චීනයේ උය්ගූර් මුස්ලිමවරු

චීනයේ උය්ගූර් මුස්ලිමවරු

පලස්තීනයට ගාසාවක්....

රුසියාවට චෙච්නියාවක්.....

ඉන්දියාවට කාෂ්මීරයක්....

මියන්මාරයට රොහින්ංයාවක්....

චීනයට ශින්ජියෑන්ග්....

මෙම ලිපියේ අන්තර්ගතය අවබෝධ කරගෙනීමට ඉහත වැකි පහ ප්‍රමාණවත්. තම මව්බිමේ තම රජය විසින් සංහාරයට හා වද හිංසා වලට ලක් වෙමින් සිටින චීන ශින්ජියෑන්ග් ප්‍රාන්ථයේ උය්ගූර් මුස්ලිමවරු මුහුණ දෙන දුක් ගැහැට කියා නිම කළ නොහැකිය.

අනෙක් රටවල්වල මෙන් මෙහි යුද වාතාවරණයක් නොමැති නමුත් ඉතා සූක්ෂම වශයෙන් රජය විසින් රහසිගත වද කඳවරු පවත්වමින් සාක්ෂි සාධක නොතබා වද හිංසා වලට ජනතාව ලක් කරමින් තිබේ.

උය්ගූර් මුස්ලිම්වරුන්ගේ අදෝනාව ඇසීමට ප්‍රතම ඔවුන්ගේ ඉතිහාසය මදක් විමසා බලමු.

උය්ගූර් නම මොවුන්ට යෙදීමට හේතුව මොවුන් කතාකරන උය්ගූර් භාෂාවයි. චීනයේ නැගෙනහිර පිහිටන විශාල ප්‍රාන්ථයක් වන ශින්ජියැන්ග් හී මොවුන් ජීවත් වන අතර අද අධිකව මාධ්‍ය මඟින් කතාබහට ලක් වන ප්‍රාන්ථයක් බවට එය පත් වී ඇත. ශින්ජියෑන්ග් හි සියයට 60 මුස්ලිම්වරු ජීවත්වන අතර ඉතුරු සියයට 40 අනෙකුත් ප්‍රාන්ථවල ජීවත් වෙයි. 1949 දී ශින්ජියෑන් චීන රජය සතු වීමට පෙර සියයට 95 මුස්ලිමවරු එහි ජීවත් වු බව සැළකිය යුතු කරුණකි.

චීනය ගත් කළ එහි බහුතරය වශයෙන් (සියයට 90) ජීවත්වන්නේ හන් ජාතීන්ය. අනෙකුත් ජාතීන් 56 න් විශේෂයෙන් මුස්ලිම්වරුන් අතරින් හුයි නම් ජාතියක්ද උය්ගූර් ජාතිය යන දෙක බහුතර මුස්ලිම්වරුන් වශයෙන් ජීවත් වෙයි. සමස්ථයක් වශයෙන් කෝටි 2 – 10 අතර ප්‍රමාණයක් මුස්ලිමවරු ජීවත්වන බව පැවැසෙන නමුත් මෙය සමස්ථ ජනගහනයෙන් සියයට 2 ක් පමණි.

චීනයට ඉස්ලාම් දහම පැමිණි වසර 1300 වන බව විශ්වාස කළ හැකිද? ක්‍රි.ව 600 සමයේ නබි නායක ﷺ මරණයෙන් පසුව 3 වන කලීෆා වරයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ කාලයේ සඅද් ඉබ්නු අබී වක්කාස් (රලි) තුමාගේ නායකත්වයෙන් චීනයට දූත පිරිසක් යවා ඉස්ලාම් දහම උගන්වා දී ඇත. එවකට පාලකයා වශයෙන් සිටී යුං වෙයි නම් රජතුමා ඉස්ලාම් දහම වැළඳ ගෙනීම ප්‍රතික්ෂේප කලද ඉස්ලාම් දහමට තමන් තුළ තිබූ ගෞරවය නිමිත්තෙන් පල්ලියක් නිර්මාණය කර ඇත. හුඅයිෂෙන්ග් යන නමින් සහ වෙනත් නම් කිහිපයකින් එම පල්ලිය හඳුන්වනු ලබයි. වර්තමානයේ එම පල්ලිය චීනයේ දැක ගත හැකිව තිබේ.

