ශුද්ධ වූ මක්කම නගරය සහ කොරෝනා වෛරසය හෙවත් COVID-19 හි බලපෑම.

ශුද්ධ වූ මක්කම නගරය සහ කොරෝනා වෛරසය හෙවත් COVID-19 හි බලපෑම.

ශුද්ධ වූ මක්කම නගරය පිහිටීම සහ එහි ආරක්ෂිතබවය තහවුරු කරන ශුද්ධ වූ කුර්ආන් වැකිය.

ශුද්ධ වූ මක්කම නගරය ගැන විස්තර කිරීමට පෙර දැනසිටිය යුතු දෙය වනුයේ අරාබිකරය පිළිබඳ ව දැනසිටිමයි. අරාබි යන වචනයට වියළි, තෙතමනයක් වත් නොමැති, දැඩි උණුසුම් සහිත, රශ්මිය භුමිකලපයක් සහ ශුෂ්ක කලාපිය වැලිකතර ලෙසත් කාන්තාරය ලෙසද විවිධ අර්ථවලින් අර්ථකථනය කල හැකිය.අරාබි අර්ධද්වීපයේ බටහිරින් මිසරය ( ඊජිප්තුව) සහ රතු මුහුදද, නැගෙනහිරින් ඉරකයද, දකුණින් අරාබි මුහුද මෙය ඉන්දියානු සාගරය දක්වා පැතිර පවතින අතර, උතුරින් ෂාම් දේශය හෙවත් සිරියාව සහ ඉරාකය සෙසු නගරයන් ද ඇතුලත්වේ. මෙහි සම්පුර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 12.9 Km2 අතර විහිදා පවතී.

ශුද්ධ වූ මක්කම නගරය ගැන පවසන විට මුළු ලෝකයේම වෙසෙන සියලු මුස්ලිම්වරුන්ගේ කේන්ද්රවස්ථානය ද වේ. මක්කම නගරය සමකයට උතුරට වෙන්නට පිහිට තිබෙන අතර දැඩි රශ්මිය උණුසුම් පරිසරයකින් සමන්විතය. ශුද්ධ වූ මක්කම නගරයේ පිහිටා තිබෙන ඝනකයක ව්යූහයකින් සමන්විත මෙම නිර්මාණය ශුද්ධ වූ කඃබාව යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙය අඩි 50 කින් (15 මීටර) උසට ද, අඩි 35-40 අතර එනම් (10-14 මීටර) අතර එහි දිග සහ පළලකින් ද සමන්විතය. මෙම කව්බාව අළු පාෂාණ වලින් සහ පිගන් ගඩොල්වලින් නිර්මාණය කර ඇත. මෙහි ඇතුලත සාමාන්යබ මුස්ලිම් දේවස්ථානය මෙන් තිබෙන අතර එහි ඇතුලත ආදාරකයන් තුනක් ද, ලාම්පු පන්දම් දෙකකකින් ආලෝකමත්ව එහි ඇතුලත තිබේ.

මෙහි මුස්ලිම්වරුන්ට දෙවියන් නැමදීමට අතීතය එනම් මෙය ආදම් නබි තුමාණන්ගේ කාලයේදීම නිර්මාණය වූ ලොව ප්රදතම දේවස්ථානය ලෙසද හඳුන්වනු ලබනවා. වන්දනාමන කරුවන්ගේ පැමිණීම විශාල ප්රීමාණයක් වූ නිසා වර්තමානයේ මෙම ප්රෙලද්ශය විස්තීරණය කර නැමදුමට පහසුවෙන් විශාල කර පහසුකම් සලසා දී ඇත.

මක්කම නගරය පිහිටා ඇති මෙම ගෘහය හෙවත් කව්බාව අවස්ථාවන් කිහිපයකදී පමණ මෙය නැවත ප්රිතිසංස්කරණය කරන ලදී. එනම් Noah හෙවත් නූහ් නබි තුමනන්ගේ කාලයේදී ඇතිවූ විශාල ජලගැල්මක් හේතුවෙන් මක්කම නගරය සම්පුර්ණයෙන් ම යටවී ශුධවූ කඃබාවා උස්බිමක් ව තිබිණ. මෙය නබි ඉබ්රාහිම් තුමාණන්ගේ කලයදි ඔහුගේ පුත් ඉස්මාඊඉල් ද සමග ප්රාතිසංකරණය කරන ලදී.

මෙහදී කව්බාවා ෂඩ්ශ්රකාරය ආකාරයට නිර්මාණය කර ඇති අතර මෙම අත්තිවාරම අදටත් දැක ගත හැකිය. පසුකාලීනව මෙය ඝනකයක ව්යූහයකින් සාදන ලදී. මෙය අල්ලාහ් අල් කුරානයේ මෙසේ සඳහන් කර ඇත.

