවසීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.