භූමදානය හා අදාහනය

භූමදානය හා අදාහනය

ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ ඉතිහාසය ඔවුන්ට පවසන්න. එම දෙදෙනා ම නැමදුමක් ඉටු කළහ. ඔවුන්ගෙන් එකෙකුගෙන් එය පිළිගන්නා ලදී. අනෙකාගෙන් පිළිනොගන්නා ලදී. “මම නුඹ ඝාතනය කරන්නෙමි”යි (නැමදුම පිළිගනු නොලැබූ තැනැත්තා) පැවසීය. “අල්ලාහ් (තමාට) බිය බැතිමත් අයගෙන් පමණක් පිළිගන්නේයැ”යි (නැමදුම පිළිගනු ලැබූ තැනැත්තා) පැවසීය.

“නුඹ මා මරන්නට නුඹේ අත මා වෙත දිගු කළත් මම නුඹ මරන්නට මාගේ අත නුඹ වෙත දිගු කරන්නෙක් නොවෙමි. විශ්වයේ දෙවියන් වන අල්ලාහ්ට මම බිය වෙමි. නුඹේ පාපය සමඟ (පණ නැසූ) මාගේ පාපයත් උසුලා නුඹ නිරා වැසියකු බවට පත්වන්නෙහි යැයි මම සිතමි. මෙයයි අපරාධකරුවන්ගේ කුලිය (යැයිද පැවසීය).26

(මෙතරම් පැවසූ පසුත්) තම සොහොයුරා ඝාතනය කිරීමට ඔහුගේ සිත ඔහු පෙලඹවීය. ඔහු හෙතෙම ඝාතනය කළේ ය. එබැවින් ඔහු අලාභ ලද්දෙක් විය.

තම සොහොයුරාගේ මළ සිරුර වසන්නේ කෙසේ දැයි ඔහුට පෙන්වා දෙනු පිණිස අල්ලාහ් කපුටකු එවීය. ඌ පොළොව හෑරුවේ ය. “අහෝ! මෙම කපුටා මෙන් වීමටවත් මට නොහැකි විය. එසේ වූයෙමි නම් මාගේ සොහොයුරාගේ මළ සිරුර වසා දමන්නට තිබුණි”යි ඔහු පැවසීය. එබැවින් ඔහු ශෝකයට පත් වූ කෙනෙක් විය.

පරිශුද්ධ වු අල් කුර්ආන් 5:27-31

පරිශුද්ධ වු අල්-කුර්ආනයේ අල්ලාහු තආලා පවසන මෙම විවරණය කරන්නේ මෙලොව සිදුවු පළමු මිනිස් ඝාතනය සම්බන්ධවය. එසමග මරණයෙන් පසු මිනිස් සිරුර භූමදානය කිරීමේ ස්වභාවික ආදර්ශයට මෙමගින් මානව සංහතියට පැහැදිළි වේ.

මෙලොව ජීවත්වන කොටි 100 කට අධික මුස්ලිම්වරු අනුගමනය කරන්නෙ මෙම ක්‍රමයයි. පොළොවේ භූමදානය කරන මෙම ක්‍රමය ස්වභාවික නියදියකි.

“මරණයෙන් පසු ආදාහනය කිරීම‍ වෙනුවට අවට පරිසරයට හිතකර විදිහට වෘක්ෂයක් අසල භූමදානය කරන්න. පස සම බිඳී සම්මිශ්‍රණය වන එය එම ගසට වර්ෂ ගණනාවට ප්‍රයෝජනවත් වනු ඇත. එම වෘක්ෂය වසර ගණනාවකට කාබන්ඩයොක්සියිඩ ඔක්සිජන බවට පරිවර්තනය කර ප්‍රාණ වාතය ලබා දෙනු ඇත. (මිනිසාට පමණක් නොව සියළු ජීවීන්ට ඔක්සිජන් නිෂ්පාදනය හා බෙදාහැරීම කරන්නේ වෘක්ෂයන් මගිනි.) කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කරන කර්තව්‍යට සහය නොකර, මළසිරුර භූමදානය නොකර කාබන් ඩායොක් සයිඩ් තව තවත් අධික කරන ගින්දරින් පිළිස්සීම නින්දිත ක්‍රියාවකි.” මෙසේ පවසන්නෙ නාරිවේද විශේෂඥ්ඥ මහාචර්‍ය ජොර්ජ් හාර්ට්.

ආදාහනය බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.