'' එම ගෘහය ජනතාව එක් රැස්වන ස්ථානයක් ලෙසත් ආරක්ෂක මධ්යසස්ථානයක් ලෙසත් අපි පත්කලසැටි සිහි කරන්න. මකාමු ඉබ්රාහිම්හි සලාතය ඉටුකරන ස්ථානයක් පිහිටුවා ගන්න. තවාෆ් කරන්නන් වෙනුවෙන් ද දෙදෙනාම මගේ ගෘහය පවිත්රක කරන්නැය ඉබ්රාහිම් ද ඉස්මාඊඉල් ගෙන්ද අපි ප්රනතිඥය ගත්තෙමු.'' ( අල් කුර්ආන් 2:125) යනුවෙන් අල්ලාහ් අල් කුරානයේ පවසා ඇත.


අප නබි තුමනන්ගේ කාලයේදී මෙය නැවතත් ඝනකයක ආකාරයට ප්රනතිසංස්කරණය කරන ලදී .ශුද්ධ වූ මක්කම නගරය පිහිටා ඇති මෙම ගෘහය ලොව වෙසෙන සියලු මුස්ලිම්වරුන්ගේ කේන්ද්රස්ථානයක් වීමට හේතුව වනුයේ මෙය දෛනිකව පංචකාල සලාතය ඉටුකරන දිශාව වීමයි.


මෙතෙක් අප විස්තර කර ඇත්තේ මක්කම නගරය පිහිටීම සහ එහි නිර්මාණය ගැනය. දැන් මෙහි ආරක්ෂිතබාවය පිළිබඳව අල්ලාහ් අල් කුරානයේ සදහන් කර ඇති ආකාරය පිළිබඳව බලමු.


මක්කම නගරය ආරක්ෂාව ලබාදීම පිළිබඳව අල් කුරානයේ අල්ලාහ්ගේ පොරොන්දුව.


ශුද්ධ වූ මක්කම නගරය ගැන පැවසුවහොත් අල්ලාහ් මෙම ගෘහයේ ආරක්ෂාව ගැන අල් කුර්අනයේ මෙසේ පවසයි. (අල් කුර්ආන් 105:1-5) '' ඔබේ දෙවියන් ඇත් සේනාවට කෙසේ කළේ දැයි ඔබ නුදුටුවෙහිද? ඔවුනට එරෙහිව රංචු වශයෙන් පක්ෂීන් එවිය. උන් රත්කරන ලද ගල් ඔවුන් මත විසිකළහ. වහාම විකන ලද පිදුරුමෙන් වුහ.''

එනම්''අබ්රහා'' නම් නපුරු ගෝත්රිරක රජකුගෙන් ශුද්ධ වූ කඃබාව ආරක්ෂා කලමෙන් අල්ලාහ් තම අල් කුර්ආනයේ පවසයි. මෙහිදී විශාල ඇත් සේනාවක් මක්කම නගරයට ඇතුළුවී ශුද්ධවූ කව්බාව සමතලා කිරීමට පැමිණෙනවිට අල්ලාහ්ගේ මහිමයෙන් අබාබිල් නම් වූ පක්ෂීන් යවා ඉතා උන්සුම් වූ ගල් ඔවුන් මත දමා ඇත් සේනාව සම්පුර්ණයෙන් ම විනාශයට පත් කරන ලදී.

මෙම සිදුවීම සිදු වී ටික කලකින් පසු අප නබිතුමාණන් ගේ උපතත් සිදුවිය. කලින්කල විවිදාකාර කෝලාහල ඇතිවුවද මෙම ප්රිදෙශ්යේ පමනක් ආරක්ෂිතව පැවතුණි.

ශුද්ධ වූ මක්කම නගරයට සියවස් ගණනක් මෙතරම් ආරක්ෂාවක් ලැබාදීමට මූලිකම හේතුව වනුයේ මෙය නබි ඉබ්රාහිම් තුමනන්ගේ ප්රාර්ථනාවන් මුල්කරගෙනයි.

එනම් (අල් කුර්ආන් 14:35) '' මගේ දෙවියනි මෙම ගම්මානය අභය දායි ස්ථානයක් කරනු මානව. මගේ දරුවන් ද ප්රතිමාවන් වැඳීමෙන් ආරක්ෂා කරනු මැනව. ඉබ්රාහිම් ප්රකාශ කලසටි සිහිකරන්න.'' මෙම ප්රා ර්ථනාවෙන් පසු එනම් අදවනතුරු මෙම මක්කම නගරය ආශ්රිකතව කිසිදු යුදමය වාතාවරණයක් කිසිදු කාලවකවානුවකදී වාර්තා වී නොමැත. මෙම දෙවදුතයානන් අනෙකුත් නබි වරුන්ට වැඩ සුවිශේෂි වනවා එනම් මොහු ඒක දේවවාදයේ පියාලෙසත්, අල්ලාහ් ගේ සමීපතම මීතුරකු ලෙසත් හඳුන්වනු ලබනවා.

