සිතමු ක්‍රියා කරමු

මිනිසාට හා සත්වයින්ට ඇති මූලික වෙනස්කම වන්නේ සිතීමේ ශක්තියයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ව්‍යපාරික ක්ෂේත්‍රයේ ද තාක්ෂණ ක්ෂේත්‍රයේ ද වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන පුද්ගලයෙකු තම සිතා ක්‍රියා කිරීෙ හැකියාව අතිශයින් ම වැදගත් වන්නේ ය. යම් කෙනෙකුගේ පුද්ගලික දියුණුවට හේතුව කුමක්දැයි අසන විට බොහෝ දෙනා පවසන්නේ කවර නම් දෙයක් තමන්ට අවශ්‍යම වන්නේ ද ඒ ගැන ගැඹුරින් සිතා කල්පනා කර සොයා බලන විට එමගින් දියුණුව කරා ගියෙමි යනුවෙනිි.

Read more...

ඉස්ලාම් හි දැක්මෙන් උලමා වරු - ආගමික වියතුන්

ඉස්ලාමීය සමාජයේ උලමා වරුන් යන නාමය ඇසූ විගස මුස්ලිම්වරුන්ගේ සිත් තුළ නැගෙන පරිකල්පනය වන්නේ උලමා වරු යනුවෙන් හැඳින්වෙන අය වසසර සතක් හෝ දහයක් හෝ ඉස්ලාමීය දහම් අධ්යානපනය හදාරණ ශාස්ත්රා්ලයක හෙවත් අරාබි විදුහලක (මද්රසාවක) ඉගෙන ගත්, පෙනුමෙන් අන් අයට සම නොවන අයුරින් වස්ත්ර් ඇඳි, මනසෙන් පරිපාකභාවයට පත් වූ, හිස් මත්තෙහි සෑම විට ම තලප්පාවක් පැළඳගත්, පා මුල දක්වා ඇද හැලෙන උරුදු බසින් ජුබ්බා නම් වූ දීර්ඝ කමිසයක් ඇඳගත් පිරිසක් ගැන ය. එබැවින් උලමා වරු පවසන සියලු දැයට මුස්ලිම් ජනතාව කීකරු විය යුතු ය, අවනත විය යුතු ය, හේතුව ඔවුන් වර්ෂ ගණනාවක් මද්රසා වල ඉස්ලාම් ධර්මය හැදෑරූ බහුශෘතයන් ය යනුවෙන් අප සමාජයේ මුස්ලිම්වරු පවසති.

Read more...

තාක්ෂණික විප්ලවයේ තාරුණ්‍යයයේ විනාශය

මානව වර්ගයා තම අදහස් හුවමාරු කරගැනීමට විවිධ වෑයම් දැරූ බව අපට ඉතිහාසයෙන් දැනගත හැක. තොරතුරු සන්නිවේදනය දියුණු වීමත් සමඟ මානවයා දැනුමෙන් ස්වයං පෝෂිත වීමට පටන් ගෙන ඇත. තාක්ෂණික විප්ලවය මානවයාගේ දියණුවට හේතු කාරක වූ දේවල් අතරින් මුද්‍රිත මාධ්‍යය, දුරකථන, පරිඝණක, අන්තර්ජාලය සහ එය අභිභවා කෘතීම බුද්ධිය (Artificial Intelligence) යනාදි දේවල් ඉමහත් සේවයක් ඉටුකර ඇත.

Read more...