එපමණක් නොව චීනයට මුස්ලිම්වරුන් කළ පරිත්‍යාගයන් ඉමහත් ය. දේශපාලන හා මුහුදු මඟින් හා කලා ක්ෂේශ්ත්‍ර යනාදි වශයෙන් රටේ සංවර්ධනයට විශාල වශයෙන් දායකත්වය ලබා දී ඇත.

ඇමරිකාව කොලම්බස් විසින් සොයාගෙනීමට ප්‍රථම චීන ගවේශයෙකු වන සෙං හි (Zang He)  විසින් සොය ගත් බව ඉතිහාසාඥයින් පවසති. මෙය තව තහවුරු කිරීම පිණිස ලන්ඩනයේ ඉතිහාසාඥ්යෙකු වන ගෙවින් මෙන්සීස් (Gavin Menzies) යන මාහාචාර්ය වරයා විසින් ලන්ඩනයේ රාජකීය භු විද්‍යා සංගමයේ මෙම අදහස ඉදිරිපත් කළ අතර එය අනෙකුත් අය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එසේ වුවද අදවනතුරු ඇරිකානු ඉතිහාසය ප්‍රශ්නාර්ථයක් වශයෙන් මෙය පවතියි. ඇමරිකාව සොයා ගත්තේ කවුරුන් වුවද සාගර ගවේශකයෙකු වන සෙං හි (Zang He)   චීනය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකිරීම ප්‍රතික්ෂේප කළ නොහැකිය. එමෙන්ව ඉස්ලාමීය විද්වතුන් විසින් ලියන ලද දහස් ගණන් පොත් අද වනතුරු ලියා තබා තිබේ.

මෙසේ චීනයට සේවය කළ මුස්ලිම්වරු අද චීන රජය විසින වද හිංසා වලට ලක්වෙමින් සිටියි.

1949 කාල වකවානුවේ තනි රටක් වශයෙන් තිබුණු ශින්ජියේං  හී අධික වශයෙන් මුස්ලිම්වරු ජීවත් වී ඇත. මෙම ප්‍රාන්ථය චීනයේ ප්‍රාන්ථ අතරින් විශාලම ප්‍රාන්තයයි. ප්‍රංශයට වඩා තුන් ගුණයක් විශාල ද වන, කි.මි 5400 ක දේශ සීමාවක් තිබෙන මෙම ප්‍රාන්ථයේ ආසන්න වශයෙන් මුස්ලිමවරු කොටියක් ජීවත් වෙති.

මෙම ප්‍රාන්තයට රටවල් 8ක් සම්බන්ධ වන අතර චීනයේ ඓතිහාසික සේද මාවත මෙම ප්‍රාන්තය හරහා අනෙකුත් රටවල් සමඟ සම්බනධ වෙයි.

මෙම ප්‍රාන්තයේ ජීවත් වන ජනාතාව චීන රජය විසින් විවිධ තාඩන පීඩන වලට ලක් කරන අතර මෙයට හේතුව වශයෙන් කැරලි සංවිධාන හා අයි.එස් ත්‍රස්ත කටයුතු සිදුවන බවට පැවසුව ද පසුගිය වසර දහය තුළ වායු නිදි හා විටිනාකමින් ඉහළ ඛනිජ සම්පත් හා ඛනිජ තෙල් නිධි සොය ගෙණුනු අතර එසමගම චීන රජය විසින සුළුතරයක් වශයෙන් ජීවත් වන මුස්ලිම් ජනාතාවට එරෙහිව ප්‍රචණ්ඩකාරීව හැසිරීම දැක ගත හැකි විය යැයි කීම නිවැරදි විය හැකිය.