ශුද්ධ වූ මක්කම නගරය අල්ලාහ් සුවිශුද්ධ වූ ස්ථානයක් බවට පත්කර ඇතිඅතර එය අල් කුර්අනයේ අල්ලාහ් මෙසේ පවසයි.

(අල් කුරානයේ 3:97) ''එහි පැහැදිලි සාධක ද මකමු ඉබ්රාහිම් ද ඇත. යමෙක් එහි ඇතුළු වුවහොත් ඔහු අබය ලද්දෙකි. අල්ලාහ් උදෙසා එම ගෘහයෙහි හජ් ඉටු කිරීමට එහි යාමට ශක්තිය ඇති මිනිසුන් කෙරහි අනිවාර්යවේ. යමෙක් (එකම දෙවියන්) ප්ර2තික්ෂේප කලේ නම් අල්ලාහ් ලෝකවසින්ගෙන් අවශ්යත්වලින් තොරවූ කෙනෙකි.'' මෙහිදී දෙවියන් එක පුද්ගලයකු ජිවිතකලයදී එක් වතාවක් හජ් වන්දනා කළහොත් ඔහු අභය ලදදකු බවට පත්වන්නේ ය. එනම් අළුත උපන් දරුවකු මෙන් පිරිසිදු වන්නේය. ඔහු කරපු සියලු පාපයන් ක්ෂමා කරනු ලැබේ.

මේ වනතුරු ශුද්ධ වූ මක්කම නගරය සහ ඒ අවට ප්රදේශය ශතවර්ෂ 14 ක් ගතවී තිබුනත් මේ වනතුරු කිසිදු අනතුරකට හෝ යුද්ධමය බලපෑමකට පත්නොවී තිබිමට එකම හේතුව අල් කුර්ආනයේ සඳහන් කරඇති පොරොන්දුවයි.

එනම් මෙය අභයදායි ස්ථානයක් ව ද අභිවෘධ්මත් ස්ථානයක් ව ද පවතී. මේ පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනයේ මක්කම නගරය ආරක්ෂිත ස්ථානයක් ලෙස සනාථ කරන දේව වැකි තිබේ ඒ අනුව (2:125, 3:97, 5:97, 14:35, 28:57, 105:1-5, 106:4) යනදී අල් කුර්ආනයේ වැකි මගින් අල්ලාහ් මෙම ගෘහයට ලබාදී ඇති ආරක්ෂා පිළිබඳව සඳහන් කර ඇත.මෙතෙක් අප විස්තර කර සිටියේ අරාබි ආරාධද්විපයේ පිහිටීම මක්කම නගරය ශුද්ධ වූ කව්බාව ගෘහය ගැන ද විස්තර කළෙමු. දෙන් අවදානය යොමුකරමු නූතන යුගයේ අරාබියාව සහ මක්කම නගරය එහි අරක්ෂිතබාවය පිළිබඳව බලමු.

වසංගත රෝගය වන කොරෝනා වෛරසය(COVID-19) සහ ආරක්ෂා කරන ලද මක්කමනගරය.

වර්තමානයේ එනම් මුළු ලෝකයම අනතුරු හඟවන පරිදි ඇතිවූ මෙම කොරෝනා වෛරසය, හජ් වන්දනාව එරට පෙමිනෙන වන්දනාකරුවන්ගේ අයදුම්පත් ප්රතික්ෂප කරන තරමට දරුණු වසන්ගතයක් විය.

මේ හේතුවෙන් අල්ලාහ් මෙතරම් කාලයක් ආරක්ෂා කර තිබු මෙම අභයභුමිය වූ ශුද්ධ කඃබාව ඉහත සදහන් අල්කුර්ආනයේ වැකි මගින් අසත්ය වේද? බහුතරයක් මුස්ලිම් නොවන සහෝදරවරුන්ගේ ප්රසිද්ධ ප්රශ්නයට භාජනය වීතිබේ.

අරබිකරයම අරාබි වසංගතයට ගොදුරුවුවත් මක්කම නගරයට කිසිදු හානියක් සිදුනොවිය.

