සොහොන් මත මස්ජිද් (පල්ලි) ඉදි කළ හැකිද?

සොහොන් මත මස්ජිද් (පල්ලි) ඉදි කළ හැකිද?
සොහොන් කොත් වලට ඉහලින් මස්ජිද් (පල්ලි) නිර්මාණය කිරීම නබි ﷺ තුමාණන් තහනම් කර ඇත.
437حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ قَاتَلَ اللَّهُ الْيَهُودَ اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ رواه البخاري
“අල්ලාහ් යුදෙව්වන්ව තම කරුණාවෙන් ඈත් කරත්වා!” (මන්දයත් ඔවුන්) තම දූත වරුන්ගේ සොහොන් නමස්කාර කරන ස්ථාන බවට පත් කළෝය. යැයි නබි ﷺ තුමාණන් පවසන ලදී.
දැනුම් දෙන්නා : අබූ හුරෛරා (රලි)
මූලාශ්‍රය : බුහාරි 437
427 حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ أَخْبَرَنِي أَبِي عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّ أُمَّ حَبِيبَةَ وَأُمَّ سَلَمَةَ ذَكَرَتَا كَنِيسَةً رَأَيْنَهَا بِالْحَبَشَةِ فِيهَا تَصَاوِيرُ فَذَكَرَتَا لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنَّ أُولَئِكَ إِذَا كَانَ فِيهِمْ الرَّجُلُ الصَّالِحُ فَمَاتَ بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ فَأُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ يَوْمَ الْقِيَامَةِ رواه البخاري
උම්මු හබීබා .තුමිය සහ උම්මු සලමා තුමිය (ඇබිසීනියා නිෂ්ක්රමණයේදී) ඇබිසීනියාවේ තමන් දුටු චිත්‍රවත් කිතුනු දේවස්ථානයක් පිළිබඳව (මා වෙත) පැවසුවෝය. තවද ඔවුන් දෙදෙනා, නබි ﷺ තුමාණන් වෙතද එය පැවසුවෝය. එයට නබි ﷺ තුමාණන් (ඔවුන් කෙසේද යත්) ඔවුන් අතර යහපත් පුද්ගලයෙක් මරණයට පත්වුව හොත් ඔහුගේ සොහොන මත නමස්කාර ස්ථානයක් නිර්මාණය කර එහි (ඔවුන්ගේ) රුව චිත්‍රයට නගයි. ඔවුන්මය විනිශ්චය දිනයේ දෙවියන් ඉදිරියේ ඉතා අප්‍රසන්න අය. යැයි පවසන ලදී.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි)
මූලාශ්‍රය : බුහාරි 427
සොහොන් තිබෙන ස්ථානයන් හී සලාතය ඉටු කිරීම නබි ﷺ තුමාණන් තහනම් කර ඇත.
432 حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ أَخْبَرَنِي نَافِعٌ عَنْ ابْنِ عُمَرَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ اجْعَلُوا فِي بُيُوتِكُمْ مِنْ صَلَاتِكُمْ وَلَا تَتَّخِذُوهَا قُبُورًا رواه البخاري
ඔබගේ සලාතයන් වලින් ඇතැම ඔබේ නිවැස් වලද ඉටුකරන්න. ඔබේ නිවෙස් සොහොන් බවට පත් නොකරගන්න. යැයි නබි ﷺ තුමාණන් පැවසුවේය.
දැනුම දෙන්නා : ඉබ්නු උමර් (රලි)
මූලාශ්‍රය : බුහාරි 432
සොහොන් මත මස්ජිඩ් පමණක් නොව කිසිඳු ඉදිකිරීමක් සිදු නොකළ යුතුයි.
1610 حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ عَنْ ابْنِ جُرَيْجٍ عَنْ أَبِي الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ نَهَى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُجَصَّصَ الْقَبْرُ وَأَنْ يُقْعَدَ عَلَيْهِ وَأَنْ يُبْنَى عَلَيْهِ رواه مسلم
සෙහොන් ඔපනැංවීම (හුණු මිශ්‍රණයෙන්), එය මත වාඩි වීම, එය මත ඉදිකිරීම් කිරීම අල්ලාහ්ගේ දූතයානන් ﷺ තුමාණන් තහනම් කර ඇත.
දැනුම් දෙන්නා : ජාබිර් (රලි)
මූලාශ්‍රය : මුස්ලිම් 1765
සොහොන් මත ඉදිකිරීම් ගොඩ නැගීමට සිදුවුව හොත් එයට නබි ﷺ කොන්දේසි පනවා ඇත. එම ස්ථානය ගැඹුරට හාරා ඇට සැකිලි තිබේ නම් ඒවා වෙනත් තැනක හාරා තැන්පත් කර එය කළ යුතුයි.
නබි නායක ﷺ තුමාණන් විසින් ඉදි කරන ලද මස්ජිදුන් නබවි පල්ලිය මුශ්රිකීන්(අල්ලාහ්ට අදේශ දැක්වු අය) වරුන්ගේ සොහොන් බිමකි. නබි ﷺ තුමාණන් එම සොහොන් හාරා ඉවත් කිරීමෙන් පසුව එහි මස්ජිදය නිර්මාණය කළේය.
1868 حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ أَبِي التَّيَّاحِ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَدِمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ وَأَمَرَ بِبِنَاءِ الْمَسْجِدِ فَقَالَ يَا بَنِي النَّجَّارِ ثَامِنُونِي فَقَالُوا لَا نَطْلُبُ ثَمَنَهُ إِلَّا إِلَى اللَّهِ فَأَمَرَ بِقُبُورِ الْمُشْرِكِينَ فَنُبِشَتْ ثُمَّ بِالْخِرَبِ فَسُوِّيَتْ وَبِالنَّخْلِ فَقُطِعَ فَصَفُّوا النَّخْلَ قِبْلَةَ الْمَسْجِدِ رواه البخاري
නබි නායක ﷺ තුමාණන් මදීනාවට පැමිණි කළ පල්ලියක් ඉදිකිරීමට අණ කළේය. “බනූ නජ්ජාර් ගෝත්‍රිකයිනි!” “(ඔබේ ඉඩම) මා වෙත මිල කරන්න” යැයි ඇසුවෝය. බනූ නජ්ජාර් ගෝත්‍රිකයින් “ මෙහි මිල අප අල්ලාහ් ගෙන්ම බලාපොරොත්තු වන්නෙමු” යැයි පැවසුවෝය. (එහි තිබූ) මුශ්රිකීන්(අල්ලාහ්ට ආදේශ දැක්වු අය) වරුන්ගේ සොහොන් හාරන ලෙස නබි ﷺ තුමාණන් අණ කළේය. එසේම ඒවා හාරනු ලැබුවේය. ඔහුගේ අණ පරිදිම පාළු ස්ථාන යතා තත්වයට පත් කෙරිණි. රට ඉඳි ගස් කපණ ලදී. (කපන ලද) රට ඉඳි ගස් පල්ලියේ කිබ්ලා දිශාවට ක්‍රමවත්ව සිටවන ලදී.
දැනුම් දෙන්නා : අනස් (රලි)
මූලාශ්‍රය : බුහාරි 1868
ඇට සැකිලි ඉවත්නොකර සොහොන් මත පල්ලි ඉදි නොකළ යුතුයි.
සොහොන් මත පල්ලි ඉදි කිරීම නබි ﷺ තහනම් කර ඇති බැවින් එසේ ඉදි කර තිබෙන ගොඩනැගිලි පල්ලියේ ඝනයට අයත් නොවෙ. එහි සලාතය කිරීමද නොකල යුතුය.