උපවාසය රකිමින් ලේ දන් දිය හැකිද?

උපවාසය රකිමින් ලේ දන් දිය හැකිද?

උපවාසය රකිමින් ලේ දන් දිය හැකිද?

නබි නායක ﷺ තුමා ගේ කාල වකවානුවේද ඉන් පසු කාල වකවානුවලද ශරීරයෙන් අපිරිසිදු රුධිරය ඉවත් කිරීමේ ක්‍රමවේදය එනම් හිජාමා ක්‍රමය ප්‍රචලිතව තිබුණි. හිස මුදුනේ සියුම් කටුවකින් විද අඟ වැනි දෙයකින් රුධිරය උරා ඉවත් කිරීම එමඟින් සිදු කෙරුණි. වීදුරු කුප්පියක් මඟින්ද මෙම කටයුත්ත සිදු කර ඇත. මෙය ශරීර සෞඛ්‍යයට යහපතක් සිදුකරන බවට ඔවුන් විශ්වාස කලේය.

නබි නායක ﷺ තුමාගේ කාලයේ තිබුණු මෙම ක්‍රියවලිය මඟින් වෙනත් නීති රීති අපට අවබෝධ කර ගත හැකිය.

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِي قِلَابَةَ عَنْ أَبِي الْأَشْعَثِ عَنْ شَدَّادِ بْنِ أَوْسٍ أَنَّهُ مَرَّ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ زَمَنَ الْفَتْحِ عَلَى رَجُلٍ يَحْتَجِمُ بِالْبَقِيعِ لِثَمَانِ عَشْرَةَ خَلَتْ مِنْ رَمَضَانَ وَهُوَ آخِذٌ بِيَدِي فَقَالَ أَفْطَرَ الْحَاجِمُ وَالْمَحْجُومُ

හිජාමා(ලේ ඉරීමේ ක්‍රියාවලය) සිදු කර ගන්නා, හිජාමා කරන්නා උපවාසය කඩ කළ අය වෙති. යැයි නබි නායක ﷺ තුමා පැවසුවේය.

මූලාශ්‍රය : අහ්මද්

මෙම අදහස දක්වන තවත් බොහෝ හදීසයන් ඇති නමුත් මුල් කාල වකවානුවේ හිජාමා කිරීම මඟින් උපවාසය කඩ වීමේ මෙම නීතිය පසු කාලීනව නබි ﷺ තුමණ් විසින් වෙනස් කරන ලදී.

الدارقطنى

 2283 – حَدَّثَنَا أَبُو الْقَاسِمِ عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الْعَزِيزِ حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ الْمُثَنَّى عَنْ ثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ أَوَّلُ مَا كُرِهَتِ الْحِجَامَةُ لِلصَّائِمِ أَنَّ جَعْفَرَ بْنَ أَبِى طَالِبٍ احْتَجَمَ وَهُوَ صَائِمٌ فَمَرَّ بِهِ النَّبِىُّ -صلى الله عليه وسلم- فَقَالَ « أَفْطَرَ هَذَانِ » ثُمَّ رَخَّصَ النَّبِىُّ -صلى الله عليه وسلم- بَعْدُ فِى الْحِجَامَةِ لِلصَّائِمِ وَكَانَ أَنَسٌ يَحْتَجِمُ وَهُوَ صَائِمٌ كُلُّهُمْ ثِقَاتٌ وَلاَ أَعْلَمُ لَهُ عِلَّةً.

මුල් කාලයේ ජාෆර් බින් අබී තාලිබ් رضي الله عنه තුමා හිජාමා කර ගනිමින් සිටින අවස්ථාවේ නබි නායක ﷺ තමාණන් ඔහුව පසු කරමින් ගියේය. හිජාමා කරගන්නා සහ කරන්නා උපවාසය කඩ කළෝය යැයි එවකට නබි ﷺ තුමාණන් පවසන ලදී. පසුව උපවාසය රකින්නාට හිජාමා කර ගැනීමට අවසර ලබා දෙන ලදී.

මූලාශ්‍රය : දාරකුත්නි

ජීවිතයක් ආරක්ෂා කිරීමේ අරමුණින් ලේ දීමේ කටයුත්ත සිදු කරන බැවින් උපවාසය කඩ නොවන බව උපවාසය රකින පුද්ගලයා හිජාමා කිරීම ආධාර කොටගෙන තීරණය කළ හැකිය.

උපවාසය රකින්නා රුධිය ලබා ගැනීම, සියලයින් හෝ වෙනත් එන්නත් ලබා ගැනීම ආදිය ශරීර ගතවන හෙයින් මේවාට සාදකයක් වශයෙන් මෙම හදීසය ගත නොහැක.

මන්දයත් රුධිරය ලබා දීමටත්, ලබා ගැනීමත් අතර වෙනස්කම් තිබේ. රුධිරය පිට කිරීමට උචිත සාදකය රුධිරය ඇතුලත් කිරීමට ගත නොහැකිය.

තවද සියලයින් ලබා ගෙනීමේ තරමට එක් පුද්ගලයකු දුර්වල තත්වයත පසු වන්නේ නම් ඔහු උපවාසය අත්හැරීමට වරප්‍රසාද ලැබූ පුද්ගලයෙකි. සියලයින් ලබාගෙන උපවාසය අත්හිටුවා වෙනත් දවසක එම උපවාසය රැකිය හැකිය.

සියලයින් ලබා ගෙනීමේ අවශ්‍යතාවය නොමැතිව ශක්ති ජනනය කිරීම පිණිස සියලයින් ලබා ගැනීම ආහාර ලබා ගැනීමට සමාන වේ. එහෙයින් එසේ කිරීම උපවාසය අතරතුර අහාර ලබා ගැනීම උපවාසයේ නීති උල්ලංඝණයක් වන්නේද මෙයද ඒ හා සමාන වේ.

එමෙන්ම රුධිරය ලබා ගෙනීමේ තත්වයද සාමාන්‍යය සිදුවීමක් නොවේ. ජීවිතය ආරක්ෂා කර ගෙනීමේ අසාමාන්‍ය තත්ව වල රුධිරය ලබා දිම සිදු කිරීම සිදු කරනු ලබයි.

එන්නත් ලබා ගන්නා තරමට රෝගාතුර වු පුද්ගලයෙකු ද උපවාසය නොරැකීමට වරප්‍රසාද ලත් පුද්ගලයෙකි. රෝගි තත්වයේ සිටින පුද්ගලයෙකු වෙනත් දවසක උපවාසය රැකීමට අල්ලාහු තආලා අවසර දී තිබෙන විට එසේ අත්හැරීම උතුම් වේ. උපවාසය රකිමින් එන්නත් ලබා ගැනීම මඟින් සාමන්‍යයෙන් ආහාර ලබා ගෙන ශරිර ගතවීමේ වේගයට වඩා ඉතා වේගයෙන් ශරීර ගතවන බැවීන් එයද ආහාර ලබා ගත්තා හා සමාන වේ.