95% ක මුස්ලිම් ජනගහනයක් තිබුණු බව පෙර සඳහන් විණි. එසේ වුවද වත්මන් චීන රජය අනෙකුත් ජාතීන් එහි පදිංචි කර මුස්ලිම්වරුන්ව සුළු ජාතීන් කිරීමේ උපාය අනුගමනය කරන අතර මුස්ලිම්වරුන් සලාතාය කිරීම, උපවාසය රැකීම, රැවුල් වැවීම, මුස්ලිම් නම් තැබීම, හිජාබය පැළඳීම ආදිය තහනම් කර ඇති අතර මුස්ලිම් කාන්තාවන් අනෙක් ජාතික පුරුෂයින් සමඟ විවාහ වීමට බල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත. චීනය විවෘත ජන සංහාරයක නියෙලන බව විවිධ මානව හිමිකම් සංවධානය අවධාරණය කර ඇත.

හිටලර්ගේ නාසි හමුදාව ‍වදකාගාර කඳවුරු (Concentration Camps) වල කෙසේ යුදෙව්වන්ව දවස් ගණන් වද දී මැරුවේද එවන කඳවරු හදමින් චීන රජය මුස්ලිම්වරුන්ගේ දත් කඩා, නියපොතු ගිණිතබා විදුලිපුටු වල වස්ත්‍ර නොමැතිව දඬුවම් කරමින් සිටින බව එහි සිටින ජනතාව ප්‍රකාශ කරයි. වදකාගාර වෙන ගෙන යන තම දරුවන්ගේ ශරීරය පවා නැවත නොලැබෙන අන්දමින් කිසිම සාක්ෂියක් නොමැතිව ඔවුන්ව විනාශ කරමින් සිටින බව එම ජනතාව ප්‍රකාශ කරයි.

මෙහි සිදුවන අමානුෂික සිදුවීම කිසිම මාධ්‍යකට වාර්තා නෙවන අන්දමින් සූක්ෂමව රහසිගතව  කිසිම සාක්ෂියක් නොලැබෙන අන්දමින් චීන රජය වසින් පවත්වගෙන යයි. විදේශ මාධ්‍ය ආයතනවලට පිවිසීමට නොහැකි අන්දමින විවිධ බාධක චීන රජය විසින් දමා ඇත. එමෙන්ම මෙම ප්‍රදේශය පුරා අරාක්ෂක කැමරා පද්ධති සවිකර (face Recognition) මුහුණු හඳුනාගෙනීමේ තාක්ෂණය මඟින් කිසිවෙක් පිවිසිමට හෝ පිටවීමට නොහැකි අන්දමින් ආරක්ෂක පද්ධති යොදවා ඇත.

විදේශ රටවල් අවධානය යොමු නොකිරීමට හේතුව ඔවුන්ට චීනය සමඟ තිබෙන ආරථික සබඳතා වුවද චීනය මැදපෙරදිග රටවල් සමඟ අධික වශයෙන් ආර්ථික ගණුදෙනු වල නියෙලෙන හෙයින් උය්ගූර් මුස්ලිම්වරුන්ව යටත් කරගෙන සිටියද අනෙකුත් මුස්ලිමවරුන්ට තම කටයුතු කරගෙන යෑමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

දවසින් දවස වචන වලින් කියා නිම කළ නොහැකි තාඩන පීඩන වලට මුහුණ දෙමින් සිටින උය්ගූර් මුස්ලිම්වරු අපට නිසෙක ආදර්ශයකි. සාමාන්‍ය හිසරදයකට හැම්බිරිස්සාවකට ව්‍යාපාරික ගැළුවකට කඩා වැටෙන අප හා ප්‍රතිපත්තියෙන් බැහැරවන මුස්ලිමවරුන් අතර කිසිම අවස්ථාවක ප්‍රතිපත්තියෙන් බැහැර නොවී ඔවුන් විඳින දුක අපට ආධර්ශයන් වනවා නොඅනුමානය.

