ISIS ඉස්ලාම් විරෝධි සංවිධානයකි! - ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයේ නිල මාධ්‍ය ප්‍රකාශය!

ISIS ඉස්ලාම් විරෝධි සංවිධානයකි! - ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයේ නිල මාධ්‍ය ප්‍රකාශය!

ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙක් ජාත්‍යාන්තර ත්‍රස්තවාදි සංවිධානයක් වන ISIS සංවිධානයට එක් වී මරණයට පත් වූ බවට තොරතුරක් අනාවරණය වී තිබෙන මෙම අවස්ථාවේදී, ශ්‍රී ලාංකේය මුස්ලිම්වරු ත්‍රස්තවාදයට සහයෝගය දක්වන හා අනුබල දෙන අය බවට හංවඩු ගැසීමක් ජාතිවාදි පිරිස් සිදු කරමින් සිටිති.

වත්මන් ලොවේ ත්‍රස්තවාදයට අනුරූපී නාමයක් වශයෙන් ඉස්ලාම් යන නාමය පරිවර්තනය කරමින් සුපිරිසිදු ඉස්ලාම් ධර්මයට දරුණු කැළැලක් ඇති කිරීමට ජගත් මාධ්‍ය ඇතුඵැ ඉස්ලාම් ෆෝබියාය සහිත පිරිස් ප්‍රයත්න දරමින් සිටිති. ඉස්ලාමයේ කීර්ති නාමය විකෘති කරමින් ඉස්ලාමය පිළිකුල් කරවන්නටත් ජනතාවගෙන් ඈත් කරවන්නටත් උත්සහ මුස්ලිම්වරුන් දෙස බලා සෙසු අය ත්‍රස්ත වන තත්වයක් උදා කරන්නටත් ජාත්‍යන්තර වශයෙන් තිරයෙන් පිටුපස නොයෙකුත් කුමන්ත්‍රණ සිදු වේ.

ඉස්ලාම් ධර්මය වූ කලී එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ද ප්‍රතිපත්තියෙන් ද ක්‍රියාකාරකම්වලින් ද සාමය මත ගොඩ නැගුණු ධර්මයකි. ඉස්ලාම් යන වචනයේ නිරුක්තිය සලාම් යන්නයි. සලාම් යන්නෙන් අදහස් වන්නේ සාමයයි. අවනත වීම එහි අවධාර්ත අර්ථයයි. එනම් අප නිර්මාණය කරන ලද එකම දෙවියාට අපගේ මුළු හදවතින් ම අවනත වීම ඉන් අර්ථවත් වේ. එසේ මුළුමනින් ම විශ්වාධිපති දෙවියන්ට අවනත වන තැනැත්තෙක් මුස්ලිම්වරයෙකි.

ඉස්ලාමීය සම්ප්‍රදාය තුළ මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙකු හෝ මුස්ලිම් නොවන කෙනෙකු හමු වන විට පැවසිය යුතු සුබ පැතුම වන්නේ “අස්සලාමු අලෛකුම්” යන්නයි. එයට පිළිතුරු වශයෙන් “වඅලෛකුම් සලාම්” යැයි පැවසිය යුතුයි. මෙහි අර්ථය “ඔබට සාමය උදා වේවා” යන්නයි.

වරක් නබි නායක (සල්) තුමාණන් වෙත කෙනෙක් පැමිණ ඉස්ලාමයේ විශිෂ්ට දේ කුමක් දැයි විමසීය. එයට නබි නායක (සල්) තුමාණන් ඔබ දන්නා අයටත් නොදන්නා අයටත් සාමය පතුරුවන්නැයි කීහ. මෙතරම් දුරට සාමය අවධාරණය කරන ධර්මයකට කෙසේ හෝ ත්‍රස්තවාදයේ ලේබලය ඇලවීමට ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළ යුතු කරුණකි. 

මෙයට හේතුව දේව ධර්ම ග්‍රන්ථය වන පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබි නායක (සල්) තුමාණන්ගේ මග පෙන්වීමට ආකර්ෂණය වී ඉස්ලාම් දහම වැළඳ ගන්නා කෝටි ගණනින් වූ ජන සංහාරයකගේ අවධානය වෙනතකට හැරවීමට ඉස්ලාම් විරෝධීන් විසින් කරනු ලබන කූටෝපායයි.

තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ විසින් කරනු ලබන සන්නද්ධ සටනක් ජිහාද් විය නොහැකිය!

