කොළඹ ජාතික රෝහලට සමාජ සත්කාරයක් !

ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය විසින් 20.04.2015 දින කොළඹ ජාතික රොහලේ වාට්ටු අංක 27 සහ 38 සඳහා රුපියල් ලක්ෂයක් වටිනා රෝහල් භාණ්ඩ ප්රදානය කරන ලදී. ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය සුබෛර් මහතාගේ ඉල්ලිමක් අනුව ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය විසිනි මෙකී සත්කාරය කරන ලදී. ඒ අනුව සංවිධානයේ උප ලෙකම් වරුන් වන සහෝදර මුයීනුදීන්, සහෝදර රජාබ්දීන් සමග ශල්‍ය වෛද්‍ය සුබෛර් මහතා විසින් ජාතික රොහලේ පරිපාලන අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ මහතා වෙතට කොළඹ ජාතික රෝහල වෙනුවෙන් අදාළ රෝහල් භාණ්ඩ ප්රනදානය කරන ලදී. සියලු ප්‍රශංසා සර්ව බලධාරී අල්ලාහ්ට ම හිමි වේවා! ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් - මාධ්‍ය අංශය