ආදායම ගිනිබත් කරන නව වසර සැමරුම

ආදායම ගිනිබත් කරන නව වසර සැමරුම

ආදායම ගිනිබත් කරන නව වසර සැමරුම

දෙසැම්බර් මස 31 රාත්‍රියෙහි සියලු දෙනාම නව වසර උදාවන පලවෙනි දින බලාපොරොත්තුවෙන් සිටී. රාත්‍රී 12 ට රතිඤ්ඤා පත්තු කරමින් නව වසර සැමරුම පටන් ගනී. රාත්‍රියෙහි නිදා ගැනීමට පවා නොහැකි තරම් ශබ්ද දූෂණය එම කාලය තුළ සිදුවේ. මෙයින් නිවෙස් වල සිටින රෝගීන්, අත දරුවන් අපහසුතාවයට පත් වේ. එපමනක් නොව මෙම දිනයෙහි ලක්ෂ ගණන් මුදල් ගිනිබත් වන දවසක් වශයෙන්ද හැඳින්විය හැකියි.

ලෝකය පුරා රටවල් තම ධනය පෙන්වීම සඳහා ඉතා විශාල මුදල් තොගයක් ගිනිබත් කර මෙම දිනය සමරණු ලබයි.

මෙය මුස්ලිම් වශයෙන් හඳුන්වන රටවල්ද මෙවැනි විනාශකාරී ක්‍රියාවන් වලට ප්‍රමුඛස්ථානයක් ලබාදේ. ඩුබායි රාජ්‍යය මුළු ලෝකයටම තමන්ගේ බලය පෙන්වන තරම් මුදල් ගිනිබත් කරමින් තමන්ගේ බලය පෙන්වයි. දුරාචාරය හා අනාචාරය මෙම දවසෙහි ඉතා සුලභව උත්සවයක් වශයෙන් ඩුබායි රාජ්‍යයේ සූදානම් කර කරයි. මෙවැනි ක්‍රියාවන් ඉස්ලාම් දහමට පටහැනි බව අවබෝධ කරගත යුතුයි.

අපගේ දුවා දරුවන්ට මෙවැනි ක්‍රියාවන් වල නිරතවීමට අනුබල නොදිය යුතුයි. එපමනක් නොව නව අවුරුදු සුබ පැතුම් එක් කරමින් තමන්ගේ යහළු යෙහෙළියන්ට සුභ පැතුම් පණිවිඩ යැවීම පවා ඉස්ලාම් දහම අනුමත නොකරයි.

නව වසර සැමරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයන් වලට සහයෝගය හා සහභාගි නොවිය යුතුයි. අල්ලාහ් තආලා හා නබි මුහම්මද් (සල්) තුමාණන් පෙන්වා දුන් මගට පටහැනි ක්‍රියාවන් වලට කිසිසේත්ම අනුබල නොදිය යුතුයි.

මුස්ලිම්වරුන්ගෙන් කොටසක් මුස්ලිම්වරුන්ගේ නව වසර එනම් මුහර්රම් මාසය උත්සවයක් ලෙස සැමරේ, එයට පවා ඉස්ලාම් දහමේ අනුමැතියක් නොමැති බව වටහා ගත යුතුයි.

ජනවාරි පලවෙනි දින හෙවත් නව වර්ෂය සැමරීම මුස්ලිම්වරුන්ට තහනම්.

නව වසර සැමරීම පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් පළමුවෙන් සලකා බලමු. මෙය මුළුමනින්ම ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් දෙයක් පමණක් නොව මෙහි මිත්‍යා විශ්වාසයන් ද බහුලව අඩංගුව ඇත.

(මූලාශ්‍ර: අබූදාවූද් 4031, බුහාරි 3456)

අන්‍යාගමික සංස්කෘතික අංගයක් ඉස්ලාම් ආගමට පටහැනි හෙයින් එය කිසිසේත් ඉස්ලාම් දහමහි අනුමත කරනු නොලැබේ. මුස්ලිම්වරුන්ට අවශ්‍ය සියලු යහපත් දෑ නබි තුමාණන් මඟ පෙන්වා දී ඇත.

(අල් කුර්ආන් : 5:3)

මුස්ලිම්වරු සැමරිය යුතු උත්සවයන් දෙකකි. වෙනත් උත්සවයන් සැමරීමට අනුමැතිය නොමැත.

එපමනක් නොව නව අවුරුදු සැමරීමේ දී මිත්‍යා විශ්වාසයන් ද ඇතුළත්ව ඇත.

වර්ෂයේ පළමු දිනය සතුටින් සැමරිය යුතු බවත් එම නිසා මුළු වර්ෂයම සතුටින් ගත කළ හැකි බවට මිත්‍යා විශ්වාසයක් ඇත. එපමනක් නොව එදින බොහෝ වැරදි ක්‍රියාවන් වල නිරත වීම සාමාන්‍යයෙන් දැක ගත හැකිය.

වසරේ පළමු දිනය සතුටින් සැමරීමෙන් මුළු වර්ෂය පුරාවටම සතුටින් සිටිය හැකි දැයි? බුද්ධියෙන් විමසා බලන්න. ලෝකයේ කවුරු හෝ කෙනෙකු වර්ෂයේ පළමු දිනය සතුටින් සිටීමෙන් පසු මුළු අවුරුද්ද පුරාවටම සතුටින් ජීවත් වූයේ දැයි විමසා බලන්න. අවුරුද්දක් අවුරුද්දක් පාසා මෙවැනි නව අවුරුදු සැමරීමෙන් මුළු අවුරුද්දම සතුටින් ජීවත් වූවා යැයි එක් පුද්ගලයකු දකින්නට පුළුවන් ද?

දෙසැම්බර් මස 31 වන දින රාත්‍රියෙහි සෑම ප්‍රදේශයකම අනාචාරාත්මක ක්‍රියා දක්නට ලැබේ. මත්පැන් පානය දුරාචාරය ඉතා සුලභව දැකිය හැක, එපමනක් නොව සංගීතය හා නර්තනයන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සෑම ප්‍රදේශයකම දැකිය හැක.

විශේෂයෙන් කාන්තාවන් නව අවුරුදු සැමරුම නමින් තමන්ගේ පතිවත අහිමි කරගන්නා අවාස්ථා ද බහුලය. මෙවැනි සෝචනීය තත්වයක් සමාජය තුල දක්නට ලැබීම දුක් මුසු කරුණකි.

 -- මොහමඩ් ෆාරාස් --