මුස්ලිම් ප්‍රජාව තුළ ද ඉස්ලාම් විසින් මග පෙන්වන ජීහාද් පිළිබඳ පැහැදිලි අවබෝදයක් නොමැති නිසාවෙන් අතලොස්සක් වූ පිරිසක් විසින් ආයුද සන්නද්ධ අරගල පවත්වා එයට ජිහාද් යන නාමය තැබීමක් සිදු කරනු ලැබේ. මොවුන්ට ජිහාද් පිළිබඳව කිසිම දැනුමක් නැත.

ඉස්ලාමයේ පදනම් මූලාශ්‍ර වලට අනුව මුස්ලිම්වරුන්ට ආයුධ සන්නද්ධ සටනක් අනිවාර්යය වීමට නම් ඒ සදහා ඉස්ලාමීය පාලනයක් සහිත රටක් තිබිය යුතුය. එරටේ රජය විසින් පත් කරන්නා වූ සේනාධි නායකයාගේ විධානය යටතේ සටන් කළ යුතුය. මෙය ඕනෑම රටක් විසින් තම රට සතුරු ආක්‍රමණ වලින් බේරා ගැනීම සදහා ගනු ලබන නෛතික ක්‍රියා මාර්ගයකි. නමුත් ඉස්ලාම් එය ආධ්‍යාත්මික මග පෙන්වීමක් වශයෙන් පවසන විට බොහෝ අය පදනමක් නොමැතිව විවේචනය කරති.

ජිහාද් පිළිබද ව අමතර විස්තර දැන ගැනීමට පහත ආකෘතිය කියවන්න.

http://www.sathyodaya.com/detail.php?id=75

ISIS ඉස්ලාමයට විරෝධී සංවිධානයකි!!!

ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කර මුළු ලොව ම ඉස්ලාමීය දජයක් ‍යටතට ගෙන එන බව පවසමින් ISIS සංවිධානය ඊරාකය සහ සිරියාවට අයත් ප්‍රදේශ ආක්‍රමණය කරමින් වැරදි කරුවන්ට දඬුවම් කරන බවට පවසමින් දස දහස් ගණනින් වූ අහිංසක පොදු ජනතාව ඝාතනය කරමින් නොයෙකුත් ත්‍රස්ත ක්‍රියා වල නියැලෙමින් සිටිති.

මෑතකක දී ජපාන මාධ්‍යවේදියෙකු වන කැන්ජි කෝට්ටෝ මහතා ඝාතණය කිරීම හද කකියන සිදුවීමකි. මෙම සිදුවීම් බලන ජපානයේ ජනතාව කෙසේ ඉස්ලාමය පිළිබඳව කෙබදු ආකල්පයක් ඇති කර ගනීවි ද යන්න පැහැදිලි කරුණකි.

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 2:217 වන වැකියට අනුව කලහය මහා පාපයක් බව නොදැන ම මෙවන් සිදු වීම් නිසා ඉස්ලාම් දහමට චෝදනා එල්ල විය හැකිය.

පුණ්‍ය වූ මාසයෙහි සටන් කිරීම ගැන ඔඛෙන් විමසති. ~~එහි සටන් කිරීම මහා පාපයකි. අල්ලාහ්ගේ මාර්ගයෙන් හා මස්ජිදුල් හරාමයෙන් (අන් අය) වැළැක්වීම ද ඔහු පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීම ද ඊට (මස්ජිදුල් හරාමයට) හිමි අය ඉන් පිට මං කිරීම ද අල්ලාහ් හමුවේ මීටත් වඩා බරපතළ (පාප කි්‍රයාවන්) යග කෝලාහලය ඝාතනයට වඩා බරපතළයැ~~යි පවසන්න. ඔවුනට හැකි නම් ඔවුන් නුඹලාගේ ධර්මයෙන් නුඹලා හරවන තෙක් නුඹලා සමඟ නොනවත්වා ම සටන් කරමින් සිටිති. නුඹලාගෙන් යම් කෙනෙක් තම ධර්මයෙන් හැරී (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස මරණයට පත් වුයේ නම් එවැන්නන්ගේ ක්‍රියා මෙලොවදීත් පරලොවෙදීත් නිෂ්ඵල වනු ඇත. ඔවුහු නිරාවාසිහු ය. ඔවුහු එහි සදාකාලීනව සිටිති.

