බරාඅත් නම් රාත්‍රියක් තිබේද? ‌‌‌කොටස 2

බරාඅත් නම් රාත්‍රියක් තිබේද? ‌‌‌කොටස 2

තුන්වන සාක්ෂිය

سنن الترمذي

739 – حَدَّثَنَا أَحْمَدُ بْنُ مَنِيعٍ قَالَ: حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ: أَخْبَرَنَا الحَجَّاجُ بْنُ أَرْطَاةَ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ، عَنْ عُرْوَةَ، عَنْ عَائِشَةَ قَالَتْ: فَقَدْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً فَخَرَجْتُ، فَإِذَا هُوَ بِالبَقِيعِ، فَقَالَ: «أَكُنْتِ تَخَافِينَ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْكِ وَرَسُولُهُ»، قُلْتُ: يَا رَسُولَ اللَّهِ، إِنِّي ظَنَنْتُ أَنَّكَ أَتَيْتَ بَعْضَ نِسَائِكَ، فَقَالَ: «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَنْزِلُ لَيْلَةَ النِّصْفِ مِنْ شَعْبَانَ إِلَى السَّمَاءِ الدُّنْيَا، فَيَغْفِرُ لِأَكْثَرَ مِنْ عَدَدِ شَعْرِ غَنَمِ كَلْبٍ» وَفِي البَابِ عَنْ أَبِي بَكرٍ الصِّدِّيقِ.: «حَدِيثُ عَائِشَةَ لَا نَعْرِفُهُ إِلَّا مِنْ هَذَا الوَجْهِ مِنْ حَدِيثِ الحَجَّاجِ»،

 وَسَمِعْتُ مُحَمَّدًا يُضَعِّفُ هَذَا الحَدِيثَ، وقَالَ: يَحْيَى بْنُ أَبِي كَثِيرٍ لَمْ يَسْمَعْ مِنْ عُرْوَةَ، وَالحَجَّاجُ بْنُ أَرْطَاةَ لَمْ يَسْمَعْ مِنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ "

ආයිෂා (රලි) මව්තුමිය එක් රාත්‍රියක නබි (ﷺ) තුමාණන් නිදන ස්ථානයේ නොසිටි දැක සැවීමට පිටත් වුනේය. එවිට නබි (ﷺ) තුමාණන් බකීව් නම් ස්ථානයේ රැඳී සිටියේය. ෂහ්බාන් මාසයේ 15 වන රාත්‍රියේ අල්ලාහ් පළවන අහසට බැස කලෆ් ගෝත්‍රික බැටළුවන්ගේ ලොම් තරමට පව්ක්ෂමා කරන්නේය. යැයි එම අවස්ථාවේ නබි(ﷺ) තුමාණන් පවසන ලදී.

දැනුම් දෙන්නා : ආයිෂා (රලි)

මූලාශ්‍රය : තිර්මිදි

මෙම හදීසය සත්‍ය හදීසයක් නොවන බව මෙය සඳහන් කළ ඉමාම් තිර්මිදි ද පවසා ඇත.

මෙහි දැනුම් දෙන්නන්ගෙන් එක්කෙනෙක් වන යහ්යා බින් අබි කසීර් තැනැත්තා උර්වා නම් දැනුම් දෙන්නා හරාහා දැනුම් දෙන බව මෙහි සඳහන්ව ඇත. එහෙත් යහ්යා බින් අබි කසීර් නම් දැනුම් දෙන්නා උර්වා ගෙන් කිසිවක් නො ඇසීයි බවට ඉමාම් බුහාරි පවසයි. තවද හජ්ජාජ් බින් අර්දාද් නම් දැනුම් දෙන්නා මෙය යහ්යා බින් අබි කසීර් හරහා දැනුම් දෙන බවට ද සඳහන් වෙයි. හජ්ජාජ් ද යහ්යා බින් අබි කසීර් ගෙන් කිසිවක් නොඇසිය. එහෙයින් මෙය බලහීන හදීසයක් බව ඉමාම් බුහාරි සඳහන් කරයි. මෙම විස්තරය මෙම හදීසයේ අවසානයේ ඉමාම් තිර්මිදි විසින්ම සඳහන් කර ඇත.

එහෙයින් මෙයද සාක්ෂියක් වශයෙන් ගත නොහැකිය.

හතරවන සාක්ෂිය

مصنف ابن أبي شيبة

9764 – حَدَّثَنَا يَزِيدُ، قَالَ: أَخْبَرَنَا الْمَسْعُودِيُّ، عَنِ الْمُهَاجِرِ أَبِي الْحَسَنِ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ، قَالَ: «لَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي شَهْرٍ أَكْثَرَ صِيَامًا مِنْهُ فِي شَعْبَانَ وَذَلِكَ أَنَّهُ تُنْسَخُ فِيهِ آجَالُ مَنْ يَمُوتُ فِي السَّنَةِ

 

නබි නායක (ﷺ) තුමාණන් ෂහ්බාන් මාසයේ අධිකව උපවාසය රකින තරමට වෙන කිසිම මසක උපවසය රකින්නෙකුව නොසිටියේය. එම වසරේ මරණයට නියමිත පුද්ලයින්ගේ වාරය එම මාසයයේ වෙනස් කිරීම එයට හේතුවයි.

