ජිහාද්වාදය විමසුමක්!

ජිහාද්වාදය විමසුමක්!

ජිහාද් සහ ත්‍රස්තවාදය යන මාතෘකාව සාධාරණ ලෙස සහ යුක්ති සහගත ලෙස අධ්‍යයනය කිරීමට නම් ජිහාද් යන පදය එහි සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා බැලිය යුතුය. එමෙන්ම ත්‍රස්තවාදය යන පදය ද සියලූම දෘෂ්ටිකෝණයෙන් විමසා ජිහාද් යන පදය සමග සසඳා බැලිය යුතුය. එවිටය, ජිහාද් සහ ත්‍රස්තවාදය දෙක යහමින් අවබෝධ කර ගත හැකි වන්නේ.

ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිඛෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැකීම ඇපකැප වී වෙහෙසීම වේ.

ඉස්ලාම් ධර්මය හා මුස්ලිම්වරුන්පිලිබඳව වැරදි මත හා වැරදි ආකල්පඇති වීමට ප්‍රධානම සංකල්පය වශයෙන්මෙම ජිහාඩ් සංකල්පය හඳුන්වා දියහැකිය. මුස්ලිම් සමාජය යනු ඉතා දරදඬුනැතනම් භයානක ජන කොටසක් ලෙසහුවා දැක්වීමට මෙම ජිහාඩ් යන සංකල්පය යොදාගැනීමට බොහෝ ඉස්ලාම් විරෝධී බටහිරමාධ්‍ය විශාල මෙහෙයුම් දියත් කල අතර තරමක් දුරට මුස්ලිම්වරු පිලිබඳ මිනිසුන් තුලආකල්පමය වෙනසක් ඇති කිරීමට එය තුඩුදී ඇත. ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉස්ලාමීයජිහාඩ් සංවිධාන ලෙස හුවා දැක්වීම ඉතා ශුක්ෂම ලෙස මොවුන් විසින් විවිධ ක්‍රමවේද භාවිතාකර පතුරුවනු ලැබ ඇත. මෙහිදී ඔවුන් ජිහාඩ් යන්න සංසන්දනය කර ඇත්තේ ත්‍රස්තවාදයටය. මේ අනුව ජිහාඩ් යනු ත්‍රස්තවාදය යනුවෙන් අර්ථ නිරුපනය කර ඇත.

 ඉරාකයේ ඉතා භයානක අවි ආයුධ තිබෙන බව පවසා එය ආක්‍රමණය කර ලක්ෂ සංඛයාතඉරාක වැසියන් අමු අමුවේ පවුල් පිටින් මරා දමනු ලැබීය. ඔවුන්ගේ ඉදිරිපිට ගැහැණු දරුවන්දුෂණය කරනු ලැබීය. ඔවුන්ගේ නිවාස දේපල බෝම්බ දමා විනාශ කරනු ලැබීය. මේසියලුම අපරාධයන්ටමුහුණදුන් ඔවුන්ගෙන් සමහරු තමන්ගේ මව්රටට හා තමන්ගේපවුලේ අයට අපරාධ සිදුකල ඇමරිකානුවන්ට විරුද්ධව කැරලි ගැසුවිට ඔවුන්ව ජිහාඩ්මුද්‍රණය දමා මහා භයානක ත්‍රස්තවාදී ජනකොටසක් ලෙස හුවා දක්වන ලදඅතර මෙයටමාධ්‍යතුලින්ද ඉතා විශාල ප්‍රචාරයක් ලබා දී කෙනකු අල්කුරානය අතැතිව තර්ජනය කරනආකාරයේ රූපරාමු යොදා ලොවට හඬ නගා කියන ලදී.

 මේ තත්වය තුල ලොව අන් රටවල් හා ජාතීන් මෙයදඩමීමා කරගෙන මුස්ලිම්වරුන්ව පාලනය කිරීමටඕනෑම දෙයකට මෙම ජිහාඩ්යන නාමය ලේබල් කරනුලබයි. අද ලංකාවේ වුවද මෙම ක්‍රමයම බොහෝඅන්තවාදී හා ආගම්භේදවාදීන් විසින් අනුගමනය කරනුලබන්නේය. ආගමික කටයුතු සඳහා සංවිධානය වනයම් ඉස්ලාමීය සංවිධානයක් වේද එයටද ජිහාඩ්ත්‍රස්තවාදී සංවිධාන යනුවෙන් කියනා තරමට අද මෙම ජිහාද් යන්න භයානක ලෙස හුවා දක්වා ඇත.