බෝම්බකරුවන්ගේ ග්රහණයටද අසුනොවී මෙතරම් කාලයක් ආරක්ෂිත ව තිබුන මෙම ගෘහය, වසංගතයක් මුල්කරගෙන ජනතාවට පැමිණීමට නොහැකි තත්වයක් උදාවී තිබේ. මෙවන් අවස්ථාවක බොහෝ දෙනාගේ කුතුහලය වනුයේ කිසිදු පුද්ගලයකු හජ්වන්දනා මනයට නොමැතිවිට මෙම ගෘහය සහමුළු පොළොවම විනාශයට පත්වේ. ඒය එසේ නොවුන හොත් ඔබේ දහම අසත්ය වනු ඇත බොහෝ දෙනාගේ මතයයි.

මෙම තර්කය මුස්ලිම් නොවන සහෝදරයන් තුල තිබීම නිවැරැදිද බැලීමට ප්රථම මේ පිළිබඳව නබි තුමනන්ගේ හදීසයන් දෙකක් පිළිබඳව සොයා බලමු. '' යඃජූජ්මඃජූජ් (Gog Magog) නම් වූ ඉතා දුෂ්ට මිනිස් වර්ගයාගේ විනශයට පසුවත් මක්කම නගරයේ හජ් සහ උම්රා වන්දනාමන ඉටුකරන්නෝය. පරමාන්ත දිනය හටගනුයේ හජ් ඉටුකිරීමට කිසිවකු නොමැතිව තිබෙන තත්ත්වයක දීය. යනුවෙන් නබි නායක තුමාණන් පැවසූහ. (බුහාරි :1593) මෙම හදීසය බැලු කල මෙම කඃබා නම් ගෘහය විනාශ වීමට ප්රථම ඊටත් වඩා ප්රබල යුද්ධමය තත්වයකදී පවා හජ් සහ උම්රා වන්දනාව කිසිදු බියකින් සහ පැකිලිමකින් තොරව වන්දනාමාන එ පරිදෙන්ම සිදුවේ. මෙම හදීසයේ අවසාන කොටස පමණක් යොදා ගනිමින් තර්කය ඉදිරිපත් කිරීම උචිත වන්නේ නැත.

මේ පිළිබඳව නබිතුමාණන්ගේ දෙවන හදීසය සොයා බලමු. මෙහිදී ශුද්ධවූ මක්කම නගරය එක් කණ්ඩායමක් විසින් විනාශයට පත්කරනු ලැබේ. එවිට මුළු පොළවම විනාශයට පැමිණේ යනුවෙන් නබි උතුමානන් පවසා ඇත.

'' කඃබා දේවස්ථානය දෙවියන්ගේ ආරක්ෂා කරනු ලැබූ දේවස්ථානයක් වුවද කකුල් මිටි අබීසීනියනුවන් විසින් එය සමතලා කරනු ඇත.'' යනු නබි වදනකි.

(බුහාරි:5179)

මෙහිදී සඳහන් වනුයේ මුළු පොළවම විනාශය වීමට පෙර ඇබීසීනියනුවන් විසින් ශුද්ධවූ කඃබාව සමතලා කරනු ලැබේ. මීටත් වඩා විශාල විනාශයන් මින් මතුවට පැමිණියත් මෙම ශුද්ධ වූ කඃබාව විනාශකරනු ලබන්නේ ඇබීසීනියනුවන් විසින්මය. කොරෝනා වෛරසය නිසා ශුද්ධවූ කඃබාවටත් මෙහි මුස්ලිම්වරුන්ටත් ඔවුන්ගේ දහම අසත්ය බව හඟවන මුස්ලිම් නොවන සහෝදරයන්ගේ තර්කය උචිත නොවේ.

අල්ලාහ් අල් කුර්ආණයේ මෙය ශුධවූ ගෘහය ලෙස පැවසුවත් නබි තුමාණන් අල් හදීස් හි ශුද්ධවූ ගෘහය ඇබීසීනියනුවන් අතින් විනාශයට පත්වේ යැයි පැවසුහ,

මේ කරුණු දෙක සසඳා බලන කල එයින් අපට කිසිදු අලාභයක් සිදුවන්නේනැති අතර ලොව සියලු මුස්ලිම්වරුන්ගේ නැමදුමට ගනු ලබන දිශාවක් වශයෙන් පමණක් ගනු ලබනවා. එමන්ම අප සියලු දෙනා වඳිනු ලබන්නේ එකම දෙවියන් අල්ලාහ් මිස ශුද්ධවූ කඃබාව නොව. මේ පුජනිය වස්තුවක් හෝ පිළිමයක් නොවේ. ලොව පුරා සියලුම දේවස්ථාන කොරෝනාවෙන් ආරක්ෂා කිරීමට වසා තැබුවද සියලු මුස්ලිම්වරු එකම දිශාවකට එකම දෙවියන් ඇදහීම සෑම දවසකම සජීවීව අදත් හෙටත් මින් මතුවත් සිදුවෙමින් පවතීයි.....

එම්.ඒ.එම් ඉක්රිමා