එමෙන්ම පහත හදීසයට අනුව අප ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. සේම සලාතයකම මොවුන්ටද මොවුන් මෙන් දුක් විඳින, පීඩන වලට මුහුණ දෙන මුස්ලිමවරුන්ටත් අප ප්‍රාර්ථනා කළ යුතුයි.

යමෙකුට යමෙක් කරුණාව දෑක්වීමේද, ආදරය දැක්වීමේද, ස්නේහය දෑක්වීමේද විශ්වාස වන්තියන්ව ඒක ශරීරයක් මෙන් නුඹ දකිනු ඇත. (ශරීරයේ) එක් අංගයකට හානියක් ඇති වුව හොත් අනෙකුත් අංගද නොනිද අවදිව සිටිනු ඇත. එසම උණ හැදෙනු ඇත. යැයි අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණන් පවසන ලදී.

දැනුම් දෙන්නා : නඃමාන් බින් බශීර් (රලි)

මූලාශ්‍රය : බුහාරි: 6011

නිසැකවම අපගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් පිළිගනු ඇත. විශ්වාස වන්තියන්ට අල්ලාහ් උදව් කරනු ඇත. හේතුව මෙසේ පරිශුද්ධ වු අල්-කුර්ආනයේ අල්ලාහ් පවසයි.

විශ්වාස වන්තියින්ට උදව් කිරීම අප කොරෙහි යුතුකමක් විය.

පරිශුද්ධ වු අල්-කුර්ආන් 30:47

එමෙන් ඉස්ලාම් දහම කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව අල්ලාහ්ගේ  දූත නබි ﷺ තුමාණන් පැවසූ බව මෙම අවස්ථාවේ උපුටා දක්වන්නෙමු.

අල්ලාහ්ගේ දූතයාණන් ﷺ පවසන ලදී:

අල්ලාහ් මාහට පොළොව හකුළා පෙන්වන ලදී. එහි ඉරු උදාවන හා බසින දුටුවෙමි. මා වෙන හකුළා පෙන්වනු ලෑබූ එම ප්‍රදේශවල මාගේ සමාජයේ පාලනය යනු ඇත. මා රන්, රිදි, පතල් හිමි කෙනෙක් වු යෙමි. (මෙය දුටු විගස) මාගේ සමාජය දරුණු සාගතයෙන් විනාශ නොකරනු මෙන! මාගේ ජනයාගේ පාලනය විනාශ කරන කිසිම බල ඇනියක් ඔවුන් වෙත නොපවරනු මෙන! යැයි ප්‍රාර්ථනා කර මගේ දෙවියන් වෙත දුආ කළෙමි.

මුහම්මද්! මා එක් දෙයක් තීරණය කළේ නම් එය කිසිවිටක වෙනස් නොවේ. මා ඔබගේ සමාජය වෙනුවෙන් (ඔබ පැතූ) දෙය ලබා දෙන්නෙමි. මා ඔබගේ සමාජය දරණු සාගත වලින් විනාශ නොකරන්නෙමි. ඔබ සමාජයේ පාලනය විනාශ කරන කිසිම බල ඇනියක් ඔවුන් වෙත නොපවරන්නෙමි. ඔවුන් මෙම පොළොවේ කොතනක සන්නද්ධ වුනද එසේමය. ඔබ සමාජයේ එක් පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව විනාශ කර සිරකරුවෙකු කරන තත්වයට නොයන තෙක් (මෙම සහතිකය ක්‍රියාත්මකයි) යැයි මාගේ දෙවියන් පවසන ලදී.

දෙනුම් දෙන්නා : සෆ්වාන (රලි)

මූලාශ්‍රය : මුස්ලිම් 5144