ජිහාඩ් යන්න කුමක්දැයි ඉස්ලාම් ධර්මය තුලින් සොයා බැලීමක් නොකර මෙම ජිහාඩ් සංකල්පය අර්ථ කථනය කල නොහැක. සාමාන්‍යයෙන් ජිහාඩ් යන්නට ශුද්ධවූ යුද්ධය යනුවෙන් බටහිර රටවල් බොහෝවිට හඳුන්වා දෙනු ලැබුවද එය නියමාකාරයෙන් එම අරාබි වාක්‍යය අනුව සිංහල භාෂාවට පරිවර්තනය කලවිට පරිශ්‍රමය (striving), උත්සාහය නැත්නම් අරගලය නම් වේ.

‘ජිහාද්’ යන අරාබි වචනයේ මුල් පද අක්ෂර වන්නේ ජ-හ-ද යන්නය. ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් මෙහි අර්ථය එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය කෝණයෙන් ‘ජිහාද්’ යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වන්නේය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම ද ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක.

ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබි නායක (සල්) තුමාණන් විසින් විස්තර කොට ඇත.

මුවින් ජිහාද් කිරීම

 යහපත දේශනා කිරීම හා අයහපතට විරුද්ධව හඬ නැගීම මින් අදහස් කෙරේ. දුෂිත පාලනයට විරුද්ධව හඬ නැගීමද මෙයට ඇතුලත්ය. තමන් ඉදිරියේ යම් අපරාධයක් සිදුවන විට එයට තමන්ගේ මුවින් විරුද්ධ වීමද ජිහාඩ් වේ. නබි තුමාගේ හදීසයක මෙසේ සඳහන් වේ.

70 - حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ ح و حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ كِلَاهُمَا عَنْ قَيْسِ بْنِ مُسْلِمٍ عَنْ طَارِقِ بْنِ شِهَابٍ وَهَذَا حَدِيثُ أَبِي بَكْرٍ قَالَأَوَّلُ مَنْ بَدَأَ بِالْخُطْبَةِ يَوْمَ الْعِيدِ قَبْلَ الصَّلَاةِ مَرْوَانُ فَقَامَ إِلَيْهِ رَجُلٌ فَقَالَ الصَّلَاةُ قَبْلَ الْخُطْبَةِ فَقَالَ قَدْ تُرِكَ مَا هُنَالِكَ فَقَالَ أَبُو سَعِيدٍ أَمَّا هَذَا فَقَدْ قَضَى مَا عَلَيْهِ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ

"ඔබ අතරින් කෙනෙකු යම් අනර්ථකාරී දෙයක් දුටුවා නම් එය සිය අතින් වලක්වන්න. එසේ ඔබට කිරීමට ශක්තියක් නොමැති නම් ඔබේ මුවින් වලක්වන්න. එයද ඔබට කල නොහැකි නම් ඔබේ සිතින් එය පිළිකුල් කරන්න. එය ඔබේ විශ්වාසයේ ඉතා දුර්වල ස්ථානය ගනී".

දැනුම් දෙන්නා අබූ බක්ර්

මූලාශ්‍රය සහීහ් මුස්ලිම් (70)

 දේශනා මගින් හා ඉගෙන්වීම් ඔස්සේ ජිහාඩ් කිරීම 

 දැනුම වර්ධනය කිරීම, ඉගෙන ගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාව ඉස්ලාමය විසින් ජිහාඩ් යනුවෙන් සලකනු ලැබේ. ජිහාඩ් කිරීම හඟවන නෆර යන පදය අල්කුරානයෙහි සිප් සතර හැදෑරීම සඳහා පිටවීම යන අරුත දීමට යොදා ඇත.

فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا (52) سورة الفرقان

(එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයවලුන්ට අවනත නොවන්න. මෙමගින් ඹවුන් සමග දරුණු ලෙස සටන් කරන්න.

ශුද්ධ වූ අල් කුර්ආනය 25:52

දේශපාලන සටන්

 රජවරුන්, පාලකයන්, සහ බලයෙහි සිටින්නන් යනාදින්ගේ අරාජික ක්‍රියා කලාපය පෙන්වා දෙමින් ඒවා නිවැරදි කිරීම මෙම ජිහාද් වර්ගයට අයත්වේ.

දුෂ්ඨ පාලකයකුට සත්‍ය අවබෝධ කරවීම සම්බන්ධයෙන් නබි තුමා මෙසේ සඳහන් කළහ.

3781 - حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَادَةَ الْوَاسِطِيُّ حَدَّثَنَا يَزِيدُ يَعْنِي ابْنَ هَارُونَ أَخْبَرَنَا إِسْرَائِيلُ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ عَنْ عَطِيَّةَ الْعَوْفِيِّ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَفْضَلُ الْجِهَادِ كَلِمَةُ عَدْلٍ عِنْدَ سُلْطَانٍ جَائِرٍ أَوْ أَمِيرٍ جَائِرٍ

"ජිහාඩ් ය ඉතාමත් ශ්‍රේෂ්ඨ වන්නේ දුෂ්ඨ පාලකයකුට සත්‍යය ගෙන හැර පෑම යනුවෙන් නබි නායක (සල්) තුමාණන් පවසා ඇත.

දැනුම් දෙන්නා අබූ සෛද් අල් කුද්රි (රලි) තුමා

මූලාශ්‍රය අබූ දාවුද් (3781)

 ධනයෙන් කරන ජිහාද්

 අල්ලාහ්ගේ මාර්ගයේ ධනය පරිත්‍යාග කිරීම මෙයින් කියැවේ.

وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ (195) سورة البقرة

(නුඹලාගේ ධනය)අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු, නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙලනු. විශිෂ්ඨ අයුරින් සියලු දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ඨ අයුරින් කටයුතු කරන්නවුන්  අල්ලාහ් ඇලුම් කරයි.

ශුද්ධ වූ අල් කුර්ආනය 2:195

ඒ අනුව "අල්ලාහ්ගේ තෘප්තිය ඇති කර ගනු පිණිස ඔහු දැක්වූ මාර්ගයේ සිට ඔහුගේ දීන් (මර්ගයේ) උන්නතිය උදෙසාත් සත්‍යය තහවුරු කිරීම සඳහාත් ගනු ලබන සියලුම උත්සාහයන්, අරගලයන් හාවෑයම් ජිහාද් වේ". ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙය 'අල්ජිහාඩ් ෆී සබීලිල්ලාහ්' එනම් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම යන්නෙන් සඳහන්වේ.

ජීවිත පරිත්‍යාගය

 ජිහාදයේ ඉතා උසස් වන්නේ ශරීරය, ජීවිතය, කැප කරමින් කරන ජිහදයයි. අල්කුරානය සහ නබි වදන් හි මෙය ඉතා උසස් කොට වර්ණනා කර ඇත. මිහිපිට අසාධාරණ කම් තුරන් කොට යුක්ති සාධාරණත්වය තහවුරු කරමින් සත්‍ය පවත්වා ගැනීමට මුස්ලිම්වරයකු ජීවිත පරිත්‍යාගයෙන් හෝ කටයුතු කල යුතුය.

ඉස්ලාමීය මුලික මග පෙන්වීම්වලට අනුව අසාධාරණයට හා අසත්‍යයට එරෙහිව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමේ ක්‍රියාව දැක්වීමටද 'ජිහාඩ්' යන්න භාවිතා කෙරේ. අනෙක් අතට මිනිසුන්, සමාජ හා රාජ්‍යයන් විසින් තම ආත්මාර්ථකාමීත්වය අරමුණු කරගෙන කරන සටනට 'හර්බ්' යනුවෙන් අරාබි භාෂාවෙන් කියනු ලැබේ.

