මත්පැන් භාවිතය හා කොරෝනා අවධානම

මත්පැන් භාවිතය හා කොරෝනා අවධානම

මත්පැන් පානය කිරීම ඉස්ලාම් දහම තහනම් කර ඇත්තේ ඇයි?

මානව ජනයාගේ ආරම්භයේ පටන් සමාජය තුළ වසංගතයක් වශයෙන් පැවැති එන්නේ මෙම මත්පැන් වර්ගයයී. ලොව පුරා සිටින මිනිස් සමාජය විනාශය කරා ගෙන යාමට මුල්වී ඇත්තේ මත්පැන් පානයයි. වර්තමානයේ මිනිසා මුහුණපාන සියලුම ගැටළුවලට මුදුන්මුල වන්නේ මත්පැන් පානයයි. අපරාධ වලට හේතු වශයෙන් ජනයාගේ එදිනෙදා කටයුතු කරගෙන යාමටත් නොහැකි තත්ත්වයේ මිනිසාගේ මානසික අලස කමටත් හේතුපාදක වී ඇත්තේ මත්පැන් නිසයි. වර්තමානයේ මුළු ලෝකය ම මුහුණපාන කොරෝනා හෙවත් COVID - 19 අවදානම වැඩිවීමට හේතුව වන්නෙත් මත්පැන් පානය කිරීමෙන් ශරීර ප්රනතිශක්තිකරණය අඩුවීම නිසා බව වෛද්යාවරු පවසති.

කොරෝනා වසංගතය ඉරානය ද වෙළාගත් අතර ,පසුගියදා එහි මරණ රාශියක් වාර්තා විය . කෙසේ වුවද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එරට පුද්ගලයන් දිගින් දිගට ම මත්පැන් භාවිතා කර ඇති අතර එම මත්පැන් විෂ වීමෙන් පුද්ගලයන් දැනට 44 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ඉරානයේ නිරතදිග පළාතේ පිහිටි කුසෙස්තාන් ප්රා්න්තයේ ජනතාව මෙලෙස මෙම ව්යමසනයට ගොදුරු වී ඇත .

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මත් පැන් පානය කිරීමෙන් මැඩ පැවැත්විය හැකි යැයි පවතින අසත්යි ප්රවචාර වලට රැවටී ඇති මෙම පිරිස මෙලෙස නීති විරෝධී මත් පැන් භාවිතා කර ඇත .

මත්පැන් පානය පිළිබඳ අල් කුර්ආනය මෙසේ පවසයි.

විශ්වාස කළ අයවලූනි, සුරා පානය, දූ කෙළිය, අල්තාරයන්(නිමිති බැලීම සඳහා යොදා ගන්නා) ඊතල වල්ආදිය පිළිකුල් සහගත වූ ද ‍ෂෛතාන්ගේ ක්රිියා ද වේ. එබැවින් මෙයින් වැළකෙන්න. නුඹලා ජය ලබන්නෙහු ය.

අල් කුර්ආන් 5:90

මත්පැන් තහනම් කරන ලද බව නබි වදන් වලින් වටහා ගත හැක.

අපරාධ සියල්ලකටම මවක් මෙන් මූලික වන්නේ මත් වීමයි. අපරාධ අතරින් ඉතාමත් නින්දිත අපරාධය වන්නේ මත් වීමයි. යනුවෙන් නබි සල් තුමාණන් පැවසූහ.
(ඉබ්නුමාජාහ්)

අධික ලෙස භාවිතා කළ විට මත් කරවන ඕනෑම දෙයක් සුළු වශයෙන් භාවිතයට ගැනීම ද තහනම් කරනු ලැබ ඇත.

යනුවෙන් නබි සල් තුමාණන් පැවසූහ.

ඉබ්නු මාජාහ් : 3392

වැඩියෙන් හෝ අඩුවෙන් හෝ මත්ද්රැව්ය. භාවිතා කිරීම ඉස්ලාම් ධර්මයෙහි තහනම් කර ඇත.