ඔස්ට්‍රේලියාවේ ‍මළ සිරුරක් ආදාහනය සඳහා උෂ්ණත්වය අංශක 850 ක පුළුස්සනු ලබයි. විනාඩි 90 කාලයක් පුළුස්සන මෙම කාලය තුළ කාබන් ඩයොක්සයිඩ් කිලෝ 50ක් උත්පානය කරනු ලැබේ. ඉන්ධන හා අනෙකුත් දැව වල ප්‍රතිශතය මෙහි අඩංගු නොවන බව සැලකිය යුතු කරුණකි.

මළ සිරුරු ආදාහනය කිරීම පාරිසරිකි විවිධත්වයට විශාල හානියක් වන බව ඔහු ප්‍රකාශ කරයි.

එක් පුද්ගලයෙකු මරණයට පත් වීමත් සමඟ ඔහුගේ ශරීරය පසට සම්මිශ්‍රණය වීමට භුමදානය කිරීම පරිසයරයට විශාල යහපත් කරන ක්‍රියාවක් වශයෙන් ඔහු හඳුන්වයි.

“අදාහනය බුද්ධිමත් කටයුත්තක් නොවේ” යන මාතෘකාවේන් ඉන්දියාවේ හින්දු පුවත්පතේ 19.04-2007 දින පළවුනු ලිපියේ සඳහන් කරුණු අනාසාරයෙනි.

මෙම විද්‍යාඥයාගේ මතය මදක් විශලේෂණය කර බලමු‍.

මෙලොවේ ජීවත් වන කෝටි 100 කටත් අධික මුස්ලිම්වරු හා ඊටත් වඩා අධික කිතුනු භක්තිකයින් විසින් භූමදානය නොකට ආදාහනයට පිවිසුනොත් සාමාන්‍යයෙන් අධික වන ගෝලීය උෂ්නත්වය උඝ්‍ර වී කෙටි කලකින් මෙලොව විනාශය අත් දකිනු ඇත. එසේ තිබීය දී පරිශුද්ධ වු අල්කුර්ආනයේ මඟ පෙන්වීමට අනුව මළ සිරුරු භූමදානය කිරීම සිදුවෙමින් පවතියි.

පසේ තැන්පත් වී දිරාපත්වන මෙම මළ සිරුර වෘකෂලතාවන්ට පොහොර බවට පරිවර්තනය වී සරුසාර කරන බවට කියන මෙම විද්‍යාඥයාගේ මෙම මතය හුදෙක් මිත්‍යාවක් නොව විද්‍යාත්මක යථාර්තයකි.

වායු ගෝලයේ නයිට්‍රජන් සියයට 78 කුත්, ඔක්සිජන් සියයට 21 කුත් කාබන් ඩයොක් සෛඩ් 0.033 ක ප්‍රතිශතයකිනුත් ආගන්, නියෝන්, හීලියම්, මෙතේන් හයිඩ්‍රජන් ආදි වායු ඉතා අඩු ප්‍රතිශතයකිනුත් තිබේ.

එක් වරක් අකුණු ගසන අවස්ථාවක, වායු ගෝලයේ තිබෙන 78% ක නයිට්‍රජන් සහ 21% ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවක් ඇත. නයිට්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා වීමෙන් නයිට්‍රේට් නිර්මානය වනු ඇත. මෙම නයි‍ට්‍රේට වැසි ජලය සමඟ මිශ්‍ර වී තනුක නයිට්‍රික් අමිලය වශයෙන් පරිවර්තනය වී වර්ශාව වශයෙන් ගලා හෙලේ.

වායු ගෝලයේ තිබෙන මෙම නයිට්‍රේට කල් තබා පොලොවේ ජීවත්වන බැක්ටීරීයාවන් මගින් අවෂෝෂණය කර නයිට්‍රේට බවට පරිවර්තනය කරනු ලැබේ. මෙම කටයුත්ත අකුණු මගින් වායු ගෝලයේ තිබෙන නයිට්‍රජන් බිඳ අම්ල, පෝෂණ පධාර්ථ, ද්‍රව වශයෙන් පරිවර්තනය කර වැසි ජලය මගින් ගංගා ගලා යාමට ඉඩ සලස්වයි.

පස තුළ කැල්සියම්, යකඩ, ඇලුමිනියම් ආදී ලෝහ පවතියි. එම ලෝහ සමග මෙය මිශ්‍රවන විට එහි නයිට්‍රේට හට ගනියි. කැල්සියම් සමග ප්‍රතික්‍රියා කරනවිට කැල්සියම් නයිට්‍රේට් නිර්මාණය වේ. පොළවේ තිබෙන ගස් ‍වැල් සඳහා පොහොර බවට ක්‍රියා කරන්නේ මෙයයි.

