COVID 19 වසංගතය සහ පවුල් සංස්කෘතිය

COVID 19 වසංගතය සහ පවුල් සංස්කෘතිය

එදිනෙදා වැඩකටයුතු අඩාලව පවතින මෙම කාලවකවානුව තුළ, මුළු ලෝකයම“LOCK DOWN”වෙමින් පවතින මෙම කාලපරිච්ඡේදය තුළ ස්වාමිපුරුෂයා හා භාර්යාව සාමාන්යද දිනවලට වඩා වැඩි වේලාවක් ගත කිරීමට සිදු වී ඇත. මෙම අවස්ථාව ඉතා ප්රවයෝජනවත් ලෙස ගත කිරීමට යොමු විය යුතුයි. නිවසක් ගත්කළ ස්වාමියා බිරිඳ දුවා දරුවන් එකට ජීවත් වන ස්ථානයයි.

වර්තමාන ලෝකයේ ඉතා කාර්ය් බහුල ජීවිතයක් ගතකරන පවුල් වලට මෙම “LOCK DOWN” අවස්ථාව “STAY HOME” බවට පත්ව ඇත.

මෙම දිනවල සමාජ මාධ්ය තුළ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර රණ්ඩු සරුවල් ඇති වන බවය. මෙය විහිළුවක් බවට පත්ව ඇත. ප්රපධාන පෙළේ පුවත්පත් වල මෙවැනි පුවත් පලවිය.

එහෙත් බිරිඳ හා ස්වාමිපුරුෂයා කෙසේ ජීවත් විය යුතුද යන්න නබි නායක තුමාණන් උගන්වා දී ඇත. එම ඉගැන්වීම් අප එදිනෙදා ජීවිතය තුළ පැවැතිය යුතුයි. හුදෙක්ම ආගමික දේශනා වලට පමණක් සීමා නොවිය යුතුයි. බිරිද සමග ස්වාමිපුරුෂයා වාද විවාද තිබිය යුතුයි, එහෙත් එම වාද විවාද දුර දිග නොයෑමට දෙදෙනාම වගබලා ගත යුතුයි.

ස්වාමිපුරුෂයා ගත්කල නිවෙසින් බැහැරව වැඩ කටයුතු සිදු කරන පුද්ගලයාය. රැකියාව ව්යා පාරය වැනි භාහිර ප්රගශ්නවලට මුහුණදෙන පුද්ගලයා ය. භාර්යාව යනු නිවෙස් වල ඉහුම් පියුම් දුවා දරුවන් රැක බලා ගැනීම නිවස අලංකාර කිරීම වැනි දේවල් වලට වැඩියෙන් යොමුවන ගෘහණියකි.

මෙම “LOCK DOWN”/ “STAY HOME” අවස්ථාව ස්වාමිපුරුෂයාට නිවෙස් වලට කොටු වී සිටීමට සිදුවී ඇත. මෙය තාවකාලික අවස්ථාවකි. මෙම අවස්ථාව ප්ර්යෝජනයට ගෙන භාර්යාව හා ස්වාමිපුරුෂයා අතර අන්යෝ න්යා සම්බන්ධතාවයක් ගොඩනැගීමට රුකුලක් කර ගත හැක.

මෙවැනි අවස්ථාවක ප්ර්යෝජනයට ගෙන විශේෂයෙන් ස්වාමිපුරුෂයා තම බිරියට අත් උදව්කරුවෙකු වශයෙන් සිටීමට පුරුදු විය යුතුයි. භාර්යාවද තම ස්වාමිපුරුෂයාට නිවෙස්වල සිටීම ඉතා කරදරයක් බවට පත් නොකළ යුතුයි.

එපමනක් නොව දෙදෙනාම එකට සලාතය කිරීම, දුආ ප්රායර්ථනා කිරීම, උපවාසය රැකීම, අල් කුර්ආනය හා හදීස් ග්රයන්ථ වල දැනුම ලබාගැනීමට මෙම කාලය ප්රයයෝජනවත්‍ කරගත යුතුයි.

නබිනායක (සල්) තුමාණන් තම භාර්යාව සමඟ කටයුතු කළ ආකාරය පිරිමි සෑම කෙනෙකුටම ඉතා පූර්වාදර්ශයකි.

“නබි නායක(සල්) තුමාණන් නිවසේදී කුමක් කරන්නේ දැයි ”මම ආයිෂා (රලි) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය“ තම පවුලේ අයගේ වැඩවලට සහය වෙති. සලාතයට වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව යති” ඇය පිළිතුරු දුන්නාය.

දැනුම් දෙන්නා : අස්වද්

මූලාශ්රදය : බුහාරි (6676, 5363, 6039)

නබිනායක (සල්) තුමාණන් තම භාර්යාවට සහය වන බව මෙම හදිසියෙන් තේරුම් ගත හැක.

භාර්යාවන්ගේ වැඩවලට උදව් කිරීම, එලවලු කැපීම, ගේ අතුගෑම වැනි වැඩ ගැහැණුන් පමණක් කළයුතු වැඩ ලෙස පිරිමින්ගෙන් බොහෝ දෙනෙකුගේ අදහස යි. මේවාට උදව් කිරීම පිරිමිකමට කැළලක් බව ද අදහස් කරති.

එහෙත් නබිනායක (සල්) තුමාණන් සෑම වැඩකදීම භාර්යාවට උදව් කරමින් සිටියහ.

නබිනායක (සල්) තුමාණන් තම බිරිඳ සමග සහකාරියක් ලෙස හා මිතුරියක් ලෙස ඇසුරු කළා මිස වැඩකාරි හෝ වහලියක් ලෙස ඇසුරු නොකළ බව වටහාගත හැක.

නබි තුමාණන්ගේ මගපෙන්වීම අනුව මෙම කාලය තුළ නිවසෙහි රැඳී සිට බිරිඳට හා රටට වගකීමක් ඇති පුද්ගලයකු ලෙස සිටීම කාලෝචිතයි.

මොහමඩ් ෆාරාස්