මත්පැන් පානය කරන්නන් පමණක් අල්ලාහ් විසින් ශාප කරනු ලැබූවන් නොවේ. මත්පැන් පානයේදී සෘජුව හෝ වක්රා්කාරව සම්බන්ධ වන සියලුදෙනාම අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන්වෙති.

1. මත්පැන් නිෂ්පාදනය කරන්නා

2. කවුරුන් වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය කරනු ලබනතැනැත්තා

3. මත්පැන් පානය කරන්නා

4. මත්පැන් විකුණනු ලබන ස්ථානය වෙත ඒ රැගෙන යන්නන්

5. කවුරුන් වෙනුවෙන් මත්පැන් රැගෙන යනු ලබන තැනැත්තා

6. මත්පැන් බෙදන්නා

7. මත්පැන් විකුණන තැනැත්තා

8. මත්පැන් විකිණීමෙන් ලැබෙන මුදල් පරිහරණය කරන්නා

9. මත්පැන් මිලදී ගන්නා

10. මත්පැන් කවුරුන් උදෙසා මිලදී ගනු ලබන තැනැත්තා


යන කාණ්ඩ දහයට අල්ලාහ්ගේ ශාපය උදාවේ.

යනුවෙන් නබි (සල්) තුමා පවසන ලදී.

දැනුම් දෙන්නා: ඉබ්නු මාජාහ් (3380)

*මත්පැන් පානය කිරීම නිසා ඇති වන රෝගයන් පහත දක්වා ඇත.*
1. අක්මාව දියවීමේ රෝගය

2. ආමාශයේ හිස බෙල්ල සහ අක්මා වැනි තැන්වල පිළිකා ඇතිවීම


3. ආමාශයේ ආසාදන වැනි බඩවැල් හා සම්බන්ධ රෝග

4. රුදිර පීඩනය සහ පපුවේ වේදනාව


5. වාත රෝග අත්පා අක්රිේය වීම

6. ස්නායු සම්බන්ධ රෝග


7. මතක ශක්තිය නැති වීම මොළයේ ආබාධ

8. අත්පා ශරීරය වෙව්ලීම


9. ශරීරයේ නොයෙකුත් තැන්වල රුධිර නාල හා ස්නායු අක්රී්ය වීම

10. සමේ රෝග

11. මාරාන්තික රෝග වැනි සෙංගමාලය


12. ස්ත්රීතන් හට හොඳින් වැඩුණු ගැබ පවා හානියට පත්වීම

මෙවැනි රෝග ලැයිස්තු කරගෙන යා හැකිය.

අල්ලාහ් විසින් පහළ කරන ලද අල්-කුර්ආනයේ ෂෛතාන් පිළිබඳව අනතුරු හඟවා ඇත.

ෂෛතාන්ගේ ක්රි යාවන් සියල්ලක්ම නොමඟ ගිය ක්රි්යාවන්ය.

මතට ඇබ්බැහි වූ මිනිසුන් හා සමාජය ස්වභාවික තත්ත්වයෙන් ඈත්වී වෙනස්වූ ආකාරයට ක්රි යා කිරීමේ පරිසරය අපි දකින්නෙමු. මත්ද්ර්ව්ය මිනිසා සිටිය යුතු තත්වයෙන් අසාමාන්යක තත්ත්වයට පහත හෙළීම ද අපි දකින්නෙමු. මෙසේ මිනිසුන් තිරිසනුන්ට වඩා අන්ත පිරිහුණු තඅත්වයට පත්කර බහුතරයක සැනසීම නැති කිරීමට හේතුවී තිබෙන බැවින්, මත්ද්රිව්ය භාවිතය ඉස්ලාම් ධර්මය මුළුමනින්ම තහනම් කර ඇත.

මුස්ලිම් වරයෙකු වශයෙන් මුස්ලිම් සමාජයට හා තමා ජීවත්වන රටට ද ඉතා හොඳ පුරවැසියකු වශයෙන් ජීවත්වීම මුස්ලිම්වරයකුගේ වගකීමකි.