ලෛලතුල් කද්ර් රාත්‍රිය

රමළාන් මස එක් රැයක් ඇත. එම රැය මාස දහසකට වඩා විශිෂ්ට ව පිහිටා ඇත.
බලගතු රැයක අපි මෙය පහළ කළෙමු. බලගතු රැය යනු කුමක් දැයි ඔබ දන්නේ කෙසේ ද? බලගතු රැය මාස දහසකට වඩා විශිෂ්ට ය.
පරිශුද්ධ වූ අල් කුර්ආන් 97: 1-3
මෙම බලගතු රැය මෙය යැයි පරිශුද්ධ වු අල් කුර්ආනයේ හෝ සම්මත හදීස්වල හෝ ප්‍රකාශ වී නැත. නමුත් රමළාන් මස අවසන් රාත්‍රී දහයේ ඔත්තේ දිනවල එම රාත්‍රිය තිබිය හැකි බව හදීස්වල දැක ගත හැකි සත්‍යය වේ.
ලෛලතුල් කද්ර්ය රමළානයේ අවසන් දින දහසේ ඔත්තේ දිනවල රාත්‍රියන්හි සොයා ගන්නැයි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය : බුකාරි (2017, 2020)
නබි නායක (සල්) තුමාණන් වෙත ජනතාව පැමිණිය හ. එවිට මිනිසුන් දෙදෙනෙක් වාද කරමින් සිටිය හ. එය මම අමතක කළෙමි. එබැවින් එය 27, 29, 25 ආදී දිනවල සොයා ගන්නැයි නබි නායක (සල්) තුමාණන් පැවසූ හ.
දැනුම් දෙන්නා : අබු සයීද් (රලි) තුමා
මූලාශ්‍රය : බුකාරි (49, 2023, 6049)
ඇතැම් දින ලෛතුල් කද්ර් යැයි ඇතැම් හදීස්වල පැමිණියත් එය අවසාන දින දහසේ යම් කිසි දිනයක් වි හැකි බැවින් එම දින දහයේ ම එ සඳහා උත්සහ කිරීම වඩාත් යහපත් ය.
ලෛලතුල් කද්රයේ අමල් (යහපත් ක්‍රියා)
ලෛලතුල් කද්ර් රාත්‍රියට ආවේණික සලාතයක් හෝ නමැදුමක් ගැන හදීස්වල දැක ගත නොහැකිය. නමුත් අවසාන දින දහය මස්ජිදයේ ම නැවතී සිටින ඉඃතිකාෆ් නමැති නැමදුම නබි නායක (සල්) තුමාණන් ඉටු කර ඇත.
නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වන තුරු රමළානයේ අවසාන දින දහයේ ඉඃතිකාෆ් සිටියහ. එතුමාණන්ට පසු එතුමාණන්ගේ භාර්යාවරු ඉඃතිකාෆ් සිටියහ.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය : බුකාරි (2026)
නබි නායක (සල්) තුමාණන් ඉඃතිකාෆ් සිටීමට ප්‍රිය කළේ නම් සුබහ් සලාතය ඉටු කර තමන් ඉඃතිකාෆ් සිටින ස්ථානය වෙත යන්නෝ ය.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය : බුකාරි (204)
ඔත්තේ දිනවල ලෛලතුල් කද්රය සොයන ලෙස නබි නායක (සල්) තුමාණන් ප්‍රකාශ කර තිඛෙන බව මුල දී දැන ගත්තෙමු. එබැවින් ෆජ්ර් සලාතය සමඟ ම ඉඃතිකාෆ් සිටීමට පටන් ගනිති යන්න 21 වන දින ෆජර් විය නොහැකිය. එසේ වී නම් එම රාතිය එතුමාණන්ට අත පසු වී ගොස් තිබිය යුතුයය 20 වන දින ෆජ්ර් සලාතයට පසු ඉඃතිකාෆ් සිටින්නෝය යනුවෙන් වටහා ගැනීම ම යෝග්‍ය වේ.
රමළානයේ අවසාන දින දහයේ ඉඃතිකාෆ් සිටීමට එතුමාණන් අදහස් කළ විට ඒ සඳහා කූඩාරම් සාදන ලෙස අණ කළහ එලෙස ම සාදන ලදී.
මෙය පෙර හදීසයේ ඊලඟ කොටසයි.
මස්ජිද්වල ඉඃතිකාෆ් සිටීමට කූඩාරම් හැදිය හැකි බව මෙම හදීසය පැහැදිලි කරයි. නමුත් මෙය පොදු අනුමැතියක් නොවේ. මෙය අල්ලාහ්ගේ දූතයාණන්ට පමණක් අදාල යැයි වටහා ගත යුතුය. මේ බව මෙම හදීසය අනෙක් කොටස පැහැදිලි කරයි.