මේවා ඝෘජුව මිනිසා ආහාරයට ගැනීම මගින් හෝ, නැතහොත් මේවා ආහාරයට ගන්නා එළු, ගවයින්ගේ මාංශ ආහාරයට ගැනීම මගින් හෝ මිනිසා නයිට්‍රජන් තම ශරීරයට ඇතුලත් කර ගනියි.

මිනිස් සිරුරේ අන්තර්ගත වන මෙම නයිට්‍රජන් ඔහු මරණයට පත් වීමෙන් පසු නැවතත් එම පොළොවටම එක්හාසු වන්නේය. මිනිස් සිරුරේ පමණක් නොව සියළු ජීවීන්ගේ ශරීරයන් හී අන්තර්ගතවන මෙම නයිට්‍රජන් මරණයෙන් පසුව පසටම තැන්පත් වන්නේය. පසුව නැවතත් වායුගෝලයට එක් වන්නේය. මෙයට නයිට්‍රජන් චක්‍රය යනුවෙන් හඳුන්වනු ලැබේ.

වෘක්ෂය මිනිසාට ප්‍රයෝජනවත් වගේම මිනිසා වෘක්ෂයට ප්‍රයෝජනවත් යැයි ශාක සත්ව සබැඳියාව නිරූපණය මෙමගින් නිරූපනය වේ. මෙය සාර්ථක වීමට නම් මළ සිරුර භුමදානය කළ යුතුමයි. භූමදානය ස්වභාවිකයි. පරිශුද්ධ වු අල්-කුර්ආනය මෙය මෙසේ විග්‍රහ කරයි.

නුඹලා මෙයින් ම නිර්මාණය කළෙමු. මෙතුළට ම නුඹලා ආපසු යවන්නෙමු. මෙයින් ම යළිත් වරක් නුඹලා බැහැර කරන්නෙමු.

පරිශුද්ධ වු අල්-කුර්ආනය 20:55

මිනිසුනි, යළි පණ ගන්වනු ලැබීම ගැන නුඹලා සැකයකින් සිටින්නෙහු නම් අපි (නුඹලාට පැහැදිලි කරන්නෙමු). අපි නුඹලා පසින් ද368 පසුව ශුක්‍රාණුවකින් ද පසුව සංසේචිත ඩිම්බයකින් ද365 ) 506 පසුව පරිපූර්ණ කරන ලද හා පරිපූර්ණ නොකරන ලද මස් පිඬුවකින් ද නිර්මාණය කළෙමු. අපි සිතූ දැය නියමිත කාලයක් දක්වා144 ගර්භාෂයන්හි පිහිටීමට සලස්වන්නෙමු. පසුව නුඹලා බිළිඳෙකු ලෙස බැහැර කරන්නෙමු. පසුව නුඹලා නුඹලාගේ තාරුණ්‍යය ලබන්නෙහු ය. නුඹලා අතර අත් පත් කර ගනු ලබන අය ද සිටිති. දැනුමෙන් පසු කිසිවක් නොදන්නා සේ වනු පිණිස දැඩි මහලූ විය දක්වා ගෙන යනු ලබන අය ද නුඹලා අතර සිටිති. පොළොව වියලි ව ඔබ දකින්නෙහි ය. අපි ඒ මතට ජලය පහළ කරන විට එය විකසිත වී වැඩී අලංකාර සෑම වර්ගයක් ම හට ගන්වයි.

පරිශුද්ධ වු අල්-කුර්ආනය 22:05

මෙම වැකිවල අරුතය නුතන විද්‍යාවත්මක සොයා ගෙනීම් සමග ගැලපෙන බව අපට අවබෝධ කර ගත හැකිය. පසින් නිර්මාණය කරන ලද මිනිසා පසට ආපසු හැර යාම අරුත දැක්වීම මෙම වැකි මගින් ගැනහෙර දැක්වීම අවබෝධ කර ගත හැකිය.

මිනිසා පොළොවේ භූමදානය කිරීම ස්වභාවික බව අල්ලාහ්ගේ වැකි ද විද්‍යාත්මක හැළිදරව් වලින් ද අවබෝධ කර ගත හැකිය.

මොලොව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අල්ලාහ් ස්වභාවික නියමයන් පිහිටුවා ඇත. ඔහුමය ඔහුගේ ධර්ම ග්‍රන්ථය පහළ කර ස්වභාවික නියමයන් වලට ගැලපෙන සේ සකස් කර තිබෙන්නේ. මෙමගින් ඉස්ලමය ස්වභාවික දහමක් වශයෙන් වැජබීම අපට දැක ගත හැකි වේ.