පරිශුද්ධ වූ අල් කුර්ආන් 2:217

මෙම අදූරදර්ශී දැක්ම හෙතුපාදක කොටගෙන ජෝර්දාන ගුවන් නියමුවකු වන 27 හැවැරිදි මුආත් අල් ගසාසිබා මහතාව ද ඝාතණය කිරීම සිදු විය. මොහු පරිශුද්ධ වූ අල් කුර්ආනය කටපාඩම් කළ තැනැත්තෙකි, එනම් හාෆිල් වරයෙකි.

පසුගිය 24 වන දින ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානාවක් මොහු විසින් නියමවන විට අදුරක්කා නම් ප්‍රදේශයේ එනම් ISIS පාලන ප්‍රදේශයක එය අනතුරට ලක් විය.

මෙම අනතුරෙන් දිවි බේරාගත් ගසාසිබාව සිර භාරයට ගත් ISIS ත්‍රස්තවාදීන් මොහුව නිදහස් කළ යුතු නම් මීට පෙර ත්‍රස්තවාදී ක්‍රියා නිසා අත් අඩංගුවට පත් වී ජෝර්දානයේ සිරගතව සිටින සාජිතාරිශාවි නැමති පුද්ගලයාව එම රජය විසින් තුර්කි දේශසීමාවේ දී තම සංවිධානයට භාරදිය යුතු යැයි පැවසූ හ. නැතහොත් ගසාසිබාව ඝාතණය කරන බව ද තර්ජනය කළහ.

මෙයට ජෝරදාන් රජය එකඟ නොවූ නිසා ගසාසිබාව ගිනිතබා ඝාතනය කර දැමූ හ. මෙම සිදුවීමෙන් ලොව ම ආන්දෝලනයට ලක් විය. ජෝර්දානයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ පිරිස් ISIS සංවිධානය එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූහ.

ඉජිප්තුවේ අල් අස්හර් විශ්ව විද්‍යාලය ද මෙම මිලේච්ජ ප්‍රහාරයට දැඩි විරෝධය පළ කර ඇත.

මෙම සිදු වීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ප්‍රකාශයට පත් වන අෂ් ෂර්කුල් අස්වද් නම් අරාබි පුවත්පත විග්‍රහ කළ අයුරු මෙසේය.

මෙම ISIS සාතාන් වරුන් කෝලාහල කරමින් සිටිති . මොවුන්ට පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 5:33 වැකියට අනුව මරණීය ඳණ්ඩනය ලබා දිය යුතුය.

ඝාතනය කරනු ලැබීම හෝ කුරුසියෙහි තබා ඇණ ගසනු ලැබීම හෝ අත් හා පාද විරුද්ධ පැත්තෙන් කපනු ලැබීම හෝ රටින් පිටු වහල් කිරීම හෝ ආදිය අල්ලාහ් ද ඔහුගේ දූතයා ද සමඟ සටන් කරමින් පොළොවෙහි අවුල් ඇති කිරීමට වෙර දරන්නන්ගේ දඬුවම වේ. මෙය ඔවුනට මෙලොවෙහි විඳීමට සිදු වන නින්දාවකි. ඔවුනට පරලොවෙහි ඉමහත් වේදනාවක් ඇත. ‍

පරිශූද්ධ වූ අල් කුර්ආන් 5:33

මෙය සම්පුර්ණයෙන් ම ඉස්ලාමයට පටහැනි ත්‍රස්ත ක්‍රියාවකි. මොවුන් මිනිසත්කම වළලන තිරිසන් ගතිගුණ වලින් යුත් අය වෙති.

සහීහ් මුස්ලිම් නම් හදීස් ග්‍රන්ථයේ 3261 වන නබි වදනේ සටන් කිරීමට අදාල නීති රීති වලට එරෙහිව ක්‍රියා කරන මොවුන් අන්තවාදී පිරිස් වෙති.

නබි නායක (සල්) තුමාණන් අල්ලාගේ ඳඬුවමෙන් ඳඬුවම් නොකරන මෙන් පවසා ඇත.

නබි නායක (සල්) තුමාණන් අපගෙන් එක් කණ්ඩායමක් යැවූහ. මේ මේ පුද්ගලයින් දුටූ විට ගින්නෙන් පුළුස්සා දමන්නැයි පැවසූහ. පසුව අප යෑමට සූදානම් වන විට නබි නායක (සල්) තුමාණන් මේ මේ අය පුළුස්සන්නැයි මා පැවසුවෙමි. එහෙත් අල්ලාහ්ට හැර අන් කිසිවෙකුට ගින්නෙන් දඬුවම් දිය නොහැකිය. එබැවින් ඔවුන් දුටුවේ නම් ඝාතනය කර දමන්නැයි පැවසූහ.