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آَمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُولَئِكَ هُمُ الصَّادِقُونَ (15) سورة الحجرات

"සැබෑ මුඃමීන්වරුන් වන්නේ අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරයා විශ්වාස කර ඉන්පසු ඒ ගැන සැක නොකර තම ධනයෙන්ද තම දිවියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙස වන අයයි. ඔවුහුමය සත්‍ය වාදීහු"

ශුද්ධ වූ අල් කුර්ආනය 49:15

මෙම වාක්‍යය අනුව බලන කල ඉහත අප සඳහන් කල හර්බ් යන අර්ථයට වඩා ජිහාද යන අර්ථය වෙනස් හා ඉතා පුළුල් බව ඉතා පැහැදිලිය. එනම් මෙහි අල්ලාහ්ගේ මාර්ගය යන්න ඉතා පුළුල් හා විශාල අර්ථකථනයකින් යුක්තය. නමුත් බොහෝ දෙනා සිතා සිටින්නේ ජිහාද් යැයි කියූ පමණින් ආයුධ සන්නද්ධ සටන් ගැන පමණී.

අල්ලාහ්ගේ මාර්ගය යන්නෙහි අර්ථකථනය: මිහිපිට අයහපත වලක්වා යහපත පැතිරවීම, දේව නීති රීතිවල ආධිපත්‍ය පවත්වා ගැනීම, අසාධාරණයට එරෙහිව සටන් කිරීම, සත් ක්‍රියාවන් උදෙසා සම්පත් පරිත්‍යාග කිරීම, තෘෂ්ණාවට එරෙහිව සටන් කිරීම, නිවැරදි ක්‍රම මගින් හරි හම්බ කිරීම යනාදී සත්ක්‍රියා සියල්ල ජිහාඩ් වේ. උදාහරණ වශයෙන් පහත දේ සඳහන් කල හැකිය.

 ඒ අනුව ජිහාද් යන උතුම් මෙහෙවර ලෞකික අරමුණුවලින් තොරව සත්‍ය තහවුරු කිරීම පිණිස ඊමන්ධාරින් හෙවත් අල්ලාහ් පිලිබඳ සත්‍ය බියභක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතු අය අල්ලාහ්ගේ මාර්ගයේ කරන පුණ්‍ය ක්‍රියාවන් ෆී සබීලිල්ලාහ් යන වාක්‍යාංශයෙන් ගම්‍ය වෙයි.

එම නිසා ජිහාද් නම් මෙහෙවර පෞද්ගලික බලපුලුවන්කාරකම සහ ආධිපත්‍යය තහවුරු කරගැනීමට, භූගෝලීය දේශසීමාවන් ව්‍යාප්ත කරගැනීමට, සම්පත් සුරා ගැනීමට හෝ මහා පොලවේ කලබල හා විනාශය ඇතිකිරීමට හෝ කරන්නක් නොවේ.

تِلْكَ الدَّارُ الْآَخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ (83) سورة القصص

" මහ පොලොවහි උද්දාමය සහ අවැඩ කිරීම් අපේක්ෂා නොකරන අයට අපි පරලොව වාසස්ථානය නියම කරන්නෙමු. අවසාන විමුක්තිය බිය බැතිමතුන්ට ."

ශුද්ධ වූ අල් කුර්ආනය 28:83

ඉහත අල්කුරානීය වාක්‍යයට අනුව උද්දාමය අපේක්ෂා නොකරන යනු අප ජිවත්වන මෙලොව තම ආධිපත්‍යයට නතු කරගැනීමට කැරලි ගැසීම, මිනිස් ජීවිතවලට හා වස්තුන්වලට හානි පමුණු වීම යනාදී අකටයුතු වලින් වැලකී සිටීම හෝ දුෂ්ඨ පාලකයන් සහ අහංකාර ජනයා මෙන් නොව පහත් සේවකයන් ලෙස ජීවත් වන්නාවුද අල්ලාහ්ගේ සේවකයන් තමන්ගේ සේවකයන් බවට පත් කරගැනීමට අපේක්ෂා නොකරන්නාවු ද අයයි.