දැනුම් දෙන්නා : අදාවු බින් යසාර්

මූලාශ්‍රය : මුසන්නබ් ඉබ්නු අබි ෂෛබා 9764 - ෆලාඉලුර් රමලාන්

මෙම හදීසය දෙනුම්දෙන අදාවු බින් යසාර් නබි (ﷺ) තුමාණන්ගේ කාලයේ විසූ පුද්ගලයෙක් නොවේ. එනම් ඔහු නබි මිත්‍ර වරයෙක් නොවේ. නබි (ﷺ) තුමාණන් සම්බන්ධව කුමන හදීසයක් වුවද එහි මුල් දැනුම් දෙන්නා නබි මිත්‍ර වරයෙක් විය යුතුමයි. නබි මිත්‍ර වරයෙක් නොවන පුද්ගලයෙක් දෙනුම් දෙන හදීසය බලහින හදීසයක් වේ.

පස්වන සාක්ෂිය

فضائل رمضان لابن أبي الدنيا

9 – أَخْبَرَنَا ابْنُ إِدْرِيسَ، عَنْ أَبِي الْحَسَنِ الْحُسَيْنِيِّ، عَنْ مُحَمَّدٍ الْعَرْزَمِيِّ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ، رَفَعَهُ قَالَ: «مَنْ صَلَّى لَيْلَةَ النِّصْفِ مِنْ رَمَضَانَ، وَلَيْلَةَ النِّصْفِ مِنْ شَعْبَانَ مِائَةَ رَكْعَةٍ يَقْرَأُ فِيهَا بِقُلْ هُوَ اللَّهُ أَحَدٌ أَلْفَ مَرَّةٍ، لَمْ يَمُتْ حَتَّى يُبَشَّرَ بِالْجَنَّةِ

රමලාන් මාසයේ මැද 15 වන රාත්‍රියේද, ෂහ්බාන් මාසයේ මැද 15 වන රාත්‍රියේද ඉක්ලාස් නම් පරිච්ඡේදය 1000 වතාවක් පාරායනා කර කවුරුන් රකාඅත් 100 යක් සලාතය කරන්නේද ඔහුට ස්වර්ගය සුභාරංචි පවසනු ලබන තෙක් ඔහු මරණයට පත්වන්නේ නැත. යැයි නබි (ﷺ) තුමාණන් පැවසුවේය.

දැනුම් දෙන්නා : මුහම්මද් බින් අලි

මූලාශ්‍රය : ෆලාඉලුල් රමලාන් - ඉබ්නු අබිද් දුන්යා

මුහම්මද් බින් අලි නබි (ﷺ) තුමාණන්ගේ කාලයේ විසූ පුද්ගලයෙක් නොවේ. එහෙයින් මෙයද බලහීන හදීසයකි.

එසේ හෙයින් බරාඅත් රාත්‍රිය පිළිබඳව කිසිම ශහීහ් (සත්‍ය) හදීසයක් නැත.

තවද මෙම රාත්‍රියේ යාසීන් පරිච්ඡේදය තුන් වතාවක් පාරායනා කළ යුතු බවටත් පළවන යාසීනය පව් ක්ෂමාවටත් දෙවන යාසීනය මරණයට පත් වූවන්ට පිං අත් කිරීම පිණිසත් තුන්වන යාසීනය ආයුෂ දිර්ඝ කිරීමටත් පාරායනා කිරීමේ සිරිතක් තිබේ.

මෙසේ පාරායනා කළ යුතු බවට නබි (ﷺ) තුමාණන් කිසිවිටක සඳහන් කළේ නැත.

ෂහ්බාන් මාසයේ 15 වන රාත්‍රිය සුවිශේෂි කොට උපවාසය රැකීමද බිද්අතයකි (නූතන දෙයකි).

صحيح البخاري

2697 – حَدَّثَنَا يَعْقُوبُ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ، عَنْ أَبِيهِ، عَنِ القَاسِمِ بْنِ مُحَمَّدٍ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ، فَهُوَ رَدٌّ»

අපගේ ධර්මයහි කවරෙකු හෝ නූතන දෙයක් නිර්මාණය කළේ නම් එය අවලංගු වේ. යැයි නබි (ﷺ) තුමාණනන් පැවසුවේ.

දැනුම් දෙන්නා : ආයිෂා (රලි)

මූලාශ්‍රය : බුහාරි 2697

صحيح مسلم

4590 – وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ أَبِى عَامِرٍ قَالَ عَبْدٌ حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَمْرٍو حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ جَعْفَرٍ الزُّهْرِىُّ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ قَالَ سَأَلْتُ الْقَاسِمَ بْنَ مُحَمَّدٍ عَنْ رَجُلٍ لَهُ ثَلاَثَةُ مَسَاكِنَ فَأَوْصَى بِثُلُثِ كُلِّ مَسْكَنٍ مِنْهَا قَالَ يُجْمَعُ ذَلِكَ كُلُّهُ فِى مَسْكَنٍ وَاحِدٍ ثُمَّ قَالَ أَخْبَرَتْنِى عَائِشَةُ أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ « مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ ».

අපගේ අනුමැතිය නොමැතිව එක් පුන්‍ය කටයුත්තක්(අමල්) කළේ නම් එය ප්‍රතික්ෂේප වන්නේය. යැයි නබි (ﷺ) තුමාණන් පැවසුවේය.

දැනුම් දෙන්නා : අයිෂා (රලි)

මූලාශ්‍රය : මුස්ලිම්

නබි නායක (ﷺ) තුමාණන් පැවසූ මෙම අවවාදය සැලකිල්ළට ගෙන පසුකාලීනව නිර්මාණය වු මෙම බරාඅත් සංකල්පයෙන් මිදී නිවැරදි නබි මඟට අනුකූලව ජීවත් වෙමු. අල්ලාහ්ටම සියළු ප්‍රශංසා.