එසමග තව කරුණක් අප අවබෝධ කර ගත යුතු වේ.

ස්ත්‍රිය හා ගංගා නදිය

ස්ත්‍රිය අපවිත්‍ර වු කළ ගංගා නදියේ දිය නා හැක  ; ගංගා නදිය අපවිත්‍ර වු විට කොහේ යම්ද? (‍ද්‍රවිඩ පිරුලක පරිවර්තනය) යැයි කියනු ලැබේ. හිමාලයෙන් ඉපදෙන පළිඟු මෙන් හිම අතරින් ගලාගෙන යන ගංගං නදිය අද පුළුස්සන ලද මෘත දේහ වල අළු මගින් ද මළ අපද්‍රව්‍ය මගින් ද අපවිත්‍ර වි ඇත. මළ සිරුරු ආදාහනය මගන් වායු ගෝලය පමණක් නොව ජලය අපවිත්‍ර වනු ඇත.

ගංගා නදිය පමණක් නොව අද ඉන්දියාවේ ගලන ප්‍රධාන ජීව ගංගා සියල්ල මේ අයුරින් දූෂණයට පත් වී ඇත.

අද ජනතාව භාවිතා කරන පානීය ජලය මෙම මෘත දේහ වල අළු වලින් අපවිත්‍ර වූ ජලයයි. මේවාට හේතු මොනවා ද? ස්වභාවික දහම වන ඉසලාම් දහමේ මගපෙන්වීම අත්හැර තමන් නිර්මාණය කරගත් අභිමතයන්ට අනුකූලව කටයුතු කිරීමයි.

මේ කරුණු සිතා බලා ඉස්ලාම් දහමට මිනිසුන් ආකර්ෂණය වන කාලය නුදුරු අනාගතයේ මතුවනවා නිසැකය.

සුසාන භුමියේ ඉහල මිල කිරීම

“නගරයේ ඉඩමක් මිල දී ගන්න යනවද? වර්ග අඩිය දහදාහක් වනවනේ!” යැයි ගෙවල් මිලදී ගන්නා අය සමග කතා බහ කරන්නෙමු. ජීවතුන් අතර සිටින කෙනෙක් තමන්ට නිවසක් මිලට ගන්නා අවස්ථාවල මෙසේ කතාබහ කරන්නෙමු. එහෙත් මරණය පත් වු අයට ඉඩම් සොයන අය සමග කතා කරන්නේ කෙසේ ද?

“මෙම සුසානභුමියේ ද භුමදානය කරන්නේ? එහි එක් වර්ග අඩියක් යැන් 7800 වනවා; එනම් ඇමරිකානු ඩොලර් 1000 ක් (ඉන්දියානු රුපියල් 70 දහසකට ආසන්න). යැයි චීන ජාතිකයින් කතා කරයි.

මෙය අපි මනඃකල්පිව පැවසු කරුණක් නොවේ. 9.04-2014 දින චයිනා ටෙක් පුවත් සේවයේ වාර්තාවක පළවුනු කරුණු අනුසාරයිනි (https://www.youtube.com/watch?v=nkCK9Bye278)

මධ්‍යම චීනයේ හෙනාන් ප්‍රාන්තයේ සෙංසෝ නම් ප්‍රදේශයේ සුසානභුමි වර්ග අඩියක මිල යැන් 7800 කි. එම ප්‍රදේශයේම ජීවත් වීමට ඉඩමක් අවශ්‍යනම් එක් වර්ග අඩියක් යැන් 4000 ක් පමණි.

නිවසකට වියදම් වීමට වඩා භූමදානය කිරීමට යන වියදම දෙගුණයෙකි.

චීනයේ භුමදාන ඉඩම් ගැටළුවට ජාත්‍යාන්තර ආර්ථිකය මැදිහත් වීමත් සමඟ මිල ගනන් ඉතා සීඝ්‍රයෙන් ඉහල නැගී ඇත. ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇත. රජයට මෙය තහනම් කිරීමටත් නොහැකිව පවතින අතර හේතුව මෙය සම්බන්ධව 1997 පනවන ලද නීති සම්පාදනයේ ගැටළු බොහෝමයක් පවතින බව එම රටේ මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයට මෙවන් ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇයි?