ඉහත කරුණු අනුව ජිහාඩ් යන්න මුස්ලිම්වර්යකුගේ ජීවිතයත් සමග එකට එක්ව පවතින දෙයකි.  ජීවිතයේ කඩතොළු ජයගැනීමට ජිහාඩ් කිරීම අත්‍යවශ්‍ය දෙයකි.

අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ජිහාද් කිරීමේදී ආයුධ අතට ගෙන සටන් කිරීම අවසන් අදිරය බව ඉතා මැනවින් වටහා ගත යුතුය. සන්නද්ධ සටනකදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියන් බොහොමයක් ඇත. එය සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදයට විරුද්ධය. ඉස්ලාමිය දෘෂ්ඨි කෝණයට අනුව ත්‍රස්තවාදයට විරුද්ධවද ජිහාද් කළ යුතුය

සටන් කිරීමට කිසිවෙක් ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය නොකරයි. නමුත් ලොව් තුරා ඉස්ලාම් දහම සටන් කිරීමට අනුගමනය කරන ආචාර ධර්ම පද්ධතිය කුමක්දැයි බලන්න.

وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ (190) سورة البقرة

" නුඹලාට එරෙහිව සටන් කිරීමට එන අය සමඟ අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා ද සටන් කරන්න. එහෙත් සීමාව නොඉක්මවන්න. අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරයි."

ශුද්ධ වූ අල් කුර්ආනය 2:190

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ (39) سورة الحج

" එරෙහිව සටන් කරනු ලැබේද, ඔවුනට (සටන් කිරීමට) අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ ඔවුනට අසාධාරණකම් කරනු ලැබ නිසාය. ඔවුනට උදව් කිරීමට අල්ලාහ් නියත වශයෙන්ම බලසම්පන්නය."                                                              

ශුද්ධ වූ අල් කුර්ආනය 22:39

කෙසේ වෙතත් ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමේදී වුවද සීමාව ඉක්මවා ක්‍රියා නොකරන ලෙස ඉස්ලාමය දැඩිව නියෝග කරයි. සටන් කරීමේදී සාරධර්ම රැකගත යුතු බව ඉස්ලාමයෙන් අවධාරනය කෙරේ.

"ඔබට මුහුණලා සටන් නොවදින අයට එරෙහිව සටන් නොකරන්න. පූජකවරුන්, ස්ත්‍රීන්, දරුවන්, මහල්ලන් යනාදීන් නොමරන්න. ගස් නොකපන්න, ගින්දර ඇවිලීම් නොකරන්න, කොල්ලකෑම් නොකරන්න, සිද්ධස්ථාන වලට හානි නොපමුණුවන්න, වධ හිංසා නොකරන්න, තුවාල කරුවන් හා යුද සිරකරුවන්ට ගෞරවනීය ලෙස සලකන්න යනාදී ශ්‍රේෂ්ඨ ක්‍රියා සන්නද්ධ ජිහාදයෙදී පිළිපදින ලෙස තම සේනාධිපතින්ට නබි තුමා උපදෙස් දී ඇත”

ඉස්ලාම් සාමකාමී ධර්මයකි!

ඉස්ලාම් සටන් වලට වඩා සාමය ප්‍රිය කරයි. ඉස්ලාම් යන වචනයට සාමය යන අදහස ගෙන දේ.

قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ذَلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (151) سورة الأنعام

"එන්න. නුඹලාගේ රබ් (පරමාධිපති) තහනම් කලදේ මම ප්‍රකාශ කරමි" යනුවෙන් (මුහම්මද්,) පවසන්න. නුඹලා අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන්න. දෙමව්පියන්ට කරුණාවෙන් සලකන්න. දිළිඳුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරන්න. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. විවෘතව හෝ රසිගතව හෝ අශික්ෂිත දේ වෙත ලං නොවන්න. අල්ලාහ් තහනම් කළ බැවින් කිසිවෙක් (ඒ සදහා) අයිතියක් තිබේ නම් මිස නොමරන්න. නුඹලාට වටහාගනු පිණිස ඔහු මෙය නුඹලාට අවධාරණය කරයි.
ශුද්ධ වූ අල් කුර්ආනය 6:151

وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا (31) سورة الإسراء

 "දිළිඳුකමට බියෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන්න. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. ඔවුන් ඝාතනය කිරීම බිහිසුණු අපරාධයකි".