දැනුම් දෙන්නා අබු හුරෛරා (රලි) තුමා

මූලාශ්‍රය බුහාරි 3016

අල්ලාහ්ගේ දූත (සල්) තුමාණන්ගේ මෙම නියෝගයට පටහැනිය මෙම අන්තවාදීන් විසින් ගසාසිබාව පණ පිටින් ම පුළුස්සා ඝාතනය කර දමා ඇත.

මෙසේ දහම පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව ක්‍රියා කරන මෙම පිරිසට මරණීය දණ්ඩනය ලබාජදිය යුතු යැයි අල් අස්හර් විශ්ව විද්‍යාලය පවසන බව මෙම පුවත්පත සඳහන් කරයි.

ISIS සංවිධානයේ මෙම කෘර ක්‍රියාවලියට පිළිතුරක් වශයෙන් ජෝරදාන් රජය අල් කයිදා සමාජිකයෙක් වූ අල් කර්බූලිට සහ සාජිදා රිශාවි නම් ත්‍රස්තවාදි කාන්තාවට ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළේය.

තවද මෙවැනි ත්‍රස්තවාදි ක්‍රියාවන් හේතුවෙන් සිරගතව සිටින අයටත් මරණීය දණ්ඩනය නියම කරන බව ජෝර්දාන රජය තව දුරටත් පවසයි.

ජීහාදයේ නාමයෙන් ඉස්ලාමයට එරෙහි ක්‍රියාවන්වල නියෙලමින් ඉස්ලාමීය ඉගැන්වීම් විකෘති කරන ISIS සංවිධානයට තිතක් තබක තුරු ඉස්ලාමයට කැළැල් ඇති වීම වැළැක්විය නොහැකි බව අපි කව්රුත් වටහා ගත යුතුය.

ශ්‍රී ලංකා රජය අවධානශීලි විය යුතුය!

පසුගිය දශක තුනක් පුරාවට අප මාතෘ භූමියේ පැවති කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු යම් යම් ප්‍රශ්න පැවතියත් සමස්තයක් වශයෙන් සියලු ශ්‍රී ලාංකේය ජන කොටස් සාමකාමීව ජීවත් වන වාතාවරණයක් නීර්මාණය වී ඇත.

මෙවන් අවස්ථාවක ඉස්ලාමය සහ ඉස්ලාම් පවසන ජිහාද් සංකල්පය පිළිබඳව වැරදි වැටහීමක් ඇති පුදගලයින් කිහිප දෙනෙක් ත්‍රස්තවාදී සංවිධානය වන ISIS සංවිධානයට එක් වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ. එසේ ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන් වූවත් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. අප මාතෘ භූමියට හෝ විශ්වයේ පැවැත්මට හෝ සම්බාධකයක් වන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මුස්ලිම් ජනතාවගේ සහයෝගය සැමදා පවතින බව දේශමාමකව දන්වා සිටින්නෙමු.

එපමණක් නොව ත්‍රස්තවාදය කවර ආකාරයකින් ක්‍රියාත්මක වූවත් එය මැඩලීම රජයේ වගකීමක් වන නිසා සංවිධානයට සම්බන්ධ අය පමණක් නොව දේශ හිතෛශී යැයි පවසමින් ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාවට එරෙහහිව ආයුධ සන්නද්ධව කැරලි කෝලාහල ඇති කරමින් ජාතිවාදි ක්‍රියාකාරකම් වල පසුගිය කාල වල දී නියැලුණු හා අදටත් නියැලෙමින් සිටින, රටේ නීතියේ ආධිපත්‍යට හෑල්ලුවට ලක් කරන, බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලකාය වැනි ත්‍රස්තවාදී සංවිධානවල ත්‍රස්ත කටයුතු මැඩ පැවැත්වීමටත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීම තුළින් ත්‍රස්තවාදයේ බලපෑම් වලින් තොර රටක් ගොඩ නැගීමට මග පාදන බව සැමදා රජය මතකයේ තබා ගත යුතුය. එවන් ත්‍රස්ත විරෝධී ක්‍රියා මාර්ග සදහා ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය අවධාරණය කර සිටිමු.