සොහොන් දැකීමට යැයි දිනයක් වෙන්කර එම දිනයේ චීන ජාතිකයින් සුසාන භුමි වල රැස්වීමේ සිරිතක් ඇත. මෙය නිමිත්තෙන් මරණය පත් අය වෙනුවෙන් ඔවුන් ස්මාරක ඉදිකරයි. එසමග පොදු දේපලක් වශයෙන් තිබිය යුතු සුසාන භුමි ඉඩම් තම පවුලේ පෞදගලික දේපල බව පරිවර්තනය කර ගනිමින් සිටින්නෝය. චීන ජාතිකයින් මෙවන් අර්බුදයකට මුහුණ දීමට හේතුව මෙයයි.

මරණයට පත් වූවන් භුමදානය කර එය ස්මාරක ඉදි නොකර සිටින්නෙ නම් චීන ජාතිකයන්ට මෙවන් ගැටළුවක් මතු නොවනු ඇත. මෙම ස්වභාවික මූලධර්මය පටහැනිව ක්‍රියා කිරීම මගින් ය මෙවැනි ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇත්තේ.

චීන ජාතිකයින් පමණක් නොව කිතුනුවන් ද මෙසේ ස්මාරක ඉදි කිරීම මගින් මෙවන් ගැටළු අත්විඳිමින් සිටියි. චෙන්නායි නගරය අවට ජීවත්වන කිතුනුවන්ගේ තත්වය මෙයයි.

ඉස්ලාම් දහම ස්වභාවධර්මයට වඩාත්ම ගැලපෙන විසඳුමක් වශයෙන් අවසන් දූතයා වන මුහම්මද් නබි නායක(සල්) තුමාණන් මගින් පහළ කර ඇත.

“පොළෝ මට්මට ඉහලින් කුමන සොහොනක් තිබුණ ද එය සමතලා කර දමනු!” යැයි නබි නායක (සල්) තුමාණන් පවසන ලදී.

දැනුම් දෙන්නා : ජාබිර් (රලි) මූලාශ්‍රය : මුස්ලිම් 1609

සොහොන් අලේප කිරීමත්, එහි(අසල) වාඩිවීමත්, එය මත ඉදිකිරීමත් අල්ලාහ්ගේ දූත නබි නායක (සල්) තුමාණන් තහනම් කර ඇත.

දැනුම් දෙන්නා : ජාබිර් (රලි) මූලාශ්‍රය : මුස්ලිම 1610

ධර්ම දූතයාගේ මෙම උපදෙස ලෝකවාසි මුස්ලිම් ජනතාව අනුගමනය කරමින් සිටියි.

01-08-08 දින සුවුදි ආරාබියේ රජ ෆහද් මරණයට පත්වන ලදී. ඔහුගේ මරණයත් සමග ‍ලෝක වැළඳ පොළේ බොරතෙල් මිල වර්තාගතව ඉහල ගියේය.

මෙවැන පොහොසත් රජ වරයෙකු භූමදානය ඉතා සාමාන්‍ය අන්දමින් සිදුවුණි. රියාද් නගරයේ අල් අව්ද් සුසාන භුමියේ අඩි හයක වලක කිසිම ආඩම්බර කටයුත්තක් නොකර සාමන්‍ය පරිධි භූමදානය කරන ලදී. කෝටි ගණන් වියදම් කොට පළිඟු ස්මාරක ඔහුට ඉදි වුනේ නැත. මෙය අල්ලාහ්ගේ දූතයායේ ගේ මඟපෙන්වීමයි.

පොළොව මට්ටමට වඩා ඉහළට සොහොන් කොත් ඉදි නොකළ යුතු බවටත්, සොහොන් කොත් වලට ආලේප නොකළ යුතු බවටත්, එතුමාණන් ප්‍රකාශ කල හෙයින් මුස්ලිම්වරු තම සොහොන් පොළොවට සමතලා කරනු ලබයි. (දර්ගා යන නමින් නාමමාත්‍රික මුස්ලිම්වරු ඉදිකර තිබෙන සොහොන් කොත් වලට සහ ඉස්ලාමය කිසිම සම්බන්ධයක් නැත.)

ඉස්ලාම් දහමේ මෙම මඟපෙන්වීම මගින් කෙතරම් මිනිසුන් මරණයට පත් වුවද භුමදානය කිරීමේ දී කිසිම ගැටළුවක් මතු නොවනු ඇත.

භුමදානය කිරීමට වර්ග අඩි ප්‍රමාණයට ඉඩම් මිලදී ගෙනිමේ ප්‍රශ්ණ ද මුස්ලිම්වරු මුහුණ පාන්නේ නැත. මේ අයුරින් භුමදානය කිරීමෙන් මුල්‍යමය ලාභයක් ද තිබේ.

තවත් බොහෝ කරුණු ඉස්ලාමය ස්වභාවික දහමක් බව විදහා දක්වයි.