ශුද්ධ වූ අල් කුර්ආනය 17:31

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ (32) سورة المائدة

 
"මිනී මැරුමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහා පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ  අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයා ම ඝාතනය කළා වූ කෙනෙක් මෙන් යනුවෙන් ද මිනිසෙකු ජීවත් කරවන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වූ කෙනෙක් මෙන් යනුවෙන් ද ඉස්රායීල්ගේ දරුවන්ට අපි නියම කළේ මේ හේතුවෙනි.     

ශුද්ධ වූ අල් කුර්ආනය 5:32

මෙම වාක්‍යවලින් මනුෂ්‍ය ජීවිතයේ පුජනීයත්වය අවධාරණය කරන අතර සෑම කෙනෙකුම අන් කෙනෙකුගේ ජීවිතය පුජනීය බව සලකා එය ආරක්ෂා කිරීමට සහයවීම අත්‍යවශ්‍යයි. යුක්තියක් නොමැතිව අන් අයකුගේ ජීවිතයට හානි කරන්නෙකු එම ජීවිතක්ෂයට පත් පුද්ගලයාට අයුක්තියක් කළා පමණක් නොව තමන්ට මිනිස් ජීවිතයේ පුජනීයත්වය පිලිබඳ හැගීමක් නොමැති බවත් අන්‍යයන් කෙරෙහි දයලුභාවයක් තමා තුල නොමැති බවත් ප්‍රදර්ශනය කිරීමක්වේ. එනිසා ඔහු නිසැකයෙන්ම මුළු මිනිස් සංහතියේම සතුරා වේ. අනෙක් අතට යමෙක් එකඳු මිනිස් ජීවතයක් පවා ආරක්ෂා කිරීමට සහය වන්නේද ඔහු සියලු මිනිස් සංහතියේම අනුග්‍රාහකයෙක්වේ. මක් නිසාද යත් සියලු මනුෂ්‍ය වර්ගයාගේම ආරක්ෂාව රඳා පවතින ගුණාංග ඔහු තුල ඇති බැවිනි.

لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ (8) سورة الممتحنة

"ධර්මයෙහි නුඹලා සමග සටන් නොකළාවු ද, නුඹලාගේ නිවෙස්වලින් නුඹලා පිටුවහල් නොකළාවු ද අයට යහපත කිරීම ද ඔවුනට යුක්තිය පසිදලීම ද, අල්ලාහ් නුඹලාට තහනම් නොකරයි. අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි".

ශුද්ධ වූ අල් කුර්ආනය 60:8

ඉහත අල්කුරාන් වාක්‍යය අනුව අන්‍ය ජාතිකයන් සමග සාමයෙන් හා කාරුණිකව ක්‍රියා කළ යුතුය යන්න පැහැදිලිවේ.

මෙහිදී අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ, සමහර බටහිර රාජ්‍යයන් හා සංවිධාන ජිහාඩ් යන්නට ඉස්ලාමයේ නැති අර්ථ හුවා දක්වා මුස්ලිම්වරු අපහාසයට ලක් කිරීමට කළ කුමන්ත්‍රණයක් බවත් ජිහාද් යන්නට ශුද්ධ වූ යුද්ධය යනුවෙන් කිසිම අල්කුර්ආනීය වාක්‍යයක සඳහන් නොවේ.

තවද ජිහාද් යන්න  ත්‍රස්තවාදය පිටුදකින, ත්‍රස්තවාදය තරයේම හෙලාදකින හා එයට විරුද්ධව නැගී සිටීමට පොළඹවන සංකල්පයක් වේ. තවඳ අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යය බලයෙන් හා ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා අප සමාජයට ඇතුළු කිරීමටද, අපගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අධිරාජ්‍යවාදීන්ට විරුද්ධවද, අප රට සතු සවාභාවික සම්පත් කොල්ලකෑමට  විරුද්ධවද නැගී සිටීමට අප පොළඹවන සංකල්පයක් හැටියට ජිහාද් හැඳින්විය හැකිය