වහාම සෛනබ් (රලි) තුමිය කූඩාරමක් සෑදීමට නියෝග කළාය. එය සාදන ලදී. නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාවන්ගෙන් තවත් කිහිප දෙනෙක් ද එලෙසම නියෝග කළහ. එලෙසම සාදන ලදී. නබි නායක (සල්) තුමාණන් ෆජ්ර් සලාතය ඉටු කර බලන විට බොහෝ කූඩාරම් සාදා තිඛෙනු දුටූහ එවිට එතුමාණෝ මොවුන් යහපත ද අපේක්ෂා කරන්නේ? යැයි අසා තම කූඩාරම වෙන් කරන ලෙස අණ කළහ එලෙස ම වෙන් කරන ලදී රමළාන් මස ඉඃතිකාෆ් සිටීම අත් හැර දමා ෂව්වාලයේ අවසාන දහයේ ඉඃතිකාෆ් සිටිය හ.
මෙය ද මෙම හදීසයේ අනකේ කොටසයි.
මොවුන් යහපත ද අපේක්ෂා කරන්නේ යන ප්‍රශ්නයත් නබි නායක (සල්) තුමාණන් තම කූඩාරම් ගලවා දමා ඉඃතිකාෆ් අත් හැර දැමීමත් මෙලෙස බහුලව කූඩාරම් සාදා තිබීමෙහි එතුමාණන්ට තිබු අතෘප්තිය පෙන්වයි.
නබි නායක (සල්) තුමාණන් මස්ජිදයේ ඉඃතිකාෆ් සිටින විට මම නිවසේ මාස් ශූද්ධියේ සිටය දී ම එතුමාණන්ගේ හිස පීරන්නෙමි. එතුමාණන් තම හිස නිවස තුළට දිගු කරන්නෝය. මිනිසාගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවකට (වැසිකිලි යාමට) මිස නිවසට නොයන්නෝය.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය : බුකාරි (2029)
ඉඃතිකාෆ් සිටින විට හිස පීරා ගත හැකිය. භාර්යාව ස්පර්ශ කළ හැකිය යන්න මෙයින් වටහා ගත හැකිය.
නබි නායක (සල්) තුමාණන් ඉඃතිකාෆ් සිටින්නෝය. රාත්‍රියේ දී එතුමාණන් හමුවීමට මම ගියෙමි. එතුමාණන් සමඟ කථා කරමින් සිටියෙමි. පසුව මම බැහැරව යෑමට නැගිට්ටෙමි. මා නිවසට එක් කරගෙන යෑමට එතුමාණන් ද නැගිට්ටෝය.
දැනුම් දෙන්නා : සෆියියා (රලි) තුමිය
මූලාශ්‍රය : බුකාරි (2035, 2038, 3101, 3281)
භාර්යාව මස්ජිදයට පැමිණි ඉඃතිකාෆ් සිටින ස්වාමි පුරුෂයා සමඟ කථා කළ හැකි බව මෙයින් දැන ගත හැකිය.
මෙම හදීසය තුළින් නබි නායක (සල්) තුමාණන් මස්ජිදයෙන් පිටතට ගොස් භාර්යාව නිවසට එක් කරගෙන ගොස් පැමිණී බව අර්ථකථනය නොකළ යුතුයි. එතුමාණන්ගේ නිවස මස්ජිදය තුළට පිවිස යා හැකි ලෙසින් මස්ජිදයට යා බදව පිහිටා තිබුණි. එබැවින් මස්ජිදයේ සිටි ලෙසින් ම භාර්යාව නිවසට යවා තැබූහ යනුවෙන් වටහා ගත යුතුය.
ඉඃතිකාෆ් සිටින අය රෝගීන් සුවදුක් නොවිමසා සිටීම දල ජනාසාවේ සහභාගී නොවී සිටීම ද භාර්යාවන් ස්පර්ශ නොකර හා වැළඳ නොගෙන සිටීම ද අත්‍යවශ්‍ය අවශ්‍යතාවකට මිස බැහැරව නොගොස් සිටීම ද නබි මගකි.
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය අබුදාවූද් (2115)
ඉඃතිකාෆ් සිටින අය මෙම පිළිවෙත් ආරක්ෂා කර ගත යුතුය.
ලෛලතුල් කද්රයේ උසුරිය යුතු දුආව
අල්ලාහගේ දූතයාණෙනි ලෛලතුල් කද්ර් රැය කුමක්දැයි මට දැන ගැනීමට අවශ්‍ය නම් එම රැයේ කුමක් උසුරිය යුතුද? යනුවෙන් මම ඇසුවෙමි එයට එතුමාණෝ පහත සඳහන් ලෙස උගන්වා දුන්හ.
اللَّهُمَّ إِنَّكَ عُفُوٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي
“අල්ලාහුම්ම ඉන්නක අෆුව්වුන් තුහිබ්බුල් අෆ්වෆහ්ෆු අන්නී”
අර්ථය :
යා අල්ලාහ් ඔබ ක්ෂමා කරන්නෙකි. ක්ෂමා ව අයැදීම ප්‍රිය කරන්නෙකි. මාව ක්ෂමා මැනව!
දැනුම් දෙන්නා : ආයිෂා (රලි) තුමිය
මූලාශ්‍රය : තිර්මිදි (3455)
නබි නායක (සල්) තුමාණෝ ලෛලතුල් කද්ර් රැයේ විශේෂයෙන් කළ යුතු නැමදුමක් ලෙස උගන්වා දී ඇත්තේ මේ දුආව පමණයි. එබැවින් මෙම දුආව අවසාන දින දහයේ රැයවල අධිකව උසුරිය යුතුයි.