නබි නායක ﷺ තුමා ගේ කාල වකවානුවේද ඉන් පසු කාල වකවානුවලද ශරීරයෙන් අපිරිසිදු රුධිරය ඉවත් කිරීමේ ක්ර මවේදය එනම් හිජාමා ක්රවමය ප්රලචලිතව තිබුණි. හිස මුදුනේ සියුම් කටුවකින් විද අඟ වැනි දෙයකින් රුධිරය උරා ඉවත් කිරීම එමඟින් සිදු කෙරුණි. වීදුරු කුප්පියක් මඟින්ද මෙම කටයුත්ත සිදු කර ඇත. මෙය ශරීර සෞඛ්‍යයයට යහපතක් සිදුකරන බවට ඔවුන් විශ්වාස කලේය.
දරුවන්ට කිරි දෙන මව්වරුන් උපවාසය අත්හැරීමට වරප්රටසාද ඇත. එම කාල වකවානුවේ මව්වරුන්ට නියමිත පෝෂණයක් පවත්වා ගැනිම අත්‍ය වශ්‍ය වන බැවින් මොවුන්ට වරප්රරසාද ලබා දී ඇත.
ෂහ්බාන් මාසයේ පහලොස්වන දිනය සුවිශේෂි දිනයක් වශයෙන් සළකා එම රාත්රියය පුරා අවධි වී සලාතය කර උපවාසය රැක විවිධ වත් පිළිවෙත් වල නියැලීම සමහර මුස්ලිම්වරුන් අතර දැක ගත හැකිය.